Wednesday, November 28, 2012

අ.පො.ස සා/පෙළට විභාග අත්වැලක්

   ඔන්න එහෙනම් අපි අලුත්ම දෙයක් අරගෙන ආවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඔන්න අද ඉඳං CSK Lanka අපි ඔබට උදවු කරනවා. ඉගෙන ගන්න කාටත් අත හිත දෙන්න අපි දැන් සූදානම්. එහි පළමු පියවර තමා මේ. අ.පො.ස. සා/පෙළ විභාගයට ගොඩාක් වැදගත් විෂයන් තමයි ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව කියන්නේ. මෙන්න දැන් csklanka.blogspot.com අපේ බ්ලොග් ලිපිනය හරහා ඔබට විභාගයට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. මේ සත්කාර්යය තව දුරටත් වැඩි දියුණු කරන්නයි අපේ බලාපොරොත්තුව...

  ඉතින් දැනට ප්‍රශ්න පත්‍ර තුනක් කොහොමින් කොහොම හරි ඉදිරිපත් කර ගන්ට අපිට පුළුවන් වුනා. වැඩි කතා මොකටද කියල කිව්වා වගේ පහලින් තියෙන ලින්කු ටික හරහා ගිහින් ඒ ටික බා ගෙන බලන්ට. හොඳ හෝ නරක හෝ පොඩි කොමෙන්ටුවකින් දාල යන්නත් අමතක කරන්න එපා. එක අපිව තවත් දිරිමත් කොරන්න වැදගත් වේවි. 200 % ක් සහතික කරන්නං ඔන්‍න‍ වයිරස් නම් නෑ...

ආදර්ශ විද්‍යාව ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

ආදර්ශ ගණිතය ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න

 තවත් කියන්ට දෙයක් තියෙනව. මේකේ තියෙන ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ නම් අපි හදපු එකක් නෙවෙයි. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්.

මෙව්වා  බලන්න ඇඩෝබි රීඩර් නැත්නං මෙතනින් ගන්ට

4 comments:

  1. ඔබ කරන මේ උදාර කර්තව්‍යය ගැන ඔබ වගේම සතුටු වෙන තව කෙනෙක් ඇතිනම් ඒ මා යයි සිතමි.කිම්ද යත් ඔබ ආ මේ ගමන් මගේ මත ඔබ සමඟ දිගටම රැදී සිටි බැවිනි.එබැවින් ඔබ දවසින් දවස ලැබූ දියුණුව මා සියැසින් දැක්කෙමි.ඇත්තටම අද ඔබ සිටින තැන ගැන ඔබේ මිතුරා ලෙස මා බොහෝ සතුටු වන අතර ඔබ වැනි මිතුරෙකු ලැබීම මා හට ආඩම්භරයකි.එබැවින් මා මිතුර ඔබ කරන්නා වූ මේ උතුම් කර්තව්‍ය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.ඔබට ජය........

    ReplyDelete
  2. හොද වැඩක්.මගේ සුභ පැතුම්...

    ReplyDelete