“ මං කාලයක් තිස්සේම මේ ඉසව්වේ තමයි හිටියේ...! හැමදාම මේ අහල පහල ගෙවල් වල
ඇවිද ඇවිද හිටියේ. සමහර දා ට.... ඔව් සමහර දාට මහ රෑ පාර දිගේ ආපු මිනිස්සු මට බය
උනා.. ඒත් මගෙන් ඒ කාටවත් කරදරයක් උනේ නෑ.....” මෙසේ ආවේශ වී කෑගසන කාන්තාවක් ගැන අපිට
දැන ගන්නට ලැබිල දැන් වැඩි දවසක් නෑ. මේ ගැන මුළු ගම පුරා පමණක් නොවෙයි අහල ගම්
වලටද පැතිරී යන්න ගත වුනේ සුළු කාලයක්...
හොල්මන් - අවතාර, පෙරේත කුම්භාණ්ඩයින් ගැන මගෙත් ඒ හැටි විශ්වාසයක් තිබුනේ නෑ.
නමුත් අවිශ්වාස ම කලෙත් නෑ.. අවිශ්වාසයක් ගොඩනැගෙන්නට කාරණා සිද්ද වුනෙත් නෑ.. අප
ජීවත් වන මේ පෘතුවි තලය මත අපට සමාන්තර තවත් බලවේග පවතින බවනම් යම් තාක් දුරකට
විශ්වාස කලා. ඒත් ඒ ගැන හොයන්න නොගියේ එයින් පලක් වෙන්නේ නැති නිසා.... නමුත්, මේ
ඇසූ දෙය ගැන නම් ටිකක් සොයා බලන්නට සිත ගියේ ඒක සිදු වුනේ අපේ ගම් ප්‍රදේශයේ නිසා.
ඇරත්, මං නිතර දෙවේලේ යන එන පාරත් මේකට සම්භන්ධ වෙනවනේ..
මීට කලින් දවසක මගේ මිත්‍රයෙක් මුහුණ දුන්නු අපූරු සිද්දියක් ගැන කලින් ලිව්වපෝස්ටුවෙන් කිව්වනේ. ඒක සත්‍යම සිද්ධියක්. හැබැයි ඒකෙ මට කියන්න බැරිඋන කරුණක්
තිබුනා. ඒක දැන් කියන්නම්. ඒ තමයි ඔය කියන පාරෙ මහ රෑ දහයට එකොළහට විතර හැමදාම වගේ
ගමන් කරපු කෙනෙක් හිටියා. අර මං කලින් කියපු මිත්‍රයා රෑ දහයට විතර ඔය පාරෙන් ගියේ
එහෙමත් දවසක තමා. ඒ වගේ දවසක තමයි අහම්බෙන් වගේ මේ සිදුවීමට මුහුණ දෙන්නේ... ඒත්
මම මේ දැන් කියන්න හදන පුද්ගලයා එහෙම නෙවෙයි, නිතරම වාගේ ගෙදර එනකොට මහ රෑ යක්කු
ගස් නගින ටයිම් එක. ඒත් මට දැන ගන්න ලැබුණු විදියට මෙයාටනම් කවදාවත් ඔය මළ මෝහිනී
නම් මුණ ගැහිලා නෑ.. ඉදිරියේදී හම්බුවෙයිද දන්නෙත් නෑ.. දැන් කවුරුත් හිතනවා ඇති
කවුද මේ පුද්ගලයා කියල.. ඒ පුද්ගලයා තමයි මම... :D
දැන් කවුරුත් බලයි මූ කොහෙද මේ මහ රෑ හැමදාම යන්නේ කියලා.. ඊට පස්සේ කියයි
මේකා මේ බොරුවට යාලුවෙක් ව දාලා කියලා තියෙන්නෙ මුටම වෙච්චි සිද්ධියක් කියල. ඒම
තමා අපේ අයියලා... මේකයි ඇත්ත සීන් එක.. විභාගෙත් ලියල ගෙදෙට්ට වෙලා නිකං බලාගෙන (
බකං නිලාගෙන ) ඉන්න කොට පොඩි පොඩි ක්ලාස් ටිකක් සෙට් උනා කරන්න.. ඇයි ඉතිං අපිව
කියල මේ විස්ස විද්‍යාලයකට ගන්නවා කියලයෑ... කවද ගන්නද... ලබන අවුරුද්දෙවත්....?/
ඉතින් අන්තිමේදී ක්ලාස් ටිකක් වැඩි වෙලා නයිට් ක්ලාස් තුන හතරකුත් කරන්ට සිද්ද
උනා.. ඔන්න ඔය වැඩේ හින්ද තමා මට හැමදාම රෑ වෙලා ඔය පාරෙ යන්ට එන්ට උනේ.. දඬු මොනර යානයත් තියෙන හින්දා ඒ හැටි ප්‍රශ්නයක් උනේ නෑ ඕන්. නිකං වෙලාවක නෙවෙයි දහයට
එකොළහට විතර.. ඔය ඉඳලා හිටලා වල් ඌරු සෙට් එකක්, කල වැද්දෙක් දෙන්නෙක්... එහෙමත්
නැත්තං හඳුන් දිවියෙක් එහෙම මගදී හම්බු උනාට කවුද හිතුවේ මේ වගේ උදවියත් මේ පාරෙ
ඉන්නවය කියල.
