Saturday, October 19, 2013

කාසි මොට ද තාත්තේ!

     හාත්පස සිසාරා තිබූ ඝන අන්ධකාරය, සෙමින් සෙමින් නැගෙන හිරු කිරණින් පියැවී යන්නට විය. ඒ තවත් එක් දිනයක උදාව යි. උදෑසන නිහැඬියාව බිඳිමින් විටෙක ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬකින් සලකුණු වූයේ අසල ඇති ගම්මානයකි. සිව් දෙසින් ම පුළුල් කඳු වළල්ලකින් වට වූ මේ කුඩා ගම්මානය උදෑසන නැවුම් වාතයේ පහස විඳිමින් තිබුණි. ඈත සිට බලන්නෙකුට නගරයේ කිසි දා දැකිය නොහැකි ගමේ ගැමි සුන්දරත්වය මොනවට විද්‍යාමාන වනු ඇත. 

" සෝමපාල මල්ලි උදහැනක්ම කොහෙද මේ? " උදෑසන ම අලුතින් කැපූ පස් පාර දිගේ ඉදිරියට ඇදෙන මැදිවියේ පුද්ගලයෙකි.

" ආ කර්ලිනා අක්කේ. මං මේ යනවා ටවුමට ඩිංගක් ගිහින් එන්න.. " 

   සෝමපාල තම ගමන ඉක්මන් කළේ කර්ලිනාට තවත් කිසිවක් කීමට ඉඩකඩ නොතබමිනි.

   අනෙක් ගම් වැසියන්ට මෙන්ම නිවසට උවමනා කරන අඩුම කුඩුම ටික මිලදී ගන්නට හැරුණු විට සෝමපාල ට නගරයට එන්නට තවත් එක් හේතු කාරණාවක් ඇත. නගරයට යන සෑම දිනකම වාගේ ඔහුගේ අත වූයේ ලියුම් කඩදාසියකි. ඒ වෙනත් රටක සේවය කරන තම බිරිඳට ලියූ ලිපියකි. 

   සිය බිරිඳ විදෙස් රටක සේවයට යාමට ගත් තීරණය පිළිබඳව සෝමපාල සිටියේ එතරම් හිත් මනාපයකින් නොවේ. එහෙත් ඉඳහිට ලැබෙන කුලී වැඩකින් වත් ගොවිතැනෙන් වත් තම දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව හොඳාකාරව ම දත් බැවින් කිසිවක් නොදොඩා පැත්තකට වී සිටින්නට ඔහුට සිදු විය. එදා සිට අද වන තුරු අවුරුදු දෙකක් පමණ සෝමපාලට සිදු වූයේ තම වැඩිමහල් දියණිය සහ කුඩා පුතු සමග පුංචි ගෙපැලක තනි වීමට ය.

   කෙසේ වුවත් ඉන් පසු සෝමපාලලාට මුදල් වලින් නම් එතරම් අඩුවක් නොවීය. ඔහු තම බිරිඳ වැලි කතරේ දුක් විඳ හම්බ කර ගත් මුදල නැති නාස්ති නොකළේ ය. එම මුදල් එකතු කර නිවසක් සෑදූවේ අනාගතය ගැනත් සිතාම ය. 

   " තාත්තේ, අම්මා මේ අවුරුද්දටවත් අපිව බලන්න එයි ද? "

   එය සෝමපාලට නිතර ඇසෙන පැණයකි. එවැනි විටෙක ඔහුට සිදු වූයේ කුමක් හෝ බොරුවක් පවසා දරුවන් සැනසීමට ය. එහෙත් එය සැමදා සිදුකළ හැක්කක් නොවීය.

    අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි. ගමේ කොයි කවුරුත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙනු දුටු සෝමපාල මෙවර නගරයට යන්නේ තම දරුවන්ට අවුරුද්දට ඇඳුම් ටිකක් ගැනීමට ය. මව ළඟ නැති දරුවන්ට මේ අවුරුදු කිහිපයේ දී පියෙක් මෙන්ම මවක් ද වීමට ඔහුට සිදු විය. උදෑසන ම නගරයට ගිය සෝමපාල නැවත නිවසට පැමිණෙන විට තරමක් දහවල් වී තිබුණි. පොලිතීන් කවර දෙකකින් ඔහුගේ දෑත ම බර වී තිබුණි. ඔහුගේ මුහුණ දෙස බැලූවෙකුට පෙනී යන්නේ දවස පුරා නගරයේ කරක් ගසා හෙම්බත් වූ අයුරකි. 

