කසුරිගෙ කොලම
චන්ද්‍රිකාගේ උපන්දින ආරාධනා ලැබ හෝ නොලැබ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ලොරි දෙකකට තෑගී බෝග ලැබී තිබුනේය. රෝස මල් පොකුරු... ලේන්සු පෙට්ටි.. සැන් පවුඩර්.. මාල වළලු පමණක් නොව සාරි හැට්ටද ඒ අතර විය. එහෙත් චන්ද්‍රිකා විශේෂයෙන් බලා සිටි කවුරුවත් තවම ඇවිත් නැත. ඒ නිසා කේක් එක කපන එක තව දුරටත් කල් දමන්නට සිදු විය.

මගේ බුදු අක්කණ්ඩිට බුද්ධං සරණේ සරණයි
මගේ බුදු අක්කණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගේ බුදු අක්කණ්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ අක්කන්ඩිගේ සරණයි
ඩිලාන් සහ මහින්දානන්ද එසේ ගායනා කරන අතරතුර පැමිණි සරත් අමුණුගම චන්ද්‍රිකාට කොන්ඩ කට්ටක් තෑගී කරමින් ගීතයේ ඉතිරි ටික ගායනා කරන්නට විය.
සද්ද බද්ද නැතුව ඉන්න මහින්ද දන්නවා නේද
ජනාධිපති පුටුව ගන්න මිනිහ හදනවාලු නේද
ලඟට එන්ඩ දෙන්ඩ එපා
අනුරගේ තැන ගන්න එපා
ඒකයි මට කණගාටු
සරත් අමුණුගම එසේ ගයද්දී චන්ද්‍රිකා ඔහුගේ හිස අතගාමින් අන්තිම පදය ගායනා කළාය.
රෙදි බැනියම් අඳින එකා
පක්සෙන් පිට නොගිය එකා
ඒකයි මට කණගාටු
ගීතය අවසාන වුවද තිදෙනාම චන්ද්‍රිකා දෙස බලාගෙන සිටියහ.
"දැන් ගිහිල්ල ඉඳගන්න... මහින්දත් එන්ඩ වෙලාව හරි"
චන්ද්‍රිකා පැවසූ විගස ඩිලාන් මහින්දානන්ද සහ අමුණුගම පසෙකට ගොස් එකලඟ පුටු තුනක වාඩිවූහ.
එවිටම චන්ද්‍රිකා මහ හඬින් සිනාසෙන්නට වූවාය. බැලින්නම් රාජිත ඇවිල්ලාය. චන්ද්‍රිකාගේ අත අල්ලාගත් රාජිත පුංචි ලස්සන අත් ඔරලෝසුවක් බැඳ ඒ අතේ ඇඟිලි තුඩු අල්ලාගෙන ඩාන්ස් කරන්නට පටන් ගත්තේය.
මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මාඔබ වෙන් කෙරුණු නගරයයි
ගං ඉවුරේ රළ රැලි පෙර සේම ඇදෙනවා
අප නැතුවත් නුග ගස්පෙල තව දළුලනවා
ඒ කාලේ කියූ කියුම් යලි සිහිවෙනවා
ආයෙත් ඔබ ළඟට එන්න ආස හිතෙනවා
" රාජිත තාම ස්වීට්"
චන්ද්‍රිකා සිනාසෙමින් කීවාය. සියල්ලෝම අප්පුඩියක් ගැසූහ.
"අන්න සුරුට්ටු කඩ කාරයොත් එනව" ඩිලාන්ගේ කණට කොට සරත් අමුණුගම කීවේය. ඩිලාන් විතරක් නොව මහින්දානන්ද ද හිස ඔසවා බැලුවේය.
"අක්කේ ටිකක් එන්නකෝ
ඇවිදින් ඉඳ ගන්න කෝ
පුංචි කතාවක් කියන්න තියෙනවා
මල්ලි නිකං ඉන්නකෝ
මට යන්නට දෙන්නකෝ
පාටි එකේ වැඩපොළ මට තියෙනවා
අක්ක හරිම කටකාරයි
ආදරයක් නැති ගානයි
මල්ලි හරිම දඟකාරයි
කියන කිසිත් දේ නාහයි
හෝ... හෝ...
අතන මෙතන මීටිං වල මට හොඳටම බනිනවා
බැනිල්ල නවතල ආවොත් පැටිස් එකක් කවනවා
ඒ යුග ගීතය අවසන් වෙනවිටම ජී. ඇල්. පීරිස් පවුඩර් ටින් එකක්ද රැගෙන ශාලාවට ඇතුල් විය. ඔහු වෙත ගිය චන්ද්‍රිකා සිංදුවක් පටන් ගත්තාය.
"නොකියාම එදා ඇසළමහේ සඳ ඇතිපායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා
නින්දේය එදා ඔබලා යනවිට මා සිටියේ
දැනුනා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ
මේ මාළිගයේ... ඒ.. ඒ..