ඔය සිද්දිය දැන ගත්තු වෙලේ මගේ ඇඟේ මවිල් ගස් ටික කෙලින් උනා කියල කිව්වොත්
හරියටම හරි. ඔය කතාව කියල ඉවර උනාම මං උගෙන් ඇහුව ඇයි ඔය කතාව මට කිව්වේ කියල. ඊට
පස්සේ මිනිහා කියපි උඹත් හැමදාම මේ පාරෙ යන එන එකානේ. ඒක හින්ද උඹේ හොඳටයි කිව්වේ
කියල. මොකද්ද තියෙන හොඳේ මං අහන්නේ.. ඒ කතාව ඇහුවට පස්සේ මං හිටියේ නිකං පිස්සු
හැදිලා වගේ. ඇත්තටම මං බය උනා. ඒ පාර කොච්චරටම භයානක ද කියල මටත් තේරුනේ ඔය
කතාවෙන් පස්සේ. ඒත් පුදුමේ කියන්නේ මෙච්චර කල් එහෙම එකක් හිතුනේ නැති එකනෙ.
කොහොම හරි ඔන්න පහු වෙනිදත් නයිට් ක්ලාස් එකක් තිබුනා. උදේ පාන්දර ගෙදරින්
ගිය එක ආයි ගෙදර එනකොට රෑ දහයත් පහුවෙනවා. දවසෙම ක්ලාස්. හොඳටම හෙම්බත් වෙලා තමයි
ගෙදර එන්නෙත්. මං අපේ අම්මටත් මේ සිද්ධිය කිව්වා.. මං කොච්චර බයවෙලා හිටියද කියනවනම්
අම්මට කිව්වා අද වෙන පාරකින් එන්නම් කියල. හැබැයි ඒ පාරෙන් ආවොත් බයික් එක මග දාලා
තමයි එන්න වෙන්නේ. මොකද අපේ ගෙදරට වාහනයකින් එන්න පුළුවන් පාරකට තියෙන්නෙ ඔය
හොල්මං පාර විතරයි. ඒකත් පාරක් නෙවෙයි. අම්මා කිව්වා මොකටද බය වෙන්නේ, ඔන්න ඔහේ
ඉතිපිසෝ භගවා ගාථාව කිය කියා එන්න කියල. අම්ම කියයි. මමනේ එන්න ඕන තනියෙන්. මොනවා
කරන්නද ඔන්න ඔහේ එනවා කියල හිතට දහිරිය අරං ( ජීවිතේට අරගෙන නෑ ඔහොම දහිරියක් ) ගියා
පන්තියට.
වෙනද වගේම පන්ති ටික අහවර වෙලා එනකොට
දහය විතර වෙලා. ප්‍රධාන පාර දිගේ ඇවිදින් අතුරු පාරට හැරෙව්වා.. දැන් හාර්ට් එක
බීට් වෙනවා හොඳට දැනෙනවා. පාලු රබර් වත්ත තව ටිකක් ඉස්සරහ. එතකං බය වෙන්න කාරී නෑ..
