අද කාලේ පරිගණකයක් එකලස් කරනවා කියන්නේ හරිම
පහසු වැඩක්. හැබැයි ඒක හරිම අවබෝධයකින් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්. මොකද
සුළු අතපසු වීමකින් වුනත් යම් උපාංගයක් විනාශවෙලා යන්න පුළුවන්. නිවැරදි විදියට
පරිගණකයක් එකලස් කර ගන්න හැටි තමයි දැන් කියන්න යන්නෙ.

දැන් පරිගනකයක මූලික කොටස් සහ ඒවා සම්බන්ද වන
ස්ථාන ගැන ටිකක් හොයල බලමු. පහලින් දක්වල තියෙන්නේ පරිගනකෙක තියෙන මූලික කොටස්
ටික.
· මවුපුවරුව (Motherboard)
· ප්‍රොසෙසරය (Processor)
· රැම් (RAM)
· හාර්ඩ් ඩිස්ක් (Hard Disk)
· සීඩී/ඩීවීඩී ඩ්‍රයිව් ( CD/DVD Drive)
· වීජීඒ කාර්ඩ් (VGA Card)
· සවුන්ඩ් කාර්ඩ් (Sound Card)
· මතුපිට කවරය හා බල සැපයුම් ඒකකය (Casing & Power Supply Unit)
· මොනිටරය (Monitor)
· යතුරු පුවරුව (keyboard)
· මවුසය (Mouse)
දැන් ඉතින් මේවයින් වැදගත් කොටස් වල තොරතුරු
ටිකක් හොයල බලමු. පරිගනකයක තියෙන වැදගත්ම දෙයක් තමයි මවුපුවරුව(Motherboard) කියල කියන්නෙ. පරිගණකයට සම්බන්ද කරන සියලු උපාංග
සම්බන්ද වෙන්නේ මේ මවුපුවරුව හරහා. වෙළඳපොලේ විවිද නම් යටතේ විවිධ විවිධ මිල ගණන්
වලට මවුපුවරු විකුනන්න තියෙනවා. ඔබ මිලදී ගන්න මවුපුවරුව ඔබ මිලදී ගන්න ප්‍රොසසරයට
ගැලපෙන එකක් විය යුතුයි. දැන්නම් වෙළඳපොලේ තියෙන්නේ LGA 775 හෝ LGA 1155 ආකාරයේ
සොකට්ටු සහිත මවුපුවරුයි. එමෙන්ම වර්තමානයේ විකිණීමට ඇති DDR3 වර්ගයේ රැම් කාර්ඩ් එකක් සම්බන්ද කිරීමට හැකි
ස්ලෝට්ස් පවතීදැයි බැලීමද අනිවාර්ය වේ. කෙසේ නමුත් නවීන මවුපුවරුවල මෙම සියලු අවශ්‍යතා
පවතී. මවු පුවරුවක කොටස් හඳුනාගැනීමට පහත
දැක්වෙන රූපසටහන බලන්න.

ඒ වගේම තමයි රැම් මතකයක් තෝරාගන්න කොටත් ටිකක් සැලකිලිමත්
වෙන්න ඕන. දැන් අලුතින්ම වෙළඳපොළට එන්නේ DDR3 වර්ගයේ
රැම් උපාංග. එවැනි රැම් උපාංගයක් මිලට ගන්නේනම් ඔබේ මවුපුවරුවේ ඊට සරිලන ස්ලෝට්ස්
පවතීදැයි මුලින්ම සලකා බැලිය යුතුය.
![]() |
විවිධ DDR මාදිලි වල රැම් උපාංග |
මීට අමතරව ඔබේ පරිගණකයට අවශ්‍ය ග්‍රැෆික් කාර්ඩ්
ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් වෙළඳපොලේ විකිණීමට තිබෙන නවීන මවුපුවරු වලනම් 1 GB
පමණ ඔන්බෝර්ඩ් ගැෆික් කාර්ඩ් එකක් තියෙනවා. එහෙත්
ඔබට අවශ්‍යනම් වෙනමම VGA Card එකක් හෝ PCI Express Card එකක් සවිකරගන්න පුළුවන්.
ඔබේ නව පරිගනකයට ඩීවීඩී රයිටරයක් සවිකරනවානම්
තමයි වඩාත් හොඳ. ඊට අමතරව ඉතින් හොඳ මොනිටරයකුත් දා ගන්න ඕන. දැන්නම් වෙළඳපොළේ
වැඩියෙන්ම තියෙන්නේ LCD හා LED මොනිටර.
එත් ඔබට අවශ්‍යනම් CRT මොනිටරයක් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
nice..
ReplyDeletethankz
Deleteමෙහෙම තමන්ම එකලස් කර ගන්නවා නම් ඒ ගැන අවබෝධය වැඩි කර ගන්නත් පුළුවන් නේ.
ReplyDeleteඒක ඇත්ත.. වැඩි ගානක් යන්නෙත් නෑ..
Delete