Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Thursday, July 30, 2015

෴පෞද්ගලීකරණය සහ නිදහස් අධ්‍යාපනය෴

සමාවෙන්න ඕනේ. දැනට මාස පහකට විතර කලින් ඇවිල්ල මෙතන නිකං කෑ ගහල ගියාට.. ආයෙත් ලියනවා කිව්වට මෙලෝ මගුලක් ලිව්වේ නැහැනෙ. 

හ්ම්ම්.... 

මොකද්ද ඉතිං ලියන්නෙ..

වර්තමානයේ ඇතැම් අය හරිහැටි නොදන්න දෙයක්. මේක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයි, වසර ගණනක ඉඳන් උඩු දුවන ප්‍රශ්නයක්. දැන් ටිකක් වැඩිපුර කතාවෙන ප්‍රශ්නයක්.

1946 දි කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන්නු නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ඉගෙන ගෙන දැන් සමාජයේ ඉහළ තැන් වල ඉන්න අය කොච්චර නම් අපෙ රටේ ඉන්නවද. ඒත් දැන් එන්න එන්න මේ නිදහස් අධ්‍යාපනයටත් කණ කොකා හඬලලා. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙච්චි සමාජයේ අධ්‍යාපනයටත් ඒ සෙතේ ම අයිති වෙන එක අහන්නත් දෙයක්ද.

විශ්ව විද්‍යාල උපාධි වලින් අපේ රටේ මෙතෙක් කාලයක් මුදලට විකිනෙන්නේ නැතුව තිබුනේ වෛද්‍ය උපාධිය විතරයි. ඒත් දැන් ඒකත් හරි අපූරුවට විකිනෙනවා. මීට පෙර රටේ තිබුනේ උසස් පෙළ විභාගයෙන් වැඩිම දක්ෂතා පෙන්වන සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙන ක්‍රමයක්. පළමු වර ඇතුලත් වීමට නොහැකි වූ සිසුන්ට නැවත උත්සාහ කර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තියෙනවා. නමුත් වර්තමානයේ මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මුදල් හදල් හොඳ හැටි තියෙන දෙමාපියන්ගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන්ට යන්න දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඒත් එදා වේල හරිහැටි හොයා ගන්න බැරි දුප්පත් දෙමාපියන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරුව බොහොම දුක් මහන්සියෙන් පාඩම් කරලා ආයෙමත් උසස් පෙළ කරනවා. සංවර්ධනය කියන්නේ මොකද්ද කියල තාම හරියට දැකලවත් නැති අපේ වගේ රටකට මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ගැලපෙනවද? ඉතිං, කරන්න
ඕන මුලින්ම රටේ දුප්පත් කම නැති කරන එකද නැත්නං නිදහස් අධ්‍යාපනයත් මුදලට විකුණන එකද????





ඉතිං වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ..  බ්ලොගේ නිකං පාලුවට යන නිසා තමයි මේකත් ලිව්වේ..

ඒ වගේම මං කැමතියි මේ ගැන ඔබේ අදහසත් කියලම යනවනම් පහල කොමෙන්ටුවකින්...

ආයෙත් දවසක හමු වෙමු..

Friday, April 5, 2013

සිංහලයා පැවත එන්නේ කුමන පරපුරකින්ද.......

  සිංහලයා පැවත එන්නේ ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය ඇතුලු පිරිසගෙන් ද? නැතිනම් ඊටත් පෙර සිට මෙරට ජීවත් වූ මානව පරපුරකින් ද? එසේත් නැතිනම් සිංහලයා යනු මෙලොවට ඉබේ පහළ වූවෙක්ද?? මෙයට නිසියාකාර පිළිතුරක් අප කවුරුත් දැන සිටිය යුත්තකි..

