නව කොරෝනා වෛරසය එහෙමත් නැත්තන් COVID-19 වෛරසය කියල කියන්නේ 'කොරෝනා' කියන වෛරස පවුලේ අලුත්ම සාමාජිකයා. ඔබ මීට කලින් සමහර විට අහල ඇති SARS (Severe Acute Respiratory Syndrome) හා MERS (Middle East Respiratory Syndrome) වෛරස ගැන. ඒ වෛරස අයිති වෙන්නෙත් මේ කොරෝනා වෛරස කාණ්ඩයට ම තමයි. නමුත් ඔය අනෙකුත් වෛරස එක්ක බලපුවාම මේ නව කොරෝනා වෛරසය ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් කොරෝනා වෛරස සම්ප්‍රේෂණය වෙන්නේ සතුන්ගෙන් මිනිසාට පමණයි. ඒත් මේ නව කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙනවා. ඒ හැකියාව තමයි මේ සියලුම දේට හේතු වෙලා තියෙන්නෙ.
මම දැන් කොරෝනා ගැන කතා කරන්න යන්නෙ නෑ, මොකද හැම කෙනෙක්ම වගේ මේ වෙද්දි පොඩි හරි අවබෝධයක් තියෙනවා.
හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ මේකට කවුරු කවදා බෙහෙතක් හොයාගනීවි ද කියලා. ඉතිං ඒ බලාපොරොත්තු මල්පල නංවමින් නව ඖෂධයක් සොයාගෙන තියෙනවා.
මුලින්ම කියන්න ඕන වෛරස් ආසාදන වලට බෙහෙතක් හදන්න හරිම අපහසුයි. මොකද අනෙක් ක්ෂුද්‍ර ජීවින් වගේ නෙවෙයි, වෛරස නිතරම තම ව්‍යුහය වෙනස්කර ගන්නවා.
මේ ඖෂධය මුලින්ම පරීක්ෂා කරලා තියෙන්නේ චීනයේ වුහාන් සහ ශේන්සෙන් වල කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් යොදාගෙන. ඔවුන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල පෙන්නලා තියෙනවා.
මේ ඖෂධය නම් කරන්නේ favipiravir කියල. එය මීට කලින් භාවිතා කරලා තියෙන්නේ ජපානයේ ඉන්ෆ්ලුවන්සා වෛරසයට ප්‍රතිකාරයක් හැටියට. ඇවිගන් (Avigan) කියල හඳුන්වන්නේත් මේකම තමයි. මෙම ඖෂධය ලබාදුන් රෝගීන් දින 04 ක් වගේ පොඩි කාලයක් තුල සුව වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරසයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඇති වන නිව්මෝනියා තත්ත්වය ඇතිවීම වලක්වන්නටත් මේ කොවිගන් වලට පුළුවන්. නමුත් විශේෂඥයන් පවසන විදියට රෝගය ගොඩක් දරුණු උන වෙලාවට මේ ඖෂධයෙන් ලොකු දෙයක් කරන්න අමාරුයි. ඒත් රෝගය දරුණු වෙන එක නවත්තන්න පුළුවන්නේ. ඉතින් මේ ඖෂධය පරීක්ෂණ මට්ටමෙන් සාර්ථක උනත් ලෝකය පුරා ප්‍රතිකාර වලට තාම අවසරයනම් ලැබිල නෑ.
කොවිගන් වලට අමතරව, නව කොරෝනා වෛරසයට මුහුණ දෙන්න පුළුවන් එන්නත් ද කියුබාවෙන් හා ඇමෙරිකාවෙන් සොයා ගෙන තියෙනවා. එම එන්නත් වල සාර්ථක බව තවමත් නිවැරදිව අත්හදා බලල නෑ. ඉතින් මේ සියල්ලෙන්ම කියවෙන විදියට අනාගතය එතරම්ම අඳුරු වෙන එකක් නෑ.
