Saturday, March 16, 2013

මේඩ් ඉන් ශ්‍රී ලඞකා... ( ශ්‍රී ලංකා ඉස්පෙෂැල්)

   පොතුපිටිය පැත්තෙ ගිහිං කිතුල් පැණි හොයා ගෙන ආපු හැටි කලින් පෝස්ටුවේ කිව්වා මතක ඇතිනෙ.. ඒක කියෙව්වෙ නැති කව්රුහරි ඉන්නවනම් ඉතිං මෙතැනින් ගිහිං කියවලාම එන්න..

    ඒ ගිය ගමනෙදි ඔය කිතුල් මල ගැන ගොඩාක් දේවල් අසා දැන ගන්ට ලැබුණා.. ගොඩක් පරම්පරාවෙන් පරම්පරාවට වගේ ආපු මේ කර්මාන්තෙට දැන් කණ කොකා හඬළලා කියලා තමා අපිටත් ආරංචි උනේ.. ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා. එකක් තමයි අද ඉන්න අලුත් පරම්පරාව මේකට දක්වන අකමැත්ත.. ඔය ගොඩක් පාරම්පරික කර්මාන්ත අභාවයට යන්න ලොකු හේතුවක් තමා මේක.. මොනවා කොරන්නදෑ ඉතිං, දැං කාලෙ ඉස්ටැයිල් එක්ක ඕවා ගැලපෙන්නෙ නැති කොට... මේක මේ අයගෙ ජීවන වෘත්තිය උනා කාලයක්. ඒත් ඒ නිෂ්පාදන වලට හරි මිලක් ලැබුනෙ නෑ.. ඉතිං ඔය පොඩි සොච්චම් මුදලකට ඔය කිතුල් ගස් බඩ ගාන්ට දැන් ඉන්න උන් කැමති වෙයිද මං අහන්නේ.. දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල මුදල් වලින් මනින සමාජයක් නොවැ.. 




  කොහොමින් කොහොම හරි මාත් ඔන්න කිතුල් මල් කපලා කිතුල් පැණි හා අනෙකුත් නිෂ්පාදන සාදා ගන්නා ආකාරය දැන ගත්තා.. ගෙදර ආපු ගමන් බැලුවේ කොහේද හොඳ මලක් වැටිච්ච කිතුල් ගහක් තියෙන්නෙ කියලා. කිතුල් මල විතරක් නෙවෙයි, පොල් මලත් ඕකට කියාපු භාන්ඩේ.. විශේෂයෙන්ම මේ පැති වල නම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කිතුල් මල් තමා.. ගොඩක් වියලි කලාපේ පැත්තේ සහ වෙරළබඩ ප්‍රදේශ වල ගොඩාක් ප්‍රසිද්ධ පොල් මල... ඔය විනාකිරි ( ඇසිටික් අම්ලය ) හදන්නත් වැඩියෙන්ම යොදා ගන්නවාය කියන්නෙ පොල් මලනේ...

   හරි හරි... වැඩි කතා ඔනෑ නෑ... අපි දැන් සූදානම් වන්නේ නිවසේ සිටම රා පොල් කට්ටක් සාදා ගැනීමට ය.... මං කිව්වේ පොල් කට්ටක් හොඳේ!

  පලමු පියවර තමා හොඳ මලක් වැටිච්ච ගහක් හොයා ගැනීම. ඔබට කිතුල් ගසක් සොයා ගැනීම අපහසු නම් පොල් ගසක් වුවද කම් නැත. එහෙත් මෙහි ලා විස්තර කෙරෙනුයේ කිතුල් මල සම්භන්ධවය. සෑම කිතුල් මලකින්ම පැණි ලබා ගත නොහැක. මේ පිලිබඳ විෂය ප්‍රවීණයා නිවැරදි මල තෝරා ගැනීමට දනී. කිතුල් මල තෝරාගෙන සිදු කරන රාජකාරියට අපේ ඇත්තෝ කියන්නේ කිතුල් මල පදම් කරනවා කියාය. ඔය කිතුල් ගහක මලක් පිපෙනවා කියන්නේ අවුරුදු දහයකට විතර සැරයක් නේ.. ඔය වැඩේට තෝර ගන්නේ නොමේරූ ළපටි මලක්. ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..


