Thursday, August 22, 2013

෴ ෴ හොල්මන් ෴ ෴

   මෙය මගේ මිතුරෙකු ලැබූ අත්දැකීමක්. අපේ ගම තිබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර කිහිපයක් ඇතුලට වන්නට ය. ගම කිව්වට එක ගමක් නොව ගම් කිහිපයක්..... ඉතින් ඔය මහ පාරට යන්නට මාර්ග කිහිපයක්ම තියෙනවා. එයින් ප්‍රධානම මාර්ගය වැටිලා තියෙන්නේ මහ විශාල රබර් වත්තක් මැදින්... රබර් වත්තක් කිව්වම ඉතින් ජනාකීර්ණ ප්‍රදේශයක් නෙවෙයි කියල කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මේ විශාල රබර් වත්ත මැදින් වැටිලා තියෙන මාර්ගය කොන්ක්‍රීට් දාලා එහෙම හොඳට හදල තියෙන්නෙ.. හැම පැත්තෙන්ම පාර වෙලා ගෙන තියෙන සුවිසල් රබර් ගස් නිසා මේ පාරට මහ දවල් දොළහටවත් ඒ හැටි ඉර එළියක් නැති තරම්. ඉතින් ඔය පාරේ මහ දවල් පවා තනියම පයින් ඇවිද ගෙන යද්දී අමුතුම චකිතයක් ඇතිවෙන්නේ. ඒත් දවල්ට මිනිස්සු ටිකක් ඉන්න නිසා ඒ හැටි ප්‍රශ්නයක් නෑ.




    මේ වත්ත කෙලවරේ තියෙන්නෙ තුන්මං හන්දියක්. එයින් එක පාරකින් තමා අපේ ගෙවල් දිහාට එන්න තියෙන්නෙ. මේ කතාව කියන අපේ මිත්‍රයාත් අපේ ගෙවල් කිට්ටුවම ඉන්න කෙනෙක්. එයා නිතරම වගේ රෑ බෝ වෙලා ඔය පාරෙන් බයික් එකෙන් යනවා. ඉතින් නිතර දෙවේලේ යන නිසා ඒ හැටි ගානකුත් නෑ. ඔය කියන දවසෙත් මිනිහා ඔතනින් මහ පාරට ගිහින් තියෙනවා. එතකොට වෙලාව රෑ 10 ට විතර ඇති කියල තමා කිව්වේ. දහයට විතරනම් බලු බල්ලෙක්වත් නෑ පාරෙ.. ඔහොම යනකොට අර මම කලින් කිව්ව තුන්මං හන්දිය තමා මුලින්ම හම්බු වෙන්නේ. ඔය තුන්මං හන්දියෙන් පස්සේ තමා පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නෙ. තුන්මං හන්දිය දක්වා පාර අබලන්. මෙයා ඈත ඉඳලම දැකලා තියෙනවා ඔය කියන තුන්මං හන්දිය ළඟ සුදු පාටට ඇඳ ගත්තු කෙනෙක් ඉන්නවා. ඒත් මෙයා ඒක එච්චරටම ගණන් අරගෙන නෑ. මොකද ඔය හන්දිය උඩ තියෙන කන්දේ මුදුනේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර කෙනෙක්වත් වෙන්න ඇති කියල මෙයා හිතල තියෙන්නෙ. තවත් ටිකක ළඟට ගිහිල්ලා බලපුවාම දැකපු දෙයින් මිනිහගේ රෝම කෙලින් වෙලා.


