ඕනෑම පුද්ගලයෙකුට ජීවිතේ ගොඩක් අද්දැකීම් තියෙනවා..එහෙම අත්දැකීම් නැති පුද්ගලයෙක් හොයාගන්න බැරි තරම්. ජීවිත ගමනේ නොයෙක් හැල හැප්පීම්, කරදර බාධක වගේම සතුටුදායක සිදුවීම් පවා තියෙනවා.. ඒකාකාර ජීවිතෙන් යම් තරමකට හරි අත් මිදෙන්න ඇතැම් සිදුවීම් අපට උපකාර වෙනවා. යම් කෙනෙක්ගේ චරිතය හැඩ ගස්වා ගන්න මෙන්න මේ අත්දැකීම් මහා පිටිවහලක් වෙනවා..ඒක නිසා එහෙම කිසි අත්දැකීමක් නැති අයෙකුට කවදාවත් පරිපූර්ණ මිනිසෙකු වෙන්න බෑ.. මේ සිදුවීම් අතර තිබෙන ඇතැම් සිදුවීම් ජීවිතේට කිසිදා අමතක වෙන්නෙත් නැති තරම්. ඒවා ඒ තරමටම මනසට කා වැදිලා. ඔන්න ඉතිං මම දැන් කියන්න යන්නේ මට වෙච්චි පුංචි ඇබැද්දියක් ගැන. පුංචි කියල කිව්වට තව ඩිංගෙන් ලෝක විනාසේ උනා වගේ තමා.
දිනය වර්ෂ 2012ක් වූ අගෝස්තු මස 15 වන බදාදා ය.. උසස් පෙළ විභාගය පටන් ගෙන ඇත. ඒ වන විට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් අවසන්ය.. ජීව විද්‍යාව තිබුනේ අගෝස්තු 06, 07 දවස් දෙකේ. භෞතික විද්‍යාව පළමු කොටස අගෝස්තු 10.. දෙවන කොටස තිබුනේ ආයි අගෝස්තු 13.. බයෝ ඉවරවෙලා දවස් දෙකකින් පිසික්ස් එක.. ආයි දවස් දෙකකින් පිසික්ස් දෙක.. ඔය විදියට දවස් දෙකෙන් දෙක තමයි විභාගේ තිබුනේ.. දැන් ඉතිං බයෝ පිසික්ස් දෙකම ඉවරයි..කෙමිස්ට්‍රි අන්තිමට! ඔලු ගෙඩිය අස්සේ තිබිච්ච බරවල් දෙකක්ම ඉවරයි.. ඊට පස්සේ බයෝ පිසික්ස් දෙක Shift + Delete + Enter ගහල අයින් කරලා එහෙම කෙමා වලට බැස්සා.. කෙමා තමා ෆේවරිට් මැ එක.. ඉතින් හිතේ එච්චර බරක් තිබුනේ නෑ.. කොහොම හරි 14 වෙනිදා දවසෙම දමා ගෙන පාඩම් කළා.. දැන් ඔන්න පහළොස් වෙනිදා උදෙත් නැගිටලා ලෑස්තිය පාඩම් කොරන්න.. උදේ පහට විතර නැගිටලා කියවගෙන කියවගෙන ගියා පොත් ටික.. ඔන්න එතකොට තමා හතට විතර කෝල් එකක් ආවෙ.. අපේ ඉස්කෝලේ එකෙක්.. මාත් ඉතිං ගත්තා. මොකක් හරි අහගන්නද දන් නෑනේ..හිහ්...
-->
“උඹ
කොහෙද බං ඉන්නේ??”
“ගෙදර
බං! උඹ
කොහෙද?”
“යකෝ
එතකොට උඹ එන්නේ කීයටද...
මම දැන් ඉස්කෝලේ
කිට්ටු කරලා ඉන්නේ..”
මගේ කට ඇරුනාද,
නැතිනම් මම
කට ඇරියාද කියා දැන් මට මතක
නැත.. දන්නෙම
නැතුව ෆෝන් එකද කට් වී ඇත..
