බලනු මැන අහස් කුස
සිසාරා නෙත් යොමා
විඳිනු මැන එහි සුවය
අනන්තය දෙස බලා
ලැබේ නම් පොඩි ඉඩක්
විඳින්නට ඒ සුවය
නැතිය තව විඳින්නට
මහඟු සුවයක් වෙනත්...
විඩා පත් ඔබ සිතට
අමා පැන් පොදක් වනු ඇත එයම
දහසකුත් එකක්
තුරු ලිය ගොමු දෙස
බලා සිටිය හැක සිත තුටින
එය අපේ සම්පත නොවේද
ගන්න එක් සුසුමක්
නැවුම් වා ගැබ සමග පෙම් බැඳ
ජීවයේ ශක්තිය එය නොවේද
නැවුම් වා ගැබ සමග පෙම් බැඳ
ජීවයේ ශක්තිය එය නොවේද
එහෙත්
කිව මැනව
කෙලෙස වේවිද
කෙලෙස වේවිද
හෙට දිනය!
ගහකොළ නැත්නම් අපිත් නෑ. ඒත් ගහකොළ පරිසරය රැක ගන්න ඕන කියන අදහස තියන මිනිස්සු අඩුයි මල්ලි.
ReplyDeleteඒක ඇත්ත.. කාට කාටත් තමන්ගේ මඩිය තර කරගන්න තියෙනවනම් එච්චරයි... එතනින් එහා දෙයක් ගැන කල්පනා කරන්නේ නැ..
Deleteහෙට දිනය අවිනිශ්චිතයි......
ReplyDeleteඒ අවිනිශ්චිත බව ඇතිවෙන්න හේතුව මොකද්ද කියාලා හිතුවද...
Deleteමේ විදියට දිගටම ගියොත්නං හෙට දිනයක් ඉතුරුවෙයිද කියන්න බෑ.
ReplyDeleteහ්ම්ම්ම්.... ඒකත් ඇත්ත.... පරිසරය විනාශ වෙන හෑටි දෑක්කම හෙට දිනයක් ඉතුරු වෙයිද කියලත් හිතෙනවා...
Deleteහෙට දිනය ගැන නිෂ්චිතවම කියන්න වෙන්නේ අපේ මිසිනිස්සුන්ට වටිනාකමක් දැනුනෝත් විතරයි..
ReplyDeleteඒක ඉතින් කවදා කොයි වෙලේ වේවිද.... මුලු පරිසරයම විනාශ වෙච්චි දවසට හිතේවි.. ඒත් එතකොට..........
Deleteහෙට දවස
ReplyDeleteකෙසේ වෙතත්
උදාවෙන
තප්පරය පවා
ගත වෙන්නේ
අවිනිශ්චිතව
වුන කොට
බලාපොරොත්තු
තබමුද කෙසේ
හෙට දිනක්
උදෙසා නැගෙන
හිරු ගැන
Deleteසාගරයක කදුඵ ගෙන
රන් පැහැති නුවන් ගැබ
ඉකිගසා හැඬු හැටි
අනේ නුඔ දන්නවනම්
ගංදෑල කෙකටියා
තුරු දුකින් කියූ ගී
ජීවිතේ අයදිමින් හැඬු
අරවින්ද කුසුම්
අනේ නුඹ දුටුවානම්
දයාබර හිරු සබද
සමුගෙන යාද නුඹ
රැ දොලොස් පැයටවත්..........
මීට අවුරුදු ගානකට කලින් තිබුන සුන්දර වටපිටාව අද අපිට අහිමි වෙලා...තව ටිකක් කල් යනකොට දැන් තියෙන ගස් වැලුත් නැතිවෙලා බලන බලන පැත්තෙ බිල්ඩින් විතරක්ම තියෙයි.
ReplyDeleteවිඩාබර හිතකට අස්වැසිල්ලක් ගේන්නෙ ගහ කොළ වලින් පිරුණු සොඳුරු වටපිටාවක් මිසක් අහස උසට තියෙන ගොඩනගිලි නෙවෙයි කියල මිනිස්සුන්ට කවදා තේරුම් ගන්න පුලුවන් වෙයිද මන්දා...
//තව ටිකක් කල් යනකොට දැන් තියෙන ගස් වැලුත් නැතිවෙලා බලන බලන පැත්තෙ බිල්ඩින් විතරක්ම තියෙයි.//
Deleteඅන්න එදාට මිනිසාට තේරෙයි පරිසරයේ වටිනාකම...
ඇත්තෙන්ම අපිට ඉස්සර උරුම වෙලා තිබුන සුන්දර පරිසරයට ආදරයක් නොකිරීම මතම අද අපට ඉතිරි වෙලා තියෙන්නෙ මොනවාද....
ReplyDeleteගහකොළට ආදරය නොකරන මිනිස්සු විනාසය තමන් ලඟටම අර ගන්නවා..
ඒක ඈත්ත.. ගහකොලට ආදරය නොකරන මිනිසුන් නිසා මුලු ලෝකයම විනාශ මුඛයට යනවා...
Deleteමේ ගැන නම් මට කියන්න දෙයක් නෑ... එකපාර මතක් වුණේ "ගිරවාට හෙටක් ඇත,අපට හෙටක් නැත" කියන එක තමයි...
ReplyDelete:ඩී
Deleteපුන්චි ලමයෙක් ලියල තිබුන රචනාවක් නේද..
මටනම් කියන්න තියෙන්නේ ඉතින් " අනේ ගිරවෝ... උඹටත් හෙටක් නැත.. අපිටත් හෙටක් නැත" කියල තමයි..
එල එල... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ වේවා ! සුභ වේවා !
Deleteකාට කාටත් එගොල්ලන්ගෙ මඩිය තර කරගන්න තියෙනවනම් එච්චරයි... එතනින් එහා දෙයක් ගැගේඑ ගොල්ලෝ කල්පනා කරන්නේ නැ.. :\
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්.. ඒකට වන්දි ගෙවන්නේ මුලු මහත් ලෝකයාම.....!!
Deleteසොබා දහම ජීවිතේ විඩා නිවන කදිම මඟක් කියල දැනෙන්නේ සංවේදී හදවත් ඇති පරිසර හිතකාමීන්ට විතරයි මලේ.
ReplyDeleteහෙට දවස වෙනුවෙන් අද දවසේ සොබා දහම රැක ගමු අපි . .
ස්තූතියි අයියේ මේ පැත්තෙත් ආවාට... ඔයා කියන දේ හරි.. මේ දේ හැම කෙනාටම හිතෙනවනම් ලෝකය කොතරම් සුන්දර වේවිද...
Deleteකුරිරු නව ලෝකයේ
ReplyDeleteවන මලට පෙම් බඳින
කෙනෙකු විය ඔබත්
මා වැනිම ලෙන්ගතු..
තුරු ලියෙහි සෙවණ යට
පහස ලැබ ඉපිද අප
තුරු ලියට පෙම් බදී එහිම කොටසක් ලෙසින්...
අද මෙන්ම හෙටටද
ණය වේවි අපි සැවොම
මේ වන සතුන් හට
නොහැකි උවහොත් රකින්නට
අපේ වන මවු තුමිය
නොදනී එහි අරුත
පහස නොවිදි නිකමුන්
පන මෙන් රකිමු අපි
තුරි ලිය වන මල් ....
g-) g-) g-) g-) d-)
Delete