හාත්පස සිසාරා තිබූ ඝන අන්ධකාරය, සෙමින් සෙමින් නැගෙන හිරු කිරණින් පියැවී යන්නට විය. ඒ තවත් එක් දිනයක උදාව යි. උදෑසන නිහැඬියාව බිඳිමින් විටෙක ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬකින් සලකුණු වූයේ අසල ඇති ගම්මානයකි. සිව් දෙසින් ම පුළුල් කඳු වළල්ලකින් වට වූ මේ කුඩා ගම්මානය උදෑසන නැවුම් වාතයේ පහස විඳිමින් තිබුණි. ඈත සිට බලන්නෙකුට නගරයේ කිසි දා දැකිය නොහැකි ගමේ ගැමි සුන්දරත්වය මොනවට විද්‍යාමාන වනු ඇත.
" සෝමපාල මල්ලි උදහැනක්ම කොහෙද මේ? " උදෑසන ම අලුතින් කැපූ පස් පාර දිගේ ඉදිරියට ඇදෙන මැදිවියේ පුද්ගලයෙකි.
" ආ කර්ලිනා අක්කේ. මං මේ යනවා ටවුමට ඩිංගක් ගිහින් එන්න.. "
සෝමපාල තම ගමන ඉක්මන් කළේ කර්ලිනාට තවත් කිසිවක් කීමට ඉඩකඩ නොතබමිනි.
අනෙක් ගම් වැසියන්ට මෙන්ම නිවසට උවමනා කරන අඩුම කුඩුම ටික මිලදී ගන්නට හැරුණු විට සෝමපාල ට නගරයට එන්නට තවත් එක් හේතු කාරණාවක් ඇත. නගරයට යන සෑම දිනකම වාගේ ඔහුගේ අත වූයේ ලියුම් කඩදාසියකි. ඒ වෙනත් රටක සේවය කරන තම බිරිඳට ලියූ ලිපියකි.
සිය බිරිඳ විදෙස් රටක සේවයට යාමට ගත් තීරණය පිළිබඳව සෝමපාල සිටියේ එතරම් හිත් මනාපයකින් නොවේ. එහෙත් ඉඳහිට ලැබෙන කුලී වැඩකින් වත් ගොවිතැනෙන් වත් තම දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව හොඳාකාරව ම දත් බැවින් කිසිවක් නොදොඩා පැත්තකට වී සිටින්නට ඔහුට සිදු විය. එදා සිට අද වන තුරු අවුරුදු දෙකක් පමණ සෝමපාලට සිදු වූයේ තම වැඩිමහල් දියණිය සහ කුඩා පුතු සමග පුංචි ගෙපැලක තනි වීමට ය.
කෙසේ වුවත් ඉන් පසු සෝමපාලලාට මුදල් වලින් නම් එතරම් අඩුවක් නොවීය. ඔහු තම බිරිඳ වැලි කතරේ දුක් විඳ හම්බ කර ගත් මුදල නැති නාස්ති නොකළේ ය. එම මුදල් එකතු කර නිවසක් සෑදූවේ අනාගතය ගැනත් සිතාම ය.
" තාත්තේ, අම්මා මේ අවුරුද්දටවත් අපිව බලන්න එයි ද? "
එය සෝමපාලට නිතර ඇසෙන පැණයකි. එවැනි විටෙක ඔහුට සිදු වූයේ කුමක් හෝ බොරුවක් පවසා දරුවන් සැනසීමට ය. එහෙත් එය සැමදා සිදුකළ හැක්කක් නොවීය.
අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි. ගමේ කොයි කවුරුත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙනු දුටු සෝමපාල මෙවර නගරයට යන්නේ තම දරුවන්ට අවුරුද්දට ඇඳුම් ටිකක් ගැනීමට ය. මව ළඟ නැති දරුවන්ට මේ අවුරුදු කිහිපයේ දී පියෙක් මෙන්ම මවක් ද වීමට ඔහුට සිදු විය. උදෑසන ම නගරයට ගිය සෝමපාල නැවත නිවසට පැමිණෙන විට තරමක් දහවල් වී තිබුණි. පොලිතීන් කවර දෙකකින් ඔහුගේ දෑත ම බර වී තිබුණි. ඔහුගේ මුහුණ දෙස බැලූවෙකුට පෙනී යන්නේ දවස පුරා නගරයේ කරක් ගසා හෙම්බත් වූ අයුරකි.
තම නිවස ඉදිරිපිට පිරිසක් රැස්ව සිටිනු දුටු සෝමපාලගේ පය තවත් වේගවත් විය. කව්රු කව්රුත් කම්මුලේ අත් ගසාගෙන බලා සිටියේ ඔහුගේ නිවස දෙස ය.
" අනේ අම්මපා බං, මේ රටට මොන ගිනි විජ්ජුම්බරයක් පාත් වෙන්න යනවද කියල හිතා ගන්න බෑ.. " ඒ කටහඬ කර්ලිනාගේ ය.
" ඒකනේ මේ මහ ගිනි දවාලේ මෙච්චර දෙයක් වෙන්න තරං.... " ඒ තවත් කටහඬකි.
සෝමපාල එකවරම කරකවා අතහැරියාක් මෙනි. ඔහුට අගක් මුලක් ගලපා ගැනීමට නොහැකි විය. ඔහු අවසිහියෙන් මෙන් ඇර දමා තිබූ දොරෙන් ඇතුලට රිංගුවේ සිත තුල කැකෑරෙන අසීමත බියකිනි. අවසානයේ දුටු දෙයින් ඔහුගේ පපුව තුල ඇවිලෙමින් තිබූ ගිනිදැල් ක්ෂණයකින් නිවී ගියේය.
" මොකද පුතේ උනේ? "
" අනේ තාත්තේ! මායි මල්ලියි ................. " සෝමපාලගේ දියණිය සෝමපාල ව බදාගෙන හඬන්නට විය.
" පොඩි උන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල දොර අරිනකොට ගේ ඇතුලේ ඉඳපු මිනිහෙක් කුස්සියේ ජනේලෙකින් පැනල දුවල. බය වෙච්චි පාරට කෑ ගහගෙන ඇවිල්ලා අන්තිමේදී නතර උනේ අපේ ගෙදර "
සෝමපාලගේ අසල්වැසියෙක් වූ මැගිලින් කටහඬ අවදි කළාය.
සෝමපාල ගේ ඇස නිතැතින් ම යොමු වූයේ ඇඳුම් අල්මාරිය දෙසට ය. ඔහු හරිම අපහසුවෙන් පිළිවෙලකට අඩුක් කර තිබූ ඇඳුම් සී සීකඩ විසිරී ගොසිනි.
" අනේ දෙයියනේ, සල්ලි ටික! "
නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා ඔහු විසින් එකතු කර තිබූ මුදලින් රුපියලක්වත් ඉතිරි කර නොතබා සියල්ල රැගෙන ගොසිනි. රැයක නොව මහ දවාලේ කාගේත් ඇස් වලට වැලි ගසා ය.
" ඔහොම දෙයක් පිට එකෙක් ට කරන්න බෑ.. අනිවාර්යයෙන් ම ගමේ එකෙක් තමයි "
" ඔව් ඔව්.. මාත් පිලිගන්නවා ඒක. මොකා උනත් මුංට හෙන හත වදින්න ඕන මේ කරපු දේට "
ඒ රැස්ව සිටිදෙතුන් දෙනෙක් කී කතා ය. එහෙත් සෝමපාලගේ සිතට තරමක සැනසිල්ලකි. ඔහු කලින් බිය වී සිටියේ තම දරුවන් ට කුමක් හෝ කරදරයක් දැයි කියා ය. ඔහුට තම පවුල මෙන් අන් කිසිවක් වටින්නේ නැත. කෙසේ වෙතත් නිවසේ වැඩ කටයුතු අතරමග ඇනහිටුණේ මේ අකරතැබ්බ නිසාවෙනි. එහෙත් බොහෝ දුරට නිවසේ වැඩ ද අවසන් ය.
කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී යන්නට විය. අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පසු ගිය සිදුවීම නිසා සෝමපාලගේ දරුවන් සිටින්නේ එතරම් සතුටකින් නොවේ. සෝමපාලගේ නමට තැපෑලෙන් ලියුමක් ලැබෙන්නේ මෙවිට ය.
" මොකද්ද තාත්තේ ලියල තියෙන්නෙ? "
" අම්මා අවුරුද්දට අපිව බලන්න එනවලු පුතේ.... "
සිය කුඩා පුතුගේ කඳුළු පිරි මුහුණෙන් සියුම් සිනහවක් නැගෙනු දුටු සෝමපාල සැනසුම් සුසුමක් හෙලීය.
Showing posts with label කතන්දර. Show all posts

Saturday, October 19, 2013
Thursday, September 26, 2013
වලස් වෙස් .....
" නැගිටපං බං සේනයෝ! උඹේ කල්පනාව මෙතෙන්ටම වෙලා ඉන්ඩ ද? ඉර ත් පායලා "
" යකෝ දැන් නිදා ගත්ත විතරනේ. උඹ හිතුවද මගේ ඇස් පේන්නේ නෑ කියල. පොඩ්ඩක් හිටහන් එලිය වැටෙනකන්. මේ මහ රෑ කොහේ කියල යන්ට ද. අනික බං, ඕක ඔච්චරටම හදිස්සියෑ... "
" ඇස් පේන්නේ කොහොමද බං නිදා ගෙන ඉන්නකොට. පොඩ්ඩක් ඇස් ඇරලා බලාපං, හතර වටෙන් එළිය වැටීගෙන එන විදියට පේන්නෙ නං දැන් හය හමාර ට විතර ඇති. පරක්කු වෙන්ට බෑ. මතකනේ මුදලාලි කිව්වදේ "
" එච්චර වෙලා ගියාද. දැන්නේ නිදා ගත්තේ.... මේ ඒක නෙවෙයි බං සිරිදාස අයියේ මිනිහා අපේ ගාන දෙයි නේ. වෙලාවකට හිතෙනවා බං ගෙදෙට්ට වෙලා හිටියනං හොඳයි කියල "
" උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මං බලා ගන්නං. ගෙදර හිටියා වගේ නෙවෙයි බං. උඹට ආයි ජීවිතේට රස්සාවක් කරන්න ඕන වෙන්නේ නෑ. සැප සැප! "
" ඔව් ඔව්.. හිරේ ගියොත් රස්සාවක් කරන්න ඕන නෑ තමා බං. උඹ මේ පිස්සුවක් කතා කොරනවා "
සිරිදාස යනු 'පිටදෙනිය' ගමේ ග්‍රාම සේවක තැන ගේ පුත්‍රයා ය. පුත්‍රයා යැයි කීවද ඔහුගේ වයස අවුරුදු හතළිහකට නොඅඩු විය යුතුය. නමුත් පෙනුමෙන් නම් අවුරුදු විස්සක විසිපහක කොලුගැටයෙක් මෙනි. තම පියා ගමේ නායකයා උවත් ඔහු එයින් හිස උදුම්මා ගත්තේ නැත. ගමේ කාගේත් සිත දිනා ගැනීමට සිරිදාසට හැකි වූයේ එනිසා විය හැක.
සිරිදාස දවසෙන් වැඩි කාලයක් ගත කළේ ගමෙන් පිට ය. ඔහු මහ කැලෑව තුල හේනක් වගා කළේ ය. ඔහු තම දරු පවුල නඩත්තු කළේ එමගිනි.
දිනක් සිරිදාසට ධර්මවර්ධන නම් පුද්ගලයෙක් මුණ ගැසෙයි. ඔහු පිට ගම් කාරයෙකි. කා අතරත් ඔහු ජනප්‍රිය වූයේ ධර්මවර්ධන මුදලාලි යනුවෙනි. නමින් මුදලාලි වුවද ඔහු කළ වෙළඳාමක් නම් නැත. නමුත් ඔහු නිධන් සොයන්නෙක් බව දැන ගැනීමට සිරිදාස ට වැඩි දවසක් ගත නොවීය.
" මොන නිධන් ද ධර්මේ අයියේ මෙහේ. ඕවා ඔක්කොම හාරලා අරං ඉවරයි "
" සිරිදාස මලයා මගේ වචනේ විශ්වාස කරන්නේ නෑනේ ඉතිං! මම ඔය වගේ කීයක් නම් අරං තියෙනවද. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. බැරි වෙන්නේ නෑ " දිනක් සිරිදාස සමග ධර්මවර්ධන මුදලාලි එසේ කීවේ ඔහු තුල බලාපොරොත්තුවක් ද ඇති කරමිනි.
මහ කැලේ මැද්දේ ඇත්තේ විසල් කඳු ගැටයකි. එතරම් මිනිස් පහසක් නොලද මෙම කන්දේ නිදන් වදුලක් තිබේදැයි සෙවීමට මුදලාලි විසින් සිරිදාස ව පිටත් කරන්නේ ඔහු කැලේ ගැන හොඳින් දන්නා නිසාවෙනි. මේ ගමනට සේන ද කැටුව යාමට සිරිදාස ට සිදු වන්නේ අන් කිසිවක් නිසා නොව, කෙසේ හෝ මේ නිධන් කතාව සේනගේ ද කනට වැටුණු නිසාවෙනි. ඔහු ද මේ කාර්යයට හවුල් කර නොගත්තේ නම් නපුරක් විය හැකි බව සිරිදාස ට සිතුනේ ඉබේටම ය.
" හරිද උඹ දැන් ලෑස්තිද. ඉක්මනට යමං. ගිනි මද්දහනේ බෑ ඔය කන්දේ නගින්න. ඒකයි මං උඹට කිව්වේ ඉක්මනට යමු කියල " සිරිදාස එසේ කීවේ තාමත් නිදිමත විකාරෙන් කියවන තම ගමන් සගයා දෙස බලා සිනාසෙමිනි.
සේන වයස අවුරුදු විසිපහක පමණ කොලු ගැටයෙකි. ඉගෙනීමට සිතක් යොමු නොකළ ඔහුගේ රාජකාරිය වූයේ නිවසට වී දවල් දොළහ පමණ වන තුරු නිදා ගැනීම ය. එයින් එහා රාජකාරියක් ඔහුට නොමැත. මේ ගමනට තමන් සමග පැමිණේ කියාවත් සිරිදාසට මුලදී ඔහු ගැන විශ්වාසයක් නොවීය.
ඔවුන් පිටත් වූයේ ඊට පෙර දා සවස ය. රෑ බෝ වන විට කඳු පාමුලට පැමිණි දෙදෙනා රැය පහන් කිරීමට තැනක් සොයා ගත්තේ පසු දින උදෑසනින් ම කන්ද නැගීමට ය. දවල් ගිනි ගහන අව් කාෂ්ටකේ කන්ද නැගීම කෙතරම් අපහසුදැයි දන්නේ සිරිදාස පමණි.
" හා.. හා යමු. හැබැයි සිරිදාස අයියේ උඹට විශ්වාසයිනේ අපි හොයන එක එහේ ඇති කියල "
" උඹට මං දැන් කී සැරයක් කිව්වද. විශ්වාසෙ තියා ගනින් " සිරිදාස කීවේ තරමක නොරුස්සනා ගතියකිනි.
