Monday, January 28, 2013
විභාග භීතිකාව ...
උදේ ඉඳන් රෑ වෙනකන් මදුරුවන්ට තැලුවා
අන්තිමේදී ඒ දවසෙත් කරපු දෙයක් නැතුවා
විනාඩියක් පොත බලලා ඉතුරු පැයම කෑවා
අනේ හපොයි මක් කෙරුවද ඒ කාලේ අපිලා
මවුන් ඇවිත් බලනාකොට අපි කරන්නේ වැඩමයි
එත් ඉතින් ඒ වැඩ ගැන දන්නෙත් මේ අපිමයි
පාසල් ගිය ඒ කාලෙත් කෙරුවෙම ගොන් වැඩමයි
ඒ සුන්දර අතීතෙනම් මතක් උනොත් දුකමයි
එක පාරක් නින්ද ගියොත් අයෙත් නෑ ඇහැරුනේ
ක්‍රිකට් තරඟයක් තිබුනොත් එදාට නෑ වැඩ කලේ
අන්තිමේදී කිලෝ ගණන් පාඩම් වැඩ ගොඩ උනේ
ඒවා දැකල පිස්සු හැදිලා බාගෙට හොල්මන් උනේ
ඕ ලෙවලෙත් ගොඩ දාගෙන උඩින් ගියේ අපිමනේ
ඇඟේ තියෙන අමාරුවට සයන්ස් කලෙත් අපිමනේ
උදේ ඉඳන් රෑ වෙනකන් පොත් බැලුවෙත් අපිමනේ
අනේ හපොයි මක් කෙරුවත් කෙල වෙන්නේ අපිටනේ
බන ගෙදරක් මල ගෙදරක් වැරදුනේ නෑ අපිට
මහ රෑ නිදි මර මර ඉඳ කත් ඇද්දෙත් උන්ට
ඕන තැනක හැම වෙලේම අපි ඉන්නවා උඹට
වැරදුනාම කවුරුත් නෑ අම්මප බන් අපට
ඔන්න බොලේ තිස් වෙනිදට එනවලු කරකැවිලා
මැවිලා පෙනේ තිබෙනා හැටි අපිටම කෙල වීලා
ගිය පාරත් මේ උන්දැලා තිබුනෙ තොයිලෙ නටලා
අනේ හපොයි මක් කෙරුවද ඒකට මේ අපිලා
පින්තූරේ ගත්තේ ගූගලෙන්
Subscribe to:
Post Comments (Atom)
විභාගකට ඇමති, ප්‍රශ්ණපත්‍ර සදන්නා, ලියන්නා මෙන්ම උත්තර පත්‍ර බලන්නාද එක්තරා භීතිකාවකින් පසුවේ.
ReplyDeleteඔව් ඔව් ඒකට තමා විභාග භීතිකාව කියන්නේ..:D
Deleteඅපෝ...විභාග නම් මතක් වෙනකොටත් ඇඟම සීතල වෙනව :( හැබැයි මාස ගානක් පාඩම් කරල කරල අන්තිම විභාගෙත් ඉවර උන දවසට හිතට දැනෙන සැහැල්ලුව නම් කියල වැඩක් නෑ:)
ReplyDeleteඒකනම් සහතික ඇත්ත. විභාගේ ඉවර වෙන දවස වගේ ආතල් දවසක් ආයි එන් නෑ. ඒත් රිසල්ට් ළඟ එනකොට ආයිමත් ඇඟ හීතල වෙනවා නොවැ..
Deleteවිභාගේ.. අපිත් පාඩම් කරපු හැටි මතක් වුනා. ඔය විදිහම තමයි ඉතින් :)
ReplyDeleteහී හී කොයි කවුරුත් ඔහොම තමයි චන්දන.....:D
Deleteහැබැයි ඉතිං රිසල්ට් ළඟ එනකොට තමා රත් වෙන්නේ..
ආ මල්ලී.. එහෙනම් අපිටත් හොඳ කාලයක් උදාවෙයි.
ReplyDeleteඈ අයියේ.. මොන කාලයක් ගැනද ඔය කිව්වේ..
Deleteඅස්වැන්නට ඇවිත්ගිය මංසළකුනු ඔස්සේ තමයි මුල් වතාවට ආවේ..
ReplyDeleteවිභාග කවි ටික නං මසුරං...
බොහොමත්ම ස්තූතියි ඔබට මේ පැත්තෙත් ආවට... ඒ වගේම ඔබේ කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි෴
Deleteබොලත් මෙ පාරෙයි කොලේ?
ReplyDeleteනැතුව නැතුව... සෙකැන්ඩ් ෂයි නොවැ.. බොලත් කොරැයි??
Deleteමාත් සෙකැන්ඩි ෂයි තමා...
Deleteහෙහ් හෙහ් එහෙනම් එළ ඈ... හෙට එනවලු නෙහ්...හික්ස්...
Deleteනියමයි කවි ටික.
ReplyDeleteබොහෝම ස්තූතියි.................
Deleteකවි ඩිංග නම් පට්ට මචං...ඒත් මගේ හිතට සහනයක් එකෙන් ලැබුනේ නෑ බං...
ReplyDeleteඅර 5 වන කවියේ අන්තිම පද පේලියට ඔන්න මන් නම් එකග වෙන් නෑ යාළුවා ජිවිතේටවත්...තැන්ක්යූ කවි ටිකට...
උබට සහනයක් ලැබෙන්න පෙම් කවි ලියන්ට එපැයි... එකඟ නොවේ නම් ඉතිං මක් කොරන්නද...
Deleteඔයා පතන ප්‍රතිඵලය විභාගයෙන් හිමි වේවා කියා ප්‍රාර්ථනා කරනව එහෙනම්!
ReplyDeleteජය වේවා!
බොහෝම ස්තූතියි.. ජය වේවා!!
Deleteආ මග කෙටියි - යා යුතු මග දුරයි.
ReplyDeleteනිරතුරු නුවණැසින් - තරණය කල යුතුයි
Delete:D
බොහෝම ස්තූතියි සු දී ක අයියා මේ පැත්තෙත් ආවට...සාදරයෙන් පිලිගන්නවා ඔබවත්...
අදද කොහෙද එනවා කිව්වා නේ ..හොදම ප්‍රතිපලයක් ලැබෙන්න කියල සුබපතනවා ...
ReplyDeleteහෙහ් තාම මග එනවලු ඔන්න.... සාදරයෙන් පිලිගන්නවා ඔබවත් මේ පැත්තට...
Deleteබොහෝම ස්තූතියි කොමෙන්ටුවටත්....
ඔන්න ලින්කුව දිගේ මම ආවා... කතාකරන්න අකමැති මාතෘකාවක් නොවැ කවි කරලා තියෙන්නෙ... මොනා වුණත් ඉතින් හොඳ ප්‍රතිපලයක්ම ලැබෙන්න කියල මාත් විශ් කරනවා...
ReplyDeleteහී හී...බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට...අකමැති උනත් කතා කරන්ට වෙනවනේ නෙ...
Deleteහික් හික්... කවි ටික නම් මරු ඈ......
ReplyDeleteඅද නේද එන්නේ..... හොද ප්‍රතිපලයක් ලැබෙන්න කියල පතනවා!
බොහෝම ස්තූතියි...ඔන්න ආවලු...
Deleteරන්දුල මාමාට පෙන්වන්න වටින කවි ටිකක් බොලං...
ReplyDeleteහිහ් හිහ් පෙන්නලා බලමු නෙහ්...
Delete