Thursday, March 19, 2020
Monday, March 9, 2020
ක්ෂණික මෝචනය ඔබට ප්‍රශ්නයක් වෙලාද?
ක්ෂණික මෝචනය කියන්නෙ මොකද්ද? මේක ඉතිං පිරිමින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා මං අමුතුවෙන්ම කියන්න ඕන නැහැනෙ.
සරලවම කිව්වොත්, ඔබ ලිංගිකව එකතුවන විට, ඉතාමත් කුඩා කාලයක් තුල ඒ කියන්නෙ පුරුෂ ලිගුව යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීමටත් කලින් හෝ ඇතුල් කර ඉතාමත් කෙටි කාලයකින් ධාතු පිටවීමට තමයි ක්ෂණික මෝචනය කියන්නෙ.
බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ටත් මේ ක්ෂණික මෝචනය කියන දේ තියෙනව කියලා හිතෙන එක. මේක කියවන ඔබටත් එහෙම හිතිලා ඇති. ඇත්තටම එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මිනිහෙක්ට තම ලිගුව ධාතු පිට වීමට නොදී යෝනියක් තුල තබාගතහැකි කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම ඇතැම් විට එකම පුද්ගලයාටත් එම කාලය අවස්තාව අනූව වෙනස් වෙනවා. ඒ නිසා අවම වශයෙන් මිනිත්තුවක් වගේ කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන්නම් ඔබට ක්ෂණික මෝචනය නෑ.
ඒ වගේම ලෝකය පුරා පිරිමින් යොදාගෙන කරපු සමීක්ෂණ වාර්තා වලට අනූව බහුතරයකගෙ මේ කාලය මිනිත්තු 4ත් 5ත් අතර කාලයකට සීමා වෙලා තියෙනවා. ඉතාමත් අතලොස්සකගෙ මේ කාලය මිනිත්තු 30ත් පැනලා තියෙනවා.
අපි බලමු මේ ක්ෂණික මෝචනයට හේතු මොනවද කියලා. මෙයට විවිද හේතු හොයාගෙන තියෙනවා එයින් කිහිපයක් තමයි මේ.
1. මානසික ආතතිය
2. නිතරම තමාට ක්ෂණික මෝචනය ඇතැයි සිතීම
3. සහකාරිය සමග ගැටලු ඇති වීම
4. වෘත්තීය දිවියේ ඇති පීඩන
5. සිරුර තුල ඇති ඇතැම් රසායනික සංයෝග වල වෙනස් වීම්
6. ඇතැම් ඖෂධ වල අහිතකර ප්‍රතික්‍රියා
මේ සියල්ලම වගේ වලක්වා ගතහැකි දේවල් කියලා ඔබට පේනවා ඇති. ඇත්තටම ක්ෂණික මෝචනයට හේතුවන බොහෝමයක් සාධක අපිට වලක්වා ගන්න පුලුවන් දේවල්. ඒත් බොහෝවිට මේ ගැන නොදැනුවත් කම සහ වෛද්‍ය උපදෙස් පැතීමට ඇති ලැජ්ජාව නිසා බොහෝමයක් දෙනා මේ රෝගී තත්ත්ව සඟව ගෙන ඉන්නවා. ඉතිං මේ දේවල් අවසාන වෙන්නෙ පවුල් ප්‍රශ්න රාශියකටත් හේතු වෙලා.
ඔබටත් මේ ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන උපදෙස් ගන්න එක තමයි කළ යුතු හොඳම දේ. මානසික ආතතිය මග හරවා ගන්න මනෝ වෛද්‍ය උපදේශන සේවා වගේම ඖෂධ පාවිච්චි කරන්නත් පුලුවන්. මේවා මානසික රෝග නෙවෙයි.