  පිළිතුරක් සෙවීමටනම් අතීතයට ගමන් කළ යුත්තේම ය. මේ ගැන විවිද මත දක්වන පුද්ගලයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එක් කොටසකගේ මතය වන්නේ සිංහල පරපුරේ ආරම්භකයා විජය රජු බවයි. අනෙක් පිරිස එයට තදින්ම විරුද්ධ වන අතර ඔවුන් පවසන්නේ සිංහලයාට ඊට වඩා විශාල අතීතයක් පවතින බවයි. එය ලක් දිව රජ කළේයැයි සැලකෙන රාවනා නම් අධිරාජයේකුගේ කාලයටත් වඩා එහාට දිවයන බව ඔවුන්ගේ මතයයි.

  විජය යනු බුදු රජාණන් වහන්සේට සමකාලීනව ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු එකල ඉන්දියාවේ වංග නම් දේශයේ රජ කළ සිංහබාහු රජුගේ සහ සිංහ සීවලී බිසවගේ පුතණුවන්ය. මොහු රජ කුමාරයෙක් වුවද අපරාධකරුවෙකි. මොහු විසින් සිදුකල විවිධ අපරාද නිසා පිය රජු මොහු ඇතුලු හත්සියයක් පමණ පිරිස හිසෙන් අර්ධයක් බූ ගා නැවක නංවා රටින් පිටුවහල් කළ බව වංශ කතා වල දැක්වේ. මේ පිරිස දැන හෝ නොදැන සිරිලකට ( තම්බපන්ණියට ) ගොඩබසින්නේ මේ සිදුවීමෙන් අනතුරුය. විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩබැසි දින බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව මූලාශ්‍ර වල දැක්වේ...


www.divaina.com


 විජය දුටු ලංකාව අද මෙන් නොවීය. එකල ලංකාවේ ගෝත්‍රික ජන කොටස් හතරක් විය. යක්ෂ, නාග, දේව හා රාක්ෂ යනු මේ ජන කොටස් හතරයි. මෙසේ පැමිණි විජය කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ උදව්වෙන් අනෙකුත් යක්ෂ ගෝත්‍රිකයන් සමග සටන් කර දිනා මෙරට රජකම ලබා ගනී. එහෙත් පසුව කුවේණිය ද හැර දමා වෙනත් ඉන්දියානු බිසවක් සරණ පාවා ගන්නේ කන්න දුන්නු අත හපා කෑවා වාගේ යන පිරුළද පසක් කරමින් යැයි මට හැඟේ.. ශ්‍රී ලාංකීය ප්‍රෞඪ ඉතිහාසය ලියැවෙන්නේද එතැන් සිටය. එහෙත් ඊට පෙර තිබූ ඉතිහාසය මැකී ගොස් ඇත්තේ කෙසේදැයි යන පැණය නිතැතින්ම සිතට නැගෙන්නේ මෙවිටය.

  ඉතිහාසය නම් විෂයකි. එය පිළිබඳ මූලාශ්‍රගත සාක්ෂි නොමැතිව කතිකා කළ නොහැක. ශ්‍රී ලංකාවේ විජය රජුගෙන් ඇරඹී තවමත් ලියැවෙන ලිඛිත ඉතිහාසයක් ඇත. ඒත් ඊට පෙර! ලක්දිව තම ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන රජ කළ රාවනා නම් අධිරාජයෙකු ගැන බොහෝ දෙනා පවසති. එහෙත් එයද පුරාවෘතයක්ම පමණක් වී ඇත්තේ ඒ ගැන මූලාශ්‍ර හිඟ බැවිනි. විජය රජු තම්බපන්ණියට ගොඩ බසින විට මෙරට ප්‍රධාන ගෝත්‍රික ජන කොටස් කිහිපයක්ම වාසය කළ බව කලින් පැවසූයෙමි. දැන් අපිට ඇති සැකය නම් නූතන සිංහලයා බවට පරිනාමය වූයේ කුමන ජන කොට්ඨාසයද යන්නයි..