dinamina.lk
   ඉතා සියුම් ලෙස කැපෙන හොඳ මුවහතක් තිබෙන පිහියක් මල කැපීමට යොදා ගනී. මේ වැඩේට කව්රුත් කියන්නේ මල මැදීම කියලා. කිතුල් මලේ කෙළවර මේ පිහියෙන් කපා එතෙන්ට මුට්ටියක් එල්ලනවා. ඔය මුට්ටියට තමා තෙලිජ්ජ ( තෙලි දිය ) ටික එකතු වෙන්නේ. ඔය තෙලිජ්ජ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. කිතුල් ගහේ ප්ලෝයම පටකයේ ගමන් කරන පලෝයම තරලය. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය ආහාර. ඔය තෙලිජ්ජ වල වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ සුක්‍රෝස්... ඒකයි ඔච්චරටම පැණි රස...! මෙන්න මේ තෙලිජ්ජ ටික දවසක් දෙකක් ඔහොම තියෙන කොට ඉබේටම රා බවට පත් වෙනවා. ඔය වැඩේ අපිට නොමිලේම කරලා දෙන්නේ වායුගෝලයේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් තමා. විශේෂයෙන්ම යීස්ට්... මෙයාලා මේ තෙලිජ්ජ වල තියෙන සුක්‍රෝස් එතිල් මධ්‍යසාර බවට පත් කරනවා.. ඒවට තමා අපි මේ රා කියන්නේ.. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ මුට්ටිය ගහේ තියෙද්දී ම.. ඉතිං අපේ උන්දැලා ගහේ ඉඳන්ම රා ටික බීලා තමා බිමට බහින්නේ... දැං ඉතිං මේක කියවන උන්දැලා කිතුල් ගස් බඩ ගානවා එහෙම නෙවෙයි ඕං...

  දැං බලමු කොහොමෙයි කියලා කිතුල් පැණි හදා ගන්නේ.. මම කලියෙං කිව්වනෙ තෙලිජ්ජ ටික ගහේදිම රා වෙනවාය කියල.. ඉතිං එතකොට කොහොමද පැණි හදා ගන්නේ නේද... ඒකට අපේ අය නියම වැඩක් කරනවා.. ඒ තමයි අර මුට්ටිය ගහේ ගැට ගහන්න කලින් ඒක ඇතුලේ හුණු ටිකක් ගාන එක.. එතකොට රා හැදෙන්නෙ නෑ කියලයි එයාලා විශ්වාස කරන්නේ.. ඒකේ විද්‍යාත්මක කතන්දරේ මේකයි.. ඔය හුණු කියල කියන්නේ භාෂ්මික ද්‍රව්‍යයක්නේ.. ඉතිං ඕක මුට්ටිය ඇතුලෙ ගෑවාම ඕක ඇතුලේ යීස්ට් වගේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ නෑ.. මොකද ඒ ක්ෂුද්‍ර ජීවීන්ට භාෂ්මික පරිසර වල ජීවත් වෙන්න බෑ. ඉතිං ක්ෂුද්‍ර ජීවීන් නැතුව රා නිෂ්පාදනයකුත් වෙන්නේ නෑ... ඒ වගේම මලේ එල්ලපු මුටිටිය පරණ වෙන්න දෙන්නේ නැතුව ඉක්මණට තෙලිජ්ජ ටික අර ගන්නවා.. ඊට පස්සේ ඒවා හොඳට උණු කරනවා.. නියම පදමට උණු කළාම නියම පැණි හදා ගන්ට පුලුවන්.. 

  ඔය හදා ගත්ත පැණි වලින් කරන තවත් දෙයක් තමා කිතුල් හකුරු හදා ගන්න එක.. අර හදා ගත්තු පැණි ටික පොල් කටු වලට දාලා දවසක් විතර තියෙන්න හරිනවා.. එහෙම තමා හකුරු හදා ගන්නේ.. ඔය වැඩේට ගන්න පොල් කට්ටත් හොඳට පොලිෂ් කරලා එහෙම තමා ගන්නේ..

