සිතද එක් කවියකි
මනස හා මනෝකාය
මට නම් හිතෙන හැටියට ( ඇත්තටම ගොඩ දෙනෙක් කියන විදියට ) පුනර්භවය හා පුනරුප්පත්තිය කියල කියන්නේ දෙකක්. ඒ දෙක අතරේ ගොඩක් ලොකු සම්භන්ධයකුත් තියෙනවා. පුනර්භවය කියල කියන්නේ බුදුදහමේ කතා වෙන දෙයක්. මම ගොඩක් ලිපි වලට ආරම්භයක් බුදු දහමෙන් ගන්න කැමතියි. මොකද මේ හැම දෙයක්ම බුදු දහමේ හරිම අපූරුවට විස්තර කරලා තියෙනවා. බුදු දහමේ සඳහන් වන විදියට පුනර්භවය කියල කියන්නේ සත්ත්වයාගේ නැවත ඉපදීමක් සිදු වීම. ඇත්තටම මෙසේ නැවත ඉපදීමට හේතුවකුත් බුදු දහමේ සඳහන් වෙනවා. ඒ තමයි 'කර්මය'. සරලව කිව්වොත් කර්මය කියල කියන්නේ ක්‍රියාව කියන එක. ඒ කියන්නේ සත්ත්වයා ජීවත්ව සිටින තාක් කල් සිදුකරන විවිධ වූ ක්‍රියාවන් නැවත උපතකට හේතු වෙනවලු. බුදු හිමියන් සිදු කළේ මේ නැවත ඉපදීම හෙවත් පුනර්භවය නවතාලන අයුරු සෙවීම. ඒ ගැන තමා පටිච්ච සමුප්පාදයේ ටිකක් ගැඹුරින් විස්තර කරලා තියෙන්නේ. මම දැන් මෙතැන පටිච්චසමුප්පාදය ගැන කියන්ට යන්නේ නෑ. මොකද එතකොට මෙතැන බණ ගෙයක් වෙයි. කොහොම හරි අපේ හිත ගැන, අපිට අමුතු අමුතු හිතුවිලි පහළ වන ආකාරය ගැන කලින් පොස්ටුවක ( සිතද එක් කවියකි ) දැමුවෙමි. මට කියන්ට පුළුවන් පෘතක්ජන අපි මේ කර්මය නිසා නැවත අපේ පුනර්භවය සිදුවන හැටි.
අපි රහත් වෙච්චි අය නෙවෙයිනේ. ඒ කියන්නේ මේක ලියන හා කියවන අප හැමෝම පෘතක්ජන මිනිස්සු. ඉතින් අපිට අපේ හිත පාලනය කොරගන්න හරිම අමාරුයි. බුදු දහමේ සඳහන් වෙලා තියෙනවා අපි කරන ක්‍රියාවන් නිසා අපිට ආශාවන් කියල දෙයක් ඇති වෙනවාය කියල. ඉතින් මෙන්න මේ ආශාවන් හෙවත් ඇලීම් නිසා අපිට තවත් භවයක උපදින්ටත් ආශාවක් ඇති වෙනවා. අපි කරලා තියෙන ක්‍රියා හෙවත් කර්ම වලට අනුව අපිට ගැලපෙන ස්ථානයක උපදිනවා. ඔන්න ඕකට තමා පුනර්භවය කියල කියන්නේ. ඉතින් බලන්ටකෝ ඔය ඔක්කොම ආශාවල් වලට හේතුව අපේ ඔලු ගෙඩිය අස්සේ ඉන්න මොලේ නොවැ. මොකද අපිට හැඟීම් කියල දෙයක් ඇති වෙන්නේ මේ මොලේ හින්දනේ. ඉතිං අපේ හිත කරන්නේ මේ මතකයන් එකින් එක පෙළගස්සන එකනේ. කවුරු හරි කෙනෙක් මැරෙන මොහොතේ එයාගේ හිතේ යම් රූපයක් තිබේද ඒ රූපයට අදාළ ස්ථානයට ඔහුගේ හිත ( අපි එතකොට කියන්නේ විඥ්ඥානය කියල ) ඇදිල යනවා. අන්න එතැන තමා ඔහුගේ ඊළඟ උප්පත්තිය. මම කිව්වේ ගොඩාක් සරලව. එතැනින් එහාට දෙයක් ඒ හිතේ නෑ. පුද්ගලයා මිය ගියාට පස්සේ එයාගේ මතකයෙන් මනස ඉවත් වෙනවා. හරියට අපේ කොම්පියුටර් වල තියෙන රැම් කාර්ඩ් එක වගේ තමා. ඔක්කොම වැඩ කිඩ ටික ලයිට් යනකන් විතරයි. හැබැයි ඉතිං ඔය අස්සේ සමහර මනසවල් තියෙනවා භාහිර ශරීරයෙන් ඉවත් වුනත් සමහර මතකයන් රැඳිලා තියෙනවා ඉවත් වෙන්නේ නැතුව. ඔන්න ඔය වගේ කට්ටිය ගැන තමා අපි පුනරුප්පත්තියේදී කතා කරන්නේ. එකත් තව ටිකකින් කියන්නම්කො.