  "සිංහලය" යන වදන සෑදුනු ආකාරය මුලින්ම සොයා බලමු. මේ ගැන කියැවෙන කතාන්දර අතරින් එකක් දෙකක් කීමට කැමැත්තෙමි. සිංහලයාගේ උපත ගැන මත දක්වන පුද්ගලයන් කොටස් දෙකක් බව කලියෙන්ම පැවසූයෙමි. ඉන් පළමු කොටස එනම් සිංහල ජන කොට්ඨාසය විජය රජුගෙන් පැවත එන්නක් බව පිලිගන්නා අයගේ මතයනම් සිංහල යනු "සිංහ ලේ" යන වදනින් සෑදුනු වචනයක් යන්නයි. එහි යම් සත්‍යතාවක් දකිමි. විජය කුමරුගේ පිය රජු වන සිංහබාහු රජුගේ පියා සිංහයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. සිංහබාහු විවාහ වී ඇති සිංහ සීවලී බිසව තමාගේම නැගණියයි. එනම් මේ දෙදෙනාගේම පියා සිංහයෙකි. මව සුප්පා දේවිය. ඇය මනුෂ්‍ය දුවක්. අපි දන්නා විද්‍යාවට අනූවනම් කිසිම දිනෙක සිංහයෙකුට හා ගැහැණියකට දාව දරුවන් දෙදෙනෙකු තබා එක දරුවෙකුවත් ඉපදීමට හැකියාවක් නැත. ඒ අනූව මේ කියන තැනැත්තා එනම් සිංහබාහු රජුගේ පියා සැබවවින්ම සිංහයෙකු නොව, සිංහයෙකු වැනි දරුණු, හැඩි දැඩි, ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. එනම් සිංහ යන නම සහිත ගෝත්‍රයක අයෙකු විය හැක. උදහරණයක් ලෙස අප රටේ නාග ගෝත්‍රිකයන් ලෙස ජන කොටසක් සිටියද ඔවුන් සැබවින්ම නාගයන් නොවීය. අප මෙන් සාමාන්‍ය මිනිසුන්ය. ඉතින් මේ සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් තම සිරුර තුලද සිංහ ලේ පවතින බැව් විශ්වාස කළහ. සිංහල යන වචනය ඉන් බිඳී ආවක් විය හැක.


  අනෙක් මතය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එම මතය රැගෙන එන්නේ මා කලින් කියූ දෙවන කණ්ඩායමයි. මෙහිදී 'සිවු හෙළය' නම් වූ සංකල්පයක් ගැන කතා කළ යුතුය. මේ සිවු හෙළය යනු මා ඉහතින් දැක්වූ ලංකාවේ එකල සිටි ගෝත්‍රික ජන කොටස් හතරයි. ඔවුන්ගේ මතය අනූව සිංහලයාගේ උපත සිදුවී ඇත්තේ මෙම ප්‍රධාන පෙළපත් හතර මුල්කර ගෙනය. ඒවා නම් යක්ෂ, නාග, දේව හා රාක්ෂ යන පෙළපත්ය. මේ අනූව යක්ෂ ගෝත්‍රිකයින් යකඩ කර්මාන්තයේ යෙදුන බවත්, නාග ගෝත්‍රිකයන් නාවික කටයුතු සිදුකළ බවත්, දේව ගෝත්‍රිකයන් පාලන තන්ත්‍රයේ අනුශාසකවරු ලෙස කටයුතු කළ බවත්, රාක්ෂයින් ගොවිතැනෙහි යෙදුණු බවත් දැක්වේ. සිංහල යන වචනය මේ සිවු හෙළය යන වදනින් සෑදුනු බවද විශ්වාස කිරීමට අපහසු නැත.



  විජය රජුට ලක්දිව සිටි සියලු ගෝත්‍රික ජනතාව විනාශ කර දැමීමට හැකියාව නොලැබුණි. ලක් රජය ගෙන යාමට ඔහුට මෙන්ම ඔහුගෙන් පසුව රජ වුණු අනෙක් රජවරුන්ටද මේ ගෝත්‍රිකයන්ගේ උදව් උපකාර නොමදව ලැබුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන්ම ඔහුගෙන් පසු කාලයකදී ලක්දිව රජ වුනු පණ්ඩූකාභය යනු විජය පරපුරේ චිත්‍රා කුමරියගේ හා යක්ෂ පරපුරේ දීඝ ගාමිණී කුමාරයාගේ පුතණුවන්ය. එනම් එතැන් පටන් සියලු රජවරු එක පරපුරකින් නොව මේ සියලු මානව පරම්පරා වලින් පැවත එන්නන් විය. ඉතින් සිංහලයාගේ ආරම්භය ද එසේ සිදුවූවා විය හැක. සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාය ඇරඹෙන්නේ එලෙසින් විය යුතුය. එනම් සිංහලයාගේ මූලාරම්භකයා ලෙස විජය රජු පමණක් පිදීම එතරම් උචිත නොවේ. ඔහුද එහි එක් පුරුකකි. නූතනයේ මෙසේ පරිණාමය වූ සිංහලයා නම් මානවයාගේ මූලාරම්භය එක පුරුකක් නොව පුරුක් කිහිපයකින් බැඳී ගිය ජාලයක් සේ පවතින්නකි. ඒ සියල්ල මනාව වටහා ගැනීම සිංහලයන් වන අපගේ යුතුකමකි.