දැන් සිරිදාස සහ සේන සිටින්නේ මහ කන්ද පාමුල ය. තමන් ඉදිරියෙන් හිටගෙන සිටින්නේ පතාක යෝධයෙකු දැයි සිරිදාස ට සිතුනි. සිරිදාස මේ රාජකාරියට ධර්මවර්ධන මුදලාලි සමග කැමති වූයේ ඔහුගේ කීම නිසාමත් නොවේ. ඔහු කුඩා කළ ඔහුගේ සීයා විසින් පැවසූ දෙයක් නිසාවෙනි. එනම් මේ කඳු මුදුනේ ඇති නිධන් වදුලක් පිළිබඳව ය. ඒ ගැන වැඩි විස්තර තම සීයාගෙන් විමසා දැන ගැනීමට සිරිදාස ට නොහැකි වූයේ කුඩා කළ ඔහුට මෙය තවත් එක් කතාවක් පමණක් වූ නිසා ය.
කන්දක් යැයි කීවද මෙය තනිකරම ගල් පරුවතයකි. එබැවින් දවල් දොළහට පමණ මෙය නැගීම සිතන්ටවත් බැරිය. උදෙන්ම ගමන පටන් ගත් බැවින් ඔවුනට මෙය එතරම් අපහසු කාර්යයක් නොවීය. සිරිදාස ට කෙසේ වෙතත් සේන ට නම් මෙය මහ එපා කරපු වැඩකි. හරියට මහගිරි දඹේ නගිනවා වාගේ ය. කෙසේ වුවත් වැඩිය දොඩවන්ට නොගොස් හිටියේ සිරිදාස ට කේන්ති ගියොත් යැයි සිතා ය.
" තව ටිකයි ඕකත් යමං.. හැබැයි පුතෝ පල්ලෙහනං බලන්න එපා " සිරිදාස සේනට කීවේ ය.
" සිරි අයියේ නයෙක් ! " කඳු මුදුනට ඔන්න මෙන්න තියා සේන විලාප දුන්නේ ය.

************
(දින කිහිපයකට පසු)
කුකුලා හඬලන්නටත් පෙරාතුව කඳු නගින නඩයකි. නඩේ ඉස්සරහින්ම යන්නේ දැනටමත් අප දන්නා දෙදෙනෙකි. ඒ සිරිදාස හා සේන ය. ඉන් පසුව ධර්මවර්ධන මුදලාලි ය. ඔහුගේ පිටුපසින් කට්ටඩියෙකි. ඊටත් පිටුපසින් මුදලාලිගේ ගෝලයෙකි. කාගේත් අතේ පිහි, උදලු හා අලවංගු ය. කඳු නගින අතරමගදී ම කුකුලා ද හැඬලුවේ ය. ඒ හඬ ආවේ ධර්මවර්ධන මුදලාලිගේ ගෝලයාගේ අතේ එල්ලී තිබුණු කූඩුවෙනි.
මොවුන් මේ යන්නේ කඳු මුදුනේ ඇති ගලක සලකුණු කොට ඇති නයි සලකුණක් සොයා ගෙන ය. කලින් දිනයක සිරිදාස හා සේන හෝඩුවාවක් සොයා පැමිණි විට ඔවුනට මෙම සලකුණ දැක ගත හැකි විය.
කාගේ කාගේත් ගමන ඉක්මන් වූ බැවින් වැඩි වේලාවක් නොගොස් තැනට යාමට හැකි විය. තරමක විශාල ගල් තලාවකි. එහි එක් කෙළවරක නයි සලකුණකි. සේන දැක ඇත්තේ මෙය යි.
" ගුරුන්නාන්සේට විශ්වාසද මෙතන තියෙයි කියල " එසේ ඇසුවේ මුදලාලි ය.
" එකපාරටම කියන්ට බෑ නෙව.. ටිකක් පරීක්සා කරලා බලන්ටෝන " කට්ටඩියා කීය.
" මට කොහොඹ අතු කෑලි ටිකක් කඩාන ගෙනත් දියන්.."
" එහෙමයි ගුරුන්නාන්සේ " සිරිදාස හා සේන වැඩේ බාර ගත්හ.
කඳු මුදුනේ නම් කොහොඹ ගහක් තබා ලුණු මිදෙල්ල ගහක් වත් හොයා ගැනීමට නැත. දැන් නැවතත් කඳු පාමුලට යා යුතු ය. දෙතුන් සැරයක් ම ඉහල පහල ගිය සේනට හා සිරිදාස ට මෙය අපහසුවක් නොවීය.
" අපි ආපු පාරෙ කොහොඹ ගහක් තිබුණා " කඳු පහලට පැමිණි පසු සේන කීවේය.
" යමං යමං.. කෝක උනත් ඉක්මනට " සිරිදාස ඉස්සර විය.
සේන කීවා සේම රූස්ස කොහොඹ ගසක් ඔවුන් ඉදිරිපිට තිබුණි. හනිකට ගසට නැගී සිරිදාස කොහොඹ අතු කෑලි කිහිපයක් කඩා ගත්තේ ය. දැන් නැවතත් තිබෙන්නේ කඳු බඩගෑම ය. කෙතරම් මහන්සි වුවද තමන්ට ඉදිරියේදී ලැබෙන්න තිබෙන වස්තුව ගැන දෙදෙනාම සිහින මවන්නට විය.
" ෂ්.. ෂ්.. සිරි අයියේ උඹට ඇහුනද ඒ සද්දේ ! " නිහඬතාව බිඳිමින් සේන එක්වරම ඇසීය.
" මොන සද්ද ද බං. මට ඇහුන් නෑ. සද්ද ද නැත්තේ මේ කැලේ " සිරිදාස එය එතරම් ගණන් නොගෙන කීය.
" නෑ නෑ බං, එහෙම එ.. ක... ක් නෙ..... " තමා කීමට ගිය වචන ටික ද ගිලගනිමින් සේන එකවරම ගල් පිළිමයක් විය. ඇසුණු ගෙරවිලි හඬින් ඒ දෙස බැලූ විට දුටු දර්ශනයෙන් සිරිදාස තුෂ්නීම්භූත වී ගියේ ය.
" දුවපාං! " සිරිදාස මර හඬ දෙමින් සේන ව ද ඇදගෙන පසු නොබලා දුවන්නට විය. ඔවුන් පසු පස පන්නන්නේ මහ ගල් පරුවතයකි. එදා මෙදා තුර සිරිදාස වලසුන් දැක ඇතත් මේ සා විසාල එකෙක් දැක්කාම ය. තමන් යන්නේ කොයිබටදෝයි කියාවත් සිහියක් නැති මේ දෙමිතුරෝ අවසානයේ නතර වූයේ තමන් පසුපස කිසිවෙක් නොපැමිනේ යැයි හොඳින් අවබෝධ උනු පසුව ය.
" උඹලට මොකද්ද බං උනේ. මේ දාඩිය පෙරාගෙන. මොකෑ අවතාරයක්වත් දැක්කද " සුපුරුදු කටහඬකින් තමන් අමතනු ඇසුණු දෙදෙනාට පියවි සිහිය ආවේ එවිට ය. ඒ ඔවුන්ගේ හිතමිතුරු ගැමියෙකි. වලසා එළවාගෙන එනවිට තමන්ට පාර වැරදී ආපසු ගමටම දිව විත් තිබෙන බව සිරිදාස ට තේරුම් ගියේ එවිට ය.
" අවතාරෙටත් අන්තයි බං " සිරිදාස ට යන්තම් කතා කරගත හැකි විය.
" උඹලා මහ කැලේ මොද්ද කළේ. ඔන්න පොලීසියෙන් කඩාගෙන පැන්න කැලේට. කන්දේ නිධන් හාරනවලු " එසේ කියමින් ගැමියා යන්න ගියේ ය.
" විනාසයි , දැන් මොකෑ බං කරන්නේ " සිරිදාස නැවතත් භීරාන්ත විය.
" කොහොම උනත් වලහා පැන්නේ අපිව ඕකෙන් බේර ගන්න! " සේන පැවසීය.
" මොන බේරිල්ලක් ද බං. උඹ හිතං ඉන්නේ අරුන් ටික අපි ගැන නොකිය ඉඳියි කියලද. දැන් කරන්න දෙයක් නෑ. ටික කාලෙකට ගමෙන් වහං වෙලා ඉන්නයි වෙන්නේ " සිරිදාස තීරණයක් ගෙන තිබුණි.