www.livescience.com


    සුදු පාට ගවුමක් ඇඳ ගත්තු කාන්තාවක්. කොන්ඩේ කඩා වැටිලා. මූණ හරියටම බලාගන්ට බැරි වෙලා.... ටිකෙන් ටික රබර් කෑල්ල මැද්දෙන් පාර දිගේ පල්ලෙහාට ගිහින් තියෙනවා. මේකාගේ සරුවාංගෙම හීතල වෙලා ගියාලු. ගෑනු කෙනාගේ අතේ මොනවා හරි තිබිලා තියෙනවා. ඒ මොනවද කියල පෙනුනේ නැහැලු. මිනිහට හිතුනලු මොහිනීවත් ද කියල. කොහොම හරි බයික් එකේ එලියට මේ ඔක්කොම ලස්සනට පෙනිලා. ටිකෙන් ටික ඉදිරියට ගිය මේ කාන්තාව වංගුවකින් නොපෙනී ගිහින් තියෙනවා. දැන් මෙයාටත් කර ගන්න දෙයක් නෑ.. මිනිහාට ඕනි පාරට යන්න. මේ කාන්තාවත් ගියේ ඒ පැත්තටමයි. ආපහු හරවාගෙන එන්න හිතුනත් ගියේ අත්‍යවශ්‍ය වැඩකට නිසා, නොගිහිනුත් බැරි නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියල හිමිහිට ඉස්සරහට ගිහින් තියෙනවා. වංගුව හරවනවාත් සමගම මෝටර් සයිකලය ඉද්ද ගැහුවා වගේ නතර උනාලු. බ්රේක් ගැහුවද නැතිනම් ගැහුනද කියල තාමත් හිතාගන්න බැරිලු...

   මෙතෙක් වෙලා ඈතින් සිට නැරඹු චිත්‍රය දැන් තමා ඉදිරියෙන් තමන් ලඟින්ම තිබෙනු ඔහු දැක ඇත. තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පිටුපස හැරී සිටි කාන්තාව දුටු ඔහුගේ අත් සහ කකුල් හිරි වැටී ගිය බව ඔහු මා සමග පැවසීය..  එවෙලේ ඉතිපිසෝ භගවා... " ගාථාව කිව්වේ නැද්දැයි මම ඇසූ විට ඔහු කිව්වේ, " ඒ වෙලාවේ ඕවා මතක් උනේ නෑ බං " යනුවෙනි. කොන්ක්‍රීට් පාර මැද නතර වී සිටි මෙම කාන්තාව එකවරම හිස හරවා ඔහු දෙස බලා ඇත.. " එතකොට තමයි මට මූණ බලා ගන්න පුළුවන් උනේ. රතු ම රතු පාටයි.. වැඩි වයසකුත් නෑ.. මගේ දිහා රවල වගේ බැලුවේ.." ඔය තියෙන්නෙ මිනිහාගේම වචන..

     "ඉතිං උබට ළමය එහෙම දුන්නේ නැද්ද වඩාගන්න කියල.."

     " උඹ මේ ළමයි ගැන කතා කරනවා. මම බයේ හිටියේ ඇවිල්ල බයික් එකටවත් නගියිද කියල,.. "

   ඉන්පසු එම කාන්තාව ටිකෙන් ටික ඈතට ගමන් කර නොපෙනී ගොස් ඇත.. ඔහුද සෙමින් සෙමින් ඉදිරියට ගොස් ඇත. ක්‍රමයෙන් රබර් වත්ත අවසන් වූ පසු නිවාස කිහිපයක් හමු වේ.. එතැන් සිට එම අවතාරය ඔහු ඉදිරියේ පෙනී සිට නැත.

   කොහොම උනත් මිනිහා සති දෙක තුනක් යනකන් ආයිමත් ඔය පාරෙන්නම් ඇවිල්ල නැහැ. දැන් නම් ආයිමත් එනවා. ඒත් ඊට පස්සේ ඒ කාන්තාව හම්බ වෙලා නැහැ. 

   ඔය වගේ දෙයක් දකින්න යම් පුද්ගලයෙක් ගේ හිතේ ඒ වෙලාවේ තියෙන සිතුවිලි ගොඩක් බලපානවා. මට ඒ දේ හොඳටම තේරුනේ ඔහු මට ඊට පස්සේ කියපු දෙයින්. එයා ඔය කාන්තාව දැකපු දවසේ හවස මිනිහ අඳුරන දෙතුන් දෙනෙක්ම කියල තියෙනවා ඔය රබර් කෑල්ල හරියේ 'හොල්මන්' තියෙනවාය කියල. ඉතින් රෑ වෙලා එතනින් යනකොට මෙයාට අර කලින් කිව්ව දේ මතක් වෙලා තියෙනවා. හැබැයි ඔය දේවල් දකින්න හිත විතරක්ම බලපානවා කියන්නත් බෑ..