Saturday, March 9, 2013

෴ හන්තානට පෙම් බැඳීම ෴

  කොම්පූටරේ ඇහැට දැක්ක දවසේ ඉඳලාම ඉතින් හැමදාම අහන්නෙයි දකින්නෙයි වින්ඩෝස් කියන එක නොවැ. නරකද ටිකක් වෙනසක් කලොත්... ඔන්න ඕක ඉතින් හුඟ කාලෙක ඉඳල මගේ හිතේ කැරකි කැරකි තිබිච්ච ආසාවක් තමයි.. ඒත් ඉතින් ටිකක් දෙගිඩියාවෙන් තමා හිටියේ..




    කාලයක් වින්ඩෝස් එක්ස් පී පාවිච්චි කොළේ.. ඊට පස්සේ නොවැ 7 ආවේ.. ඒකත් දා ගත්ත.. ඔය අස්සේ ඉතින් ලිනක්ස් වල වැඩ කිඩ ටිකත් බලා ගන්ට උබුන්ටු ඩුවල් බූට් දාගෙන තමා හිටියේ..  ඒ අස්සෙ 8 ආවා... එක පාරටම වින්දෝරේ අමතක කොරන්නත් බැහැනේ.. බිල් මාමා මං ගැන මොනවා හිතයිද.. ඒත් ඉතිං අවුරුදු ගණන් එක තැන පල් වෙවී මේකක් බදාගෙන ඉන්ට පුලුවන්යෑ හැමදාම. ඔන්න ඔය අස්සේ තමා මේ මට හන්තාන ලිනක්ස් සෙට් උනේ.. නමින් එහෙම කිව්වට ඉතින් ෆෙඩොරාම තමා. ඒත් ඉතිං සිංහල නමක් හරි ගෑවිලා තියෙනවනේ. අරවායේ එහෙම නමක්වත් තියෙන එකක්යෑ... ඒත් ඉතින් හිතුවටත් වඩා මේක හොඳා... හී හී..
 
  මම කලින් හිතාන උන්නේ ඩුවල් බූට් දාගන්න.. ඒත් එතකොට අන්තිමේදී දෙකෙන් එකක් එක්කවත් හරියට වැඩක් වෙන්නේ නෑ.. ඒක හින්ද ඔන්න දෙයියනේ කියල සියලු දෙවියන්ට නමස්කාර එහෙම කොරල... හොඳ වෙලාවක්  බලල හාර්ඩ් ඩිස්ක් එක ෆොර්මැට් කොරාලා... දැම්ම නේ හන්තාන.. වැඩේ කොහොම හරි නැගලම ගියා.. දැන් වින්ඩෝස් දිහා ඇහැක් ඇරලවත් බලන්ට හිතෙන්නේ නැහැ නොවැ..  දුකයි..

   ඇත්තටම වින්ඩෝස් වලට වඩා ලිනක්ස් කර්නල් එක කොච්චර බල සම්පන්නද කියල තේරෙන්නේ ඒකත් එක්ක වැඩ කරනකොට තමා... වින්ඩෝස් වල කරන්න බැරි ගොඩක් වැඩ ලිනක්ස් වල කොරන්න පුළුවන්... ඇත්තටම ඇඟට දැනෙන්නේ වින්ඩෝස් එක්ක වැඩ කරන කොට නෙවෙයි... ලිනක්ස් එක්ක වැඩ කරන කොට..