කෝකටත් කියල දැන්ම ඉඳල ඉතිපිසෝ භගවා කිය කියා ගියා.. බුදු ගුණ සිහි කරන කොට ඔය එක
එක මෙව්වා පේන්නේ නෑ කියල මාත් අහල තියෙනවා. අන්තිමේදී මාරක පිම්මට ටික ටික කිට්ටු
උනා. වෙනදා දැනුනේ නැති අමුතුම බයක් හිතට ආවා. හරියට හතර වටේටම ඉන්න රබර් ගස් ටික
මගේ දිහා බලාගෙන හිටියේ නිකං මාව ගිලින්න වගේ. යන්න පුලුවන් උපරිම වේගෙන් යන්න
හැදුවේ. කොහේ යන්නද කොන්ක්‍රීට් කට්ටේ පටන් ගන්නේ තව ටිකක් ඉස්සරහින්.. එතකං ඉතිං
වලව සුපර් ක්‍රොස් යනවා වගේ තමයි පාර... එක පාරටම පිටිපස්සෙන් ලොකු එළියක් මතු
උනා. මට ඇති වෙච්චි සතුට කොච්චරද කියනවනම්.. දෙයියනේ බයික් එකක්!! ඒත් මට එච්චරම
ෂුවර් නෑ. මේකත් හොල්මනක්ද දන්නේ නැහැනේ. හිමිහිට ඉස්සර කරලා යන්න දීල මං පස්සෙන්
ගියා. මෙච්චර වෙලා තිබුණු බය මටත් නොකියාම ගිහිල්ල නොවැ.
කොහොමහරි එදා අර බයික් එක හම්බු උනේ නැත්තං මොනවා වෙයිද කියල හිතාගන්න බෑ.
ඇයි බය වැඩි කමට රටේ නැති හොල්මං පේන්න තිබුනා. කොහොම හරි ඔහොම දවස් දෙක තුනක්ම
ටිකක් බයෙන් ගියාට බුදු ගුණ බලේ නිසාද කොහෙද මටනම් මොකෙක්වත් පෙනුනේ නෑ.. ටික ටික
ඔය බය ඇරිලා ගිහිං පරණ පුරුදු තාලෙටම ආවා.. අර හැමදාම දකින කුකුලගේ මොකද්ද එකක්
ගැන කියන්නේ. අන්න ඒ වගේ තමයි. ටික ටික කාලේ ගෙවිල ගිහිං උසස් පෙළ විභාගෙත් පටන්
ගත්තනේ. ඊට පස්සෙනම් නයිට් ක්ලාස් ටික ටික අඩු වෙලා ගියා. යන්තන් බ්ලොග් එකත්
ලියන්න වෙලාවක් හම්බු උනා. ඒත් දැනුත් ඉඳල හිටලා නයිට් ක්ලාස් එකක් දෙකක් තිබුනට දැන්
හිතේ බයක් නෑ... හිතේ බය තමයි ඔය ඔක්කොටම...
thethreewisemonkeys.com |
ඔන්න ඔය අතරේ තමයි අලුත් ම සිද්ධිය කරලියට ආවේ. ඒක තමයි ඔය පටන් ගන්නකොටම දාල
තියෙන්නෙ. ඔය සිදුවීම් පෙළ සිද්ධ වෙච්ච රබර් වත්ත කිට්ටුව තියෙන ගෙවල් අතලොස්සෙන් එක
ගෙදරක හිටපු කාන්තාවකට තමයි මේ දේ වෙලා තියෙන්නෙ. ඒ හැටි වයසක ඉන්න කෙනෙක් නෙවෙයි
මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල් ඇති ඔන්න. එයා හිටිගමන් උදේ වෙලාවක ආවේශ වෙලා
කියවන්න පටන් ගත්ත කියල තමයි ගෙදර උදවිය කියන්නේ. ඒ තරුණ කාන්තාව කියවන විදියට
එයාට ආවේශ වෙලා තියෙන්නෙ එයාගෙම අම්මා. ඇය මීට අවුරුදු කිහිපයකට කලින් මොකක් හෝ
හේතුවකට වහ බීලා මිය ගියා. මට මේක ඊයේ පෙරේදා දැන ගන්න ලැබුනට ඔය හොල්මන් කතන්දරේ එදා
ඉඳන්ම මේ රබර් වත්ත පුරා තිබිල තියෙනවා. මතක් වෙනකොටත් ඇඟ හීතල වෙලා යනවා. බොහෝ
දෙනෙක් මේ ආවේශ වෙලා ඉන්න කාන්තාවට කියල සාස්තර අහ ගන්නට ය කියල ගියා. මොකද හොල්මනක්නේ..
හැම දෙයක්ම තත්පර දෙකෙන් හොයල ඇවිල්ල කියයි. ඒ ගියපු උදවිය අතරේ මේ මිය ගිය
කාන්තාව ජීවත් ව හිටපු කාලේ ළඟින්ම ඇසුරු කරපු අයත් හිටියා.. ඒ අයව හරිම පහසුවෙන්
හඳුන ගන්න විතරක් නෙවෙයි පවුලේ විස්තරයි ආපු ගියපු තැනුයි හරියට බලාගෙන හිටියා වගේ
කියන්න මෙයාට පුළුවන් වෙලා තියෙනවා. අනේ මන්දා මේ ඇත්තද බොරුද කියල හිතා ගන්ට බෑ.
