Saturday, February 4, 2017

ක්‍රිකට් සහ සයිටම්

මගේ පොඩි කාලේ හීනේ උනේ ලංකා ක්‍රිකට් ටීම් එකට යන එක. ඒත් මටනම් වැඩිය ක්‍රිකට් ගහන්න බෑ. ටෙනිස් බෝලෙට ගහගන්න බැරි උනාට සල්ලි දුන්නම ලෙදර් පුළුවන් වෙනෝලුනේ. පස්සේ තාත්තා මාව ගමේ ලොකු ඇමති තුමාගේ හිතවතෙක් කරන ක්‍රිකට් ඇකඩමියට කනෙන් ඇදන් ගිහින් බාර දුන්නා. ක්‍රීඩා ඇමතිගේ බෑණත් හිටියා. සුදුසුකම් වලට ඇහුවේ ක්‍රිකට් මැච් බලල තියෙනවද කියල විතරයි. ෆුට්බෝල් ගහපු දෙතුන් දෙනෙකුත් හිටිය.




තාත්තා රුපියල් කෝටියක් ක්‍රිකට් ඇකඩමියට ගෙව්වත් ඒකෙ හරියට පිට්ටනියක් තිබ්බේ නෑ. ඒත් සිද්ධාන්තේ ඉගැන්නුවා. අවුරුදු පහේ කෝස් එකනම් ඉවර උනා. බෝලේ ඇල්ලුවෙත් දවස් දෙකයි. සහතිකෙත් හම්බුනා. ඒත් තාත්තා ගේම් එක අත් ඇරියේ නෑ. මාවත් එක්ක ගිහින් දැම්මා උසාවියේ නඩුවක් මාව සිලෝන් ටීම් එකට, සුදුසුකම් සපුරලා තියෙන්නේ කියල. අපි නඩුව දින්නා. (දිනපු විදිය ගැන නම් අහන්න එපා)

තේරීම් කමිටුවත් අදාළ නෑ කිව්වා, ක්‍රිකට් පාලක මණ්ඩලේ අදාලත් නෑ කිව්වා. හෙට සෞත් ඇෆ්රිකා යන්න ලැස්ති වෙන ගමන්. මාත් දැන් ක්‍රිකටර් කෙනෙක්. දැන් ඉතිං රිප් ශ්‍රී ලන්කන් ක්‍රිකට් කියල පෝස්ට් දාන්නයි, නීතියේ දෙවඟනට අපහාස කරන්නයි ලැස්ති වෙන්න එපා කුහකයෝ.

දැන් හෙට ඉඳන් මැච් පැරදුනොත් නං නුන් ගාන්න එපා! ඇයි මීට කලින් ලංකාව මැච් පැරදිලා නැද්ද?

ක්‍රිකට් ගහන්න හැමෝටම අයිතියක් තියෙනවා හරිය!! එන්න එපා කුහක කම් කරන්න!!

යකෝ මුන්ට සල්ලි වලට IPL ගහද්දි හොඳයි, ක්‍රිකට් වලින් සල්ලි හොයන්න හොඳයි නම් සල්ලි දීල ක්‍රිකට් ටීම් එකට යන එකේ අවුල මොකද්ද?

වෙන එකෙක් ගොඩ යද්දී තමා මුන්ට රිදෙන්නේ!! හූ හූ කුහකයෝ!!

ප.ලි:  මූණු පොතේ හමු වූ අදහසකි...

10 comments:

  1. නැවතිල්ලේ හිතනකොට ඒකත් ඇත්ත තමා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කාටත් දෙයක් දැනෙන්නෙ එ්ක තමන්ට හරි තමන් අාදරේ කරන දෙයකට හරි වෙනකොටනේ..

      Delete
  2. සල්ලි වලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා විතරයි කියලා මමත් හිතාන උන්නේ. ඒත් අවස්ථා ගන්නත් පුළුවන්.

    ReplyDelete
  3. මේකනම් මරු බං.මෙහෙම කිව්වොත් අඩුම තරමෙ ටික දෙනෙක්ටවත් තේරුම් යයි.

    ReplyDelete
    Replies
    1. අනිවා! ස්තූතියි මේ පැත්තේ ආවට..

      Delete
  4. පට්ට සංසන්දනයක්....මරු බං..

    හොඳයි කියපු අය නරකයි කියනවා. නරකයි කියපු අය හොඳයි කියනවා....මට නම් පිස්සුයි වගේ හලෝ....මේක රටේ හැටි.

    ReplyDelete