![]() |
Facebook Addiction Disorder |
ඔය ඇමෙරිකාවේ තියෙන එක එක ආයතන වලින් කරපු සමීක්ෂණ වලින් තමයි මේ බව ඔප්පු වෙලා තියෙන්නේ. ගොඩක් සමීක්ෂණ ආයතන සොයාගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි බුකියට වැඩියෙන්ම ඇලී ගැලී වාසය කරන්නේ කාන්තාවෝ කියන එක. ඇත්තද දන්නේ නෑ කතාව. වැඩේ කියන්නේ සමහරු උදේ මූණ හොදගන්නත් කලින් නැගිට්ට ගමන් කරන මුල්ම රාජකාරිය බුකිය පැත්තේ විසිට් එකක් දාන එකලු. දත් මැදලා මූණ එහෙම හෝද ගන්නේ ඊට පස්සෙලු. අනේද කියන්නේ. තවත් සමහරු රෑ දොළහට විතර නැගිටලා බුකිය පැත්තේ ගිහින් එනවලු. හීනෙන් වෙන්න ඇති මයේ හිතේ. ඇමෙරිකාවේ ඔහොම කිව්වට ඉතින් ලංකාවෙත් ඔහොම තමා. ඉතින් ඔය ගැන කට්ටිය සැරටම පර්යේෂණ කරනවලු මේක ලෙඩක්ද කියල හොයන්න. ලංකාවෙත් කාලෙකට කලින් මේ බුකිය තහනම් කරන්ට යනවාය කියල කට කතාවක් ගියා මතක ඇති.
මූණු පොත ( බුකිය ) පැත්තේ නිතර දෙවේලේ ඇවිල්ල මූණ පෙන්නලා යන සෙනග දැන් කෝටි 70ත් ඉක්මවලා. දවසකට අලුතෙන් හැදෙන මූණු පොතේ ගිණුම් ටික දැක්කම මාර්ක් මලයට තරු පෙනිලා. ඒක හින්දද කොහෙද දැන් ඔන්න මැරිච්ච උදවියගේ ගිණුම් ටික අයින් කරලා දාන්ට හදනවලු. දැන් කවුරු කවුරුත් බලනවා ඇති කොහොමද බොලේ මැරුණා කියල දැන ගන්නේ කියල. මෙහෙමලු, කාගේ හරි බුකියේ එකවුන්ට් එකක් වැඩි කාලයක් නිකන් නිකරුනේ කිසිම යාවත්කාල වීමක් නැතුව තිබුනොත් එයාගේ යාලුවන්ට බුකියේ ඉහල තැන් වලින් පණිවුඩ එනවලු මිනිහ මැරිලද කියල අහල. එතකොට මුං ඔව් කියල කිව්වොත් ගිණුම අවලංගු කරලා දානවලු. එහෙමලු බුකියේ ඉඩ ගන්නේ. නැත්තන් දැනටමත් බුකියේ ඉඩ නෑලු.
![]() |
Facebook Addiction Disorder |
ඔය බුකියේ තියෙන ගිණුම් වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ගිණුම් කියල හොයා ගෙන තියෙනවා. ඒ කියන්නේ බොරුවට හදා ගත්තු ඒවා. විශේෂයෙන්ම කෙල්ලන්ගේ නම් වලින් බුකියේ පෙනී හිටින කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඕක උන්මත්තක රෝගයක් කියල අහන්නත් දෙයක්යෑ. ඒත් බුකියේ හිඳින හැමෝටම මේ උන්මත්තක රෝගය නැතිය. ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. ඔබටද මා කලින් කියූ රෝග ලක්ෂණ ඇත්නම් ඔබටද එම රෝගය වැලඳී තිබෙනවා විය හැක. වහාම ප්‍රතිකාර ලබා ගන්නේනම් වටින්නේය. මොකද ෆේස් බුකිය වගේ වටිනා දෙයක් ඉදිරියටද පවත්වා ගැනීම අවශ්‍ය නිසාය. කලින් කියූ රෝග ලක්ෂණ පෙන්වන ඇතැමුන් සිය ජීවිතයේ අනෙකුත් සියලුම කටයුතු වලට වඩා ෆේස් බුකියේ ඇලී ගැලී වාසය කරති. බුකියේ හිඳීමට වැය කරන පැයක කාලයක් පවා හොයා ගන්නේ තමාට තිබෙන වටිනා රාජකාරියකට වැය කල යුතු කාලයෙන් නම් එය ඇත්තෙන්ම ඇබ්බැහියක් බවට පත් වේ. දවසේ කල යුතු අත්‍යවශ්‍ය වැඩ කටයුතු සියල්ල පොදිය පිටින්ම පැත්තකට තල්ලු කර බුකියේ පැය භාගයක් ගත කලද එය ඇබ්බැහියකි. සමීක්ෂණ ආයතන පවසන්නේ එලෙසින්ය. බුකිය අප කාටත් වැදගත්ය. නමුත් එය ජීවිතයේ එක විනෝදාංශයක් පමණක් කර ගත යුතුය.