   තම නිවස ඉදිරිපිට පිරිසක් රැස්ව සිටිනු දුටු සෝමපාලගේ පය තවත් වේගවත් විය. කව්රු කව්රුත් කම්මුලේ අත් ගසාගෙන බලා සිටියේ ඔහුගේ නිවස දෙස ය. 

" අනේ අම්මපා බං, මේ රටට මොන ගිනි විජ්ජුම්බරයක් පාත් වෙන්න යනවද කියල හිතා ගන්න බෑ.. "  ඒ කටහඬ කර්ලිනාගේ ය.

" ඒකනේ මේ මහ ගිනි දවාලේ මෙච්චර දෙයක් වෙන්න තරං.... " ඒ තවත් කටහඬකි.

    සෝමපාල එකවරම කරකවා අතහැරියාක් මෙනි. ඔහුට අගක් මුලක් ගලපා ගැනීමට නොහැකි විය. ඔහු අවසිහියෙන් මෙන් ඇර දමා තිබූ දොරෙන් ඇතුලට රිංගුවේ සිත තුල කැකෑරෙන අසීමත බියකිනි. අවසානයේ දුටු දෙයින් ඔහුගේ පපුව තුල ඇවිලෙමින් තිබූ ගිනිදැල් ක්ෂණයකින් නිවී ගියේය.

" මොකද පුතේ උනේ? " 

" අනේ තාත්තේ! මායි මල්ලියි ................. " සෝමපාලගේ දියණිය සෝමපාල ව බදාගෙන හඬන්නට විය. 

" පොඩි උන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල දොර අරිනකොට ගේ ඇතුලේ ඉඳපු මිනිහෙක් කුස්සියේ ජනේලෙකින් පැනල දුවල. බය වෙච්චි පාරට කෑ ගහගෙන ඇවිල්ලා අන්තිමේදී නතර උනේ අපේ ගෙදර " 

  සෝමපාලගේ අසල්වැසියෙක් වූ මැගිලින් කටහඬ අවදි කළාය.

  සෝමපාල ගේ ඇස නිතැතින් ම යොමු වූයේ ඇඳුම් අල්මාරිය දෙසට ය. ඔහු හරිම අපහසුවෙන් පිළිවෙලකට අඩුක් කර තිබූ ඇඳුම් සී සීකඩ විසිරී ගොසිනි. 

" අනේ දෙයියනේ, සල්ලි ටික! "

  නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා ඔහු විසින් එකතු කර තිබූ මුදලින් රුපියලක්වත් ඉතිරි කර නොතබා සියල්ල රැගෙන ගොසිනි. රැයක නොව මහ දවාලේ කාගේත් ඇස් වලට වැලි ගසා ය. 

" ඔහොම දෙයක් පිට එකෙක් ට කරන්න බෑ.. අනිවාර්යයෙන් ම ගමේ එකෙක් තමයි " 

" ඔව් ඔව්.. මාත් පිලිගන්නවා ඒක. මොකා උනත් මුංට හෙන හත වදින්න ඕන මේ කරපු දේට " 

   ඒ රැස්ව සිටිදෙතුන් දෙනෙක් කී කතා ය. එහෙත් සෝමපාලගේ සිතට තරමක සැනසිල්ලකි. ඔහු කලින් බිය වී සිටියේ තම දරුවන් ට කුමක් හෝ කරදරයක් දැයි කියා ය. ඔහුට තම පවුල මෙන් අන් කිසිවක් වටින්නේ නැත. කෙසේ වෙතත් නිවසේ වැඩ කටයුතු අතරමග ඇනහිටුණේ  මේ අකරතැබ්බ නිසාවෙනි. එහෙත් බොහෝ දුරට නිවසේ වැඩ ද අවසන් ය.

   කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී යන්නට විය. අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පසු ගිය සිදුවීම නිසා සෝමපාලගේ දරුවන් සිටින්නේ එතරම් සතුටකින් නොවේ. සෝමපාලගේ නමට තැපෑලෙන් ලියුමක් ලැබෙන්නේ මෙවිට ය.

" මොකද්ද තාත්තේ ලියල තියෙන්නෙ? " 

" අම්මා අවුරුද්දට අපිව බලන්න එනවලු පුතේ.... " 

  සිය කුඩා පුතුගේ කඳුළු පිරි මුහුණෙන් සියුම් සිනහවක් නැගෙනු දුටු සෝමපාල සැනසුම් සුසුමක් හෙලීය.

29 comments:

  1. කතාවට ගැලපෙනම හෙඩිම තමයි දාලා තියෙන්නේ ...!

