Thursday, July 30, 2015

෴පෞද්ගලීකරණය සහ නිදහස් අධ්‍යාපනය෴

සමාවෙන්න ඕනේ. දැනට මාස පහකට විතර කලින් ඇවිල්ල මෙතන නිකං කෑ ගහල ගියාට.. ආයෙත් ලියනවා කිව්වට මෙලෝ මගුලක් ලිව්වේ නැහැනෙ. 

හ්ම්ම්.... 

මොකද්ද ඉතිං ලියන්නෙ..

වර්තමානයේ ඇතැම් අය හරිහැටි නොදන්න දෙයක්. මේක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයි, වසර ගණනක ඉඳන් උඩු දුවන ප්‍රශ්නයක්. දැන් ටිකක් වැඩිපුර කතාවෙන ප්‍රශ්නයක්.

1946 දි කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන්නු නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ඉගෙන ගෙන දැන් සමාජයේ ඉහළ තැන් වල ඉන්න අය කොච්චර නම් අපෙ රටේ ඉන්නවද. ඒත් දැන් එන්න එන්න මේ නිදහස් අධ්‍යාපනයටත් කණ කොකා හඬලලා. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙච්චි සමාජයේ අධ්‍යාපනයටත් ඒ සෙතේ ම අයිති වෙන එක අහන්නත් දෙයක්ද.

විශ්ව විද්‍යාල උපාධි වලින් අපේ රටේ මෙතෙක් කාලයක් මුදලට විකිනෙන්නේ නැතුව තිබුනේ වෛද්‍ය උපාධිය විතරයි. ඒත් දැන් ඒකත් හරි අපූරුවට විකිනෙනවා. මීට පෙර රටේ තිබුනේ උසස් පෙළ විභාගයෙන් වැඩිම දක්ෂතා පෙන්වන සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙන ක්‍රමයක්. පළමු වර ඇතුලත් වීමට නොහැකි වූ සිසුන්ට නැවත උත්සාහ කර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තියෙනවා. නමුත් වර්තමානයේ මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මුදල් හදල් හොඳ හැටි තියෙන දෙමාපියන්ගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන්ට යන්න දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඒත් එදා වේල හරිහැටි හොයා ගන්න බැරි දුප්පත් දෙමාපියන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරුව බොහොම දුක් මහන්සියෙන් පාඩම් කරලා ආයෙමත් උසස් පෙළ කරනවා. සංවර්ධනය කියන්නේ මොකද්ද කියල තාම හරියට දැකලවත් නැති අපේ වගේ රටකට මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ගැලපෙනවද? ඉතිං, කරන්න
ඕන මුලින්ම රටේ දුප්පත් කම නැති කරන එකද නැත්නං නිදහස් අධ්‍යාපනයත් මුදලට විකුණන එකද????





ඉතිං වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ..  බ්ලොගේ නිකං පාලුවට යන නිසා තමයි මේකත් ලිව්වේ..

ඒ වගේම මං කැමතියි මේ ගැන ඔබේ අදහසත් කියලම යනවනම් පහල කොමෙන්ටුවකින්...

ආයෙත් දවසක හමු වෙමු..

13 comments:

  1. මිනිස්සු සංවර්ධනය වුනේ අධ්යාඒපනයත් එක්ක. එක් මිනිහෙක් ලබපු අත්දැකිම අනිත් මිනිස්සු අතර බෙදාගනිමින් සහ එම අත්දැකිම් දැනුමක් ලෙස වර්ධනය කරමින් එක් එක් පුද්ගලයගෙ අත්දැකිම් දැනුමක් විදිහට සමාජගතවුනා. මේ දැනුම ලොකය දියුණු තත්වයකට අරගෙන එන්න සමාජයට අවශ්ය් විවිධ වෘත්තිකයන් නිර්මාණය කරන්න මේ සමාජගතවන දැනුම බෙදා හරින්න අධ්යානපන ක්රවමයක් අවශ්ය වුනා.