  රා වලින්ම තමා විනාකිරි නිෂ්පාදන කරන්නෙත්.. ඒකටනම් ගොඩාක් යොදා ගන්නේ පොල් රා තමා.. ඔය රා තවත් ටික දවසක් තියෙන්න ඇරියාම ඒවා විනාකිරි බවට පත් වෙනවා. විනාකිරි කියන්නේ අම්ලයක්. රා වල තියෙන එතිල් මධ්‍යසාර වායුගෝලීය බැක්ටීරියා මගින් ඇසිටික් අම්ලය බවට පත් කරනවා. විනාකිරි කියන්නේ මෙව්වාට තමා...

  ඔන්න ඔහොම තමා කිතුල් කරුමාන්තේ අපේ උන්දැලා කරන්නේ.. හරිම අලංකාර කර්මාන්තයක් තමා.. අපේ පැත්තෙත් කිතුල් ගස් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.. ඉස්සරනම් ඔය ගහක පිපිලා තියෙන මලක මුට්ටියක් වරදින්නේ නෑ.. ඒත් දැන්නම් ඒ ගස් පාලුවට ගිහිල්ලා.. මහා ජාතික අපරාධයක් කියලයි මටනම් හිතෙන්නේ. 




www.vidusara.com





60 comments:

  1. ඔබගේ කතාව අසද්දි කාබනික රසායනය (Organic) මතක් වෙනවා. මම යහළුවෙකුගේ මඟුල් ගෙදරක දවසක් මොනරාගල ප්‍රදේශයට ගියා. ඒ පලාතේ ද කිතුල් මල් කපනවා. නමුත්, ගමෙන් පැණි බෝතලයක්නම් සොයා ගන්න බැරි වූවා. හේතුව, මධ්‍යසාර සඳහා මේ රා ගෙනයන බැවින් පැණී සදන්නේ අඩුවෙන් වීමයි. නමුත් town එකෙන් පැණි සොයා ගන්න පුළුවන් වූවා.

    ReplyDelete
    Replies
    1. :D පැණි ඉතුරු වෙයියෑ, දැං කවුරුත් මල් කපන්නේ රා බොන්ටනේ.. ඒත් ඉතිං ටවුන් එකෙන් නම් ඔරිජිනල් කිතුල් පැණි හොයා ගන්න අමාරුයි..

      Delete
  2. වෙලාවට මෙහේ කිතුල් හරි පොල් හරි ගස් නෑත්තෙ..තිබ්බනම් අනිව මදිනවම තමයි උබ කිව්ව විදිහට..ස්තුතියි මචන් ලිපියට..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා... බොහොම ස්තූතියි මේ පැත්තෙත් ආවාට.... නරකද කිතුල් පැළයක් දෙකක් හිටව ගත්තනං...

      Delete
  3. මට 6829 වැනියා වෙන්න හිතෙනවා :)

    මල පට්ට වලින් වෙලනවා විතර ද ? වටේට මොකවත් තියල නෙවෙයි ද වෙලන්නේ. මෙහෙත් ඉස්සර සමහරු මල් හැදුවා. මට මතකයි කොච්චි මිරිස්, පොල් පිති අළු, ඇඹුල් දොඩම් වගේ ඒවා අඹරල ඒවත් තියල වෙලනව වගේ. මල මෝරපු සයිස් එක බලන්නේ රෑන මැදින් කඩලා. එහෙම කැඩුවාම ඒ කෑලි දෙක වැටෙන්නේ නැතුව කෙන්දක් වගේ එකකින් එල්ලිලා තියනවා.

    එහෙම කරනවා මං දැකල තියනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අයගම, කලවාන පැත්තෙ වැඩී එහෙම නේද චන්දන? ඒකෙනුත් අපිට එක හම්බවෙලා නේ?

      Delete
    2. @ Chandana හ්ම්ම්... ඔව් ඔව්.. ඉක්මනට තැම්බෙන්න එක එක ඒවා තියලා බඳිනවා.. සමහර පැති වල මොනාද මන්දා බෙහෙත් වගයකුත් දානවලු.. ඒකට කිතුල් මලේ තුන හතර පුරුක් වල පොඩි සිදුරක් විදිනවා.. චන්දන අයියගේ කල්පනාව බිස්නස් එක පටං ගන්නද.. හොඳා හොඳා...

