වින්දෝරෙ
මාමලාත් ඔන්න අලුත් ජනේලයක් හදලනෙ... ඉතින් මටත් හිතුනා හන්තානෙට පෙම් බඳින ගමන් ඔය
අටවෙනියට හදාපු ජනේලෙ ඇතුලෙනුත් රිංගල ගිහින් ඇතුලෙ වෙන්නෙ මොනාද කියල බලල එන්න.. ඒත්
ඇතුලෙ පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමා .net Framework
හුට පටයක් ඇති වීම.
වින්ඩෝස්
8 වල අන්තර්ගත කරල තියෙන්නෙ .net
Framework 4.5 කියන වර්ශන් එක. ඒක අලුත්ම වර්ශන් එකක්. ඒත්
සමහර මෘදුකාංග වලට .net Framework 3.5 හෝ ඊට පෙර සංස්කරනයක් ඉල්ලනව. “එන්කාර්ටා”
, “බ්‍රිටැනිකා” ආදිය ඒවායින් සමහරක්. මාත් ඉතින් වින්ඩෝස් 8 දාපු ගමන්ම අහු උනේ ලෙඩක්
තමයි. කොහොමහරි ඉතිං ගූගල් දෙයියන්ගේ උදව්වෙන් විසඳුමක් හොයා ගත්තා. අනිත් අයටත් උදව්වක්
වෙයි කියල ඔන්න මේකෙත් දැම්මා...
කරන්න තියෙන්නේ
මෙච්චරයි... මුලින්ම Command Prompt එක ඕපන් කරගන්න ඕන. ඕපන් කල යුත්තේ Administrative Privileges යටතේ.. ඒකට Command Prompt අයිකන්
එක මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනු එකෙන් Run as administrator යන්න තෝරන්න ඕන. ඊට පස්සෙ පහලින්
තියෙන command එක කොපි කරලා Command Prompt වින්ඩෝ
එකට පේස්ට් කර Enter කරන්න.
ප.ලි : අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ නවතම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අපේ අලුත් පිටුවට එකතු වන්න http://csklanka.blogspot.com/p/blog-page_6.html
එල..
ReplyDeleteකොහෙද ගියේ පහුගිය කාලෙ..
බ්ලොග් ටික ඔක්කොම මිස් උනා අයියා .. දැන් ආයි ඔක්කොම මුල ඉඳං බලාගෙන එන්න ඕන ... මේ ටිකේ රාජකාරි බහුල උනානෙ . ඒකයි වැඩේ ...
Deleteකොහේද බං ගිහිං හිටියේ.. එළ කිරි තොරතරු ටිකක්..
ReplyDeleteහුඟ දවසකින් එන්ට බැරි උනා... වැඩ වැඩියි..
Deleteඕකෙ 3.5 ඉන්ස්ටෝල් කරන්න ඕන නම් දැනට තියෙන 4.5 එක uninstall කරන්නම ඕන...
ReplyDeleteඔය 4.5 කියන්නෙ නිකං demo test version එකක් වගේ මට හිතෙන විදියට...
ඉන්ටනෙට් එකෙන් අප්ඩේට් කරද්දිනම් මටත් ඒ ලෙඩේ ආවා.. ඒත් මේ විදියට කරද්දී කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. 4.5 එක uninstall කරන්න ඕන උනේ නෑ...
Deleteතැන්කු මචං ....මට ඔය අවුල තිබුනා පස්සේ ඩවුන්ලෝඩ් කරලා දැම්මා.. මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැනේ ..
ReplyDeleteමටත් ඕක අහම්බෙන් අහු උනේ.. මයික්‍රෝසොෆ්ට් වෙබ් පේජ් එකේ තිබිලා..
Delete8 දාලා සුපුරුදු පරිදි කොරල්ඩ්‍රෝ X6 දාන්න ගිහින් මටත් ඔය සන්තෑසියම උනා බං. ගූගල් දෙයියො හිටියයින් මටත් පිහිට උනා. මම දැක්කා එතන දාලා තියෙනව ඕක බෑවොතින් 200 mb වලට විතර කිට්ටු ෆයිල් එකක් කියල. හිඟන පැකේජ්වලින් නෙට් එන අපිට ඕන ඕන වෙලාවට 200 ඒව නාස්ති කරන්න පුළුවන්ද, ඒ නිසා මමත් ඔය කෝඩ් එක ගහල වැඩේ ගොඩදාගත්තා.
ReplyDeleteමම ගැහැව්වෙ මේක,
DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:f:\sources\sxs
ඒකනම් ඇත්ත අප්පා... ඔය 200 mb වලින් වෙන මොකක් හරි සොෆ්ට් එකක් බා ගන්න බැරියෑ.... ඔය කෝඩ් එකත් හරි ඇති එහෙනම්... ස්තූතියි මේ පැත්තේ ආවට..
Delete:)
මොකක්ද ඔය .නෙට් එකෙන් වෙන්නෙ. ඒකනං මල ඇණයක් තමයි.
ReplyDeleteගොඩාක් වින්ඩෝස් ෆ්ලැට්ෆෝම් එකට හදාපු මෘදුකාංග ධාවනය කරවන වැඩසටහනක් නේ.. මයික්‍රෝසොෆ්ට් විෂුවල් ස්ටුඩියෝ වලින් හදාපු සොෆ්ට් එහෙම රන් කරන්න...
Deletehttp://en.wikipedia.org/wiki/.NET_Framework
http://si.wikipedia.org/wiki/.NET_Framework
පහුගිය කාලෙ වැඩිය පේන්න හිටියෙ නෑ තමයි චින්තක. මාත් වින්ඩෝස් 8 දාන්න තමයි හිතාගෙන හිටියෙ..ඒත් දැන් ඒකට කාලයක් බලන් ඉන්න වෙයි වගේ:( කොහොම උනත් විස්තර ටික වටිනවා.
ReplyDeleteහ්ම්ම්ම්.. වැඩිය පෙනී හිටියේ නෑ... :D වටිනවානම් හොඳයි...
Deleteඑල මචං.මාත් උත්සහා කරලා බලන්නම්..ජය වේ.!
ReplyDeleteඑල . කොරල බලල කියපං
Delete