" සිරිදාස අයියේ උඹ මේ ඇත්තටම ද කියන්නේ. අපි අහුවෙයිද බං ? " සේන ඇසුවේ චකිතයකිනි.
එදා ඒ සිද්දියෙන් පසු කන්දේ නිධන් හාරමින් සිටි පිරිස පොලීසියට කොටු විය. කවුරුන් ඔත්තුව දුන්නේදැයි කිසිවෙක් නොදනී. සිරිදාස හා සේන වලසාගේ උදව්වෙන් බේරුණු අතර ඉන් පසුව ඔවුන් එම ගමෙන් පිටවී වෙනත් ප්‍රදේශයක සිටි සිරිදාසගේ යහළුවෙකුගේ නිවසකට ගොස් එහි හේනක් වගා කළහ. ඔවුන් ආපසු ගමට පැමිණෙන විට සියල්ල යටගොස් තිබුණි.
*******************
Friday, September 13, 2013
..෴ හක්ක පටස් ෴..
හීන් බණ්ඩාර යනු ගමේ සිටි කවුරුත් හඳුනන, ප්‍රසිද්ධ චරිතයකි. නමින් හීන් බණ්ඩාර වුවද ඔහුගේ ශරීරයේ හීන්දෑරි පෙනුමක් නම් ගෑවී වත් තිබුනේ නැත. හැඩි දැඩි අඟ පසඟ සහ මුහුණ පුරා වැවී තිබුණු දැලි රැවුලෙන් පෙන්නුම් කළේ දුටු ගැමුණු රජ දවස සිටි දස මහා යෝධයෙකුගේ ලක්ෂණ යැයි නොසිතූ කෙනෙක් එම ගමේ සිටින්නට ඇතැයි සිතිය නොහැක. ගමේ කා අතරත් ඔහු ජනප්‍රිය වී තිබුනේ හීන් බණ්ඩා යන නමිනි. ඔහුගෙන් උපකාර පතා පැමිණි ගැමියන් ඔහුව ඇමතුවේ බණ්ඩයියා යනුවෙනි. එය තරමක් ගරු කටයුතු නමක් නිසා විය යුතුය. එසේ කියන්නේ ඔහුටත් වඩා වැඩිමහල් ගැමියන් ද ඇමතුවේ එසේ බැවිනි.
සිංහරාජ මහ වනය මායිමේ පිහිටි මේ ගමේ ජීවත් වූයේ පවුල් කිහිපයක් පමණි. එය සම්පූර්ණයෙන්ම වාගේ බාහිර ලෝකයෙන් වෙන් වූ නිසංසල ගමකි. රුදුරු වන සතුන් බහුල මහ වනයත් සමග නිරන්තර සටන් කර තම ජීවන සටන ගෙන යාමට එම ගමේ මිනිසුන්ට සිදු විය. මේ කතාවේ කතා නායකයා වන හීන් බණ්ඩාර යනු වනාන්තරය හා බද්ධ වූ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ තනිවම ය. ඔහු විවාහ ජීවිතයක් ගත කළේ ද නැත. හීන් බණ්ඩාරගේ පියා කුඩා කලදීම ඔවුන් අතහැර ගොස් ඇත. ඔහු යන්තම් බහ තෝරන කාලය වන විට මව ද අකාලයේ මිය ගියා ය. එතැන් පටන් හීන් බණ්ඩා ට තමන් වෙනුවෙන් සිටියේ තමන් ම පමණි.
හීන් බණ්ඩා යනු කිසිසේත්ම උපාසක චරිතයක් නම් නොවේ. රාත්‍රී කාලයේ වනාන්තරය දෙසින් ඇසෙන වෙඩි ශබ්ද ගැමියන්ට එතරම් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එවන් දිනක පසුදා උදෑසන හීන් බණ්ඩාගේ නිවස ඉදිරිපිට දිගු පෝලිම් දැකිය හැක්කේ ගංවතුරෙන් අවතැන් වූවන් සහනාධාර බලාපොරොත්තුවෙන් සිටින්නා මෙනි. සතෙකු දෙන්නෙකු මරා මස් කරගෙන නගරයට යන හීන් බණ්ඩා කළු කඩ කාරයෙකුට මස් ටික විකුණා යම් මුදලක් උපයා ගනී. දඩයම් කිරීම අතින් නම් හීන් බණ්ඩා යනු අති විශිෂ්ටයෙකි. මහ වනේ ගැන ඔහු දන්නා තරම් වනේ වන සතෙකුවත් දන්නවාදැයි සැක සහිත ය. ඒ හැකියාව ඔහුට ලැබුනේ කුඩා කළ සිටම මහ වනේ කරක් ගසා ලත් අත්දැකීම් නිසාවෙනි. නිරන්තර සතුන් ගැවසෙන තැන්වල හීන් බණ්ඩාගේ ගිනි බටයක් නම් වරදින්නේ නැත. වල් ඌරෙකුට, ඕලු මුවෙකුට තබා මී මින්නෙකුටවත් නිදහසේ වනයේ ඇවිදීමට හීන් බණ්ඩාගෙන් ඉඩක් නැත. ඇරත් හීන් බණ්ඩාට නොදන්වා වනයට රිංගීමට ගැමියෙකුටවත් නුපුළුවන. එසේ නොකියා ගියේ නම් ඔහුටත් සිදු වන්නේ ඌරන්ට ඇටවූ මරු වැලකට හසු වී ඌරන් ගිය ලෝකෙට ම යන්නට ය.
දිනක් හැන්දෑ යාමයේ හීන් බණ්ඩා මහ මූකලාන දෙසට ඇදුනේ හක්ක පටස් කිහිපයක් ද අතින් ගෙන ය. හක්ක පටස් සෑදීම ට හීන් බණ්ඩා උපන් හපනෙකි. බොහෝ දෙනා හක්ක පටස් හදනුයේ "චීන පටස්" නම් ගිනි කෙළි වර්ගයෙනි. නමුත් හීන් බණ්ඩා එම කිසිවක් යොදා නොගෙන තනිවම හක්ක පටස් සාදයි. ඔහු යොදා ගන්නේ තිරිවානා ගල් කැබලි තුනක් සහ වෙඩි බෙහෙත් ටිකකි. ඒවා නිවැරදිව සම්භන්ධ කොට හොඳින් ආවරණය කර පිටින් මෝර කරවල කැබැල්ලක් හෝ බොම්බිලි කරවල කැබැල්ලක් ගැට ගසයි. බොම්බිලි කරවල කෑල්ලේ ගඳ ඌරන්ට හැතැප්ම ගණනක් දුරට දැනෙන බව හීන් බණ්ඩා දනී. රසවත් ආහාරයක් යැයි රැවටී මෙම තිරිසන් සතුන් ඒ වෙත ඇදෙන්නේ බඩ කට පුරවා ගන්නට ය. බඩ කෙසේ වෙතත් හක්ක නම් පුරවා ඉස්මොල්ල පැලී මොළ ගෙඩිය එලියට ඒමට ගත වන්නේ නිමේශයක් පමණි. හීන් බණ්ඩාගේ හක්ක පටස් වලට හසු වූයේ මේ අහිංසක වන සිවුපාවුන් පමණක් ම නොවේ. අහල පහල ගෙවල් වල සිටි බල්ලන් ද හක්ක පටස් අනුභව කිරීමට ගොස් දිවි නසා ගෙන සිටිනු අනන්තවත් දැකිය හැක. කෙසේ නමුත් දින කිහිපයක ම සිට හීන් බණ්ඩාගේ තුවක්කු වලටවත් හක්ක පටස් වලට වත් සතුන් හසු නොවීය. පසු වන්නේ දීර්ඝ වියලි කාලගුණයක් බැවින් සතුන් ජලය සොයා වනාන්තරය ඇතුලට යනවා විය හැක.