යකෝ මූට පිස්සුද
අද ඉස්කෝලේ යන්න හෙටනෙ විභාගේ...
කෝල් කරපු
එකාට බැන බැන විභාග කාල සටහන
සෙව්වෙමි.. සොයන්නාට
සම්භ වේ කිව්වා වාගේ එයද සම්භ
විය.. එය
දුටු මාගේ දෙවොල් රත් විය..
ඇත්තටම මුලින්ම
මතක් වූයෙ ඉපැරණි ජන වහරේ එන
රුවන් වැකියකි..
නයි
කයිද සෝස් පාන්!
ඉතිරිය
මතක් වූයෙ පසුවය.. බොලව්
පිස්සු හැදී තිබුනේ කෝල් කළ
එකාට නොව මට ය. විභාගය
හෙට නොවේ අදය! කුමකින්
කුමක් සිදු වූවාදැයි මතක නැත.
වෙලාව උදෑසන
හත පසු වී මිනිත්තු කිහිපයකි..
මවු පාර්ශවය
බිය වී කෑගසනු යාන්තමට වාගේ
මතකය.. ඉදින්
තවත් නම් කවර කතාද.. තත්පර
කිහිපයක් තුල ලැස්ති වී පාරට
පැන්නෙමි... නිවසේ
සිට ප්‍රධාන පාරට යාමට පැය
කාලක් පමණ ගත වේ.. නමුත්
එදා කොපමණ වෙලා ගත වීදැයි මතක
නැත.. අධි
වේගී බසයක එල්ලුනා නම් මතකය...
පාසලට යාමට
පැය එක හමාරක් පමණ ගත වේ.
අධි වේගී බසය
ලෙල්ලටම පාගා ගිය බැවින් 8.30
වන විට පාසලට
පැන ගත්තෙමි.... පේපරේ
බෙදීමට තත්පර අරික් කාලකට
පෙරාතුව ආසනයේ හිඳ ගැනීමට
හැකි විය.. එය
මා ලද ජයග්‍රහණයකි. කෙසේ
වුවත් එවෙලේ තිබූ මානසික තත්වය
යහපත් නැත..වෙනදා
පේපරේ බෙදීමට පැයකටවත් කලින්
ඉස්කෝලේය. ඒත්
අද!! “ඩක
ඩකස්” “ඩක ඩකස්” ඒ හදවත ගැහෙන
සද්දෙය... පූර්වයේ
කළ පිනක් හේතුවෙන් එදා තිබුනේ
කෙමිස්ට්‍රි පේපරේය..
පිසික්ස්
තිබුනානම් ලොවේ තියා ලොවි
ගහේවත් නැත්තාය.. කොහොම
උනත් එළ කිරි එකටම කොටු ටික
කපා හරින්නට හැකි විය..
කොටු පනහෙන්
හතලිස් හයක්ම එල එකට කපා ඇති
බව පසුව සොයා ගත්තෙමි..
මටම මං ගැන
පුදුම හිතුනේ එවිටය...
:D
සම්පූර්ණ
වැරැද්ද වෙන කිසිවෙකු අත නොව
මා අතය. පාඩම්
කළා විනා විභාග කාලසටහන මදකට
හෝ නොබැලීම මගේ දුර්වල කමකි..
එදා වාසනාවට
වාගේ දුරකතන ඇමතුමක් නාවානම්
කුමකින් කුමක් සිදු වේද..
ඒ ගැන සිතීම
පවා මං දැන් අත හැරලා තියෙන්නේ..
කොහොම හරි නව
නිර්දේශයෙන් රත්නපුර
දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා
අංශයෙන් 19 වැනි
තැනට එන්න පුළුවන් උනා.
ඒත් ඒ ජයාග්‍රහණය
අස්සේ ඔන්න ඔය වගේ කතාවකුත්
තියෙනවා කියල මම කවදාවත් අමතක
කරන්නේ නෑ.. ප්‍රතිඵල
ආපු වෙලාවේ ලොකු සතුටක් ආවා
තමයි.. ඒත්
මම දන්නවා ( දැන්
මේක කියවපු හැමෝම දන්නවා )
ඒක ලැබුනේ
හරිම පුදුම විදියකට කියල.....