මේ මාළිගයේ මට දැන් මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ පැකේජ් එකෙන් පහලට බැස්සේ
චන්ද්‍රිකා එසේ ගායනා කරන විට ජී.එල්. පීරිස් කන්නාඩි දෙක ගලවා සාක්කුවෙන් ලේන්සුවක් ගෙන ඇස පිසදාගත්තේය. ඉන්පසු ඔහුද ගීතයක් ගයන්නට විය.
"ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කළේ
ඔබ සමගින් එදා ඒ මා තමා
අද වෙන් වී ගිහින් යූ ඇන් පීයේ
සියල්ලෝම තාලයට අප්පුඩිගසන්නට වූහ. ඒ අප්පුඩි අස්සෙන් චන්ද්‍රිකා ඉදිරියට පැන්නාය. බැලින්නම් මහින්ද රාජපක්ෂ අවිල්ලාය. රතු රෝස මල් පොකුර චන්ද්‍රිකා අතට දුන් මහින්ද කම්මුල් දෙකට තොත්තු දෙකක්ම දුන්නේය.
ඉන්පසු මහින්දගේ ගැඹුරු හඬින් මුළු ශාලාවම ප්‍රාණවත් වී ගියේය.
"පැවතීමට හෝ නැතිවී යනු පිණිස මා ලොවේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ
මගේ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා
සැනසීමට හෝ වැලපීමට මට වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.
මහින්දගේ ගැඹුරු ගීතයට කවුරුත් පාහේ මහා හඬින් අප්පුඩි ගැසූහ.
"මේ යකාට මල් පූජා කරන්ඩ විතරක් නෙමේනේ.. සිංදු කියන්ඩත් පුළුවන්නේ.
අමුණුගම මදක් නැවී මහින්දානන්දගේ කණට කොට කීවේය. එවිටම චන්ද්‍රිකා උඩපැන සිනාසෙන්නට පටන්ගත්තාය.
කවුරුත් ඒ දෙස බැලූහ. බැලින්නම් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලාය. රතුපාට... සුදුපාට... කහ පාට... පාට පාට රෝස මල් කළඹක්ම ගෙනැවිත් චන්ද්‍රිකා අතට දී කම්මුල්වල්ට තොත්තු හතරක්ම දුන්නේය.
එවිටම චන්ද්‍රිකා ද ගීතයක් පටන් ගත්තාය.
"කොළ කඩ කඩ බොරුවට දෙනවා
මම ගහ හොඳහැටි අඳුනනවා
අපට බොරු චාටු එපා
අපට බොරු චාටු එපා සුදු කොල්ලෝ...
පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සෝදා වේලා දෙන්නම්
ඔබට ආඩම්බරනේ...
ඔබට ආඩම්බරනේ සුදු කෙල්ලේ.
මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
හෝ... හෝ...
මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
උදව් වෙනවාද පනේ...
උදව් වෙනවද පනේ බෑ නොකියා.
චන්ද්‍රිකා රනිල් ප්‍රවේගකාරී රංගනයක යෙදෙන්නට වූහ. එය උඩරට පහතරට කතක් ආලිංගන සියල්ලේ අච්චාරුවක් වැන්න. එහෙත් වැස්සක් පෑව්වාක් මෙන් එක්වරම රංගනයද ගීතය ද සියලුම සද්ද බද්ද ද නැවතී ගියේය. චන්ද්‍රිකාගේ මෙන්ම රනිල්ගේද විනොදබර මුහුණු එක්වරම වෙනස් වී බැරෑරුම් පෙනුමක් ගත්තේය.
බැලින්නම් උපන්දින උත්සවයට ප්රභාකරන් අවිල්ලාය. ඔහු උත්සව ශාලාවට පා තබන විටම ගීතයක් ගයන්නට පටන් ගත්තේය.
"අඩි එන්නඩි රාක්කම්මා පල්ලාක්කු නිනෛප්පු එන් නෙන්පු කුලන්ගුදඩි,
ප්රභාකරන්ගේ ද්‍රවිඩ ගීතය සිංහලයට පරිවර්තනය කොට ගායනා කළේ වික්‍රමබාහු සහෝදරයා විසිනි.
"මම ගන්නෙමී කරකාර බන්දාලා
පුංචි වලව්වේ හාමු දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ මේ රටේ
කාටත් කචල් අදිමින්..
වලව්වේ හාමුට කියනව මං
පුංචි හාමු මගේ මනමාලි
පුල්ලි කොටිය බැඳී බර බාගෙන්
මම උතුරට කැන්දන් යමි...
අඩි එන්නඩි රාක්කම්මා..