මොකද මට ඔතනට යන්න බැරි උනානේ. මිනිස්සු කියන ඒවා එක පාරටම විශ්වාස කරන්නත් බෑ..
ඒත් හැමෝම කියන එකේ අවිශ්වාස කරන්නත් බෑ.. මං කොහොම හරි බලන් හිටියේ මේ කියන කෙනා
ඔය ප්‍රදේශේ අත ඇරලා යන්නේ කවද්ද කියල.
ඔන්න මගේ බලාපොරොත්තු ඉහල නංවමින් එක දවසක් මේ කාන්තාව කියල තිබුනා එයා මේ
ඔක්කොම අතෑරලා යන්නම යනවා කියල ආයි කවදාවත්ම නොඑන්න. එයා දවසකුත් කියල තිබුනා. කොහොම
හරි අපි බලන් හිටියේ එදාට යන්නම යයි ද කියල. මතක හැටියට මාසේ පෝය දවසකද කොහෙද..
කිව්වා වගේම අර ආවේශයෙන් කියව කියව හිටපු කාන්තාවට ආපහු සිහිය ඇවිල්ලා. හොල්මනත් ගියපු
ලකුණු තමයි පේන්න තිබුනේ. ඊට පස්සේ ඔය රබර් වත්ත එහෙම ටිකක් එලි කරලා හැදුවා හැමෝම
එකතු වෙලා. දැන්නම් ඒ හැටි බයක් හිතෙන මූණක් නෑ..
මේ ඊයේ පෙරේදා අලුත් ආරංචියක් ගම වටේ ගියා. ඒ තමයි අර කලින් ආවේශ වුනු
කාන්තාව ආයෙමත් සැරයක් ආවේශ වෙලා.. මේ පාරනම් අම්මා නෙවෙයි.. ඊටත් කලින් මැරිච්ච
ආච්චි කෙනෙක්ලු......!!
යකෝ උඹ ඉන්නේ හොල්මන් ගමකද...? හිත බය වුනාම හොල්මන් හැදෙනවා...මම ඉස්සර කටුස්සොන්ට හරිම බයයි, ඒ කාලේ කටුස්සෙක් දැක්කම මට හරියට උන්ව පෙනුනේ ඩයිනොසර්ලා වගේ...!
ReplyDeleteඔව් බං.... මේක හොල්මන් ගමක්....
Deleteමමනං අද වෙනකල් හොල්මනක් දැකල නෑ.
ReplyDeleteරෑ දහයට එකොලහට යනවනං හොල්මං කොහොම වෙතත් හොරුංගෙන් පරිස්සං වෙන්න වෙයි.
ඒක ඇත්ත අයියා,, දැන් නං වැඩිය රෑ වෙලා යැවෙන්නේ නෑ... :D
Deleteඅනෙ මන්ද බන් ඔව
ReplyDeleteවැඩිය ගණන් ගන්න එපා බං ඕවා..
Deleteසොල්මන.. හොල්මනේ ගෑණු සතා මොකාද, හොල්මනී ද.. :D
ReplyDeleteදැන් ඊලඟ වටයට මොකා ආවේශ වෙයි ද දන්නෙ නෑ. මං හිතන්නෙ මැරිච්චි උන් ටික අර ගෑණු කෙනාව බදු ගන්නව ඇති කාලෙන් කාලෙට. :D:D
ආ උං ඔක්කොම හොල්මං තමයි.. ගෑනු පිරිමි බේදයක් නෑ මයේ හිතේ.... හෙහ් :D
Deleteකියන්න බැරි උනානේ.. මේකේ තවත් සීසන් නෑ අෆ්ෆා. හොල්මං කතා මදෑ... :)
Deleteh-( මමනම් හොල්මන් දැකලා තියෙනවා. 8 වසරේ අවසාන කාලේදී දැක්කේ. අපේ ගෙදර ඉස්සරා වත්තේ. ඒක ලොකු වත්තක්. ඒක දිග කතාවක්.
ReplyDeleteබොරු කියන්නේ මොකටද ? මම දවල් හොල්මන් දකින්න ආසයි. හැබැයි ඉර බැස්සාම මුලින්ම භය වෙන්නේ මම.
මේ වෙලාවේ හොල්මන් කියද්දී මට හොල්මන් සොයා ගියපු කාලයක් මතක් වෙනවා. මගේ චූටි නෑන පොඩ්ඩ ඉන්නේ අනුරාජ පුරේ.. :D මම හැම නිමඩුවටම ඉස්සර එහේ ගියා. එහෙ ඉන්නවා කොලුවෙක් මම වගේම මට වඩා අවුරුද්දක් දෙකක් බාලයි.