පින්තූර ගූගලෙන්
ෆේස් බුක් පමණක් නොව, බ්ලොග් පවා ඇබ්බැහිවීම මානසික රෝගයක්. මා මෙතනදී අදහස් කරනුයේ එය භාවිතය නොව “ඇබ්බැහිවීම“ යන වදන සමඟය. නමුත්, ඒ මානසික රෝගය සමාජයට කරදරයක් නොවෙනවානම් ගැටලුවක් නැහැ.
ReplyDeleteසාමාන්‍යෙයන් මිනිසුන්ගේන් 80% ක් පමණ යම් මානසික රෝගයකින් පෙලෙනවා.
හ්ම්ම් හ්ම්ම් .. මටත් හිතෙනවා ගොඩක් දෙනෙක්ට මානසික රෝගයක් තියෙනවා. ඒකට ගොඩ්ක් හේතු වෙන්නෙ සමාජ පසුබිම..
Deleteපොදුවේ ජාලයට ඇබ්බැහි වෙලා ඉන්න උන්ට කියන්නේ "ජාල සොඬා" කියල. :)
ReplyDeleteමමත් ඉතින් පෝයක් දවසක, වෙන වැඩක් නැත්නම් ජාලෙ තමයි. fb නම් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. අර කිව්ව තත්ත්වය නම් රෝගයක් කියල මාත් අහල තියනවා.
හිහ් "ජාල සොඬා" කොහෙන්ද බොලේ ඒක හොයා ගත්තෙ.. මම ඉස්සර ඇබ්බැහි වෙලා වගෙ ෆේස් බුක් පාවිච්චි කලා. ඒත් දැන් බ්ලොග් එක ලියන්න ගත්තට පස්සෙ යැවෙන්නෙම නෑ වගේ
Deleteඅවුරුද්දකට විතර කලින් විජය පරිගණක සඟරාවක තිබුන ඔය ගැන ලිපියක්.. :)
Deleteඩෝං ඩෝං ඒක මාත් කියෙව්වා.... මෙහෙම එකක් ලියන්න හිතුනෙත් ඒක කියෝලා තමා හික්ස්ස්ස්
Deleteඅන්තර්ජාලය පාවිච්චි කරන වැඩි දෙනෙක් ඔහොම තමා මං හිතන්නේ..... බුකියේ විතරක් නෙමෙයි බ්ලොග්, ජි ටෝක්, මැසෙන්ජර්, ට්විටර් එකී මෙකි නොකී හැම එකේම ඔන්ලයින්.... මොනිටරේ වහනකන් ජන්ජාලේම තමා වැඩ..... මෙහෙම කිව්වට මං එහෙම නෑ හොදේ.... :)
ReplyDeleteකවුරු කවුරුත් ඔහොම තමයි.. ඕවා ජීවිතේ කරගන්නේ නැතුව හිටියම හරි
Deleteසහතික ඇත්ත මලේ අපිත් දැන් උන්මන්තකයෝ වෙලා වගේ තමා
ReplyDeleteඋන්මන්තකයෝ නේන්නම්.. දැන් ලෝකේ දිහා බැලුවහම උන්මන්තකයෝ නොවන එකත් පුදුමයක්...
Deleteහෙහ් අහන්නත් දෙයක්ද ඇත්තනෙ ඔවැ ඉදියාම ඔක්කොම වැඩ කරන්නෙ අනිත් පැත්තට
ReplyDeleteඋඩු යටිකුරු වෙලා :ඩී
Deleteමම නම් එන්නේ දුර ඈත ඉන්න කෙනෙක් එක්ක කතාබහ කොරන්න විතරයි,,එයා නැතිනම් මම නෑ,, :D ඒ නිසා මම උන්මන්තකයෙක් නොවෙමි..
ReplyDeleteඑයද උන්මන්තක රෝගී ලක්ෂණයකි.. :ඩී
Deleteඒ කතාවනං සහතික ඇත්ත තමයි.
ReplyDeleteඔව් අයියේ අපිත් උන්මන්තකයො තමා මොකක් හරි විදියකින්..
Delete"ඕනම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත"
ReplyDeleteඕනා නැත ඕනම දෙයක්.... සෑම දෙයක්ම කියල කියන්නත් අමාරුයි නෙහ්!!
Deleteමම කියන්නෙත් Chams කියන දේමයි "ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ" කියනවනේ යාලු
ReplyDeleteඕනා නැත ඕනම දෙයක්.... සෑම දෙයක්ම කියල කියන්නත් අමාරුයි නෙහ් යාලු!
Deleteමටනං බුකිය එපා වෙලා තියෙන්නේ බං..
ReplyDeleteඒත් රස්සාව නිසා දාලා යන්නත් බෑ...
ඉතිං පිස්සු නට නට ඒකාකාරී බව නැතිකරගෙන ඉන්නවා...
හී හී ඒකාකාරී බව නැතිකර ගන්ට නියමයි බුකිය.. කොමෙන්ටුවක් කෙටුවමද මන්දා,, ජය වේ..
Delete