   මමත් ඉතින් තියෙන ඇඟේ අමාරුවට හන්තාන දා ගත්තට මොකද නරකක් උනේ නෑ.. දාගත්ත ගමන්නම් පොඩි කරදර ටිකක් ආවා.. ලිනක්ස් වලට මෙච්චර කැමති වෙන්නත් හේතුවක් උනේ ඔය ජර මර ටික තමා ඕං.. :ඩී  යකෝ දාගත්තට මොකද මම ඉන්ටෙර්නෙට් යනකොට ඩොන්ගල් එකේ සිම් එකේ සල්ලි ඉවර වෙද්දී අලුතෙන් පැකේජ් එකක් වත් ඇක්ටිව් කර ගන්ටේ කොහොමෙයි මොබයිල් පාර්ට්නොර් එක වැඩ කරන්නේ නැහැනේ.. දෙයියෝ සාක්කි.. ඉන්ටර්නෙට් එක හැම තැනම පුරා දින දෙකක පමණ අඛණ්ඩ පීරිමකින් ඔන්න පුළුවන් උනා එල භාණ්ඩයක් හොයා ගන්ට.. මේකේ නම bam huawei mobile partner  ලිනක්ස් එක්ක වැඩ සුපිරියටම.. දැන් මොකටයි බය වෙන්නේ ඕං..  ආ ... අමතක උනා නෙව කියාන්ට... සිංග්ලිෂ් සිංග්ලිෂ්.... මම ඔය සිංහල ටයිපින් කොරන්න දන්න එකෙක්යෑ.. දන්නා සිංගිරීසියෙන් තමා ටයිප් කලේ.. ගූගලේ දෙයියන්ට පින් සිද්ද වෙන්ට.. ඇයී යකෝ මේකා  මෙච්චර දේවල් කරලා ලිනක්ස් වල වැඩ කොරන ime එකක් හදල නැති හැටි... කොච්චර සිංග්ලිෂ් සොට්වෙයාර් තිබුනත් ගූගලේ හදාපු එක තරම් මගේ හිතට ඇල්ලුවේ නෑ මොකවත්... ඔන්ලයින් ක්ලවුඩ් හරහා තමයි ඉතින් කොටා බාන්ට උනේ.. ඒත් ඉතින් ඕෆ්ලයින් උනාම බඩු... ඒකට තාම හොඳ විසඳුමක් නෑ හැබැයි ඕං... ෆයර් ෆොක්ස් වලටත් සිංහල ඇඩ් ඔන් එකක් දා ගත්ත.. ඒත් හිතට හරි මදි.. අන්තිමේ දුකෙන් හරි ගූගලේ හදාපු කොරෝම් බා ගත්තා.. ඒකට සිංහල එක්ස්ටෙන්ෂන් එක දාල තමා දැන් වැඩ...

   මලා... එතකොට ෆොටෝෂොප්!!!!!   ඒක නෑනේ මේකේ..මට අමතක උනානේ.. හැම වැඩකටම, හැම ජිල්මාර්ට් එකකටම ඕන වෙන සොට්වෙයර් කෑල්ල නොවැ.. ගිම්ප් කියන්නේ හොඳ ආදේශකයක් තමයි... ඒත් සමහර ජිල්මාර්ට් වැඩ කර ගන්ට බෑ...  ඒක නිසා වයින් වලට පින් සිද්ද වෙන්ට ඒකත් කොහොම හරි අස්සට දාගත්තා... දැන් ඉතින් මගේ ෆොටෝෂොප් ලිනක්ස් පවුලේ සාමාජිකයෙක් වගේ...

   ඔය ගේම් ගහන්ටනම් ඉතිං මයේ හිතේ එච්චර ආසාවක් නැහැ... ගේම් ගහන්ට ඉතිං සුපිරියි කියන්නේ ඉතින් වින්දොරේගේ බඩුනෙ... හ්ම් හ්ම්ම්... මේකෙත් ඉතින් වයින් වීදුරුවක් එහෙම පානය කොරල ඔය අඩව්වක් අල්ලන්ට බැරිමත් නෑ..