      Delete
    3. @ Nadini සබරගමුව රා කරුමානතෙන් හරි එකට ඉන්නවානේ අක්කේ.... ඒ ගැන ඉතිං ආඩම්බරයි... හී හී.. බලන්ටකෝ ඒත් සබරගමුවේ කිතුල් මදින උදවිය ගණන ටිකක් අඩුයි.. ඒකත් ඉහළ නැංවූවානම් නියමයි...

      Delete
    4. @නදිනි..

      ඒ පැති වල වැඩියෙන් තියනවා. චින්තක කිව්වා වගේ දැන් දැන් ඒ කර්මාන්තය කරන අය අඩු වේගෙන යන්නේ. අර බොන්සායි වගේ ගස් වර්ගයක් හඳුන්වලා දුන්නා මෑත කාලෙකදී. ඒක උනත් එච්චරම දකින්න නම් නෑ තවම. පුටුවක් උඩ නැගල මල් කපන්න පුළුවන්. සිංහරාජේ පැත්තේ නම් වැඩිපුර තියන්නේ අහස උසට ගිය ගස් .

      @චින්තක

      කොහොම ද වැඩේ.. නැගල යයි නේ. ? සබරගමුවේ සා.. ඇම්බැසඩර් පරාදයි. :)

      Delete
    5. මචංලා අනිවා මලට බෙහෙත් මඳින්න ඕනා. මේ ලඟක වෙනකං අපේ ගෙදර තිබුන ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්. ඒ බෙහෙත් බැදල තමයි වෙලන්නෙ. පුදුම කහටක් ඒ බෙහෙත්වල තියෙන්නෙ.බෙහෙත් නොබැන්දත් ශ්‍රාවය වෙනව තමා ඒත් ටිකයි.

      තෙලිජ්ජ තම්යි ශ්‍රාවය වෙන්නෙ.පැහිල රාවෙන්න මංඩි දානව.ඒ කියන්නෙ රා මංඩි. ඒ ව තමා ඕය ක්ෂුද්‍ර ජීවීන් කියන්නෙ.

      Delete
    6. හ්ම්ම්... කතන්දරේ ඇත්ත... ඔය බෙහෙත් වල මොකක් හරි හොඳ රසායනින ද්‍රව්‍යයක් ඇති.. උත්තේජකයක් වගේ... ඒක කෘත්‍රීමව හදා ගන්න පුලුවන් නම් ගොඩ..

      Delete
    7. //ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්.// "කැලණිය" කියන ගස් වර්ගයක දණ්ඩ ගන්නවා නේද බං. ඒක එනසල් ගහ වගේ එකක්.

      http://saragelokaya.blogspot.com/2012/10/blog-post_23.html ඔන්න

      ඔන්න තව විස්තරයක් හොයා ගත්තා

      Delete
  4. මල්ලි රා බිව්වද? හික්ස්.. මෙන්න මේක බලන්නකො.

    http://nadiniabenayaka.blogspot.ae/2013/03/2.html

    ReplyDelete
    Replies
    1. හපෝයි නෑ... මම අමද්‍යපයි නේ.... ස්තූතියි මේ පැත්තෙත් ආවාට.. සාස්තර කියන වැඩෙත් නරකම නෑ.. බලං ඉඳලා වගේ කියලා නොවැ.. එල එල.. බොහෝම ස්තූතියි....!!

      Delete
  5. නොදන්නම විස්තරයක් ...ගොඩක් වැදගත් ඈ ..:P

    ReplyDelete
    Replies
    1. එල එල... තැන්කූ වේවා....

      Delete
  6. එක පාරක් සරා අයියගෙ පෝස්ටුවකත් මේ වගේම කිතුල් පැණි හා රා ගැන විස්තරයක් කියෙව්වා. ස්තුතියි චින්තක

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.... දේශීය අපේ දේ අගය කොරන්න එපැයි නේ....

      Delete
  7. අඩේ රත්නපුරේ 206124 ක් තිබිල 3614 යි නෙ මදින්නෙ. ඉතුරු ටිකටත් වැඩේ දුන්නනං මේ පැත්ත රා වලිං ස්වයං පෝෂිත කරන්න තිබ්බ.