"ඈ බං බණ්ඩයියේ, මොකෝ මේ ටිකේ වෙලා තියෙන්නෙ. කැලේ හිටපු සත්තු ටික ඔක්කොම ඉවර වෙලැයි?" කැලෑව දෙසට ඇදෙන හීන් බණ්ඩා දුටු ගැමියෙක් ඇසීය.
"එහෙමත් ඉවර වෙනවද බං සුගතෝ ... මේ මහ කැලේ ඉන්න සත්තු ටික. උනුත් අපි වාගේම තමා. දරු මල්ලෝ හදනවා.." හීන්බණ්ඩා පිළිතුරු දුන්නේ ය. "මේ පෑවිල්ලේ සත්තු අල්ලගන්න අමාරුයි බං. උනුත් කුලප්පු වෙලා ඉන්නේ අපි වගේ.. අදවත් බලන්ට ඕන මොකක් හරි කරන්න" එසේ කියමින් හීන් බණ්ඩා මහ වනය තුලට ඇදී නොපෙනී ගියේ ය.
තමන් සතුන්ට අවසන් ගමන් සලසා ඇති ස්ථාන හීන් බණ්ඩා හොඳාකාරව ම දනී. ඔහුගේ මෙවර තීරණය වනයේ තරමක් ඇතුලට වන්නට තුවක්කු කඳක් බැඳීම ය. වන සතුන් නිතර යන එන ජලාශයක් වනය මැදට වන්නට තිබෙනු හීන් බණ්ඩාගේ මතකයට නැගුණි. අඩිය ඉක්මන් කළ හීන් බණ්ඩාට එතැනට ඇඳිරි වැටීමට පෙර ලඟා වීමට හැකි විය. දැඩි පෑවුමක් වුවද එම ජලාශයේ වතුර සිඳී ගොස් නොතිබුණි. හක්ක පටස් දෙක තුනක් ඌරන් පැමිණෙතැයි සිතිය හැකි තැන් කිහිපයක තැබූ හීන් බණ්ඩා ආපසු පැමිණියේ තරමක් රෑ බෝ වූ බැවිනි. නමුත් වැඩි දුරක් ඒමට ඔහුට ඉඩ ලැබුනේ නැත. තමා පසු කර ආ ජලාශය දෙසින් විශාල ශබ්දයකින් හක්ක පටස් කරලක් පුපුරා යනු ඔහුට ඇසුණි. "ගම්භාර දෙයියන්ට ඉස්තූති වෙන්ට ඕන.." හීන් බණ්ඩාට ඉබේටම කියැවුණි. දැන් නම් ආපසු හිස් අතින් ගමට යාමේ අදහසක් ඔහු තුල නැත. ඔහු ආපසු හැරුනේ රෑ බෝ වී තිබුනත් තමන්ට ලැබුණු වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි.
වියලි කාලගුණය නිසා වනයේ ගස් කොලන් මැලවී ගොස් තිබුනේ වියලි කලාපයේ දේශගුණය සිහිපත් කරවමිනි. වනයට ඇතුළු වන කෙනෙකුට මේ සිංහරාජ වනය ම දැයි සැකයක් නැගෙන්නේ නිතැතිනි. ඉඳ හිට නැගෙන රැහැයියන්ගේ හඬ, බස්සෙකුගේ විලාපය හැරුණු විට වනාන්තරය රාත්‍රී කාලයේදී නම් ඉතා නිසංසල ය. රාත්‍රීය එලිය කරන චන්ද්‍රයා අහසේ පෙනෙන්නට නොතිබුණු අතර තිබුනේ තාරකා කිහිපයක ආලෝකය පමණි. අඳුරට හුරු හීන් බණ්ඩාගේ දෑස් වලට මෙය එතරම් නුහුරු අත්දැකීමක් නොවීය. පොකුණ අසලට ගිය හීන් බණ්ඩාට දැක ගත හැකි වූයේ මැරී වැටී සිටින වල් ඌරු නාම්බෙකි. ඔහුට දැනුන සතුට කියා නිම කළ නොහැක. නැවත වරක් මුදල් ටිකක් අතේ ගැවසෙන කාලය ළඟට ම පැමිණ ඇත. හීන් බණ්ඩා උමතු වූවෙකු මෙන් වල් ඌරා කරට ගෙන ගම දෙසට ආවේ සුනංගු වීම එතරම් හොඳ දෙයක් නොවන බැවිනි. ඔහුගේ අදහස වූයේ පසුදා පාන්දර ම ගැමියන් අවදි වීමටත් පෙර නගරයට යාම යි. නැතිනම් මස් වලින් කොටසක් ගමේ උදවියට ද දීමට හීන් බණ්ඩාට සිදු වේ. එබැවින් ගම හරහා නොගොස් වෙනත් පාරකින් නිවසට යාමට ඔහු අදහස් කළේ ය.
රාත්‍රී කාලයේ තිබූ නිහැඬියාව බිඳිමින් මුළු ගමම දෙවනත් කරගෙන ගිනි කඳක හඬක් ඇසුනේ ගමේ සිට කිලෝමීටරයක් පමණ ඈතිනි. ඒ හඬට නොදෙවෙනිව ඇසුණු තවත් ශබ්දයකින් ගැමියෝ වික්‍ෂිප්ත වී ගියහ. ඒ මිනිසෙකුගේ විලාපයකි. කාට කාටත් මතක් වූයේ හීන් බණ්ඩා ය. නමුත් මේ මහ රෑ වනයට ඇතුළු වීමට කිසිවෙකු තුල ආත්ම ශක්තියක් නොවීය. කෙසේ වුවද අවසානයේ ගැමියෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුහු හඬ ආ දෙසට ගිය විට දුටු දර්ශනයෙන් අන්ද මන්ද වී ගියහ. හීන් බණ්ඩා ලේ විලක් මැද වල් ඌරෙකු ද බදා ගෙන පණ අදිමින් සිටියේ ය. ඔහුගේ කකුලේ උකුල් ඇටයට පහලින් සුනු විසුනු වී ගොස් තිබුණි. අධිකව රුධිරය වහනය වී තිබූ බැවින් ඔහුට වැඩි වේලාවක් ජීවත් වීමේ වාසනාව නොලැබුණි.
පසු දා ගමේ ප්‍රධාන පුවත හීන් බණ්ඩා ය.
"මෙච්චර කාලයක් වන සතෙකුට පාඩුවේ ඉන්න නොදීපු එකේ විපාකේ තමා බොල ඔය.. ඕකට තමා කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියල.. මේ ලෝකෙදීම පල දෙනවා. ඕක වෙන්න තිබුනේ ඔයිට ඉස්සෙල්ල.." එක් ගැමියෙක් එසේ කීවේය. නමුත් ඔහු ද හීන් බණ්ඩා ගෙනා මස් කෑල්ලක රස බලා නැති දැයි සැක සහිතය.
ප.ලි. ඔන්න ඉන්න ගමන් කතාවක් ලිව්වා..කියවලා බලලා අඩු පාඩු කියන්ට හොඳේ.....