    පස්සේ ආරංචි කරලා බලපුවාම මේ දේ කිහිප දෙනෙක්ම දැකල තියෙනවා. සමහරු තවමත් රෑ බෝ වී ඒ පාරෙන් එන්නේ නෑ.. හැබැයි දැන ගන්න ලැබුන දේ තමයි, මේ කාන්තාවගෙන් කාටවත්ම කිසිම හිරිහැරයක් නෑ..

    තවත් දවසක් මේ පාරෙ රෑ බෝ වී තනියම පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුත් මෙම ස්ත්‍රිය දැකල තියෙනව. ඇය ඔහු ළඟට පැමිණ අසා තිබෙන්නේ මල්ලී හැමදාම මේ පාරෙන්ද යන්නේ යනුවෙනි... ඔය පාරෙ රෑ වෙලා එන සමහරු නම් කියන්නේ තමන්ට හැමදාම වාගේ මේ ස්ත්‍රිය මුණ ගැසෙන බවයි. නිතර දෙවේලේ දකින බැවින් දැන් එතරම් බියක් නැතැයි ඔවුහු කියති...

මේ ඇත්තටම කව්ද කියල හොයා ගන්න පස්සේ පුළුවන් උනා... ඒක ඉස්සරහට ලියන්නම්..

40 comments:

  1. මේ මෝහිනී නෙවේ, රෝහිනී.

    ReplyDelete
    Replies
    1. ආ අර මොහිනිගේ නංගි නෙහ්... :D

      Delete
  2. හොයා ගත්තනම් කියහන්කෝ බං අපිව නිකරුනේ බය කොරන්නේ නැතුව.
    ඔහොම කේස් එකක් කිව්වම අපේ එකෙක් දවසක් කිව්වා "ශික් බං ගෑනිත් රට ගිහින් වේලි වේලි ඉන්න වෙලාවේ අපේ වාහනේකට නගින්නේ නෑනෙ ඔය එකියක්වත් කියලා"

    ReplyDelete
    Replies
    1. හපෝ වාහන වලට නග්ග ගන්න පුළුවන්යෑ... හොයා ගත්තු එකත් තව කතාවක් තමා... ඒවා ඉස්සරහට..
      :)

      Delete
  3. කොහොමත් රබර් වතු මැදින් තියන පාරවල් නම් ටිකක් පාළු ගතියක් නෙ තියන්නෙ. අවිහිංසාවාදි හොල්මනක් වගෙ. බලමුකො කවුද කියල එහෙනම්..

    ReplyDelete
    Replies
    1. උඩම තියන පින්තූරෙ චින්තක මල්ලිලගෙ ගෙවල් පැත්තෙද ?

      Delete
    2. නෑ අනේ ඔය මගේ ළඟ තිබුන ෆොටෝවක්.... අපේ පැත්තේ පොටෝවක් ගන්න බැරි උනා..

      අවිහිංසාවාදී අයත් ඉන්නවා...

      Delete
  4. කොයිකටත් කොල්ලෝ ප්‍රීති පැකට් එකක් සාක්කුවේ දාගෙන පලයං

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඒවා හරි... බොහොම ඉස්තූති මේ පැත්තේ ගොඩ උනාට..

      Delete
  5. හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදු පාටයි වගේ දැං හොල්මනත් කොමන් වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඒ උනාට මේ නම් රියල් අවතාරයක්... හොල්මනක් කියනවට වඩා මං කැමති අවතාරයක් කියන්න... :D

      Delete
  6. ඉස්සර කාලෙ මෝහිනීල තමයි ළමයි අත දරන් ආවෙ.
    දැන් මෝහිනීල හිස් අතින් ඇවිල්ල කොල්ලන්ගෙන් ඉල්ලන්නේ වෙන වෙන ජාති.

    ReplyDelete
    Replies
    1. දැන් මෝහිනිලා වැහි වැහැලා ... බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙත් ආවට කෙන්ජි...

      Delete
  7. රබර්නම් පේන්න නැතත් අර දාපු ෆොටෝ එකේ පාර නම් මරු බං, අපේ පැත්තෙ නෑනේ ඔහොම පාරවල්, තිබ්බා නම් හවසට ටිකක් ඇවිදින්න යන්න තිබුනා.


