ඔන්න එහෙනම් අපි අලුත්ම දෙයක් අරගෙන ආවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඔන්න අද ඉඳං CSK Lanka අපි ඔබට උදවු කරනවා. ඉගෙන ගන්න කාටත් අත හිත දෙන්න අපි දැන් සූදානම්. එහි පළමු පියවර තමා මේ. අ.පො.ස. සා/පෙළ විභාගයට ගොඩාක් වැදගත් විෂයන් තමයි ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව කියන්නේ. මෙන්න දැන් csklanka.blogspot.com අපේ බ්ලොග් ලිපිනය හරහා ඔබට විභාගයට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. මේ සත්කාර්යය තව දුරටත් වැඩි දියුණු කරන්නයි අපේ බලාපොරොත්තුව...
ඉතින් දැනට ප්‍රශ්න පත්‍ර තුනක් කොහොමින් කොහොම හරි ඉදිරිපත් කර ගන්ට අපිට පුළුවන් වුනා. වැඩි කතා මොකටද කියල කිව්වා වගේ පහලින් තියෙන ලින්කු ටික හරහා ගිහින් ඒ ටික බා ගෙන බලන්ට. හොඳ හෝ නරක හෝ පොඩි කොමෙන්ටුවකින් දාල යන්නත් අමතක කරන්න එපා. එක අපිව තවත් දිරිමත් කොරන්න වැදගත් වේවි. 200 % ක් සහතික කරන්නං ඔන්න වයිරස් නම් නෑ...
ආදර්ශ විද්‍යාව ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න
ආදර්ශ ගණිතය ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න
ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න
තවත් කියන්ට දෙයක් තියෙනව. මේකේ තියෙන ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ නම් අපි හදපු එකක් නෙවෙයි. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්.
මෙව්වා බලන්න ඇඩෝබි රීඩර් නැත්නං මෙතනින් ගන්ට
Wednesday, November 28, 2012
Monday, November 19, 2012
තොරතුරු තාක්ෂණය සිංහලෙන්
ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරලා තියෙන 11 ශ්‍රේණිය තොරතුරු සන්නිවේදන තාක්ෂනය (ICT) ගුරු අත්පොත ගැනයි මේ. මේ පොත 11 වසරේ තොරතුරු තාක්ෂනය විෂයක් විදියට හදාරන සිසු සිසුවියනට විතරක් නොවෙයි තොරතුරු තාක්ෂනය ගැන ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක්ට ගොඩක් වටිනවා. සියලු අන්තර්ගතය තියෙන්නේ සිංහලෙන්.
මේ ගුරු අත්පොතේ පරිගණක භාෂා පිලිබඳ හොඳ හැඳින්වීමක් වගේම විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටි මුල සිට සරලවම දක්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්තර්ජාලය පිළිබඳව මුල සිට අවසානය දක්වා සෑම කරුණක්ම ඉතා හොඳින් අපි දන්නා සිංහලෙන්ම කියල තියෙනවා. පරිගණකයක් නිවැරදිව පාවිච්චි කරන ආකාරය ගැනත් හොඳින් විස්තර කරලා තියෙනවා. මමනම් හිතන්නේ මේ පොත තොරතුරු තාක්ෂණයට කැමති ඕනිම කෙනෙක්ට වැදගත් වේවි. නිකන් ඉන්න එකේ අරගෙන බලන්න.
PDF එක බා ගන්නට මෙතන කොටන්න (Click Here)
මේ ගුරු අත්පොතේ පරිගණක භාෂා පිලිබඳ හොඳ හැඳින්වීමක් වගේම විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටි මුල සිට සරලවම දක්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්තර්ජාලය පිළිබඳව මුල සිට අවසානය දක්වා සෑම කරුණක්ම ඉතා හොඳින් අපි දන්නා සිංහලෙන්ම කියල තියෙනවා. පරිගණකයක් නිවැරදිව පාවිච්චි කරන ආකාරය ගැනත් හොඳින් විස්තර කරලා තියෙනවා. මමනම් හිතන්නේ මේ පොත තොරතුරු තාක්ෂණයට කැමති ඕනිම කෙනෙක්ට වැදගත් වේවි. නිකන් ඉන්න එකේ අරගෙන බලන්න.