එම්. පී. ආර්. මෙන් රාජ කුමාර ඇඳුමකින් සැරසීසිටි ප්රභාකරන් එක් අතකින් උඩු රැවුල කරකවමින්ද අනිත් අතින් ඉනේ තිබුණු රත්තරන් කඩුව ගෙන හිස වටා ලෙලවමින්ද චන්ද්‍රිකා වටේ යමින් නියම රාජකීය නැටුමක් නැටුවේය. ඉන්පසු චන්ද්‍රිකා ඉදිරියට ගොස් ප්‍රේමනීය දෙමල රාජකුමාරයෙක් විලාශයෙන් එක් පාදයකින් දණගසා චන්ද්‍රිකාගේ අත ගෙන පිටි අත්ල සෙමින් සිඹ යලි නැගී සිට කඩුව කොපුවේ දමා දෑතින් ඈට පිළිගැන්වූයේය. කඩුව මෙන්ම කොපුවද දඹ රත්තරනින් නිමවා තිබුනේය. කදු මිට මෙන්ම කොපුවද කැටයම් වලින් යුක්ත විය. චන්ද්‍රිකා ඒ වටිනා ත්‍යාගය පිළිගෙන ප්රභාකරන්ට සීරියස් සිනාවක් දී "වනක්කම්" යැයි කීවාය. ඉන්පසු චන්ද්‍රිකා සහ ප්රභාකරන් අතරේ ද්‍රවිඩ බසින් සංවාදයක් ඇති විය.
"කනවනේ කන් කන්ඩ දෙයිවම්?" චන්ද්‍රිකා කීවාය.
"කාදරික්ක නේරම් ඉල්ලෙයි" ප්රභාකරන් පිළිතුරු දුන්නේය.
"නාඩෝඩි මන්නම්?"
"තායි සොල්ලෙයි තට්ටා දේ"
"පාසමලර්"
ඉන්පසු දෙදෙනාම සිනාසෙන්නට වූහ. සියල්ලෝම ගල්භීත වී බලා සිටියහ. මොකක්වත් නොතේරුන නමුත් ඩිලාන්, මහින්දානන්ද සහ අමුණුගම ද හරි හරියට සිනා සුනහ.
චන්ද්‍රිකා, ප්‍රභා දුන් රත්තරන් කඩුව රත්තරන් කොපුවෙන් එලියට ගත්තාය. මුළු ශාලාවම රත්තරන් ආලෝකයකින් පිරී ගියේය.
ශ්‍රී ලංකාවේ හැඩයට නිර්මාණය කොට තිබූ බර්ත් ඩේ කේක් එක කපන්නට සූදානම් වූවාය. හැම දෙනාම එතනට රොක් වූහ. "හැපී බර්ත් ඩේ ටූ යූ" ගීතය ගායනා කරන්නට සූදානම් වූහ. රත්තරන් වුවද කඩුව බර හෙයින් චන්ද්‍රිකාට තනිවම එය හසුරුවා ගැනීමට නොහැකි විය. චන්ද්‍රිකා ප්‍රභා දෙස බැලුවාය. ප්රභාකරන් ඉදිරියට විත් චන්ද්‍රිකාගේ අතත් කඩුවත් අල්ලගෙන අල්ලාගෙන ශ්‍රී ලංකාවේ හැඩය ගත් කේක් එක මතට පහත් කරන්නට විය. හැමෝම නොඉවසිල්ලෙන් සිටියේ කොහොම කපනවා දැයි දැක බලා ගැනීමටය.
ප.ලි. ඕන් කිව්වා කිසිම දේසපාලන ආරවුලක් නැහැ. හුදෙක් රස වින්දනය සඳහා පමණයි. ඔතනින් එහාට උනේ මොකද කියල කියන්න දෙයක් නැහැනේ. කවුරු කවුරුත් දන්නවනේ.... :D
ප්රභාකරන්ගේ මූණ මතකත් නෑ අප්පා....
ReplyDeleteහී හී... තැන්කූ වේවා මේ පැත්තෙත් ආවට....
Deleteඅර අන්තීමට තැලිලා තිබ්බ මූණ නම් මට තාම මතකයි..
Deleteඒකනම් අමතක වෙන්නේ නෑ කවදාවත්...
Deleteහික්.. හිකිස්... හම්බෝ... මං හිනා වෙලා ඉවර වෙනකං ඉන්නෝ..........
ReplyDeleteහෙහ් දැන් ඉවරදෝ....
Deleteනියමයි.
ReplyDeleteනියමයි නොවැ... :D
Deleteමේක කියවලා රූප ටික හිතේ මැවෙනකොට හිනාවෙලා පණ ගියා..........
ReplyDeleteහිහ් හිහ්.... ස්තූතියි මේ පැත්තෙත් ආවට...
Deleteකරුණාදාස සූරිආරචිචිගේ ලියැවිල්ලක්.....
