Wednesday, September 26, 2012

Windows 7 Speech Recognition

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සමග ලබාදෙන තවත් එක් අලුත් දෙයක් තමයි Speech Recognition කියලා කියන්නේ. හැබැයි ඔබට මේ සඳහා මයික්‍රෆෝනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී සිදුවන්නේ අපි මයික්‍රෝෆෝනය හරහා පවසන විධානය මෙහෙයුම් පද්ධතිය මගින් හඳුනාගෙන ඊට පිළිතුරු දැක්වීමයි. මෙය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවා තිබෙන්නේ අබාධිත පුද්ගලයන්ට පහසුවෙන් පරිගණකය හැසිරවීමට. මෙය තාමත් ඔබ අත්හදා බලා නොමැතිනම් අත්හදා බලන්න. විනෝදයක් ගෙන දේවි.


මුලින්ම මෙය ක්‍රියාත්මක කිරීමට Start > All Programs > Accessories > Easy of Access > Windows Speech Recognition වලට යන්න. එවිට ඔබට පහත ආකාරයේ තිරයක් ලැබේවි.



එහි දෙවනුව ඇති Setup Microphone යන ටැගය ක්ලික් කරන්න. එහි මතුවන වින්ඩෝ එකෙන් ඔබ ළඟ ඇති මයික්‍රොෆෝනය තෝරන්න. සාමාන්‍යයෙන් නම එය Headset Microphone විය යුතුයි. දැන් Next කරන්න. එවිට ලැබෙන වින්ඩොව් එකේද Next බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙවැනි වින්ඩෝ එකක් ලැබේවි.



තව දුරටත් ඉදිරියට යාමට නම් ඔබ ඔබේ මයික්රෝෆෝනය ඉදිරියට ගොස් මේ වින්ඩෝ එකේ තද කළු පැහැති ඇල අකුරින් ඇති වාක්‍ය ශබ්ද නගා කියවිය යුතුයි. ඔබ නිවැරදිව පැවසුවේනම් ඉදිරියට යාමට හැක. නැතිනම් නැවත වරක් කියවීමට සිදුවේවි.

ඔබ ඉහත ක්‍රියාකාරකම නිවැරදිව සිදුකලේනම් ඔබව Speech Recognition Tutorial වෙත යොමු කරාවි. එහි පියවරෙන් පියවර ඔබට පරිගණකය සමග කතා කිරීමට මනා පුහුණුවක් ලබා දේ. මතක තබා ගන්න, මෙහිදී කිසිම විටෙක ඔබට මව්සය පාවිච්චි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. සියල්ල ඔබට මයික්‍රොෆෝනය හරහා පැවසීමට හැක. Speech Recognition Tutorial හි ඉදිරියට යාමට Next විධානය ලබා දීමට ඔබ Next බට්න් එක ක්ලික් කල යුතු නැත. ඔබ කල යුත්තේ ඔබේ හඬින් "Next" ලෙස පැවසීම පමණකි.

මේ තියෙන්නේ Speech Recognition Tutorial ආරම්භක පිටුව.



Speech Recognition Tutorial අවසන් වූ පසු ඔබට Windows Speech Recognition සමග වැඩ ඇරඹිය හැක. ඔබ මවුසය භාවිතා කර කරන වැඩ කටයුතු මෙන්ම, ලියකියවිලි Type කර ගැනීමටද මේ හරහා පුළුවන්.

1 comment:

  1. mcn word wala type karana eka tikak amarui. kiyana eka newei type wenne

    ReplyDelete