අනිත් වැදගත්ම කාරණේ තමයි ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමට පාවිච්චි කරන ඖෂධ වර්ග හිතුමතේ පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒවයෙ අහිතකර ප්‍රතික්‍රියා ඊටත් වඩා බරපතලයි. සෑම විටම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
ඔබටත් ක්ෂණික මෝචනය නැතත්, ඉක්මනින් ධාතු පිට වීම වලක්වා ගන්න පුලුවන් උපක්‍රම කිහිපයක් සඳහන් කරන්නම්.
මුලින්ම කියන්න ඕන ලිංගික සංසර්ගය සහ ස්වයං වින්දනය කියන දෙක පටලවා ගන්න එපා. මොකද ක්ෂණික මෝචනය කියලා දෙයක් අපි ස්වයං වින්දනයේදි කතා කරන්නෙ නෑ. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් වරදවා තේරුම් ගත් බොහෝ දෑ ඇති. ඒ දේවල් කොමෙන්ටු විදියට පල කරන්න. පිලිතුරු දෙන්නම්.
දැන් ආයෙමත් මාතෘකාවට එමු. ධාතු පිටවීම ප්‍රමාද කිරීමට කළ හැකි දෑ.
1. සරලම සහ ඉක්මන්ම ක්‍රමය තමයි උපත් පාලන කොපු. ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන රසායනික සංයෝග ඇතුලත් උපත් පාලන කොපු වර්ග ඕන තරම් වෙළඳපොළේ තියෙනවා. ඒ ගැනත් ඉදිරියෙදි කියන්නම්. ඒත් ඉතිං රේන් කෝට් එකක් දාගෙන නෑවම තියෙන ෆීලිං එක ගැන අමුතුවෙන් මෙතන විස්තර කරන්න ඕන නැහැනෙ.
2. දෙවැනි ක්‍රමය තමයි 'foreplay' එක දීර්ඝ කිරීම. Foreplay එක කියලා කියන්නෙ ලිංගික එකතු වීමකදි යෝනිය තුලට පුරුෂ ලිගුව ඇතුලු කිරීමට පෙර සිදුකරන ක්‍රියාකාරකම් ටික. මේ කාලය ක්‍රමවත්ව වැඩි කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුලුවන්.
අපේ රටේ තියෙන ලිංගික අධ්‍යාපනයෙ තියෙන දුර්වලතාවය හරිම ලස්සනට ඉස්මතු වෙන තැනක් තමයි මෙතන. ඇතැමුන් මේ foreplay ගැන අහලවත් නෑ. දැන් ඉන්න අලුත් පරම්පරාව මේ දැනුම අරගන්නෙ බටහිර නිල් චිත්‍රපට බලලා. ඒත් ඒවායින් ඔවුන්ගෙ සිත් තුලට කා වැදෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල්. මේ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවක් උනත් ලියන්න පුලුවන්.
3. තවත් පහසුම ක්‍රමයක් තමයි ඉරියව් වෙනස් කිරීම. පුරාණ ඉන්දියානු ග්‍රන්ථයක් වන කාමසූත්‍ර වල විවිධ ලිංගික ඉරියව් සියයකටත් වඩා ඉදිරිපත් කරලා තියෙනවා. ඒගැන ඉදිරියට වෙනම කතා කරමු. ඇත්තටම ඒ හැම ඉරියව්වක්ම කරන්න බැරි උනත් ඉරියව් කිහිපයක් මාරු කරමින් ලිංගිකව යෙදෙන විට ධාතු පිටවීමට යන කාලය වැඩි කරගන්න පුලුවන්.
4. සහකාරියගේ උදව්වෙන් කරන්න පුලුවන් දේවලුත් තියෙනවා. ඉන් එක උපක්‍රමයක් තමයි ලිංගිකව එක් වන අවස්ථාවකදි තමන්ට ශුක්‍රාණු පිටවෙන්න ආසන්න වෙන විට ඒ බව සහකාරියට දැනුම් දීම. එවිට ඇය තම අතේ ඇඟිලි දෙකකින් ලිගුවේ කෙලවර වේදනාවක් ඇතිවන පරිදි තෙරපීමක් සිදු කරනවා. එවිට ශුක්‍රාණු පිටවන්නෙ නෑ. නැවත ලිංගික එක්වීම සිදු කළ හැකියි. මෙය නැවත නැවතත් සිදු කරන්න පුලුවන්.