Thursday, August 22, 2013
෴ ෴ හොල්මන් ෴ ෴
මෙය මගේ මිතුරෙකු ලැබූ අත්දැකීමක්. අපේ ගම තිබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර කිහිපයක් ඇතුලට වන්නට ය. ගම කිව්වට එක ගමක් නොව ගම් කිහිපයක්..... ඉතින් ඔය මහ පාරට යන්නට මාර්ග කිහිපයක්ම තියෙනවා. එයින් ප්‍රධානම මාර්ගය වැටිලා තියෙන්නේ මහ විශාල රබර් වත්තක් මැදින්... රබර් වත්තක් කිව්වම ඉතින් ජනාකීර්ණ ප්‍රදේශයක් නෙවෙයි කියල කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මේ විශාල රබර් වත්ත මැදින් වැටිලා තියෙන මාර්ගය කොන්ක්‍රීට් දාලා එහෙම හොඳට හදල තියෙන්නෙ.. හැම පැත්තෙන්ම පාර වෙලා ගෙන තියෙන සුවිසල් රබර් ගස් නිසා මේ පාරට මහ දවල් දොළහටවත් ඒ හැටි ඉර එළියක් නැති තරම්. ඉතින් ඔය පාරේ මහ දවල් පවා තනියම පයින් ඇවිද ගෙන යද්දී අමුතුම චකිතයක් ඇතිවෙන්නේ. ඒත් දවල්ට මිනිස්සු ටිකක් ඉන්න නිසා ඒ හැටි ප්‍රශ්නයක් නෑ.
මේ වත්ත කෙලවරේ තියෙන්නෙ තුන්මං හන්දියක්. එයින් එක පාරකින් තමා අපේ ගෙවල් දිහාට එන්න තියෙන්නෙ. මේ කතාව කියන අපේ මිත්‍රයාත් අපේ ගෙවල් කිට්ටුවම ඉන්න කෙනෙක්. එයා නිතරම වගේ රෑ බෝ වෙලා ඔය පාරෙන් බයික් එකෙන් යනවා. ඉතින් නිතර දෙවේලේ යන නිසා ඒ හැටි ගානකුත් නෑ. ඔය කියන දවසෙත් මිනිහා ඔතනින් මහ පාරට ගිහින් තියෙනවා. එතකොට වෙලාව රෑ 10 ට විතර ඇති කියල තමා කිව්වේ. දහයට විතරනම් බලු බල්ලෙක්වත් නෑ පාරෙ.. ඔහොම යනකොට අර මම කලින් කිව්ව තුන්මං හන්දිය තමා මුලින්ම හම්බු වෙන්නේ. ඔය තුන්මං හන්දියෙන් පස්සේ තමා පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නෙ. තුන්මං හන්දිය දක්වා පාර අබලන්. මෙයා ඈත ඉඳලම දැකලා තියෙනවා ඔය කියන තුන්මං හන්දිය ළඟ සුදු පාටට ඇඳ ගත්තු කෙනෙක් ඉන්නවා. ඒත් මෙයා ඒක එච්චරටම ගණන් අරගෙන නෑ. මොකද ඔය හන්දිය උඩ තියෙන කන්දේ මුදුනේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර කෙනෙක්වත් වෙන්න ඇති කියල මෙයා හිතල තියෙන්නෙ. තවත් ටිකක ළඟට ගිහිල්ලා බලපුවාම දැකපු දෙයින් මිනිහගේ රෝම කෙලින් වෙලා.
සුදු පාට ගවුමක් ඇඳ ගත්තු කාන්තාවක්. කොන්ඩේ කඩා වැටිලා. මූණ හරියටම බලාගන්ට බැරි වෙලා.... ටිකෙන් ටික රබර් කෑල්ල මැද්දෙන් පාර දිගේ පල්ලෙහාට ගිහින් තියෙනවා. මේකාගේ සරුවාංගෙම හීතල වෙලා ගියාලු. ගෑනු කෙනාගේ අතේ මොනවා හරි තිබිලා තියෙනවා. ඒ මොනවද කියල පෙනුනේ නැහැලු. මිනිහට හිතුනලු මොහිනීවත් ද කියල. කොහොම හරි බයික් එකේ එලියට මේ ඔක්කොම ලස්සනට පෙනිලා. ටිකෙන් ටික ඉදිරියට ගිය මේ කාන්තාව වංගුවකින් නොපෙනී ගිහින් තියෙනවා. දැන් මෙයාටත් කර ගන්න දෙයක් නෑ.. මිනිහාට ඕනි පාරට යන්න. මේ කාන්තාවත් ගියේ ඒ පැත්තටමයි. ආපහු හරවාගෙන එන්න හිතුනත් ගියේ අත්‍යවශ්‍ය වැඩකට නිසා, නොගිහිනුත් බැරි නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියල හිමිහිට ඉස්සරහට ගිහින් තියෙනවා. වංගුව හරවනවාත් සමගම මෝටර් සයිකලය ඉද්ද ගැහුවා වගේ නතර උනාලු. බ්රේක් ගැහුවද නැතිනම් ගැහුනද කියල තාමත් හිතාගන්න බැරිලු...
මෙතෙක් වෙලා ඈතින් සිට නැරඹු චිත්‍රය දැන් තමා ඉදිරියෙන් තමන් ලඟින්ම තිබෙනු ඔහු දැක ඇත. තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පිටුපස හැරී සිටි කාන්තාව දුටු ඔහුගේ අත් සහ කකුල් හිරි වැටී ගිය බව ඔහු මා සමග පැවසීය.. එවෙලේ ඉතිපිසෝ භගවා... " ගාථාව කිව්වේ නැද්දැයි මම ඇසූ විට ඔහු කිව්වේ, " ඒ වෙලාවේ ඕවා මතක් උනේ නෑ බං " යනුවෙනි. කොන්ක්‍රීට් පාර මැද නතර වී සිටි මෙම කාන්තාව එකවරම හිස හරවා ඔහු දෙස බලා ඇත.. " එතකොට තමයි මට මූණ බලා ගන්න පුළුවන් උනේ. රතු ම රතු පාටයි.. වැඩි වයසකුත් නෑ.. මගේ දිහා රවල වගේ බැලුවේ.." ඔය තියෙන්නෙ මිනිහාගේම වචන..
"ඉතිං උබට ළමය එහෙම දුන්නේ නැද්ද වඩාගන්න කියල.."
" උඹ මේ ළමයි ගැන කතා කරනවා. මම බයේ හිටියේ ඇවිල්ල බයික් එකටවත් නගියිද කියල,.. "
ඉන්පසු එම කාන්තාව ටිකෙන් ටික ඈතට ගමන් කර නොපෙනී ගොස් ඇත.. ඔහුද සෙමින් සෙමින් ඉදිරියට ගොස් ඇත. ක්‍රමයෙන් රබර් වත්ත අවසන් වූ පසු නිවාස කිහිපයක් හමු වේ.. එතැන් සිට එම අවතාරය ඔහු ඉදිරියේ පෙනී සිට නැත.
කොහොම උනත් මිනිහා සති දෙක තුනක් යනකන් ආයිමත් ඔය පාරෙන්නම් ඇවිල්ල නැහැ. දැන් නම් ආයිමත් එනවා. ඒත් ඊට පස්සේ ඒ කාන්තාව හම්බ වෙලා නැහැ.
ඔය වගේ දෙයක් දකින්න යම් පුද්ගලයෙක් ගේ හිතේ ඒ වෙලාවේ තියෙන සිතුවිලි ගොඩක් බලපානවා. මට ඒ දේ හොඳටම තේරුනේ ඔහු මට ඊට පස්සේ කියපු දෙයින්. එයා ඔය කාන්තාව දැකපු දවසේ හවස මිනිහ අඳුරන දෙතුන් දෙනෙක්ම කියල තියෙනවා ඔය රබර් කෑල්ල හරියේ 'හොල්මන්' තියෙනවාය කියල. ඉතින් රෑ වෙලා එතනින් යනකොට මෙයාට අර කලින් කිව්ව දේ මතක් වෙලා තියෙනවා. හැබැයි ඔය දේවල් දකින්න හිත විතරක්ම බලපානවා කියන්නත් බෑ..
පස්සේ ආරංචි කරලා බලපුවාම මේ දේ කිහිප දෙනෙක්ම දැකල තියෙනවා. සමහරු තවමත් රෑ බෝ වී ඒ පාරෙන් එන්නේ නෑ.. හැබැයි දැන ගන්න ලැබුන දේ තමයි, මේ කාන්තාවගෙන් කාටවත්ම කිසිම හිරිහැරයක් නෑ..
