Wednesday, October 9, 2013

වල්ල පට්ටා වවමු - රට නගමු

   අපේ ලොකු තාත්තලයි වත්තේ තිබිච්ච විසාල වල්ල පට්ට ගහක් හොරු කපලා! මං කියන්නේ නෑ මේක කරපු එවුන්ට හෙන ගහන්න කියල. මට තියෙන ප්‍රශ්නේ තමා හොරු ඉස්සර වෙන්ට කලින් අපිට ඉස්සර වෙන්ට බැරි වුනු එක. ඒ වත්ත තියෙන්නෙ අපේ ගෙට උඩහ. වැඩි ඈතක නෙවෙයි. කවුරුත් නැති වෙලාවක් බලල මුං ගහ පිටින්ම ගලෝගෙන ගිහිල්ල free smiley... මේ සිද්ධිය වෙනකං මම දන්නේ නෑ වල්ල පට්ටා මෙච්චර වටිනවා කියල. ඔය කාගේ කාගෙත් වතු වල වල්ල පට්ටා හෙම තියෙයි නං ටිකක් පරිස්සං කර ගන්න වෙයි.

  පොල් ලී කිලෝවකට රුපියල් ලක්ෂ එක හමාරක් විතර දෙනවා කිව්වොත් කොහොමද? මුළු රටේම තියෙන පොල් ගස් ටික කපල දාල අන්තිමට පොල් ගස් න්‍යෂ්ට වූ විශේෂයක් බවට පත් වෙයි. ( න්‍යෂ්ට උනා කිව්වේ මේ පොළොවෙන් සදහටම වඳ වෙලා ගියා ය කියන එක ) ඔන්න ඔය වගේ වටිනා කියන දෙයක් හැබැයි වැඩේ සිද්ධ වෙන විදිය නම් හරි නෑ. 

  අපි වල්ල පට්ටා කියන මේ ගහේ විද්‍යාත්මක නම Gyrinops walla. අපේ රටට ආවේනික ශාකයක්. රටේ අනිත් තැන් වල කොහොම උනත් අපේ පැති වල නම් බොහොම සරුවට මේවා හැදෙනවා. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා. ඉස්සරනං ලණු අඹරන්ට, උදලු මිට හදා ගන්නට පවා පාවිච්චි කරලා තියෙන්නෙ මෙව්වා තමා. ඒකට දැන්. රා කරුමාන්තේ ජනප්‍රිය කොලා වගේ මේවටත් වෙනම ම රජය මැදිහත් වෙලා නීත්‍යානුකූල ක්‍රමේකට මිනිස්සුන්ට වගා කරන්න ඉඩ දුන්නනම් අපේ රටේ වටිනා ජාන සම්පත නිකං නිකරුනේ සුද්දන්ට විකිණෙන එක නවත්ත ගන්න පුළුවන්.

  අපේ රටේ දැනට තියෙන නීතියෙන් නං ඉතිං මෙව්වා රට පටවන්න තහනං. ඒත් අපේ උන්දැල කාලයක් තිස්සේ හරිම සූක්ෂම විදියට කාටත් හොරා මෙව්වා පිට රට පැටෙව්වා. ඒකත් අහු වුනේ මේ ඊයේ පෙරේදා.. ඒ අහුවෙනකොටත් ශ්‍රී ලංකන් වල්ල පට්ටා ටොන් ගණන් පිට ගිහිං ඉවරයි.

   ඇත්තටම මොකද්ද මේ ගහේ ලක්ෂ ගානක් වටිනා දේකට තියෙන්නෙ. එකනං බලන්නම වටිනවා. හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා.


   වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව. ඒත් අපේ රටෙත් මේක වගාවක් විදියට නීත්‍යානුකූලව කරනවානම් අවුරුදු විසි තිස් ගණන් බලන් ඉන්න ඕන නෑ. දැන් විද්‍යාව දියුණුයි. අපි හිතමු අපි අපේ ගෙවත්තෙත් වල්ල පට්ටා ගස් දෙක තුනක් හිටෙව්වා කියල. හොඳ පරිනත අවධියට ආවට පස්සේ අපිට පුළුවන් අර කලින් කිව්ව දිලීරේ ඔය ගස් දෙක තුනට කෘත්‍රිම ව  එන්නත් කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල වඩා ඉක්මනින් අරගන්ට පුළුවන්. cool smiley 
  
gyrinops.blogspot.com/


    අනිත් දේ තමයි ඔය ගස් හැදෙන්නේ පඳුරු විදියට. ඉතිං එක වල්ල පට්ටා ගහක් ලඟින් තවත් පැළ ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ ශාකය බීජ වලින් වගේම අතු වලිනුත් පැළ වෙනවා. ඉතිං වගාවක් හදා ගන්න ඒ හැටි ප්‍රශ්නයක් නෑ.

  ඔන්න එහෙනං ඔහොමයි වැඩේ වෙන්නේ. සුදු හඳුන් කියන්නෙත් ඔය වගේම වටිනා දෙයක්. ඒත් සුදු හඳුන් වලට වඩා වල්ල පට්ට සුලභයි....






30 comments:

  1. ඔක ප්‍රසිද්දවෙල දැන් ටික කාලයක් නෙද.කියල වැඩක් නැ.ආන්ඩුවට ඔව කරන්න වෙලාවක් නැ.කොමිස් නැ නෙ

    ReplyDelete
    Replies
    1. අද ඊයේ ප්‍රසිද්ධ උනාට මේක කාලයක් තිස්සේ වෙච්චි ජාවාරමක්....!

