ඒ ගිය ගමනෙදි ඔය කිතුල් මල ගැන ගොඩාක් දේවල් අසා දැන ගන්ට ලැබුණා.. ගොඩක් පරම්පරාවෙන් පරම්පරාවට වගේ ආපු මේ කර්මාන්තෙට දැන් කණ කොකා හඬළලා කියලා තමා අපිටත් ආරංචි උනේ.. ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා. එකක් තමයි අද ඉන්න අලුත් පරම්පරාව මේකට දක්වන අකමැත්ත.. ඔය ගොඩක් පාරම්පරික කර්මාන්ත අභාවයට යන්න ලොකු හේතුවක් තමා මේක.. මොනවා කොරන්නදෑ ඉතිං, දැං කාලෙ ඉස්ටැයිල් එක්ක ඕවා ගැලපෙන්නෙ නැති කොට... මේක මේ අයගෙ ජීවන වෘත්තිය උනා කාලයක්. ඒත් ඒ නිෂ්පාදන වලට හරි මිලක් ලැබුනෙ නෑ.. ඉතිං ඔය පොඩි සොච්චම් මුදලකට ඔය කිතුල් ගස් බඩ ගාන්ට දැන් ඉන්න උන් කැමති වෙයිද මං අහන්නේ.. දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල මුදල් වලින් මනින සමාජයක් නොවැ..
කොහොමින් කොහොම හරි මාත් ඔන්න කිතුල් මල් කපලා කිතුල් පැණි හා අනෙකුත් නිෂ්පාදන සාදා ගන්නා ආකාරය දැන ගත්තා.. ගෙදර ආපු ගමන් බැලුවේ කොහේද හොඳ මලක් වැටිච්ච කිතුල් ගහක් තියෙන්නෙ කියලා. කිතුල් මල විතරක් නෙවෙයි, පොල් මලත් ඕකට කියාපු භාන්ඩේ.. විශේෂයෙන්ම මේ පැති වල නම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කිතුල් මල් තමා.. ගොඩක් වියලි කලාපේ පැත්තේ සහ වෙරළබඩ ප්‍රදේශ වල ගොඩාක් ප්‍රසිද්ධ පොල් මල... ඔය විනාකිරි ( ඇසිටික් අම්ලය ) හදන්නත් වැඩියෙන්ම යොදා ගන්නවාය කියන්නෙ පොල් මලනේ...
හරි හරි... වැඩි කතා ඔනෑ නෑ... අපි දැන් සූදානම් වන්නේ නිවසේ සිටම රා පොල් කට්ටක් සාදා ගැනීමට ය.... මං කිව්වේ පොල් කට්ටක් හොඳේ!
පලමු පියවර තමා හොඳ මලක් වැටිච්ච ගහක් හොයා ගැනීම. ඔබට කිතුල් ගසක් සොයා ගැනීම අපහසු නම් පොල් ගසක් වුවද කම් නැත. එහෙත් මෙහි ලා විස්තර කෙරෙනුයේ කිතුල් මල සම්භන්ධවය. සෑම කිතුල් මලකින්ම පැණි ලබා ගත නොහැක. මේ පිලිබඳ විෂය ප්‍රවීණයා නිවැරදි මල තෝරා ගැනීමට දනී. කිතුල් මල තෝරාගෙන සිදු කරන රාජකාරියට අපේ ඇත්තෝ කියන්නේ කිතුල් මල පදම් කරනවා කියාය. ඔය කිතුල් ගහක මලක් පිපෙනවා කියන්නේ අවුරුදු දහයකට විතර සැරයක් නේ.. ඔය වැඩේට තෝර ගන්නේ නොමේරූ ළපටි මලක්. ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..
dinamina.lk |
දැං බලමු කොහොමෙයි කියලා කිතුල් පැණි හදා ගන්නේ.. මම කලියෙං කිව්වනෙ තෙලිජ්ජ ටික ගහේදිම රා වෙනවාය කියල.. ඉතිං එතකොට කොහොමද පැණි හදා ගන්නේ නේද... ඒකට අපේ අය නියම වැඩක් කරනවා.. ඒ තමයි අර මුට්ටිය ගහේ ගැට ගහන්න කලින් ඒක ඇතුලේ හුණු ටිකක් ගාන එක.. එතකොට රා හැදෙන්නෙ නෑ කියලයි එයාලා විශ්වාස කරන්නේ.. ඒකේ විද්‍යාත්මක කතන්දරේ මේකයි.. ඔය හුණු කියල කියන්නේ භාෂ්මික ද්‍රව්‍යයක්නේ.. ඉතිං ඕක මුට්ටිය ඇතුලෙ ගෑවාම ඕක ඇතුලේ යීස්ට් වගේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ නෑ.. මොකද ඒ ක්ෂුද්‍ර ජීවීන්ට භාෂ්මික පරිසර වල ජීවත් වෙන්න බෑ. ඉතිං ක්ෂුද්‍ර ජීවීන් නැතුව රා නිෂ්පාදනයකුත් වෙන්නේ නෑ... ඒ වගේම මලේ එල්ලපු මුටිටිය පරණ වෙන්න දෙන්නේ නැතුව ඉක්මණට තෙලිජ්ජ ටික අර ගන්නවා.. ඊට පස්සේ ඒවා හොඳට උණු කරනවා.. නියම පදමට උණු කළාම නියම පැණි හදා ගන්ට පුලුවන්..
ඔය හදා ගත්ත පැණි වලින් කරන තවත් දෙයක් තමා කිතුල් හකුරු හදා ගන්න එක.. අර හදා ගත්තු පැණි ටික පොල් කටු වලට දාලා දවසක් විතර තියෙන්න හරිනවා.. එහෙම තමා හකුරු හදා ගන්නේ.. ඔය වැඩේට ගන්න පොල් කට්ටත් හොඳට පොලිෂ් කරලා එහෙම තමා ගන්නේ..
රා වලින්ම තමා විනාකිරි නිෂ්පාදනය කරන්නෙත්.. ඒකටනම් ගොඩාක් යොදා ගන්නේ පොල් රා තමා.. ඔය රා තවත් ටික දවසක් තියෙන්න ඇරියාම ඒවා විනාකිරි බවට පත් වෙනවා. විනාකිරි කියන්නේ අම්ලයක්. රා වල තියෙන එතිල් මධ්‍යසාර වායුගෝලීය බැක්ටීරියා මගින් ඇසිටික් අම්ලය බවට පත් කරනවා. විනාකිරි කියන්නේ මෙව්වාට තමා...
ඔන්න ඔහොම තමා කිතුල් කරුමාන්තේ අපේ උන්දැලා කරන්නේ.. හරිම අලංකාර කර්මාන්තයක් තමා.. අපේ පැත්තෙත් කිතුල් ගස් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.. ඉස්සරනම් ඔය ගහක පිපිලා තියෙන මලක මුට්ටියක් වරදින්නේ නෑ.. ඒත් දැන්නම් ඒ ගස් පාලුවට ගිහිල්ලා.. මහා ජාතික අපරාධයක් කියලයි මටනම් හිතෙන්නේ.
www.vidusara.com |