මෙවැනි උපක්‍රම ඕනෑතරම් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය විදියට දිගු වෙන එක තමයි වෙන්නෙ. එනිසා මෙතැනින් නතර කරන්නම්.
තවත් අලුත් මාතෘකාවකින් නැවත හමුවෙමු!

Wednesday, March 4, 2020
ඔබත් නින්දෙන් සිහින දකින්නෙක්ද?
නපුරු හීන දැකීම, හීනෙන් බය වීම, හීනෙන් ඇවිදීම වගේ දේවල් රෝගයක් කියලා කිව්වොත් ඔබ මොකද කියන්නෙ. සමහර විට මෙය කියවන ඔබ පවා කුඩා කාලයේ මෙවැනි සිදුවීම් වලට මුහුණපාලා ඇති. ඔව් එය රෝගයක්. හැබැයි ගොඩාක් දුරට, බොහොම අහිංසක රෝගයක්. අපි බලමු මොකද්ද මේ කියන්නෙ කියලා.
'නින්ද' කියලා කියන්නෙ මිනිසාට අත්‍යවශ්‍යම දෙයක්. ඒක ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි මේ නින්ද හා සම්බන්ධ රෝග බොහොමයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද? අපේ සමාජයේ බොහෝ දෙනෙක්ට මේ කුමන හෝ වර්ගයක රෝගයක් තියෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
මුලින්ම අපි සාමාන්‍ය නින්ද ගැන කතා කරමු. සාමාන්‍ය මිනිසෙකුගෙ නින්ද තියෙන්නෙ චක්‍ර (cycles) විදියට. එක cycle එකක් ප්‍රධාන ලෙසම කොටස් දෙකකින් යුක්ත වෙනවා.
1. non REM sleep
2. REM sleep
REM කියලා කියන්නෙ Rapid Eye Movements. ඒ කියන්නෙ ගැඹුරු නින්දෙදි අපේ ඇස වේගයෙන් ගැහෙන එක.
අපි නිදාගත්තම මුලින්ම එන්නෙ non REM sleep. ඒකෙදි අපේ නින්ද ටික ටික ගැඹුරු නින්දක් බවට පත්වෙනවා. ඒ නින්ද මිනිත්තු 80ක් විතර තියෙනවා. ඊට පස්සෙ එන්නෙ REM sleep. ඒක තියෙන්නෙ මිනිත්තු 10ක් වගේ කාලයක්. ඔය කාලෙදි තමයි අපිට හීන එහෙම පේන්නෙ. ඒ වෙලාවට අපේ ඇඟ පණ නැතුව තමයි තියෙන්නෙ. ඇයි මොකද නැත්තන් අපි හීන වල දකින දේවල්, කරන දේවල් ඇත්තටම කරන්න යනවනෙ. බලන්න කොච්චර අපූරුවට මේ දේවල් හැඩගැහිලා තියෙනවද කියලා.
මං කලින් කිව්වනෙ නින්ද තියෙන්නෙ චක්‍ර (cycles) විදියට කියලා. ඉතින් මේ REM sleep එකක් ඉවර උනාම ආයෙමත් non REM sleep එකක් පටන් ගන්නවා. ඔය විදියට දිගටම අපි ඇහැරෙනකන් නිදි චක්‍ර ඇතිවෙනවා. අහලා ඇතිනෙ සාමාන්‍යයෙන් මිනිහෙක් පැය 6ක් 8ක් වත් නිදාගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නෙ ඔය නිදි චක්‍ර (sleep cycles) සාමාන්‍ය මනුස්සයෙක්ගෙ 4ක් 6ක් විතර ඇති වෙනවා. ගණන් හදලා බලන්නකො හරිද කියලා.
