Sunday, January 29, 2017

"සිතුවිලි" - අලුත්ම සිංහල බ්ලොග් සින්ඩිය

ඔන්න අලුතින් සින්ඩියක් පටන් ගත්තා.
හුඟ කාලෙක ඉඳන් තිබුණු අයිඩියා එකක් තමයි ඉතින් මගේම කියල සින්ඩියක් පටන් ගන්න එක. කොහෙද බොගේ පැත්ත පළාතෙවත් එන්න බැරි උනානේ කාලෙකින්..

අවුරුදු දෙකකට විතර පස්සේ අද තමයි බොගියේ පෝස්ටුවක් දා ගත්තේ. ඒත් එක සින්ඩියකවත් වැටුනේ නැහැ නෙව. කොහේ වැටෙන්නද, හුඟ කාලෙකින් පෝස්ටුවක් දා ගන්න බැරි උනානේ.
ඔය අතරේ තමයි දැක්කේ අපේ ගොඩක් ඒ කාලේ තිබුණු සින්ඩි දැන් වැඩ කරන්නේ නෑ. අලුතෙන් යාවත්කාලීන වෙන්නේ නෑ.
එතකොට තමයි හිතුනේ සින්ඩියක් හදන්න ඕනි කියල. 

වැඩිය කියවන්න ඕනි නෑ. ගිහින් බලන්න ඔයාලගේ බ්ලොග් එකත් ඇතුලත් කරලා නැත්තන් අදම එකතු කරන්න. මට පුළුවන් විදියට ටික ටික බ්ලොග් එකතු කරනවා...


මේ බැනර් එක ඔබේ බ්ලොගයේත් එල්ල ගන්න පහත පියවර අනුගමනය කරන්න.

01. මුලින්ම බ්ලොගර් Dashboard ඒකට යන්න.
02. Layout ක්ලික් කරන්න.
03. Add a Gadget ක්ලික් කරන්න.
04. HTML/JavaScript යන්න තෝරන්න.
05. Content වලට පහල තියෙන JavaScript එක Copy කරලා Paste කරන්න.

<!-- Codes by HTML.am -->
<!-- CSS Code -->
<style type="text/css" scoped>
img.GeneratedImage {
width:200px;height:80px;margin:5px;border-color:#FFFFFF;border-style:solid;
}</style>
<!-- HTML Code -->

<a href="http://csklankasyndi.blogspot.com/" target="_self"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhljuC2kBCwLQyRLU6AaHwKvW6el8lq2mHAzMTPZT1u8ED8b1FhzBDRNOJy6AShGIDfW7aw2Bn1YA0-OeTrFRHsFjUDjFq3j730CKK-IbPNwCMBihb900M12kYW_vEX_-qlH1FtQsFi/s1600/Banner.jpg" alt="Photo of the Remarkables mountain range in Queenstown, New Zealand." class="GeneratedImage" /></a>




දෙවියනි මේක මම මැව් ඒ සුර ලොව ය෴

එකොමත් කලෙක මම හිටියා 5 වසරේ
අම්මල නිසා ශිෂ්‍යත්වෙත් පාස් උනේ 
ගුරුතුමා ඇවිත් හිටි හැටියේ ඇසු පැණයේ
කවුරුන් වෙන්න කැමතිද ඔබ පසු කාලේ 

අනෙ ගුරුතුමනි ඔබ ඇසු දෙය සුපුරුදුය
එක වසරේ සිට දන්නේය උත්තරය 
අම්මයි තාත්තයි මට කීවේ එය ය 
Doctor කෙනෙක් වීමයි මගෙ උත්තරය 

ඔව් ඔව් අම්මේ දොස්තරයෙක් වෙන්නෙමිය
කාරයේ නැගී රට වට ට්‍රිප් යන්නෙමිය 
කොණ්ඩය කෙලින් කරලා හෙම පොෂ් වෙමිය
ගමට කන්න සල්ලිත් මම දෙන්නෙමිය

සර්ලා කිව්වා කැම්පස් වැඩ කිරිකජු ය 
එම ආශාව පෙරදැරි කොට වැඩ කලෙ ය
O/L, A/L හෙමි හෙමිහිට සමත් වි ය
කරාපිටියේ වෙදමැදුරට පහත් වි ය

දෙවියනි මේක මම මැව් ඒ සුර ලොව ය
අමා රස බොජුන් කැන්ටිමේ බත් පතෙ ය
සුරඟන රැඟුම් ඇත ඉඳහිට ඔඩියේ ය 
හීනෙන් වුවද පෙනෙන්නේ දේවතා එළි ය

මාසෙන් මාසේ පොඩි exam තියෙන්නේ
ඉඳහිට මෙහෙට ලොකු අකුනුත් ගසන්නේ 
stress ඇතත් ජීවිතේ හරි සරලයි නේ
රෝහල් යෑම සහ lectures විතරයි නෙ 

සර්ලා මැඩම් ලා හැමදා පසසන්නේ 
ඒකනේ ඉතින් තනි කකුලෙන් අපි ඉන්නේ
patient ලා ට විතරයි දුක තේරෙන්නේ
history ගද්දි බුදු වෙන්නැයි පතනවනේ 

සමහරදාට casualty ත් සෙට් වෙන්නේ 
සතියක ගොසිප් එක දවසින් කියැවෙන්නේ
surgery දවසේ පිජාමා කිට් ලැබෙනවනේ 
සීතලේ ගුලි ගැහී හොඳ හැටි නිදියන්නේ

යාළුවො මගේ පිටරට job කරනවනේ 
බැඳපු අයට අස්වැන්නත් ලැබිලානේ
අතමිට සරු නිසා බඩ කට පිරෙනවනෙ
උන්ගේ life හරි ජොලියෙන් ගෙවෙනවනේ

අවුරුදු 3ක් මේ සුර ලොව ගෙවෙන්නේ
එකනේ මෙහෙම හිටිවන කවි ලියන්නේ 
කාසි එපා කොළ මිටි දෙන මහතුන්නේ
මතු භවයේත් දොස්තර යැයි පතන්නේ 


උපුටා ගැන්මකි