   කොහොමින් කොහොම හරි මගේ කොම්පූටරේ දැන් දුවන්නේ හන්තාන ලිනක්ස්.. හන්තාන ගගන රිලීස් එක.. ඒ කියන්නේ ටිකක් විතර පරණයි නෙහ්.. දැන් තියෙන්නේ සිතිජ නොවැ.. ඒත් ඉතිං ඒක බා ගන්ට මෙහෙට ස්පීඩ් ඉන්ටර්නෙට් නැහැනේ..
කොහොම හරි හන්තාන දා ගන්ටත් ලොකු හේතුවක් තිබුනා.. ඒ තමයි හන්තාන එක්ක බුරුතු පිටින් හම්බ වෙන සොට්වෙයාර් කන්දරාව.. ආයි පිටින් බා ගන්ට දෙයක් ඉතුරු කොරල නෑ මයේ හිතේ , ඔය බාම් හුවාවියත් ඕක අස්සටම රිංගුවානම්..!

මෙන්න මගේ හන්තාන.....















Tuesday, February 5, 2013

෴ අධ්‍යාපන අත්වැල ෴

      නිදහස් දිනයට පස්සේ දවසේ තමයි ලියන්න ලැබුනේ.. රටට ලැබුණු නිදහස හා සාමය සදාකල් රැකේවා කියල ඔන්න මම ප්‍රාර්ථනා කරනවා.. 

    මම මේ බ්ලොග් එක පටන් ගත්තේ අරමුණු කිහිපයක් හිතේ තියා ගෙන. එකක් තමයි ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පිං සිද්ද වෙන්න මගේ අදහසුත් සයිබර් අවකාශෙට ලියල දාන්න.. තවත් එකක් තමයි අධ්‍යාපනය පැත්තෙන් මම දන්නා දේවල් අනෙකුත් අයත් සමග බෙදා ගැනීම.. තොරතුරු තාක්ෂණය, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විෂයන් සම්භන්ධව උගත් දේ අනෙක් අයත් සමග බෙදා ගන්න.. ඒකට මීඩියාෆයර් ගිණුමකුත් හදාගත්තා... ඊට පස්සේ ගොඩක් අධ්‍යාපනික තොරතුරු ටිකක් ලබාදෙන්න පුළුවන් උනා.. අද මම දෙන්ට හදන්නේ මම හදාපු දෙයක් නෙවෙයි.. උසස්පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව සම්භන්ධව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද නව විෂය නිර්දේශයන්, ගුරු අත්පොත් හා ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තු. දැන් ඔබට මේවා වෙන වෙනම ලබාගැනීමට අවශ්‍ය නෑ. සියල්ල එකතුකළ සිප් ගොනුවක් ලෙස පහසුවෙන් භාගත කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහායින් දීල තියෙන ලින්ක් උඩ කොටන එක විතරයි.. ( කොටන්න කිව්වේ ක්ලික් කරන්න )





   රසායන විද්‍යාව 2011 නව නිර්දේශයේ ප්‍රශ්න පත්තරේට බහුවරණ විවරණයක් ලියා ගන්නත් පුළුවන් උනා. ඒකනම් දැන් දාල ගොඩක් දවස්. ඒක ගත්තේ නැති අය මෙතැනින් ගිහිං අරගන්න..

   තොරතුරු තාක්ෂණයට උනන්දුවක් දක්වන ඔබට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ද, ඒ ගැන යමක් කමක් දන්නා ඔබට තව දුරටත් ඒ ගැන හැදෑරීමටද වැදගත් වන දෙයක් තමයි සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු අත්පොත.. අන්තර්ජාලය සම්භන්ධව, පරිගණක හා එහි ඉතිහාසය සම්භන්ධව, පරිගණක පද්ධති සම්භන්ධව, පරිගණක ක්‍රමලේඛ භාෂා හා විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටිද මුල සිට සරලව තියෙනවා.. ඒක අරගත්තේ නැත්තං මෙතැනින් ගිහිං අරගන්න..