PDF එක බා ගන්නට මෙතන කොටන්න (Click Here)
Sunday, November 18, 2012
කොටස් එකලස් කර පරිගණකයක් සාදමු (2 කොටස)
හරි අද බලමු කොහොමද පරිගණකය එකලස් කරන්නේ කියල.
ඉස් ඉස්සෙල්ලම මවුපුවරුවට සම්බන්ද කොටස් සවිකරන්ට ඕන. මවු පුවරුවකට සවිකරන ප්‍රධානම
කොටස තමා ප්‍රොසෙසරය කියල කියන්නේ. අපි ඉස්සෙල්ලම බලමු මවුපුවරුවට ප්‍රොසෙසරය
සම්බන්ද කරගන්න හැටි.

ඊටපස්සේ තියෙන්නේ රැම් එක හරියට සම්බන්ද කරගන්න
එක. සාමාන්‍යයෙන් මවුපුවරුවක රැම් ස්ලෝට්ස් දෙකක්වත් තියෙනවා. සවි කරන්නේ එක රැම්
කාර්ඩ් එකක් නම් එය පළමු ස්ලොට් එකට සවිකරගන්න ඕන. දැන් වෙළඳපොළට එන්නේ DDR3
වර්ගයේ රැම්. ඒක නිසා ඔබේ මවුපුවරුව ඒ සඳහා
ගැලපෙන එකක්දැයි පළමුව තහවුරු කරගත යුතුය. විවිද DDR මාදිලි
වල රැම් මවුපුවරුවට සම්බන්ධ වන ස්ථානය තරමක වෙනස්. පහත රූප සටහන බලන්න.
රැම් කාර්ඩ් එක ස්ලොට් එකේ දෙපසින් තියෙන
ක්ලිප්ස් මගින් මවුපුවරුවට සම්බන්ධ වේ.පළමුව මේ ක්ලිප්ස් දෙපසට කර ඉන්පසුව රැම්
කාර්ඩ් එක ඇතුලට තද කල යුතුය. ක්ලිප් එක ආපසු හොඳින් වැසීමට පුළුවන් වන්නේ රැම් එක
නිවැරදි පැත්තට සවිකළහොත් පමණි. නැතිනම් එය පිලිස්සී යාමට පවා හැක.
තව ටිකයි. දැන් තියෙන්නේ මදර්බෝර්ඩ් එක කේසින්
එකට සෙට් කරන එක. ඉස්සෙල්ලම කේසින් එකේ ඇන ටික ගලවල කේසින් එක විවෘත කරගන්න ඕන.
ඊටපස්සේ මවුපුවරුවත් එක්ක ලැබිල තියෙන මදර්බෝඩ් මාස්ක් කියන තහඩු වලින් ගැලපෙන
එකක් තෝරාගන්න ඕන.
මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරන්න තියෙන්නේ ඉස්කුරුප්පු ඇන වලින්. මදර්බෝඩ් මාස්ක් තහඩුව නිවැරදිව සම්බන්ද වෙන විදියට මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරගන්න ඕන. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරන්න තියෙන්නේ ඉස්කුරුප්පු ඇන වලින්. මදර්බෝඩ් මාස්ක් තහඩුව නිවැරදිව සම්බන්ද වෙන විදියට මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරගන්න ඕන. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
දැන් පවර් සප්ලයි එකේ ඉඳං එන පවර් කේබල් ඒක
මදර්බෝඩ් එකට සවි කරන්න ඕන. තියෙන කේබල් ගොන්නෙන් පළල වැඩි එක තමයි මේ සඳහා ගන්නේ.
පරිගණකයට සවිකරන අනෙකුත් උපාංග වන ඩීවීඩී ඩ්‍රයිව්,
වීඩියෝ කාර්ඩ්, හාර්ඩ් ඩිස්ක් ආදිය සම්බන්ධ කරන්නේ ඊට පස්සේ.