මේ දක්වා මං කියපු මොකුත්ම තේරුනේ නැත්තන් කමක් නෑ. දැන් තමයි ලෙඩේ ගැන කියන්න යන්නෙ. දැන් ඉඳං හරියට කියවන්න.
මිනිසාගේ මේ නින්ද සම්බන්ධ ලෙඩවල් කිහිපයක්ම තියෙනවා. එයින් බහුලම ලෙඩක් තමයි හරියට නින්ද නොයන එක (Insomnia). ඒ වගේම වැඩිපුර නින්ද යන එකත් (Hypersomnia) ලෙඩක්. මේ ලෙඩවල් ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට ඉඩ ලැබෙන හැටියකට කියන්නම්. නැත්තන් මේක කියවන්න ගිහින් ඔබට වෙනම ලෙඩක් හැදෙයි.
මම අද කියන්න යන්නෙ මේ ඔබ දකින සිහින හා ඒ ආශ්‍රිතව ඇති රෝග කාණ්ඩය (Parasomnias) ගැන. නපුරු සිහින දැකීම (nightmares), සිහිනෙන් බිය වී කෑගැසීම (night terrors) හා සිහිනෙන් ඇවිදීම (sleep walking) තමයි මේ කාණ්ඩයට අයිති වෙන ලෙඩවල්. ඒ ගැන තමයි මං කතා කරන්න යන්නෙ.
දැන් ඔබ හිතනවා ඇති ඔබත් ඕනෑතරම් නපුරු සිහින අත්විඳලා තියෙනවා කියලා. හැබැයි ඔබත් මමත් නිතර දෙවේලෙ දකින හැම හීනයක්ම මේකට අයිති වෙන්නෙ නෑ. නමේම තියෙනවනෙ නපුරු හීන කියලා. මේ හීන ඔබ දකින්නෙ REM sleep වලදි. වැදගත්ම දේ තමයි ඔබ සිහිනෙන් දැකපු සියල්ල අවදි උනාම මතක තිබීම. හීනෙන් බය වෙලා කෑ ගහන්නෙ නෑ. ඒවගේම අවදි උනාම හොඳ සිහියෙනුත් ඉන්නවා.
ඇත්තටම මේක බොහෝ දුරට කුඩා දරුවන්ට තියෙන දෙයක්. මෙය රෝගයක් කියලා කියන්නත් බොහෝ දෙනා කැමති නැහැ. ඒත් ඇත්තටම මෙය රෝගී තත්ත්වයක්. නමුත් මේකට ගොඩාක් දුරට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙත් නෑ. බොහෝ දුරට දරුවන් ලොකු වෙනකොට ඉබේටම නැතිවෙනවා. හැබැයි ඔබේ හෝ ඔබ දන්නා හෝ දරුවෙක්ට මේ තත්ත්වය ගොඩක් දරුණුවටම තියෙනවනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම. මොකද මේකට ප්‍රතිකාර ක්‍රම තියෙනවා.
මේක වෙන්නෙ non REM sleep වලදි. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවෙන රෝගී තත්ත්වයක්. ඔබ නිදා සිටින විට වරින් වර අවදි වෙනවා වගේම බය වෙලා කෑ ගහනවා. හදවත් ස්පන්දන වේගය, හුස්ම ගන්න වේගය වැඩිවෙනවා වගේම දහඩියත් දමනවා. වැදගත්ම දේ තමයි ඔබ අවදි උනාට සිහියෙන් නෙවෙයි ඉන්නෙ. ඒ වගේම ඔබට හීනෙන් දැකපු කිසිම දෙයක් මතක හිටින්නෙත් නැහැ. මෙවැනි ලක්ෂණ තියෙනවනම් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳ. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ට දවල් කාලයේ පොඩි නින්දක් දැම්මමත් රෝග ලක්ෂණ අඩුවෙනවා කියලා හොයාගෙන තියෙනවා.