තවත් දවසක් මේ පාරෙ රෑ බෝ වී තනියම පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුත් මෙම ස්ත්‍රිය දැකල තියෙනව. ඇය ඔහු ළඟට පැමිණ අසා තිබෙන්නේ මල්ලී හැමදාම මේ පාරෙන්ද යන්නේ යනුවෙනි... ඔය පාරෙ රෑ වෙලා එන සමහරු නම් කියන්නේ තමන්ට හැමදාම වාගේ මේ ස්ත්‍රිය මුණ ගැසෙන බවයි. නිතර දෙවේලේ දකින බැවින් දැන් එතරම් බියක් නැතැයි ඔවුහු කියති...
මේ ඇත්තටම කව්ද කියල හොයා ගන්න පස්සේ පුළුවන් උනා... ඒක ඉස්සරහට ලියන්නම්..

![]() |
| www.livescience.com |

Tuesday, May 21, 2013
ගුණදාස රා....
හුඟ
කාලෙකින් බ්ලොග් ලෝකේ පැත්තේ
ඇවිල්ලා යන්න බැරි උනානේ.
කොහේද
ඉතින් ඕවට කාලයක්. මේ
දවස් වල හරිම බිසී.
ඔලුව
උස්සලවත් යන්තං බලා ගන්ට
බැරුවයි හිටියේ. ඕන්
අද තමා යන්තං ඇහැක් කනක් ඇරලා
බලන්න පුළුවන් උනේ.
ඒ වගේ
වෙලාවට ඉතිං ඉස් ඉස්සෙල්ලාම
මතක් වෙන්නේ මේ බොගේ තමා.
දැන්
ඉතිං රජයත් කුඩා කර්මාන්ත
වලට අත දෙන හින්දා අපේ පුංචි
කරුමාන්තෙත් ගමේ නැගලම යනවා.
දන්නවනේ ඉතිං මොකද්ද කර්මාන්තෙ කියල.
අපි
ඕක මේ ලඟදි පටන් ගත්තට මොකද,
ඕක
ජීවිතේම කරගෙන ඉන්න උදවියටත්
වඩා ලොකු ලාභයක් ලබන්ට පුළුවන්
උනානේ. මුල්
දවස් ටිකේ ටිකක් අඩු ගානට
දුන්නම ඕන තරං සෙනග අද්දා ගන්ට
බැරියෑ. ඕක
තමා ඉතිං රහස. හිහ්..
ඔන්‍න
ඉතිං ඒ ගමන වෙන කතාවක් මතක්
උනා. දැන්
ඉතිං ලියන්න හිතාගෙන හිටපු
ඔක්කොම ටික පැත්තකින් තියාලා
ඔන්‍න ඒක ලියනවා. ඕක
තමා මටනම් හරියන්නෙම නැති
වැඩේ. කමක්
නෑ ඉතිං ලියාලම බලමුකෝ...
ඔන්න
ඉස්සර අපේ ගමේ ඉඳල තියෙනවා
ගුණපාල ද, ගුණදාස
ද කොහෙද කියල එක්කෙනෙක්.
අපි
දැන් ඉඳං මෙයාට ගුණදාස කියල
කියමුකෝ. මිනිහත්
නම ‘ගුණදාස’ උනාට කරලා තියෙන්නේ
බෝධිසත්ත්ව වැඩනම් නෙවෙයි.
නම
දිහා බලලා මිනිහෙක්ගේ හැටි
කියන්නේ කෝමද.. මට
මතක් උනේ පුංචි කාලේ අහපු
සින්දුවක්. අර
මාළු වලේ කුසල් හාමි මාළු
බානවා - සිල්
අරං ඇවිත් සීලවතී මකුණෝ මරනවා
කියල සින්දුවක් තිබුනේ.
අද
කාලේ ධර්මසිරිලත් මිනී මරණ
එකේ ඕකත් මහ ලොකු දෙයක්ද..
කොහොම
හරි ඔය මේ කතාවේ එන ගුණදාසත්
කරන්න පුළුවන් හැම වැරදි
වැඩක්ම කොරපු මිනිහෙක් තමා.
ගමට
රා බෙදල තියෙන්නෙත් මිනිහාම
තමා. මහ
රෑ තුවක්කුවක් පත්තු උනොත්
ඒකත් ගුණදාසගේ ම තුවක්කුවක්
තමා කියලා සද්දෙන්ම කියන්න
මිනිස්සුන්ට පුළුවන්ලු.
කොහොම
හරි පහුවෙනිදට ගමේම සෙනග
ගුණදාසලාගේ ගෙදරට එක්කාසු
වෙන්නේ පොර කාලා හරි මස් ටිකක්
අරං යන්න. ඒක
නිරායාසයෙන්ම වෙන දෙයක්.
ගිනි
කඳක සද්දයක් ඇහුණු හැම රෑකම
පහුවෙනිදා පාන්දර ගුණදාසගේ
ගෙදර අතුරු සිදුරු නැතුවම
පිරී යන්නේ එබැවිණි.
කොහොමින්
කොහොම හරි ගුණදාස,
ගමේ
කවුරුත් දන්නා තරමින් නොකරපු
එකම වැඩේ මිනීමරන එක විතරයි.
තව
ඩින්ගෙන් ගුනදාසයා ගමේම උන්
ටික මරලා තමා නිකා ඉන්නේ.
බලමුකෝ
මොකෝ උනේ කියලා.
ගුණදාස
කියන්නේ රා කරුමාන්තෙත් ජයටම
කරගෙන ආපු මිනිහෙක්.
කොයි
දේ කලත් මේ මනුස්සයා ඒ කාලේ
හැටියට හොඳ සල්ලියක් හම්බු
කරන්න ඇති කියල මටත් හිතෙනවා.
මොකද
නොකරපු දෙයක් නැහැ නෙව.
හැන්දෑ
ජාමේ වෙනකොට එකා දෙන්නා ගුණදාසගේ
ගෙවල් පැත්තට රූටන්නේ ආයි
හොර බළල්ලු වගේ. එකා
දෙන්න ආපු මේ ගැන්සිය ටිකක්
රෑ බෝ වෙනකොට ගුණදාසගේ ගෙදර
මිදුලෙයි, වත්තේ
ගස් යටයි රංචු පිටින් සෙට්
වෙලා ඉන්නවා බලා ගන්න පුළුවන්
ටිකක් රෑ වෙලා ඒ පැත්තේ ගියානම්.
මම නම්
ඉතිං ඔයකාලේ ඉපදිලාවත් නැද්ද
කොහේද. නැත්තං
ඉතිං වරදවා තේරුම් ගන්න උදවියත්
ඉන්නවනේ අපි අතරේ...
ගමේ
හිටිය උදවියගෙන් මේ රස්සාව
කළේ අපේ ගුණදාස විතරක්ම නෙවෙයි.
තව
කිහිප දෙනෙක්ම කරලා තියෙනවා.
එත්
ඒ උදවියට වෙලා තියෙන්නේ ඒවායින්
පැණියි හකුරුයි හදන්න.
මොකද
මේ උන්දලාගේ රා බොන්ට කවුරුවත්ම
ඇවිත් නෑ.
“ගුණදාස
රා” ගුණාත්මක අතින් ඉස්තරම්ම
ඒවා වෙන්න ඇති නේ.
නැත්තං
අර මම කලින් කිව්වා වගේ අඩු
ගානට දෙන්න ඇත්තේ. නම
දිහා බලලම මොකුත් තීන්දු කරන්න
බෑ කියල කලින්ම කිව්වනේ.
මිනිහා
ලඟ තිබුනේ වෙනස්ම රහසක්.
ඒත්
කවුරු ඇහුවත් මිනිහා මේ රහස
නම් කියලා නෑ. අනිත්
උන්ටත් ආරංචි උනොත් තමන්ගේ
බිස්නස් පාඩු වෙනවනේ.