ReplyDeleteඑහෙම වෙන්න ඇති මයේ හිතේ... මට හම්බු වෙච්චි එකේ නමක් තිබුන් නෑ...
Deleteකසුරි කියන්නෙ කරුණාදාස සූරියාරච්චි කියන එක තමයි චින්තක.
Deleteආහ්හ් ... හරි හරි එහෙම තමා.... කරුණාදාස සූරියාරච්චි තමා..
Deleteහොඳයි ඒත් අර දෙමළෙන් තියෙන්නේ මොනවද කියල කව්ද බං දන්නේ ..
ReplyDeleteඅනේ මන්දා මම දන්නෙත් නෑ... දාන්න කෙනෙක් කිව්වනම් තමයි හොඳ...
Delete:) :) :)
ReplyDelete:D හී හී
Deleteමැක්සා!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔබටත් එසේම වේවා!!!
Deleteබොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිල්ල ගියාට මහ රජතුමනි////
මාගලක් විතර දිග උනාට හිනා වෙවී කියෙව්වේ. නියමයිනේ..කියවාගෙන යද්දී පින්තූර ටික මැවිලා ඉවරයි..එල එල...
ReplyDeleteහිහ්.. මෙච්චර විතර දිග මාගලක් පත බෑවමයි... බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ආවට ඔන්න..
Deleteහි හි එල එල ..
ReplyDeleteඇත්තට ඊට පස්සෙ මොකද වුණෙ කියලා
හොයනවා // මෙ උන් කවුරුද.........
ඊට පස්සේ ඉතිං වෙන්න තිබුන දේ උනා..
Deleteමෙ උන් කිව්වේ මොක්කුද..?
අය්යෝහ්... මම මාතෘකාව දැකල හෙන අයිඩියා පිට අවේ මල්ලිට අක්කෙක් ඉන්නවනම් අපි මස්සිනාලා වෙමු කියන්න.කොහෙද ඉතින්...
ReplyDeleteහා හා ...
එල කතාව මල්ලී..
හී හී අපරාදේ නෙහ්..
Deleteමමත් ආව මේ පැත්තෙ රවුමක් දාල යන්න... මේ කොලම ගියා මට මතකයි කියවල එහෙම තියෙනවා... හොද වැඩක් මල්ලො...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.... ස්තූතියි ඔබට.
Deleteපරණ පත්තර මමත් දැම්මා...වෙලාවක ඇවිත් බලන්න...ඒ වෙනුවෙන් වෙනම ලේබලයක් අලවලා තියෙනවා...
ReplyDeleteඒ ටික නියමයි.. ඔන්න මාත් කියෙව්වා..
Deleteනියම කතාව.. හිනා වුනා ඇති වෙන්න.. :D
ReplyDeleteලින්කුවට ස්තුතියි මල්ලි..!
එළ!! තැන්කූ..
Deleteහෙහ් හේ..ඒක නම් මරු :D
ReplyDeleteස්තූති වේවා!
Deleteහි හි ආතල් :D මානිගේ තීරුවත් බලන්නකෝ.ඔය වගේම පට්ට කතා තියෙනවා ..:)
ReplyDeleteම්හ්හ්... කියවමින් පවතිනවා.. එකෙත් ඵට්ටම කතා තියෙන්නේ.. එළ
Deleteපට්ට මචං.මාත් කාලෙකින් මේ පැත්තේ ආවේ..එළකිරි ආ.දැන් නැගලම යනවා...ජය වේවා...
ReplyDeleteආයිත් අහල... :ඩි
Delete…
බුද්ධං සරනං ගච්චාමී
ReplyDeleteධම්මං සරණං ගච්චාමී
සංගං සරණං ගච්චාමී
මොකො පන්සිල් ගන්නවයි... :ඩි
Deleteපට්ට ආතල්නේ...අයියෝ...කතෘ තුමාව කියලා නෑනේ කවුද අප්පේ කතෘ?
ReplyDeleteනලීන් අයියයි ඩූඩ් අයියයි කියන විදියට කරුණාදාස සූරිආරචිචිගේ ලියවිල්ලක්.. මමත් හිතන්නෙ එහෙම වෙන්නෝන.. මටනම් හොයා ගන්ට පුලුවන් උනේ නෑ..
Delete…ස්තූතියි කොමෙන්ටුවට..
හේ හේ නියමයි අනේ...හිනා වෙලා මැරෙනවා!තව ඔහොම පත්තර කීපයක මරු දේශපාලන තීරු තියෙනවනෙ.හැබැයි කසුරිට තරම් ගතියට වෙන කාටවත් ලියන්න බෑ.දැන් ඉතින් එයා මේ ටයිප් ඒව ලියන්නෑනෙ...))))
ReplyDeleteහිහ් හිහ්... හිනා නොගිහියොත්නෙ පුදුමෙ... මිනිහා දස්සයා..
Delete