Wednesday, December 12, 2012

2011 උසස් පෙළ රසායන විද්‍යාව ( බහුවරණ විවරණය )

  ඔන්න ඉතින් හුඟ දවසක මහන්සියේ ප්‍රතිඵල අද ලැබුනා. කොහොමින් කොහොම හරි කිව්වා වගේම ඔන්න අලුත් දෙයක් අරගෙන ආවා. මෙන්න 2011 අ.පො.ස. (උ/පෙළ) රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ බහුවරණ විවරණය. කාගෙන්වත් කොපි කරලා කිසිම දෙයක් නෑ. 100% ක් ම සීඑස්කේ ලංකා අපේ වැඩ. 

එහෙනම් ඉතින් පහලින් දීල තියෙන ලින්ක් එක හරහා ගිහිං අපේ මීඩියා ෆයර් ගිණුමේ තියෙන සිප් ෆයිල් එක බා ගන්න. වැඩි කතා ඕන නැහැනේ. 

2011 උසස් පෙළ රසායන විද්‍යාව ( බහුවරණ විවරණය ) මෙතනින් ගන්න

අරගෙන කියවල ඉතින් නිකං ඉන්න එපා. ඔයාලගේ වටිනා අදහසක් පුංචි කොමෙන්ටුවකින් පල්ලෙහායින් දාල යන්නත් අමතක කරන්න එපා. ඒක අපිව තවත් දිරිමත් කරන්න පිටිවහලක් වේවි. ගුණ, අගුණ ඕනෑම දෙයක් ලියල යන්න අපෙන් ඔබට බාධාවක් නෑ. අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි. මේ වැඩේ තව තවත් සිසුන් අතරට රැගෙන යන්න ඔබත් අපට උපකාර කරන්න. මේ පොස්ටුව හැකි තරම් ෂෙයාර් කරන්න. 

ඉතින්, ළඟදීම උසස් පෙළ ජීවවිද්‍යාව, භෞතික විද්‍යාව,සංයුක්ත ගණිතය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනයත් අපගෙන් බලාපොරොත්තු වන්න...

බොහෝම ස්තූතියි෴

Monday, December 3, 2012

උසස් පෙළ අත්වැලක් ළඟදීම

    අ.පො.ස. (උ/පෙළ) රසායන විද්‍යාව 2011 වසරේ පැවති විභාගයේ නව විෂය නිර්දේශයේ බහුවරණ විවරණය ළඟදීම ඔබ හමුවට නිකුත් කිරීමට අපි සූදානමින් ඉන්නවා. මේ දිනවල එය කඩිනමින් සැකසෙමින් පවතිනවා. දිගටම අපිත් එක්ක රැදී සිටින්න.

     ඉගෙනුමට සිත ඇති දැනුම පිපාසිත සිසු පරපුර වෙනුවෙන් පිදෙන මේ මහඟු සත් කාර්යයට ඔබත් ඔබේ අදහස් එකතු කරන්න. ඔබේ අදහස් පොස්ටුවකින් දමා යාමට අමතක කරන්න එපා. එය අපිව තවත් දිරිමත් කිරීමට පිටිවහලක් වේවි. 

ඉතින් මීට පෙර පල වූ අධ්‍යාපනික විශේෂාංග ඔබ කියවූයේ නැත්නම් මෙතනින් කියවන්න. ඔබේ අදහස පල කරලා යන්න අමතක කරන්න එපා.

අ.පො.ස.(සා/පෙළ) ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ආදර්ශ ප්‍රශ්න පත්‍ර

තොරතුරු තාක්ෂණය සිංහලෙන්

ඒ වගේම ඔබෙන් තව පුංචි උදව්වක් අපි බලාපොරොත්තු වෙනවා. මෙය තව තවත් සිසුන් අතරට රැගෙන යාමට ඔබත් උපකාර කරන්න. මෙය හැකි තරම් ඔබේ ෆේස්බුක්, ට්විටර් මිතුරන් අතරේ Share කරන්න. එය ඔබ අපට කරන මහඟු උපකාරයක් වේවි. එමෙන්ම, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ඕනෑම විෂයකින් මෙසේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සැකසීමට හෝ විවරණ සැකසීමට ඔබටත් හැකිනම් ඔබේ එම නිර්මාණ අප වෙත එවන්න. එම නිර්මාණ ඔබේ නමින්ම පළ කිරීමට අපි සුදානම්.මෙන්න අපේ විද්‍යුත් ලිපිනය. 

csklanka1@gmail.com

ඔබත් මේ සත් කාර්යයට දායක වන්න.