    හොල්මන් නම් අනේ මන්දා, මිනිස්සු කිව්වට මම නම් තාම දැකල නෑ. කාලෙන් කාලෙට හොල්මන්ගෙ පානෙන් එළිය බලන හොරුයි වලත්තයොයි නම් ගම්වල සාමාන්‍යයෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. DDT මල්ලි & ඉවාන් මල්ලි;
      කෝ බන්ල අපේ මාතලන් ලොක්ක?

      Delete
    2. 'අර දාපු ෆොටෝ එකේ පාර නම් මරු බං, අපේ පැත්තෙ නෑනේ ඔහොම පාරවල්, තිබ්බා නම් හවසට ටිකක් ඇවිදින්න යන්න තිබුනා.'

      කූඩැල්ලන්ගෙන් ප්‍ර‍වේසම් වෙන්නත් වෙයි. :D

      Delete
    3. ඇයි කෙන්ජි අයියා ඔය කමෙන්ට් කරල තිබුනනේද මාතලන් තවම කැලේය කියල.

      //Maathalan - Priyantha HewageAugust 19, 2013 at 11:51 PM
      මේ ටිකේම කැළේ. ලැප ගෙන්න අමතක උනා ඒ නැතත් සිග්නල් නෑ. මේ ඩිස්කවරි එකේ සුද්දන්ට පින්සිද්ද වෙන්න රිප්ලයි ටික කොටා ගත්තේ.. තව දවස් කීපයක්ම කැලේ.. වනචාරී ජීවීතේ.//

      අපොයි ප්‍රසන්න අයියෙ කූඩැල්ලො නම් එපා. දකින කොට බඩ දඟලනව. ඊට හපන් උන් කකුලෙ එල්ලුනාම. ෂික් !

      එහෙනම් පාර නැතුවට කමක් නෑ, මේ තියෙන හැටි හොඳා. :D

      Delete
    4. ඒ පාරෙ නියම ෆොටෝවක් දාන්ට මට බැරි උනානේ.. දැම්මනම් ඔහොම නෙවෙයි කියන්නේ.. හොල්මන් කියන දේ නැහැයි ම කියල අහක දාන්නත් බෑ..

      https://www.dropbox.com/s/d5uiox70r2jk22v/Koggala%20Nilame%20Book%201.pdf

      https://www.dropbox.com/s/r6ht83tmav8equo/Koggala%20Nilame%20Book%202.pdf

      කියවලම බලන්ට...


      ප්‍රසන්න අයිය දන්නවනේ ඉතින් අපේ පැත්තේ හැටි... :D

      Delete
    5. ගොඩකවෙලින් කොහෙට යන පාරෙ ද ඔය සීන් එක වෙන්නෙ ? බැරි වෙලාවත් ඔය පැත්තෙ එන්න වුනොත් හෙම ගාථා ටිකක් වත් පාඩම් කරගෙන එන්න ඕන. :)

      Delete
    6. ගොඩකවෙල ම නෙවෙයි අයියා... රිදීවිට.... දන්නවද..?

      Delete
    7. එක වතාවක් ඇවිත් තියනවා.. ටික කාලෙකට ඉස්සර.

      Delete
  8. ඇසට නොපෙනෙන බලවේග ගැන නම් තරමක් විශ්වාස කරනවා. ඒත් මේ වගේ හොල්මන් ගැන නම් නෙමේ. බලමු හොයා ගත්තේ මොනවද කියල.

    අදමයි ආවේ. දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම... මේ පැත්තේ ආවාට.. අපිට නොපෙනෙන බල වේග ගොඩක් තියෙනවා තමා...
      හැමදාම එන්න.. :)

      Delete
  9. @kenji මාතලන් ලැපා ගෙදර දමා සැපා ගැනුමට කැලෑ වැදී ඇති බව දැන ගත්තෙමි.

    ReplyDelete
  10. අඩෝ මන් ඔච්චර අවා ගියාට මන් දන් නෑනේ බං මෙහෙම සීන් එකක්..එත් ඔය දාල තියෙන පාරනම් ඒක නෙමෙයි මචං...අර අක්කා ඉන්න පින්තුරේනම් එලට ගැලපෙනවා...මට දුක උබ ඔය කතාව මට කලින් කිව්වේ නෑනේ...රෑ කෙසේවෙතත් බං මන් හවස 6 ට විතර ඔය පාරෙන් ගියේ හද්ද බයේ...කතාවනම් එල ආ.......