    බලාගෙන ගහේ ඉඳල රා බොන්නෙ. බඩු වැඩි උනොත් එමෙහ බස්සන්න තව එහෙකුට ගහට නගින්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව... අපරාදේ ගස් ටික... අපේ පැත්තෙත් ගස් ගොඩාක් නිකං නිකරුනේ අතෑරලා දාලා තියෙනවා.. මං බැලුවේ කිහිප දෙනෙක් එකතු කර ගෙන පොඩි ස්වයං රැකියාවක් කරන්ට.... :පී

      Delete
  8. විද්‍යාත්මකව මේ කරුණු පැහැදිලි කරපු එක ගොඩක් හොඳයි. කිතුල් පැණි එක්ක පාන් කන්න මං ආසයි. ඒ උනත් දැන් හොඳ කිතුල් පැණි හොයාගන්න අමාරුයි..මේ කියල තියෙන විදිහට හදාගත්තොත් මිසක් ;)

    ReplyDelete
    Replies
    1. ඇයි කිතුල් පැණිත් එක්ක පොල්.. මරු.. පුලුවන් නම් හදලා බලන්ට..

      Delete
  9. //ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..//

    ඒ ටික විතරක් කලාම මලෙන් තෙලිදිය වෑහෙනව කියලා ෂුවර්ද..? :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට... ඔය ටික විතරක් කලාමත් තෙලිදිය එනවා.. ඒත් වැඩිය නෑ.. බෙහෙත් දාන්ටත් ඕන.. ඒ ටික ලියන්ට මට මග හැරිලා.. ඒකට වැඩි විස්තරයක් උඩ කොමෙන්ටු වල චන්දන අයියයි, වී පොකුරේ වීයායි ලියලා තියෙනවා.. ඒක නිසා මම ඒ ටික අප්ඩේට් කරන්න ගියේ නෑ.. බොහෝම සතූතිය් ඔබට, අඩුපාඩුවක් පෙන්නලා දුන්නාට..

      Delete
  10. කාලයකින් වෙනස් ලිපියක්.ඊටත් වඩා වැදගත් වන්නේ නොදන්න යමක් විමය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති වෙන්ට ඕන මේ පැත්තේ ආවාට.... කොමෙන්ටුවටත් තැන්කූ...!

      Delete
  11. මට නම් ඕන කරන්නේ මල්ලී ඊයේ ෆේස්බුක් එකේදි කිව්වා වගේ කාලෙකින් පිරිසිදු කිතුල් පැනි ටිකක්, කිතුල් හකුරු කෑල්ලක් ලැබිච්ච නැති නිසා ඔයා ගත්තු කෙනාටම කියලා ඒ ටිකක් හොයා ගන්න විතරයි.

    ඔයා පැනි ගේන්න ගිය ගමන් ඔක්කෝම විස්තර ටික හොයාගෙන ඇවිත් වගේ. :D

    ReplyDelete
    Replies
    1. ඕං ඊයක් එව්වා අයියේ...

      Delete
  12. අදයි වගේ ආවේ... ස්තුතියි ලින්කටුවට.. කිතුල් ගැන රහක් නැති වෙලා තියෙන කාලයක් මේ.. බලපත්‍ර අහෝසි කරලත් ඒ කර්මාන්තය වලපල්ලට යන එක වලක්වන්න බැරි වෙලා තියෙනවා.. කිතුල් ආශ්‍රිත කර්මාන්ත ගැන අවශ්‍ය දැනුම බෙදා හැරීම හා ස්ථාන යොදා ගැනීම ගැන රජය මීට වඩා සැලකිල්ලක් දක්වන්න ඕන... හැබැයි දැනට ඉන්න සීමිත පිරිසට තියෙන කරදර අඩුපාඩු ගැන වත් හොයා බලනවන් තමා හොද. මේක හොද කතාවක් රා කට්ට අපි හදාගමු...

    ReplyDelete
    Replies
    1. අද නේන්නං ආවේ.. ඔන්න තැන්කූ කිව්වලු,,

      ඒකනේ දැං පොලෝසියෙං දැක්කම මුට්ටි විසික් කරලා දුවන්න වෙන්නේ නෑනේ... හරිම නිදහසේ තමංගේ වැඩේ කර ගන්ට තියෙන්නේ.. ඒත් ලොකු ප්‍රගතියක් වෙලා නෑ වගේ.. ඕං මම දවසක් පත්තරේ දැක්කා කාන්තාවෝත් ගස් වල නැගලා හරි හරියට පිරිමි වගේම කිතුලේ මදිනවාය කියලා...