      Delete
  2. ADAMA PATANGANN A OONE

    ReplyDelete
    Replies
    1. ගමු ගමු .. පටන් ගමු.. මගෙත් අයිඩියාව වගාවක් ම දාන්න....

      Delete
  3. කාටද ඕවා විකුනන්න පුළුවන්...................????????????????????? කිලෝ එකක් කීයද ............???????????

    ReplyDelete
    Replies
    1. හොරෙන් තමා ඉතිං කරන්ට වෙන්නේ.. ඉන්දියාවේ කස්ටියක් වැඩේට සම්භන්ධයි කියල තමා ආරංචි.
      කිලෝ එකක් ලොකු ගානක් වෙනවා... වැඩිය ඒ ගැන කියවන එක හොඳ නැති හින්දයි කිව්වේ නැත්තේ.

      Delete
  4. අඩේ ඇහුවෙත් අදමයි මචං , නොදැනුවත් කමක් මහත ලැජ්ජාවේ බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත් එහෙමයි. වල්ල පට්ටා කියලා අදයි ඇහැවුවේ. විලිලැජ්ජාවේ සංතෝසේ බෑ.

      Delete
    2. @ ඉවාන්>>
      මාත් දන්නේ මේ ළඟදී. ඒත් කාලයක් තිස්සෙම වෙච්චි ජාවාරමක්!

      Delete
    3. @ ka kalaya>>
      විලි ලැජ්ජයි නේන්නං.....

      Delete
    4. Ka kalayage walla patta gahune okage ammaa hinda

      Delete
    5. harima kujithai

      Delete
  5. මිනිස්සුන්ට ඔය ගැන තේරුමක් නෑ. ඒ හින්ද පොඩි පඳුරෙ ඉඳන් ඔක්කොම ගස් ටික විනාශ කරගෙන යනව.

    ReplyDelete
    Replies
    1. ඒක නං අපරාදේ.. නිකං නිකරුනේ ගස් ටික කපලා දානවා. හැම ගහක්ම වටින්නේ නෑ....

      Delete
  6. සුදු හඳුන් කපන්නේ අරටුවක් නැති පොඩි පැලය දක්වාම . මේකත් අන්තිමට් එහෙම වෙයි . ඒත් එහෙමයි කියල නොකර ඉන්නේ නැතුව පිළිවෙලකට කරානම් ගොඩ තමා .
    ලිපිට එල . !!

    ReplyDelete
    Replies
    1. යා යා..... මෙව්වට ප්‍රතිපත්ති සම්පාදනය කරන්ට ඕනි...

      Delete
  7. වල්ල පට්ට ගැන මමත් මේ තරම් දෙයක් දැනගත්තේ අදයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. මාත් දන්නේ ඊයේ පෙරේදා.

      Delete
  8. ඔය ශාකය මම දැකලා තියෙනවා..මෙහෙම කථාවක් අදම තමයි ඇහුවෙ...ගහට කියන නම ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි නේද බන්...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවේනිකයි කියල නම දිහා බැලුවම පේනවා. විද්‍යාත්මක නමත් එහෙම්මමයි..

      Delete
  9. කවුද බං මෙහෙම දෙයක් දන්නේ,අපරාදේ බං මේ ලගදි අපේ ගෙවල් ලග කැලයක් එලි කළා එහෙම්මම.ඒකෙ ඕන තරම් වල්ල පට්ටා තිබුනා.අපරාදේ මචෝ.අපේ වත්තේනම් ගහක් දෙකක් තියෙනවා ඔන්න...

    ReplyDelete
    Replies
    1. අපරාදේ කීයක් හරි හොයා ගන්න තිබ්බ එක.... ඒ උනාට හැම ගහකින් ම වැඩක් නෑ.........

      Delete
  10. මේ ලඟදිත් කොලොන්නවේ පැත්තේ ගබඩා කරගෙන ඉඳලා ඇල්ලුවා. ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගෙනාවොත්නම් කිහිප දෙනෙකුට හරි පිහිටක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහොම එක එක අහු වෙද්දී තමයි හැමෝටම වැඩේ අවබෝධ වෙන්නේ.. ඔන්න දැන් රජයෙන් සපෝර්ට් එක දෙන්නලු යන්නේ..........

      Delete
  11. කොතල හිඹුටු ,වල්ල පට්ට වගේ ශාකයන් ගෙන් ලොකු විදේශ විනිමයන් හොයන්න පුළුවන්.
    ඔබ ලිපියෙන් හුගක් අය දැනුවත් කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නෙ මිනිස්සු ඒක හොයන්න යන ක්‍රමේ තමා.. ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැත්තං එහෙම හරි කරන්ට වෙනවනේ...
      ස්තූතියි !

      Delete
  12. ආ මචෝ මේ ගැන රිවිර පත්තෙරෙත් ලිපියක් පල වෙලා තිබුනා.එකේ ලින්ක් එකත් පහලින් දැම්මොත් හොදයි..රජයෙන් පැළයක් 1500 යට දීලා අවුරුදු 8 කට පස්සේ ඒ ගහ 50 000 කට ගන්නවලු.මාරයි නේ..

    ReplyDelete
    Replies
    1. ආ එහෙමනං එළ.... දාන්නං<<

      Delete