ගුණදාසගෙන්
රා පොල් කට්ටක් ගහපු නැති
එකෙක් ගමේම හිටියේ නැතුව ඇති.
ඒ තරමටම
ගුණදාස රා හරිම ප්‍රසිද්ද
වෙලා තිබුණේ. පහු
පහු වෙනකොට අහල පහළ ගං වලටත්
මේ ගුණදාස රා ප්‍රසිද්ද වුනේ
හරිම වේගයෙන්. සාමාන්‍යයෙන්
රා කියන දේ ටිකක් බිව්වයි කියල
එතරම් ම වෙරි වෙන්නේ නෑ.
රා
බොන්නේ නැති උනත් මම ඕකනම්
දන්නවා. ඒ
කාලේ විතරක් නෙවෙයි දැන් කාලේ
උනත් මිනිස්සු දවස තිස්සේ
මහන්සි වෙලා හවස් උනාම ටිකක්
ඇඟේ පතේ අමාරුව යන්න රා පොල්
කට්ටක් දෙකක් තොල අග තියන්න
අමතක කරන්නේ නෑ. ඒ
තරමට ම රා කියල කියන්නේ ගැමියාට
අමෘතයක්. ඒත්
මේ ගුණදාසයාගේ රා වල පොඩි
වෙනසක් තිබුනා. ඒ
තමයි එක පොල් කට්ට ගහද්දි
නරලොව හොල්මන් පේන එක.
රා
බොන උන්ට කියන්නේ රා ගුඩ්ඩො
කියලා. ඉතිං
ගුණදාසලයි ගෙදරට හැන්දෑ ජාමේ
එකතු වෙච්චි රා ගුඩ්ඩො ටික
ගුණදාසගේ ඉස්තරම් වර්ගයේ රා
පොල් කට්ටකින් සප්පායම් වෙලා
ගුණදාසගේ ගෙදර ඉඩමේ තියෙන
ගස් ටිකටත් උඩින් ගුවන් ගත
වෙලා හඳ පායපු දවසකනම් ඒ
පැත්තෙත් පොඩි විසිට් එකක්
එහෙම දාලා හඳේ ආවාට ටිකත් ගණන්
කරගෙන තමයි ආපහු ගෙවල් වලට
යන්නේ. ගුණදාසත්
හැබැයි අනික් උන් කොච්චර
ඉල්ලුවත් එකාට රා පොල් කටු
දෙකට වඩා නොදෙන්නනම් පරෙස්සම්
උනා. අන්තිමේදී
ගමේ ඉස්කෝලේ යන වයසේ හිටපු
කොල්ලෝ කුරුට්ටෝ ටිකත් හොර
රහසේම පිළිකන්න පැත්තෙන්
ගුණදාසයයි ගෙට රිංගන්න පටන්
අරං. උන්ටත්
මේ පානයේ රහ වැටිලා වෙන්ටෑ..
මටත්
ඔය කතාව කිව්වේ ඒ කාලේ ඔහොම
හොරෙන් රිංගපු එකෙක් තමා.
ඔන්න
ඉතිං වෙනද වගේම එදත් හවස්
වෙද්දී ගුණදාසලයි ගෙදරට වටින්
පිටින් කට්ටිය එකතු වෙන්න
ගත්තා. අහල
පහල ගම් වල උදවියත් කිහිප
දෙනෙක්ම ඇවිල්ල හිටියා.
කවුරුත්
බලාගෙන හිටියේ වෙනදා වගේම
ගුණදාසගේ රා පොල් කට්ට ලෙව
කන්න.. ටික
වෙලාවකින් කවුරු කවුරුත් බලා
ගෙන හිටිය මොහොත උදා උනා.
රා
මුට්ටි දෙකකුත් අත් දෙකින්
ගත්තු ගුණදාස ගෙයින් එලියට
ආවේ හරිම උජාරුවෙන් වගේ.
එතකං
වත්තේ ගස් ටික යටට වෙලා හිටපු
උන් ටික හෙමිහිට නැගිට්ටේ
මුට්ටියට කෙළ හල හල.
එක එකා
පෝලිමේ ඇවිත් පොල් කට්ට පුරෝලා
රා අරගෙන ගියා. වෙනදා
වගේම ගුණදාසගේ රා වලින් එන
අමෘතය පරදින පුසුඹ එදත් නොඅඩුව
ලැබුනා. ඉතිං
කවුරු කවුරුත් නෑ බෑ නොකිය
තමන්ට ලැබිච්ච රා පොල් කට්ට
එක හුස්මට බී ගෙන ගියා.
තමන්
දිව්‍යලෝකෙට පා වෙලා යනවා
වගේ එදා බීපු උන්ට හිතෙන්ට
ඇති. සමහර
උන් තවත් පොල් කට්ට ගානේ අරගෙන
හිස් කරා. ඒත්
තත්ත්වය වෙනස් වෙන්න වැඩි
වෙලා ගියේ නෑ. හොඳ
සිහියෙන් කෙලින් හිටගෙන හිටිය
එකා දෙන්නා කැරකි කැරකි බිම
පතබෑවෙන්න පටන් ගත්තේ දිව්‍යලෝකේ
පොළොවට කඩාගෙන වැටුනා වගේ.
“බුදු
අම්මෝ මම ඉවරෝයියියි......
මං
මැරෙන්න යනෝ...
මට
බැරියෝ...”
යන්තං
හෝ සිහි කල්පනාව තිබුන උන්
බඩ අල්ලාගෙන කෑ ගහන්නට පටන්
ගත්තා.
සමහරුන්ට
මෙලෝ කල්පනාවක් නෑ.
වැටුණු
වැටුණු තැන කෑ මොර දෙන්නට පටන්
ගත්තේ නිකං මිනී මරනවා වගේ.
පෙරේතකමේ
පොල් කටු දෙකක් ම හිස් කරපු
උන් කටෙන් සෙම පෙරාගෙන බිම
වැටී හිටියේ නිකං වහ බී මළ උන්
වගේ....
කෙසේ
හෝ අහල පහල ගෙවල් වල උදවිය
එකතු වෙලා මෙම බේබදු රෝගීන්
ටික වහාම ගමේ ඉස්පිරිතාලයට
ගෙන ගියේ බොහොම අමාරුවෙන්.
ඇයි
එකෙක් දෙන්නෙක් කියලයෑ.
අන්තිමේදී
වැඩි හරියක් අය නගරයේ ඉස්පිරිතාලයට
මාරුකරලා යැවුවේ බෙහෙවින්
අසාධ්‍ය හින්දා.
මේ
සියල්ල අස්සේ ගුණදාසයා කොහේ
ගියාදැයි සොයා ගන්නට නැත.
ගමේ
කට කතාව ගියේ ගුණදාස රා වලට
කංසා කුඩු එකතු කර ඇති බවයි.
ඒ
කියන්නේ ගුණදාස රා වල රස රහස
කංසා ය.
මෙදා
පොටේ මිනිහාට පදම වැරදී ඇත.
ඇතැම්
විට මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්
ද විය හැක.
එහෙත්
ටික දිනකට පසු සැඟවී සිටි
ගුණදාසයා කුදලා ගැනීමට පොලීසියට
හැකි විය.
මිනිහා
මාසෙකින් විතර නැවත ගමට ආවේය.
ඒත්
නැවත කිසිම දවසක රා මැදීම නම්
සිදු කළ බවට ආරංචියක් නැත.
එහෙත්
අනෙක් ජඩ වැඩනම් අකුරක් නෑරම
සිදු කරලා....
ප.ලි. හුඟ දවසකින් බ්ලොග් පැත්තේ එන්ට බැරිඋනා. ඒක නිසා බ්ලොග් ටික
කියවන්නත් බැරි උනා. ඉන්න ගමන් හෙමීට ඔක්කොම කියවන්නම් යාලූ... තරහා වෙන්න
එපාලු.....
Subscribe to:
Posts (Atom)