බුදු දහමේ සඳහන් වෙනවා මාර්ගඵල ලබාගත්ත පුද්ගලයන්ට පුනර්භවයක් නෑ කියල. ඔවුන්ට තම සිත පාලනය කරන්ට පුළුවන්. ඉතින් නැවත භවයකට ඒ කියන්නේ නැවත උපතකට හේතු වන සිතුවිලි ඔවුනට පහසුවෙන් ඉවත් කරන්ට පුළුවන්. අපි කියනවා ඒකට නිර්වාණාවබෝධය කියල. බුදු සමිඳුන් සොයා ගත්ත පරම සත්‍යය වෙච්ච චතුරාර්ය සත්‍යයෙන් කියවෙන්නේ ඔය ගැන තමයි. මේ බොරු කියල කාටවත්ම කියන්ට බැහැ. මොකද දැන් විද්‍යාඥයෝ පර්යේෂණ වලින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා නැවත උපතක් තියෙන බව.
පුනරුප්පත්තිය කියල කියන්නේ එක්තරා ආකාරයක පුනර්භවයක් මැ තමා. මගේ වචන වලින් කිව්වොත් පර්යේෂණ වලින් ඔප්පු කරලා පෙන්නපු පුනර්භවය. ඒ කියන්නේ පර්යේෂණාත්මක පුනර්භවය. මේ පුනරුප්පත්තිය කියන වචනෙන් කියවෙන්නෙත් නැවත ඉපදීමම තමා. ඒත් බුදු දහමේ කියවෙනවා වගේ ගැඹුරින් අදහසක් නෑ. බොහෝ දෙනා කතා කරන්නේ පුනරුප්පත්තිය ගැන මිසක් පුනර්භවය ගැන නෙවෙයි. ඒක එතරම්ම හොඳ දෙයක් නෙවෙයි. කලියෙන් කිව්වනේ යමෙක් මිය යන මොහොතේ ඔහුගේ හෝ ඇයගේ සිතේ තියෙන රූපය ( අපි කියනවා ඒකට චිත්ත රූපය කියල ) ට ගැලපෙන තැනක ඒ පුද්ගලයා ඉපදෙනවා කියල. ඉතිං සමහරු මිය යන කොට ඔවුන්ගේ අතීත මතකයනුත් නොමැකී ඔවුන්ගේ හිත් වල තියෙනවා. ඒක දුර්ලභ සංසිද්දියක්. ඉතින් ඔවුන් ඊළඟ භාවයේ ඉපදුනාම කලින් ආත්මේ ඔවුන් හිටපු හැටි, කරපු හැටි, මැරුණ හැටි අනිත් අයට කියනවා. විද්‍යාඥයෝ මෙන්න මේ වගේ කලින් ආත්මේ ගැන කියන කට්ටිය අල්ලගෙන පරීක්ෂණ කරලා තමයි මේ පුනරුප්පත්තිය කියන මාතෘකාව ලෝක ශබ්දකෝෂයට ඇතුලත් කොලේ. මේ වගේ කෙනෙක් උපදින්නේ ලෝකේ මිනිස්සුන්ගෙන් දාහකට එක්කෙනෙක්ද කොහෙද කියල තමයි එයාල කියන්නේ. මේ වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. ඉන්ටෙර්නෙට් එකෙනුත් ඕනා තරම් කියවන්ට පුළුවන්. හැබැයි ඉතින් මේ පර්යේෂණ හින්දා බුදු දහමෙන් කියපු පුනර්භවය කියන දේ ඇත්තක් කියල හැමෝටම ඔප්පු උනා. ඒත් නරක දේ ඒක