පරිගණක වයිරස එකොලොස් ලක්ෂයක් තියෙනවා කියල කිව්වොත් ඔබ පිළිගන්නවද?
එකොලොස් ලක්ෂයක් නෙවෙයි ඊටත් වඩා පරිගණක වයිරස දැන් ලෝකයේ තියෙනවා. ඇත්තටම මොකද්ද
මේ වයිරසයක් කියාලා කියන්නේ. මොකටද මේ පරිගණක වයිරස හදන්නෙ? එකටත් උත්තරයක්
තියෙන්න එපැයි.
1.
යම්කිසි පරිගණක වැඩසටහනක් හෝ වෙබ් අඩවියක්,
එහෙමත් නැත්තන් අන්තර්ජාලයේ තියෙන අපේ කුමක් හෝ ඔන්ලයින් ගිණුමක් අඩපන කිරීමට.
(හැකිං කරනවා කියන්නේ ඔන්න ඕකට තමා)
2.
යුධ කටයුතු වලටත් පරිගනක වයිරස යොදා ගන්නවා. සතුරු
පාර්ශව වල පරිගණක පද්දති අඩපන කර තමන්ගේ යුධ අරමුණු ඉටු කර ගැනීමට සමහරු වයිරස
ලියනවා. ඔය ඉංගිරීසි ෆිල්ම් වල එහෙම ඕන තරම් තියෙන්නේ.
3.
තවත් කෙනෙක්ගෙන් පලිගන්නත් කට්ටිය වයිරස ලියනවනේ.
4.
දන්නවද, සමහර මෘදුකාංග පිටපත් කරන එක වළක්වන්නත්
ඒවා එක්ක වයිරස් එවනවා.
5.
තවත් කට්ටියක් නිකන් ඉන්න එකේ පාළුව මකා ගන්නත්
වයිරස් ලියනවා. එවයින්නම් කාටවත් හානියක් නෑ. ටිකක් විතර බයනම් වෙනවා.
6.
මේ අතරේ ඉන්නවා තවත් කට්ටියක්, ඒ අය කිසිම අරමුණක්
නැතුව හානිකර වයිරස ලියනවා.
පරිගණක වයිරසයක ප්‍රධාන කොටස් කිහිපයක් අඩංගු
වෙනවා. අදාල වයිරසයට ප්‍රති ගුණනය වීමට, ඒ කියන්නේ නැවත නැවත ඇති වීමට කොටසක්
තියෙනව. ඒක යම් සුවිශේෂී කේතයක්. එමෙන්ම යම් පුද්ගලයෙක් හෝ පරිගණක ආරක්ෂක
වැඩසටහනක් මගින් ඒ වයිරසය හදුනාගෙන එය ඉවත් කිරීම වැලක්වීමටත් කොටසක් තියෙනව.
එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීමට හා වයිරසයේ ප්‍රබලතාව තීරණය කිරීමට කොටස්
තියෙනව.
පරිගණකයට වයිරස ඇතුළුවෙන්නේ කොහොමද

පරිගණකයට වයිරස ඇතුළු වී ඇති බව දැනගන්නේ කොහොමද
රෝග ලක්ෂණ ගොඩාක් තියෙනව. පරිගනකයේ මෙතෙක් නොදුටු
ෆයිල්, ෆෝල්ඩර පෙනෙන්නට තිබීම, පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීමට තරමක් ප්‍රමාද
වීම, ඇතැම් විට පෙන් ඩ්‍රයිව් උපාංග ආදිය හඳුනා නොගැනීම, මින් කිහිපයකි. මෙය වඩාත්
දරුණු වූ විට ඩෙස්ක්ටොප් එකෙහි ටාස්ක්බාරය නොපෙන්වන අතර, ටාස්ක් මැනේජර්, කොමාන්ඩ්
ප්‍රොම්ට් වැනි වැඩසටහන් වලට පිවිසීමටද නොහැකි වෙයි.
බේරෙන්නේ කොහොමද

well.
ReplyDeletei think you will contnue this blog everyday...
i wish you my friend..
අනිවා
Deleteලිංකු ටිකට තැංකූ......
ReplyDeleteවිස්තරයට ස්තූතියි!
තැන්කුවට තැන්කූ... කියෙව්ව්‍ටත් තැන්කූ.. :)
Delete