කෙසේ හෝ කෝල්
කළ යාළුවාට පිං සිද්ද වෙන්නට
මා හට විභාගය ලිවීමට හැකි
විය.. එදා
ඒ කෝල් එක නාවානම් අද මම මේ
බ්ලොගය ද නොලියන අතර නැවතත්
කටු කාගෙන පංති වන්දනාවේ
යන්නේය... කෙමිස්ට්‍රියට
උඩින්ම ඒ සාමාර්ථයක් ආවේ එදා
වුනු සිද්දියද නැවත වරක් මතක්
කරමින්ය... එය
නික්ම ගිය අතීතයක්ම පමණක්
වුවද බොහෝ දෙනෙකුට පුංචි හෝ
ආදර්ශයක් ගැනීමට එය ද මාතෘකාවක්
වනු ඇත යන්න මගේ මතයයි..
ඒ මං වාගේ ගොන්
වැඩ කිරීමට නොව මෙවැනි දෙයක්
නැවතත් සිදුවීම වලකා ලීමටය..
ඔය වගේ ළමයි ඉන්නවා කියලා සර්ලා අපිට කාලසටහන පාඩමි කරගන්න කිවිවම මම හිතුවෙ සර්ලට පිස්සු කියලා...
ReplyDeleteබැලුවම එහෙම නෑනෙ අෆ්ෆා...
මෙ ඉන්නෙ ඒවගේ එකෙක්....
යාලුවට පාටියක් දුන්නත් පාඩු නැහැ....
ඒත් කොහොම හරි ජයගත්තනෙ...
මගෙත් ආසම කෙම තමයි...
හෙහ් ඒ වාගේ උන් මේ ඉන්නේ හිහ්... ලැජ්ජාවේ බෑ කිව්වලු..
Deleteඅර යාලුවට පිං දෙන්න මල්ලි..මටත් ඔය විදිහෙ දෙයක් උනා..ඒනම් භාෂා දින තරඟයකදි. වෙන ඉස්කෝලෙක යාලුවෙක් අද තරඟෙට එනවද කියල ඇහුවමයි මං දන්නෙ ඒක තියෙන්නෙ එදා කියල. හැබැයි විභාග වලදි නම් මං පොත් පාඩම් කරනවට වඩා කාල සටහන තමයි පාඩම් කලේ. ඒ කරලත් හැම විභාගෙකටම පස්සෙ තව යාලුවෙක්ගෙනුත් අහනව ඊලඟ විභාගෙ තියෙන දවස. මට සෑහෙන කාලෙක ඉඳන් ලොකු බයක් තිබ්බ විභාගයක් මිස් වෙයි කියල. ඒකයි ඔය තරම් පරිස්සන් උනේ..
ReplyDeleteකොහොම හරි ඔයාගෙ ජයග්‍රහනය ගැන ගොඩක් සතුටුයි මල්ලී. ඉස්සරහට බොහොම කල්පනාවෙන් වැඩ කරන්න :)
ජය!
ආයි නම් ජීවිතේට ඔහොම දෙයක් වෙන්න දෙන් නෑ...
Deleteයාළුවා නිසා හොඳට ගියා.
ReplyDeleteඒක ඇත්ත... ඌ හිටියේ නැත්තං මොනවා වෙයිද... සමහරවිට වෙන එකෙක් කෝල් කරයි..
Deleteරසායනය ගැන කියනකොට මට සිහියට නැගෙනුයේ අපේ සර්. “අයිවන් සඳනායක“ අද පාසැල් ගුරු වෘත්තියෙන් ඉවත් වී, අනුරාධපුරයේ පෞද්ගලික පංති කරනවා. ඇත්තෙන්ම ඇදහිය හැකි ගුරුවරයෙක් ලෙස පාසැලේදී අපිට සමීප වූවා.
ReplyDeleteම්හ් නම අහල පුරුදුයි වගේ,,,, ඒත් කොහෙදිද කියල මතක නෑ...
