වරදක්
ලබන්නට ඔබට
වරදක්
කළ
හැකිද
සතුටක්
ලබන්නට
ඔබට
සතුටක්
කළ හැකිද
මෙලොව
මියෙනා තුරා - සදාකල් ඔබ මගෙය
සසර
සරනා තුරා - සදාකල් ඔබ මගෙය
ඔබ
ද... මා ද..... යනු ,
දෙදෙනෙකු
නොවන බව
අත්දැකීමෙන්ම
සපථ
කළෙමු
ඔබ
ද... මා ද... යනු ,
එක්
අයෙක් නොවන බව
වරෙක ඔබම මා හට
පැවසුවා
මතකය!
එසේනම්
මා
ඔබේ කවුරුන් ද
ඔබ
මගේ කවුරුන් ද
නොදන්නෙමි
මා තවම.....
මෙලොව
මෙතරම් නිහඬ බව
දන්නේ
ඔබ හා මා පමණ ද
ඒ
නිහඬ බවෙ සුවඳ
විඳින්නේ
අප පමණ ද
සිතට
එන අදහසට - පණ පොවා කවි ලෙසට
කියූවේ
ඔබ විතරම ද මා හට
ඒ
කවියෙ පද වැලට
සවන
දිගු වූයේ - මගෙ විතර ද
සබඳ
මට කිව මැනව
ඔබ
නොවෙද
තනිකම!
උබමද ලිව්වේ කියපං තරහ නැතුව..
ReplyDeleteමම තමයි..
Deleteගොඩක් හොදයි..
ReplyDeleteස්තූතියි෴
Delete