දැන්නම් තියෙන ගොඩක් හාර්ඩ් ඩිස්ක් SATA වර්ගයට අයත්. ඒ වුනාට IDE වර්ගයේ පැරණි හාර්ඩ් ඩිස්ක් තවම තියෙනවා. ඔබ සවි
කරන්නේ IDE වර්ගයේ හාර්ඩ් ඩිස්ක් එකක්නම් ඒ සඳහා වෙනමම IDE
1 හා IDE 2 ලෙස
මවුපුවරුවේ IDE ස්ලොට්ස් තිබෙනවා. සවිකරන්නේ SATA වර්ගයේ එකක්නම් ඒ සඳහා SATA පොර්ට්
තිබෙනවා. කොහොම උනත් හාර්ඩ් ඩිස්ක් එක සවි කරන්න කලින්
ජම්පර් එක මාස්ටර් තත්වයේ තැබිය යුතුයි. ඔබ IDE කේබල් එකක් හරහා IDE හාර්ඩ් ඩිස්ක් දෙකක් සවි කරනවානම් එය ස්ලෙව් තත්වයේ තියෙන්න ඕන. එහෙත් සවි කරන්නේ එක හාර්ඩ් ඩිස්ක් එකක්නම් ජම්පරය තියෙන්න ඕන මාස්ටර් තත්වයේ. ඉන්පසු එයට පවර්සප්ලයි එක හරහා විදුලිය ලබාදිය යුතුයි. සවිකර ඇත්තේ SATA වර්ගයේ ඩිස්කයක්නම් එයට වෙනමම පවර් කේබලයක් ලැබේ.
ජම්පර් එක මාස්ටර් තත්වයේ තැබිය යුතුයි. ඔබ IDE කේබල් එකක් හරහා IDE හාර්ඩ් ඩිස්ක් දෙකක් සවි කරනවානම් එය ස්ලෙව් තත්වයේ තියෙන්න ඕන. එහෙත් සවි කරන්නේ එක හාර්ඩ් ඩිස්ක් එකක්නම් ජම්පරය තියෙන්න ඕන මාස්ටර් තත්වයේ. ඉන්පසු එයට පවර්සප්ලයි එක හරහා විදුලිය ලබාදිය යුතුයි. සවිකර ඇත්තේ SATA වර්ගයේ ඩිස්කයක්නම් එයට වෙනමම පවර් කේබලයක් ලැබේ.
ඒ වගේම තමා සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයිව් එකක්
සවිකරගන්නෙත්. මේවත් IDE හා SATA ලෙස
ආකාර දෙකෙන්ම තියෙනවා.
ඔබ පරිගණකයට ඩිස්ප්ලේ ඇඩප්ටරයක් සවිකරනවානම් මේ
ටිකත් කියවන්න. මේ ඩිස්ප්ලේ ඇඩප්ටරය හෙවත් වීඩියෝ කාර්ඩ් එක සවි කරන්නේ මදර්බෝඩ්
එකේ තියෙන AGP ස්ලොට් එකට. ඩිස්ප්ලේ ඇඩප්ටරය මේ ස්ලොට් එකට තබා
සීරුවෙන් තද කල යුතුය. එවිට ටික් හඬක් නංවමින් එය සවි වේ. මේ සෑම උපාංගයකම සංවේදී
කොටස් අතින් ඇල්ලීමෙන් වලකින්න ඕන. මන්ද
එවිට අතේ ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ මගින් ඒවට හානි සිදුවිය හැකි බැවිනි.
ඔන්න ඉතින් ඔයිට වඩා දෙයක් කරන්න නැහැ. දැන්
තියෙන්න කේසින් එක වහල දාන එක. ඊටපස්සේ ඉතින් ඔබේ පරිගනකයට මොනිටර්, කී බෝඩ්,
මවුස්, ස්පීකර්ස් සවිකරගන්න තමයි තියෙන්නේ. හොඳ ඔපරේටින් සිස්ටම් එකක් දා ගත්තනම්
සියල්ල සම්පූර්ණයි.
Saturday, November 17, 2012
කොටස් එකලස් කර පරිගණකයක් සාදමු (1 කොටස)
අද කාලේ පරිගණකයක් එකලස් කරනවා කියන්නේ හරිම
පහසු වැඩක්. හැබැයි ඒක හරිම අවබෝධයකින් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්. මොකද
සුළු අතපසු වීමකින් වුනත් යම් උපාංගයක් විනාශවෙලා යන්න පුළුවන්. නිවැරදි විදියට
පරිගණකයක් එකලස් කර ගන්න හැටි තමයි දැන් කියන්න යන්නෙ.