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එක්කෙනෙක් තමයි දැකල තියෙන්නෙ.... c-)

      ඕවා එහෙම ලේසියෙන් කාටවත් කියන් නෑ.. උබත් ආයි බොග් කොටන්න පටන් ගත්තද... එළ ඈ...

      Delete
  11. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  12. කොල්ලො රෙද්ද අන්දල දෑන් මොහිනිගෙ අතෙ දරුවො දෙන්නයි කියන්නෙ ඈත්තද

    ReplyDelete
    Replies
    1. හෙහ්.. දැන් කොල්ලෝ මොහිනීට බය නෑ.... ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  13. //බැරි නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියල හිමිහිට ඉස්සරහට ගිහින් තියෙනවා. වංගුව හරවනවාත් සමගම මෝටර් සයිකලය ඉද්ද ගැහුවා වගේ නතර උනාලු. බ්රේක් ගැහුවද නැතිනම් ගැහුනද කියල තාමත් හිතාගන්න බැරිලු.

    මෙතෙක් වෙලා ඈතින් සිට නැරඹු චිත්‍රය දැන් තමා ඉදිරියෙන් තමන් ලඟින්ම තිබෙනු ඔහු දැක ඇත. තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පිටුපස හැරී සිටි කාන්තාව දුටු ඔහුගේ අත් සහ කකුල් හිරි වැටී ගිය බව ඔහු මා සමග පැවසීය.. එවෙලේ ඉතිපිසෝ භගවා... " ගාථාව කිව්වේ නැද්දැයි මම ඇසූ විට ඔහු කිව්වේ, " ඒ වෙලාවේ ඕවා මතක් උනේ නෑ බං " යනුවෙනි.//

    බලන්න ඔයා මේ කතාව ලියල තියෙන්නෙ විදි 2කකට.. ලූ ටයිප් එකෙන් කියාගෙන ගිහින් පස්සෙ මෙහෙම වෙලා. එතකොට කතාවෙ රසයට ටිකක් බාද වෙනවා.. හොදින් කියෝනම් ඒ දේවල් පේනවා.. හදාගන්න ඕනි හින්දයි කිව්වෙ.. ජය!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රාෆ්ට්ස් වල සේව් කර කර ලිව්වමත් ඕම වෙනවා :)

      Delete
    2. ඒක හරි සමී.... මට මේක එකපාර ලියාගන්න බැරි උනා... කතා රසයට බාධා උනානම් සමා වෙන්න ඕන.. ඒක හදා ගන්නම්. පෙන්නුවට ස්තූතියි...~~~

      Delete
    3. සාමාන්‍යයෙන් කතාවක් ලියද්දි, යම් සිද්ධියක් ඉදිරිපත් කිරීමේදි ටිකක් වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන කියල මමත් හිතනවා. මොකද ඕනම කතාවක යම් කිසි විදියක රසයක් තිබෙනව. ඒ රස නොමරා පාඨකයාට අපූර්ව අත්දැකීමක් ලබාදීමට රචකයා සමත්වීම තමයි ඔහුගෙ දක්‍ෂතාවය. සරලව ගත්තොත් දෙතුන් පාරක්, ලියූදේ නැවත නැවත කියවීමෙන් අනුචිත යැයි හැඟෙන වාක්‍ය කොටස්, වචන ඉවත් කිරීමට, තවත් අලංකාර වේ යැයි සිතෙන අයුරින් නැවත සංස්කරණය කිරීමට හැකිවෙනවා. බ්ලොග් එකකට වගේ ලියද්දි අවශ්‍ය නැතත් ඊට එහා යන ග්‍රන්ථයක් වැනි කටයුත්තකදි නම් තවත් අයෙකුට දෙදෙනෙකුට අවසන් සංස්කරණය කියවීමට දී ඔවුන්ගේ ද අදහස් වීමසා තමන්ට මඟහැරුණු අතපසු උනු තැන් නැවත සංස්කරණය කිරීමටත් වියරණ සදොස් තැන් නිදොස් කරගැනීමටත් හැකියි.