මේකත් ඇතිවෙන්නෙ non REM sleep වලදි. දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවන රෝගී තත්ත්වයක්.
සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ ඇඳෙන් බැහැලා ඇවිදින එක. නිදාගෙන තමයි ඉන්නෙ. ඒත් වැදගත්ම දේ තමයි නිදාගෙන හිටියත් බොහෝ වෙලාවට ඇවිදින්නෙ ඇස් දෙක ඇරගෙන. ඒ විතරක් නෙවෙයි ගෙදර තියෙන බිත්ති, පුටු මගහැරගෙන යන්නත් පුලුවන්. ගොඩක් දුරට මේක හානිකර නැහැ. හැබැයි මෙහෙම ඇවිදින්න ගිහින් වැටිලා තුවාල කරගන්නනම් පුලුවන්. ඒක නිසා ගෙදර දොරවල් ජනෙල් හොඳට ලොක් කරලා, භයානක දේවල් ඈත් කරලා තිබ්බනම් හොඳයි. කුඩා දරුවන්ටනම් ඉබේටම වයසත් එක්ක නැතිවෙලා යනවා. ප්‍රතිකාර අවශ්‍යම නැති තරම්. ඒත් නිතර නිතර සිදු වෙනවනම් හරි, වැඩිහිටි අවධියෙදිත් තියෙනවනම් හරි වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි.
ඉතින් නින්ද ගැන තව ටිකක් ඉඩ තියෙන වෙලාවක ලියන්නම්. ආයෙමත් බ්ලොගේ ලියන්න කියලා බැලුවෙ වෙලාවක් ලැබෙන හැටියකට. එහෙනම් ආයෙත් හමු වෙමු. ජය!

- නපුරු සිහින දැකීම (nightmares)

- සිහිනෙන් බිය වී කෑගැසීම (night terrors)
මේක වෙන්නෙ non REM sleep වලදි. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවෙන රෝගී තත්ත්වයක්. ඔබ නිදා සිටින විට වරින් වර අවදි වෙනවා වගේම බය වෙලා කෑ ගහනවා. හදවත් ස්පන්දන වේගය, හුස්ම ගන්න වේගය වැඩිවෙනවා වගේම දහඩියත් දමනවා. වැදගත්ම දේ තමයි ඔබ අවදි උනාට සිහියෙන් නෙවෙයි ඉන්නෙ. ඒ වගේම ඔබට හීනෙන් දැකපු කිසිම දෙයක් මතක හිටින්නෙත් නැහැ. මෙවැනි ලක්ෂණ තියෙනවනම් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳ. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ට දවල් කාලයේ පොඩි නින්දක් දැම්මමත් රෝග ලක්ෂණ අඩුවෙනවා කියලා හොයාගෙන තියෙනවා.
- සිහිනෙන් ඇවිදීම (sleep walking)
මේකත් ඇතිවෙන්නෙ non REM sleep වලදි. දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවන රෝගී තත්ත්වයක්.
සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ ඇඳෙන් බැහැලා ඇවිදින එක. නිදාගෙන තමයි ඉන්නෙ. ඒත් වැදගත්ම දේ තමයි නිදාගෙන හිටියත් බොහෝ වෙලාවට ඇවිදින්නෙ ඇස් දෙක ඇරගෙන. ඒ විතරක් නෙවෙයි ගෙදර තියෙන බිත්ති, පුටු මගහැරගෙන යන්නත් පුලුවන්. ගොඩක් දුරට මේක හානිකර නැහැ. හැබැයි මෙහෙම ඇවිදින්න ගිහින් වැටිලා තුවාල කරගන්නනම් පුලුවන්. ඒක නිසා ගෙදර දොරවල් ජනෙල් හොඳට ලොක් කරලා, භයානක දේවල් ඈත් කරලා තිබ්බනම් හොඳයි. කුඩා දරුවන්ටනම් ඉබේටම වයසත් එක්ක නැතිවෙලා යනවා. ප්‍රතිකාර අවශ්‍යම නැති තරම්. ඒත් නිතර නිතර සිදු වෙනවනම් හරි, වැඩිහිටි අවධියෙදිත් තියෙනවනම් හරි වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි.