වැඩේ කියන්නේ එහෙ ඉන්නකොට රෑට මාර රශ්නේ. මම උන්නේ එළියේ කාමරේ තමයි. දාසක් බියර් බෝතලයක් සෙට් උණා අපි දෙන්නට. ඕක ගහන්න අපි දෙන්නා දහ අතේ කල්පනා කළා.
පස්සේ ඔන්න සීරුවට රෑ වෙලා 11.30 ට විතර පාර අයිනට යමුයි කිව්වා.
පාරට කියලා අපි දෙන්නා හෙණ කැලෑ පොජ්ජක් අයිනේ තමයි සෙට් උනේ. ඊට එහා පැත්තේ හෙණ තඩි විසාල කනත්තක්..
බීර් බෝතලේ හමාර කලාට පස්සේ මට හොඳ පදම.
ඒ දාස් වල ඔය මනොවිද්‍යවයි භූත විද්‍යාවයි පිලිබඳ මම පිස්සුවකින් උන්නේ. මම කිව්වා යමන් කනත්තට හොල්මන් බලන්න කියලා.. දෙන්නම නස්කුනි වෙන්න ගසලා නිසා මෙලෝ රහක් නැහැ පැනපි කනත්තට...
දැන් හරියටම රෑ 12යි.. එළියේ රෑට මාර සීතයි. ඒ අස්සේ පොද වැස්සකුත් යනවා. කනත්තේ මිනි මෙව්වා එකක් උඩ ඉඳගෙන අපි බයිලා ගහනවා..
" මොන හු ^()(* ද යකෝ.. කනත්තට රිංගුවේ... පරි ඇට කොල්ලෝ එනවා බීලා බීලා..මේකේ නහින්න.. "
බලද්දී හොල්මනක් .....
නෑ නෑ.. කනත්තේ මුරකාරයා..
කකුල් දෙකට වැඳලා දිව්වා..
තව දාසක් ගමේ ඒකටත් ඔහොම ගියා. හැබැයි කැමැත්තෙන් ගියපු එක දාසකවත් දැක්කේ නෑ..
හොල්මන් පේන්නේ භයට. මගෙනම් අදහස ඕකයි. අපි දකින මානයක් තියෙනවා. ඒ මානෙන් ඔබ්බට කිසි දෙයක් පේන්නේ නැහැ. මේ ලෝකේ ඕනේ තරම් අපි නොදැකපු ජීවින් ඉන්නවා.
බලවේගත් ඇති. ඉතිං උනුත් ඉන්ට එපෑ. අපිට පාන් යෑ.. :p
Bora Diyaka Induwara
ආ ඔය එන්නේ තව සොල්මන් කතා... එල එල.. මටත් පොඩි කාලේ හොල්මං ගැන ලොකු උනන්දුවක් තිබුණා.. හොල්මනක් දකින්න හරි ආසාවෙන් හිටියේ. ඒත් බයයි.. :D
Deleteතැන්කු ඈ මේ පැත්තෙත් ආවාට...
පිස්සුද මොඩයෝ
Deleteඋඹ හොල්මනක්ද?
ReplyDeleteයකෝ එහෙමද පේන්නේ .. :-O
Deleteඊළඟට උඹට ආවේෂ වේවි.. ඒකත් නරකම නෑ... ආතල් එකේ ගෙදරට වෙලා සාස්තරයක් කියාගෙන ඉන්නව
ReplyDeleteආයිත් අහල.. සුපිරිම තමා..g-)
Deleteඅර කිව්වත් වගේ මෙහෙමත් හොලමන්
ReplyDeleteඒකනේ ඒකනේ.. මෙහෙමත් උං.. :D
Deleteඋඹට තියෙන්නේම හොල්මං කකකකකතාතාතාත... වවිවිත්තතරද?? හෑහ්...
ReplyDeleteඅනේ නෑ ආයිබෝං.. මේ පටන් ගත්තු එක ඉවරයක් කොරලා දාන්ට එපාය... :X
Deleteමරු හොල්මන් කතාව බං.මන් මේක කියවල ඔන්න උබට ලින්කුවකුත් එක්කම පොස්ටුවක් දැම්මා...එල සහෝ...
ReplyDeleteඑල එල බං... තැන්කූ තැන්කූ
Deleteපට්ට කාතාව ඈ
ReplyDelete