      Delete
  13. ඔය මල් කැපීල්ල ගැන දැක්කම මට තෙලිජ්ජ බොන්න ගිහින් මැරුම් නොකා බේරුණ සිද්දියක් මතක් උනා. වෙලාවක ලියන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.... ලියමු ලියමු...

      Delete
    2. වෙන වත්තක මලක් තැලුවද මන්ද මේකා

      Delete
  14. ඒක නෙමේ ඔයා මොකටද මේ කිතුල් පැණි ගැන මෙච්චර හොයන්නෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔන්න මේ පැත්තෙත් ආවාට...

      දේශීය දේවල් අගය කරන්න එපැයි... ඒකයි මෙච්චර මෙව්වා ගැන උනන්දු...

      Delete
  15. ඒ බඳින බෙහෙත ලේසියෙන් කෙනෙකුට කියන්නෑ ..අපේ මාම කෙනෙක් තාමත් හිනිදුම කන්දෙ කිතුල් කපනව..ආයිත් ගියාම කෝම හරි දැනගන්න ඕන.

    අපේ අම්මලට ඉස්සර පණුබෙහෙත් වෙනුවට සීය දීල තියෙන්නෙ කිතුල් රා පොල් කට්ටක් මාසයකට සැරයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිල්ලා ගියාට...

      "පණු බේත් වෙනු‌වට රා" මාරයිනේ.... එහෙනම් මාත් බොනවා... ඇත්තටම ඕක ඇත්ත කතාවක්නේ?????

      Delete
  16. අප්පා කටට කෙලත් උනනවා මේක කියෙව්වම.
    වටිනා කියන වෙනස් මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. කටට කෙල උනන් නැතුව තියේයෑ..... :ඩී
      කවුරු කවරුත් එකතු වෙලා මේ රට රා වලිං ස්වයංපෝෂිත කළොත් තමා හොඳ...

      Delete
    2. සෙල්ලංද කොල්ලෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම.
      දැන් ඉතින් ගන්න අපේ දේ සහ බොන්න අපේ දේ :ඩී

      Delete
  17. Replies
    1. හා හා රස හඳුනන්නෙක් වගේ... එල එල

      Delete
  18. අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අතෑරියේ ඈ... අපි අපේ පුලුවං උපරිමයෙන් රා මදින්ට ඕන.. දේශීය අපේ දේ නොවැ... :ඩී

      Delete
  19. අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;)

    ReplyDelete
  20. බොලා හොයාගන්න ඒවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... අපේ දේ අගය කරන්න ඕන... d-)

      Delete
  21. තෙලිජ්ජ නම් මම ඉස්සර බීලා තියෙනවා වෙන්නප්පුවේ ලොකු නැන්දලා ඉන්නා කාලෙ හා යටියන්තොට ගිය වෙලාවක. පැණි සාදා ගන්නා හැටිත් දැක තියෙනවා. වටිනා තොරතුරු රැසට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිත් ගියාට.. තෙලිජ්ජ ටිකක් රා ටිකක් බිව්වැයි කියල එහෙම ශරීරයට කිසිම හානියක් වෙන්නෙ නැහැ නොවැ.. ඕං එහෙම කිව්වැයි කියල මම එහෙම බොනව කියල හිතන්න එපා.. මම අමද්‍යපයි.... :-h

      Delete
  22. චින්තක කිතුල් මල් කැපීම සහ රා ගැන විස්තර කිව්වෙ අත්දැකීමෙන්ද අහල දැන ගැනීමෙන්ද

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ඒ ගැන විස්තර අහල දැන ගෙන තමා... මල් කපනවා බලාගෙන ඉඳලනම් තියෙනවා.. විද්‍යාත්මක කරුණු ඩිංග නම් මම දන්න දේ ටිකක් අතින් දාලා...