නෙවෙයි. දැන් හැමෝම කතා කරන්නේ මේ පුනරුප්පත්තිය ගැන විතරක් වීම. ඇයි මොකද හරි හරි ලස්සන සිදුවීම් නෙ තියෙන්නේ. ඉතින් එතකොට මේ ගැන බුදු දහමේ ලස්සනට කියල තියෙන පටිච්චසමුප්පාදය වගේ මෙලොව වසන හැම සත්ත්වයෙකුටම වටිනාකමක් තියෙන මාතෘකා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔවුන් කලින් ආත්මේ ගැන කතා කර කර ඉන්නවා මිසක් ඊලඟ ආත්මේ නවත්ත ගන්න හැටි කල්පනා කරන්නේ නෑ. සසරේ තියෙන දුක ඔවුන්ට කවදාවත් පේන්නේ නෑ. මොකද ඔවුන්ගේ මේ ආත්මවාදය නිසා.
පුනර්භවය කියල කියන්නේ සම්පූර්ණයෙන්ම බුදු දහමට අයිති පැතිකඩක්. පුනරුප්පත්තිය කියල කියන්නේ ගොඩක් මනෝවිද්‍යාවට බර වෙච්ච පැතිකඩක්. බුදු දහමට වගේම මනෝවිද්‍යාවට ද ආදරය කරන්නෙක් විදියට මට කියන්න තියෙන්නේ අපි කවුරුත් මේ දෙකම හොඳින් හදාරන්න ඕන. ඒ වගේම අපේ ජීවිතයට ආදර්ශ ගන්න ඕන පුනර්භවය ඇසුරෙන් මිස පුනරුප්පත්තිය ඇසුරෙන් නෙවෙයි. පල්ලෙහායි දාල තියෙන්නේ සුභාෂිතයෙන් උපුටා ගත්තු කවියක්.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත
අගේ ඇති ලිපියක් ලියල තියන්නේ..
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteබොහෝ දේවල් දැනගත්තා. මටත් දහම් පාසල් යනකාලයේ වත් පුනරුප්පත්තිය සහ පුනර්භවය ගැන පැහැදිලි අදහසක් තිබුණේ නෑ. පස්සේ තමා වෙනස්කම් දැනගත්තේ. ඔබේ ලිපිය ඒ තොරතුරු අළුත් කළා. ජයවෙවා.
ReplyDeleteබොහෝම ස්තූතියි.. ඒ වගේම මේ පැත්තේ ඉස් ඉස්සෙල්ලම ආවටත් තුති!
Deleteමරු ලිපියක් http://kosatamiya.blogspot.com/2012/12/blog-post.html මෙකත් මෙකට සමානයි නෙහ්
ReplyDeleteඒ කතාව ඇත්ත තමා!! මේ පැත්තේ ආවට මීයාට තුති!
Deleteනියම බන ටික,, සාදු සාදු සාදු....
ReplyDeleteසාදු කියන්න පින්වත... ඒත් මේ බන නෙවෙයි හලෝ...
Deleteඅනේ මන්ද බං,මාත් මේවා ගැන උනන්දුයි.ඒත් එක එක අය දෙන නිර්වචන අහලා ඔක්කොම පැටලෙනවා..උබේ අදහස් නම් එල...
ReplyDeleteහ්ම්ම්.. එක එක අය කියන්නේ එක එක කතා
Delete