තවත් නවමු වූ අත්දැකීමකින් නැවත හමු වෙමු!

Saturday, December 1, 2012

CSK Lanka අධ්‍යාපන අත්වැල

   ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් කලාවට තවත් අලුත් දෙයක් එක් කරමින් දැන් CSK Lanka අපි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන්ට ඉගෙනීමට අත හිත දීමට සුදානමින් සිටින්නෙමු. ඔබේ ඉගෙනීම් කටයුතු සඳහා දැන් අන්තර්ජාලය භාවිතා කරන්න. අපේ බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බහුවරණ විවරණ දැන් නොමිලේම ලබා ගන්න. මෙය අලුත් මුහුණුවරක ආරම්භයයි.

ඉතින්  ඔබටත් මේ සත්කාර්යයට දායක වෙන්න පුළුවන්. ඔබ ඉගෙනගත් දෙයින් රටට‍ වැඩක් කරන්න ඔබටත් පුළුවන්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඕනෑම විෂයක ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බහුවරණ විවරණ, පාඩම් මාලා අප වෙත එවන්න. ඒවා ඔබේ නමින්ම පළ කරන්න අපි සූදානම්. මෙන්න අපේ විද්‍යුත් ලිපිනය. csklanka1@gmail.com
 

ඔබ අපත් සමග සම්භන්ධ වීම අපට මහඟු ශක්තියක් වේවි. අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගන්න.

මේ සත්කාර්යය හැකි තරම් සිසුන් අතරට රැගෙන යාමට ඔබත් දායක වන්න. මෙය ඔබේ මිතුරන් අතරේ හැකි තරම් Share කරන්න.


Wednesday, November 28, 2012

අ.පො.ස සා/පෙළට විභාග අත්වැලක්

   ඔන්න එහෙනම් අපි අලුත්ම දෙයක් අරගෙන ආවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඔන්න අද ඉඳං CSK Lanka අපි ඔබට උදවු කරනවා. ඉගෙන ගන්න කාටත් අත හිත දෙන්න අපි දැන් සූදානම්. එහි පළමු පියවර තමා මේ. අ.පො.ස. සා/පෙළ විභාගයට ගොඩාක් වැදගත් විෂයන් තමයි ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව කියන්නේ. මෙන්න දැන් csklanka.blogspot.com අපේ බ්ලොග් ලිපිනය හරහා ඔබට විභාගයට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. මේ සත්කාර්යය තව දුරටත් වැඩි දියුණු කරන්නයි අපේ බලාපොරොත්තුව...

  ඉතින් දැනට ප්‍රශ්න පත්‍ර තුනක් කොහොමින් කොහොම හරි ඉදිරිපත් කර ගන්ට අපිට පුළුවන් වුනා. වැඩි කතා මොකටද කියල කිව්වා වගේ පහලින් තියෙන ලින්කු ටික හරහා ගිහින් ඒ ටික බා ගෙන බලන්ට. හොඳ හෝ නරක හෝ පොඩි කොමෙන්ටුවකින් දාල යන්නත් අමතක කරන්න එපා. එක අපිව තවත් දිරිමත් කොරන්න වැදගත් වේවි. 200 % ක් සහතික කරන්නං ඔන්‍න‍ වයිරස් නම් නෑ...

ආදර්ශ විද්‍යාව ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

ආදර්ශ ගණිතය ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

 තවත් කියන්ට දෙයක් තියෙනව. මේකේ තියෙන ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ නම් අපි හදපු එකක් නෙවෙයි. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්.

මෙව්වා  බලන්න ඇඩෝබි රීඩර් නැත්නං මෙතනින් ගන්ට