Deleteකොහොමිං හරි දැන් වැඩේ ගොඩ නේ..පිං දිපං යාලුවට
ReplyDeleteහිහ්... ඉඩ ලැබෙන හැම වෙලාවකම පිං දෙනවා,,,
Deleteඅඩේ ඒ යාලුවට මල් වට්ටියක් තියල වැන්දත් පාඩු නෑ බොලං.
ReplyDeleteරිසල්ට් ආවම මටත් එහම හිතුනා
Deleteයකෝ තව සුට්ටෙන් මල කෙලියයි ! :D ඊළඟ විභාගවලදී පරිසස්මින් හොඳට බලහන් .. ජයවේවා :))
ReplyDeleteතව සුට්ටෙන්.. ලෝක විනාසයි... ආයේ වෙන්නෑ...
Deleteහෆෝයි සිහියෙන් වැඩ කරන්න ළමයා..))
ReplyDeleteදැන් ඉඳන් එළඹ සිටි සිහියෙන්ද මොකද්ද එකෙන් වැඩ කරමි...
Deleteඔහේ පලයන් ..මේ යකා මෙහෙම දෙයක් උනා කිව්වෙත් මට ප්‍රතිඵල ආවට පස්සේ නොවැ...දැන් ඉතින් රහ කොර කොර ඕක කියන්න පුළුවන්..පෙර පිනකටමයි එදා කෙමා තිබ්බේ..ඔන්න උබ දැන් ඉදන් කොරන දේවල් සිහි කල්පනාවෙන් කොරන්න වෙයි..ඔන්න..කොහොමත් උබට අමතක වීමේ ලෙඩක් තියෙනවා කියල මන් දන්නවා..ඒත් ඒ භාහිර දේවල්..හරියට අයිස්ටයින් වගේ..මටත් උබ අයිස්ටයින් වගේ තමා...ජය වේවා...
ReplyDeleteහෙහ්.... ලෝකල් වෙන්න ඇති...
Deleteඅම්මෝ... මදැයි ඔයින් ගියා.... යාලුවට පිං දෙන්න ඕනි කරපු උදව්වට... නැත්තන් හෙන අපරාදයක්නේ වෙන්නේ.... කොහොම වුනත් ජයග්‍රහණයට මගෙනුත් සුභ පැතුම් මල්ලි!
ReplyDeleteබොහෝම ස්තූතියි෴
Deleteහපොයි..ඔයින් ගියා මදැයි..කියවන කොටත් නිකන් ලබ් ඩබ් නැතුව දඩොන් බඩොන් කියල සද්දයක් ඇහුනෙ :o
ReplyDeleteඔන්න අපෙනුත් සුභ පැතුම් :D
හී හී බොහෝම ස්තූතියි
Deleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.....
යකෝ උබ මාර මිනිහෙක්නෙ
ReplyDeleteහිකිස් මාර මිනිහෙක් තමා
Deleteමට මෙහේදි කැම්පස් එකේ පේපර් එකක් මිස් උනා ඔය වගේ... මං හිතන් හිටියෙ හවස දෙකට තියෙන්නෙ කියල... අන්තිමට බලනකොට උදේ 9 ට තිබිල තියෙන්නෙ... යාළුවෙක් කෝල් කරල ඇහුව ඇයි විභාගෙට ආවෙ නැත්තෙ කියල... මං එතකොටත් කැම්පස් එකේ ලයිබ්‍රරියට රිංගලා පාඩම් කරනව... මට සිහියත් නැති උනා... යාන්තම් වෛද්‍ය සහතිකයක් අරගෙන රිපීට් එකේදි ලිව්ව... ඔය ජීවිතේට ඔහොම එකක් උනාමයි...
ReplyDeleteඅච්චර හරියක් වෙලා ඒ එකක් ගන්න පුළුවන් වෙච්චි එක මොන තරම් දෙයක්ද... මගෙනුත් සුභ පැතුම්...!!
මලා.... කැම්පස් එකේ නම් රිපීට් එකක හරි ලියන්ට බැරියෑ... ඒත් මේක... පණ දා ගෙන ආයි පාරක් කරපංකෝ....
Delete