ඉතින් නින්ද ගැන තව ටිකක් ඉඩ තියෙන වෙලාවක ලියන්නම්. ආයෙමත් බ්ලොගේ ලියන්න කියලා බැලුවෙ වෙලාවක් ලැබෙන හැටියකට. එහෙනම් ආයෙත් හමු වෙමු. ජය!
Tuesday, February 21, 2017
෴සයිටම් විරිඳු ෴
ඔන්න ඉතිං කියෝන ගමන් අහන්නත් පුළුවන්..
෴සයිටම් කතා වස්තුව෴
෴සයිටම් කතා වස්තුව෴
පහළින් සද්දෙට දාලා ඇති, අහගෙනම යන්න
පළමු විරිඳු සෙට් එක
සකල සිරින් පිරි ලක්දිව
හොර වෙද කඩයක් බිහිවිය
කෝටි ගණන් කරමින් ණය
වෙද උපාධි එහි අලෙවිය
අත මිට යහමින් ඇති අය
උසස්පෙළට නැහැ නොවැ බය
යන්තම් ගොඩ දාගෙන එය
සයිටමයට යන්න හැකිය
ගන්නට මෙඩිසින් ඩිග්‍රිය
සායන පුහුණුව අවැසිය
ලෙඩ්ඩු නැතිව වේලි ගිය
රෝහල් මඩුවක් එහි විය
නැතිවිට ඩිග්‍රියේ ප්‍රමිතිය
වෙද සභාව අකමැති විය
අග මුල නැති පී එම් සිය
ලත් තැනදීම එහි ලොප් විය
හක්කේ බුදු රැස් දිළිසිය
බොක්කේ දඩ මස් දිස් විය
නෙවිල්ගේ හොර වැඩ එළිවිය
එල්ලෙන්නට වැල් නැති විය
දැම්මට හොර වෙද නළාව
සුව කරන්න බෑ ලෙඩාව
ප්‍රමිතිය නැති බව සැබෑව
කියනවා දැන් වෙද සභාව
නටන්න බැරි බව දැන දැන
පොලොව ඇදයි කියනු එපා
නැති කොලිටිය පෙන්නා ගෙන
හොර උපාධි දෙන්න එපා
පෙර සිට සුරැකිව පැවතෙන
ඉසිවර ගුණ නසනු එපා
පරදනු තුරු නුදුරු දිනෙක
ආපසු යලි හැරෙනු එපා
රටටම සෙනසුරු දසාව
ලබන දිනය එයි ළඟාව
රැක ගන්නට ඔබෙ ලෙඩාව
පරදමු සයිටම් යකාව
මෙතනින් අහන්න - පළමු සෙට් එක
දෙවන විරිඳු සෙට් එක
සයිටම් හොර කඩයට
ලයිසන් ගෙන දීමට
රාජිත එස් බී ලට
දුන්නලු මනි පොදියට
මහජන සේවය ගැන
පාරම්බා ගෙන එන
උසස්ම අධ්‍යාපන
ඇමතිට වෙයි කොඩිවින
රෝගී ජීවිත ගැන
නැත කැක්කුම මුන් හට
ලෙඩ හැදුනම මුන් ටික
දුවන්නේ පෝලිමේ රට
නිදහස් අධ්‍යාපන
ක්‍රමයට පින් දී ගෙන
අසරණ දුප්පත් දරුවන්
වුනා මෙරට දොස්තර
කුට්ටි කුට්ටි අරගෙන
ඇමතිලා තුන් කට්ටුව
විනාශ කරනවා අපේ රට
පැවතුන ඒ යහපත
මව ගැන මෙන් රට ගැන
සිහියට ගෙන සැම දෙන
එක් වී ගෙන පෙරමුණ
සයිටම් පරදනු මැන
පුදකර හෝ ජීවිත
නිදහස් අධ්‍යාපන