    ReplyDelete
    Replies
    1. කතාවකට හෙඩිමක් දාන එකත් ගේමක්...

      Delete
  2. කාලෙකින්.. හොද කතාවක්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා දේශා..

      Delete
    2. කෙටියෙන් ලියල තිබෙන නිර්මාණය ඉතාමත් අනර්ගයි.
      මම ලකුණු දෙනව නම් 100% දීල තව බිංදුවක් අගට එකතු කරනව.
      බස් වල ගැබිණි කාන්තාවකටවත් යන්න බැරි,අකුරු දෙකේ නම තියෙන වේසාවො ඉන්න රටේ මම ගිනිපත්තුවෙල හිටියෙ දරුවන්ට කරදරයක්ද කියල.

      Delete
    3. @ කෙන්ජි
      ස්තූතියි ඔබට.. දෙමාපියන්ගේ දරු සෙනෙහස හැම දේට ම වඩා උසස්..

      Delete
    4. මිලි 730 කේන්ජියා.. ඇවිත්.

      Delete
    5. @ දේශක යා
      ඒ මොකද්ද??

      Delete
  3. ඇත්ත, තමංගෙ දරු පවුල තරං වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා සහතික ඇත්ත..

      Delete
  4. සල්ලිවලට වඩා සතුට වටිනව නේ. වෙච්ච දේ හොද යි කියනව නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිලිනි........ සල්ලි නම් උපය ගන්න පුළුවන්...

      Delete
  5. නියමයි.. මේ කතාවේ ගන්න ලොකු අර්ථයක් තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අරමුණ... ස්තූතියි මලේ

      Delete
  6. සල්ලි වලින් බිල්ඩිමක් හැදුවට එක නිවසක් කරන්න සල්ලි වලට බැනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... සල්ලි වල තියෙන වටිනාකම තාවකාලිකයි නොවැ

      Delete
  7. ලස්සන කතවක් චින්තක. සුභ පැතුම්. ඔයා ගොඩ නගලා තියෙන තාත්තාගෙ චරිතෙ ආදර්ශමත් චරිතයක්. දැන් කාලෙ ගොඩක් අඩු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග මේ පැත්තෙත් ඇවිල්ල ගියාට.. දැන් මුදල් මත්තෙම නැහෙන එකනෙ වෙන්නේ..

      Delete
  8. මලයා දැන් එන්න එන්නම පරණත බවක් පෙන්නගෙන යනවා තමන්ගෙ ලියවිලි තුලින්...සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... එහෙමෙයි ? මට හිතුනේ නෑනේ.. සුභ පැතුමට ස්තූතියි සිරා අයියා..........

      Delete
  9. කන්න බැහැ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි
    නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නැහැ කියයි
    මටත් නින්ද නෑ සිත නුඹ ගැනම තතු කියයි
    (අන්තිම පදේ උඹේ පෝස්ට් එකට අදාල නැත )

    ReplyDelete
    Replies
    1. අපරාදිනේ ඒකත් දාන්ට තිබුණේ....... කොහොම උනත් මේකට ටිකක් ගැලපෙන සිංදුවක් තමා.. තැන්කූ ඒ පද ටික මෙතන ලිව්වට........

      Delete
  10. සමාවෙන්න ඕනි මගේ සහෝ මංපරක්කු උනාට.මං කලින් ඇවිත් දාපු කමෙන්ට් එක වැටිලා නෑ.මං ඒක ආයි දාන්නම්.
    මගේ දරු පැටවූ අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හද තලයි වැරෙන්..
    ඊළගට මෙහෙමත් වෙයි...
    අනර්ඝයි මචෝ.මරු කතාව.එල...

    ReplyDelete
    Replies
    1. ඕකේ බං.... උබේ පෝස්ටුවත් කියවන්ට බැරි උනා... දැන් වෙනද වගේ බ්ලොග් ලියන්න වෙන් නෑ බං.. කියවන්ට වෙන්නෙත් නෑ.....

      Delete
    2. ඒක නම් ඇත්ත.මං දන්නවනේ..ඒකට කමක් නෑ බං.ඉඩක් ලැබුන වහාම මං වගේ බ්ලොග් එක පැත්තේ වරෙන්...

      Delete
  11. චින්තක මල්ලි හොඳ කතාවක් ලියල තියන්නෙ.. මාත් පරක්කු වෙලා ඇවිත් කියවල ගියා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ චන්දන අයියා..

      Delete
  12. me bloggiya mokak hari hinda maga erilane.. den digatama ennam!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට...

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...