    ලෝකයතුල විශාල දැනුමක් තිබුනට සියලුම පුද්ගලයන්ට මේ සියලුම දැනුම අවශ්ය් නැහැ. එක් එක් පුද්ගලයට හෝ සමාජ කාණ්ඩයකට සමාජයතුල ජිවත් වීමට අවශ්යට මුලික දැනුමට අමතරව සමාජය තුලින් දැනුම උකහ ගැනීමට අවශ්යය දැනුම සහ වෘත්තීය ජිවිතයකට අවශ්ය මුලීක දැනුම ලබාදීම විධිමත් ආයතන පද්දතියක් හරහා සිද්ද වෙනව.

    ඒ වගේම අපි පොඩිකාලේ ගොඩක් ළමයි ආස වෛද්යවවරු ගුරුවරු වගේ වෙන්න. ඒහෙම වුනත් සමාජයකට එක් එක් වෘත්තියකින් අවශ්ය පුද්ගලයන් ප්රරමාණයේ සීමාවක් එක් එක් රටවල්වල තියෙනව. මේ නිසාම අධ්යා පන ක්රිමයක් ඇතුලෙ මේ සියලුම දෙනා එක් වෘත්තියකට ඇතුලුවෙන්න තියෙන ඉඩ අහුරන්න ඕන. එහෙම නොවි හැමොම දොස්තරල, ඉංජිනේරුවො, ගුරුවරු වෙන්න ගියොත් පාරවල් අතුගාන්නෙ, ගොවිතැන් කරන්නෙ , මේසන්ල වෙන්නේ කවුද? මේක නිසා සමාජ ක්රුමයක් විසින්ම මේ අවස්ථාවන් සීමා කරනව. ඊට පස්සේ හැමෝම දොස්තරල, ඉංජිනේරුවො, වෙන්න ට්රමයි කරන්නේ නැහැ. හැබැයි වැඩි ඉල්ලුමක් තියෙන ක්ෂෙත්රස වලට වැඩි පිරිසකගෙ අවධානයක් යොමු වෙනව මේ සමාජය ඇතුලෙ තත්වයක් සහ වැඩ සමාජ ප්රකතිලාභ ප්රවමාණයක් ලබා ගන්න.

    දැනට තියෙන ක්රරමවේදය තමයි අවුරුදු 13ක් ඉස්කොලෙ ගිහින් ඊට පස්සෙ තමන්ගෙ වෘත්තීය ක්ෂෙනත්ර්ය තොරා ගැනීම. වෙළද පොලේ ඉල්ලුම අනුව තමයි තොරා ගැනීම වෙන්නෙ. මේ තියන අධ්යාේපන ක්රරමය ඇතුලෙ තොර ගන්නෙ දක්ෂයව නෙමෙයි. අදාල දිනයෙදි ලබාදෙන ගැටලුවලට බලාපොරොත්තුවන පිලිතුරු සපයල වැඩිම ලකුණු ගන්න කණ්ඩායම. මේ අනුව අවුරුද්දකට ලංකාවේ ඉංජිනේරුවො 1000යි හදන්නෙ කියල ලංකාවෙන් 1000ක් තොර ගන්නව. විශ්ව විද්යාංලයට ගිහම එකෙනුත් තිරණය කරල තියෙනව මේ අවුරුද්දට මැකනිකල් 100යි ලංකාවේ ඔක්කෝම විශ්ව විද්යා්ල වලින් පිට කරන්නෙ කියල. මේක 100 වෙන්නෙ විශ්ව විද්යායලවලට තියෙන සම්පත් ප්රාමාණය සහ සමාජයට අවශ්යර ප්රේමාණය යන කරුණු වලින්