සුරකිමු අප සැමදෙන
දරුවන් ගැන සිතමින
දොස්තර කම මුදලට
පමණක් දෙන සයිටම
වසා දමන දවසට
සැමටම වෙයි යහපත
මෙතනින් අහන්න - දෙවන සෙට් එක
ගායනය - දුමිත අමරසිංහ
වාදනය - මියුරු රංගන
Saturday, February 4, 2017
ක්‍රිකට් සහ සයිටම්
මගේ පොඩි කාලේ හීනේ උනේ ලංකා ක්‍රිකට් ටීම් එකට යන එක. ඒත් මටනම් වැඩිය ක්‍රිකට් ගහන්න බෑ. ටෙනිස් බෝලෙට ගහගන්න බැරි උනාට සල්ලි දුන්නම ලෙදර් පුළුවන් වෙනෝලුනේ. පස්සේ තාත්තා මාව ගමේ ලොකු ඇමති තුමාගේ හිතවතෙක් කරන ක්‍රිකට් ඇකඩමියට කනෙන් ඇදන් ගිහින් බාර දුන්නා. ක්‍රීඩා ඇමතිගේ බෑණත් හිටියා. සුදුසුකම් වලට ඇහුවේ ක්‍රිකට් මැච් බලල තියෙනවද කියල විතරයි. ෆුට්බෝල් ගහපු දෙතුන් දෙනෙකුත් හිටිය.
තාත්තා රුපියල් කෝටියක් ක්‍රිකට් ඇකඩමියට ගෙව්වත් ඒකෙ හරියට පිට්ටනියක් තිබ්බේ නෑ. ඒත් සිද්ධාන්තේ ඉගැන්නුවා. අවුරුදු පහේ කෝස් එකනම් ඉවර උනා. බෝලේ ඇල්ලුවෙත් දවස් දෙකයි. සහතිකෙත් හම්බුනා. ඒත් තාත්තා ගේම් එක අත් ඇරියේ නෑ. මාවත් එක්ක ගිහින් දැම්මා උසාවියේ නඩුවක් මාව සිලෝන් ටීම් එකට, සුදුසුකම් සපුරලා තියෙන්නේ කියල. අපි නඩුව දින්නා. (දිනපු විදිය ගැන නම් අහන්න එපා)
තේරීම් කමිටුවත් අදාළ නෑ කිව්වා, ක්‍රිකට් පාලක මණ්ඩලේ අදාලත් නෑ කිව්වා. හෙට සෞත් ඇෆ්රිකා යන්න ලැස්ති වෙන ගමන්. මාත් දැන් ක්‍රිකටර් කෙනෙක්. දැන් ඉතිං රිප් ශ්‍රී ලන්කන් ක්‍රිකට් කියල පෝස්ට් දාන්නයි, නීතියේ දෙවඟනට අපහාස කරන්නයි ලැස්ති වෙන්න එපා කුහකයෝ.
දැන් හෙට ඉඳන් මැච් පැරදුනොත් නං නුන් ගාන්න එපා! ඇයි මීට කලින් ලංකාව මැච් පැරදිලා නැද්ද?
ක්‍රිකට් ගහන්න හැමෝටම අයිතියක් තියෙනවා හරිය!! එන්න එපා කුහක කම් කරන්න!!
යකෝ මුන්ට සල්ලි වලට IPL ගහද්දි හොඳයි, ක්‍රිකට් වලින් සල්ලි හොයන්න හොඳයි නම් සල්ලි දීල ක්‍රිකට් ටීම් එකට යන එකේ අවුල මොකද්ද?
වෙන එකෙක් ගොඩ යද්දී තමා මුන්ට රිදෙන්නේ!! හූ හූ කුහකයෝ!!
ප.ලි: මූණු පොතේ හමු වූ අදහසකි...

Subscribe to:
Posts (Atom)