දැන් පරිගනකයක මූලික කොටස් සහ ඒවා සම්බන්ද වන
ස්ථාන ගැන ටිකක් හොයල බලමු. පහලින් දක්වල තියෙන්නේ පරිගනකෙක තියෙන මූලික කොටස්
ටික.
· මවුපුවරුව (Motherboard)
· ප්‍රොසෙසරය (Processor)
· රැම් (RAM)
· හාර්ඩ් ඩිස්ක් (Hard Disk)
· සීඩී/ඩීවීඩී ඩ්‍රයිව් ( CD/DVD Drive)
· වීජීඒ කාර්ඩ් (VGA Card)
· සවුන්ඩ් කාර්ඩ් (Sound Card)
· මතුපිට කවරය හා බල සැපයුම් ඒකකය (Casing & Power Supply Unit)
· මොනිටරය (Monitor)
· යතුරු පුවරුව (keyboard)
· මවුසය (Mouse)
දැන් ඉතින් මේවයින් වැදගත් කොටස් වල තොරතුරු
ටිකක් හොයල බලමු. පරිගනකයක තියෙන වැදගත්ම දෙයක් තමයි මවුපුවරුව(Motherboard) කියල කියන්නෙ. පරිගණකයට සම්බන්ද කරන සියලු උපාංග
සම්බන්ද වෙන්නේ මේ මවුපුවරුව හරහා. වෙළඳපොලේ විවිද නම් යටතේ විවිධ විවිධ මිල ගණන්
වලට මවුපුවරු විකුනන්න තියෙනවා. ඔබ මිලදී ගන්න මවුපුවරුව ඔබ මිලදී ගන්න ප්‍රොසසරයට
ගැලපෙන එකක් විය යුතුයි. දැන්නම් වෙළඳපොලේ තියෙන්නේ LGA 775 හෝ LGA 1155 ආකාරයේ
සොකට්ටු සහිත මවුපුවරුයි. එමෙන්ම වර්තමානයේ විකිණීමට ඇති DDR3 වර්ගයේ රැම් කාර්ඩ් එකක් සම්බන්ද කිරීමට හැකි
ස්ලෝට්ස් පවතීදැයි බැලීමද අනිවාර්ය වේ. කෙසේ නමුත් නවීන මවුපුවරුවල මෙම සියලු අවශ්‍යතා
පවතී. මවු පුවරුවක කොටස් හඳුනාගැනීමට පහත
දැක්වෙන රූපසටහන බලන්න.

ඒ වගේම තමයි රැම් මතකයක් තෝරාගන්න කොටත් ටිකක් සැලකිලිමත්
වෙන්න ඕන. දැන් අලුතින්ම වෙළඳපොළට එන්නේ DDR3 වර්ගයේ
රැම් උපාංග. එවැනි රැම් උපාංගයක් මිලට ගන්නේනම් ඔබේ මවුපුවරුවේ ඊට සරිලන ස්ලෝට්ස්
පවතීදැයි මුලින්ම සලකා බැලිය යුතුය.
![]() |
විවිධ DDR මාදිලි වල රැම් උපාංග |
මීට අමතරව ඔබේ පරිගණකයට අවශ්‍ය ග්‍රැෆික් කාර්ඩ්
ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් වෙළඳපොලේ විකිණීමට තිබෙන නවීන මවුපුවරු වලනම් 1 GB
පමණ ඔන්බෝර්ඩ් ගැෆික් කාර්ඩ් එකක් තියෙනවා. එහෙත්
ඔබට අවශ්‍යනම් වෙනමම VGA Card එකක් හෝ PCI Express Card එකක් සවිකරගන්න පුළුවන්.
ඔබේ නව පරිගනකයට ඩීවීඩී රයිටරයක් සවිකරනවානම්
තමයි වඩාත් හොඳ. ඊට අමතරව ඉතින් හොඳ මොනිටරයකුත් දා ගන්න ඕන. දැන්නම් වෙළඳපොළේ
වැඩියෙන්ම තියෙන්නේ LCD හා LED මොනිටර.
එත් ඔබට අවශ්‍යනම් CRT මොනිටරයක් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)