      බොහෝම ස්තූතියි හැලපයියේ මේ පැත්තෙත් ආවාට... :)

      Delete
  23. මේ පැත්තෙ ආවෙ අදමද කොහේද! මාතලන් පාර කිව්වෙ.
    පිලිවෙලට ලියල තියනව. අඩුටික මම කියන්න. ;-)
    කිතුල් මල පදම් කරන ක්‍රමයක් තියනව. කිතුල් මල් නැට්ට නියපොත්තෙන් කඩන්න පුළුවන් වයසෙදි වැඩේ පටන් ගන්නෙ. ඔයා කිව්ව විදියට මල බැඳල නැට්ට ලඟ සිදුරක් හාරන්න ඕන. ඊ‍ට පස්සෙ ඒකට දාන බෙහෙත හදාගන්න ඕන. ඒක නං මතක නෑ. කොහොම උනත් වැඩේ ටිකක් අමාරුයි කියල කියන්නම ඕන. දැන් තියනව විදාතා මධ්‍යස්ථානවල රසායනික දියරයක්. ඒක දැම්ම නං වැඩේ ලේසියි.

    සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් තියනව. කිතුල් ගහට සමාන්තරව කියපු දිග කනු තුනකින් කිතුල් ගහ බඳින්න ඕන. මේක කරන්නෙ හුලඟට ලහ පැද්දීම වලක්වන්න. මොකද හුලඟක් අල්ලල ගහ හෙල්ලුනොත් වාහින එක නවතිනව. අපේ තාත්තට ඔය වැඩේ උනා.ඒක මූලික පියවර. ඒ වගේම මේ බැඳපු බැමි දිගේ ගහට නඟින්නත් ලේසියි.

    පැනි වලට ගන්නකොට මුට්ටියෙ හුනු ගානව වගේම හකුරු හදනව නං මුට්ටියට දාන්න පොතු ජාති තියනව. අපේ පැත්තෙ නං කෝන් පොතු. නැත්තං පැනි උණුකරද්දි පිච්චිලා කරවෙනව මිසක් ඝන බවට පත්වෙලා හකුරු හැදෙන්නෙ නෑ.

    සීතල කඳුකර පලාත් වල වෑස්සෙන ප්‍රමාණය වැඩියි. අපේ පැතිවල අඩුයි.

    සාමාන්‍යයෙන් පොල් ගහෙන් ගන්න තෙලිජ්ජ හෙවත් මී රා වල ඝනත්වය වැඩියි. කිතුල් වල අඩුයි. කිතුල් මී රා බෝතල් 6ක් 7ක් ඕන පැණි බෝතලයක් හදන්න. පොල් නං බෝතල 4-5ක් ඇති.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වැඩි යමක් එකතු කළාට.. මමනම් ඔය වැඩේ ගැන මහා ලොකුවට දැනගෙන හිටියේ නෑ.. ඔය අහුල ගත්තු තොරතුරු ටිකක් තමා එකතු කරලා දැම්මේ... කොහොම හරි ඉතිං ඔය ගැනත් හොඳට දන්න කියන උදවිය මේ බ්ලොග් ලෝකෙ ඉන්න එකත් කොච්චර දෙයක්ද... :)

      Delete
  24. කොමන්ටුවක් දිගේ අදමයි ආවෙ..
    කලින් පෝස්ටුවයි මේකයි දෙකම කියෙව්වා..හකුරු,පැණි කෑවට අදනෙ හදන හැටි දැනගත්තෙ බලං යද්දී ඒකත් ලේසිම නෑ නේ..වැඩේ තියෙන්නෙ දැන් කාලෙ හොද හකුරු කෑල්ලක් පැණි බෝතලයක් හොයාගන්න නේ අමාරු..(රා ගැන නම් දන්නෙ නැතෝ පිරිමි උදවියනම් පැනි මුට්ටියට වැටිච්ච ඇඹලයා වගේලු රා මුට්ටියක් දැක්කම නේ..)

    ReplyDelete
    Replies
    1. :D සාදරයෙන් පිලිගන්නවා ඔන්න.... රා නම් ඉස්තරම්!!!

      Delete
  25. මේ කෙමිකල් භාෂාව නම් මට ටිකක් අමාරුයි වගේ.... මොක වුණත් කමක් නෑ මෙව්වා ටිකක් හොයා ගන්න ඕනා...:D

    ReplyDelete
    Replies
    1. හුඟ කාලෙකින් නොවැ... ඔනෑනම් දෙන්ට පුලුවනි.. මේඩ් ඉන් ශ්‍රී ලංකා... ගන්න අපේ දේ.. d-)

      Delete