      දැන් ඔය සමී පෙන්නපු විදියට ඔය කතාව තනිකරම මිතුරගෙ වචනවලින් ඔහු ඉදිරිපත් කරන විදියට, නැත්නම් ලු ෆෝමැට් එකෙන්ම චින්තක ඇසූ කතාවක් විදියට, නොඑසේනම් මිතුරා සිද්ධිය ඔබට විස්තර කරන ආකාරයට සජීවි දෙබස් මගින් කුතුහලය ඇතිකරවමින් ඉදිරිපත්කිරීමට තිබුනා. එසේ වූවා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිව තිබුනා.

      කොහොම උනත් මම මුලින් මේ දේ නොකිව්වෙ ඇයි කියල හිතන්න එපා බං. මම මේ බ්ලොගයට ආපු දෙවෙනි දවස, කලින් ලියූ තාක්‍ෂණික කරුණු ඇතුලත් ලිපියට පසුව උඹ ලියපු කතාවක් කියවූ පළමු අවස්ථාව. මුල් කියවීමේදිම ඔය තැන් දැක්කට මම මේ ආව ගමන් පොරවගේ උපදෙස් දෙන්න අවශ්‍ය නැතැයි සිතුනා. මොකද මමත් සිංහල භාෂාව සාහිත්‍ය මහා උගතෙක් නෙවි, නිකන්ම නිකන් කියවීමෙන් ලත් පුරුද්ද විතරයි තිබෙන්නෙ. ඉතිං සමී කොල්ලා ඒ ගැන කිව්වම මටත් හිතුනා මගේ අදහසත් දැන් කිව්වට වරදක් නෑ කියල. ඉස්සර නම් කොතන වැරැද්දක් දැක්කත් මට තේරෙන හැටියට ඒ ගැන පෙන්වන්වා. ඒත් මට ඉක්මනින්ම වැටහුනා මම බ්ලොග් එකක් ලියන්නෙ නැතුව ලියන අයගෙ වැරදි පෙන්නන්න උපදෙස් දෙන්න එනවට සමහරුන්ගෙ එතරම් කැමැත්තක් නෑ කියල. තවත් සමහරු හිතනවා කියනදේ තේරෙනව නම් එච්චරනේ කියල. ඒකෙත් එක විදියක සත්‍යතාවක් තියෙනවා, මොකද බ්ලොග් ලියන හැමෝම ලිවීමේ මහා හැකියාවක් තියෙන, ඒකට අවශ්‍ය නිදසක් අස්වැසිල්ලක් තියෙන අය නෙවිනේ. දහසකුත් එකක් වැඩ අතරෙ ලැබෙන කෙටි විවේක වෙලාවෙ මේ හැම දේම කරන්නෙ. ඉතිං නිකන් හම්බෙන අස්සයගෙ දත් ගනින්න යන්නෙ මොකටද කියල පාඩුවෙ තියෙන දෙයක් කියවල විහිළුවක් කරල සැහැල්ලුවෙන් හිනාවෙල යන එක විතරයි මම නම් දැන් හුඟක් දුරට කරන්නෙ.

      මේ මගේ අදහස, උඹ අවුලක් ගන්නෙකක් නෑ කියල හිතනවා ඒ ගැන.

      Delete
    4. හ්ම්ම්... ඔබ නිවැරදියි... වැරැද්ද පෙන්නා දීම තමයි හොඳම දේ.. මගේ හිතේ කිසි අවුලක් නෑ...

      Delete
    5. මට තියන දුක සිංහල බ්ලොග් අවකාශෙට දක්ශ රචකයෙක් අහිමි උන එක. හැකියාව තියාගෙන නොලිය ඉන්නෙපා DDT අයියෙ .. ඒක අපිට කරන අසාදාරණයක් . මීට කලිනුත් කිව්වා. වැඩක් උනේ නෑ

      Delete
  14. ම්ම්ම් පේන හැටියටනම් ඇත්ත හොල්මනක් නෙවෙයි වගේ..කවුද කියල හොයා ගත්තලුනේ. බලමු කවුද කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත හොල්මනක් තමා.... :D

      Delete