    පෞද්ගලික ආයතනයකට හෝ ආයතන කිහිපයකටත් දෙනව ඉංජිනේරුවන් ප්රනමාණයක් හදන්න කියල. අපි හිතනව දැනට 1500කට ඉල්ලුමක් තියෙනව හැබැයි රජයට තියෙන සම්පත් එක්ක හදන්නෙ 1000යි ඉතිරි 500 පෞද්ගලික අධ්යටපන ආයතන වලින් හදනව රජයෙ නියාමනය යටතේ. එතකොට එම ක්ෂෙත්රතයට ආශාවක් තියෙන පුද්ගලයකුට පුලුවන් වෙනව මේ පෞද්ගලික අධ්යයපන හරහා වෘත්තීය අධ්යකපනය ලබා ගන්න. එතකොට කැම්පස් යන්න ලකුණක් 2ක් මදිවුන පුද්ගලයන් 500ක් වෙනුවට සල්ලි වියදම් කරන්න පුලුවන් 500ක් වෘත්තීය අධ්යලපනය ලබා ගන්න ඉංජිනේරු පිඨයට ඇතුල් වෙනව. මේක ඇතුලෙත් දක්ෂයන්ට තැනක් ලැබෙනව කියන්න අමාරුයි

    ඊලගට වෙන්න නියමිත දේ තමයි රජය තෘතික අධයාපනයෙන් ක්ර මයෙන් බැහැරවීම හෝ ප්ර තිශතය අඩු කිරීම සහ ගුණාත්මකභාවය අඩුවීම. පෞදගලික අංශය තෘතික අධයාපනයෙ වැඩි පංගුවක් අතපත් කර ගැනීම. මේකත් හොදයි යම් තරගකාරී බවක් ඇතිවෙල විෂයන්ගේ ගුණාත්මකභාවය ඉහල යන්න පුලුවන් වගේම විදේශ වෙළදපොලට තුලින් ඇති ඉල්ලුම වර්ධනය කිරිමටත් ඉඩ තියෙනව මේ ක්රහමය ඇතුලෙ. හැබැයි සමාජයතුල පහල පාන්තිකයන්ට යම් යම් ක්ෂෙත්රනයන්ට ඇතුලුවීමට ඇති ඉඩ ඇහිරීමක් මේ ක්රමමය මගින් ඇතිවෙන්න පුලුවන්. ආදි කාලයේදි හකුරු හදන කෙනාගෙ පුතා හකුරු හදනව රෙදි හොදන කෙනගෙ පුතා රෙදි හොදනව වගේ සල්ලි නැති එකාගේ පුතාට මේසන් වැඩෙ කරන්නයි සල්ලි තියෙන එකාගෙ පුතාට ඉංජිනේරුව වෙන්නයි පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මම හිතන්නේ ඔබ පෙන්නා දෙන්න හදන්නේ මෙහි දෙපැත්තක් තියෙන බව. එනම හොඳ පැත්තක් මෙන්ම වැරදි පැත්තක්. ඒ වගේම මට පෙන්නේ බොහෝදෙනා මෙහි එක පැත්තක් පමණක් දකින බවයි.

      Delete
    2. හම්මෝ... මගේ පෝස්ට් එකටත් වඩා දිග කොමෙන්ටුවක් නෙ..

      ඔව් ඉතිං නිදහස් අධ්‍යාපනය කියල එකක් තිබුනේ නැතිනම් ආදි කාලයේදි හකුරු හදන කෙනාගෙ පුතා හකුරු හදනව රෙදි හොදන කෙනගෙ පුතා රෙදි හොදනව වගේ සල්ලි නැති එකාගේ පුතාට මේසන් වැඩෙ කරන්නයි සල්ලි තියෙන එකාගෙ පුතාට ඉංජිනේරුව වෙන්නයි පුලුවන්.

      ඒක නිසා අපි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ඕන.. මොකද මාත් වෛද්‍ය ශිෂ්‍යයෙක්.. ඒත් අපෙ තාත්තා මේසන් බාස් කෙනෙක්..

      Delete
    3. කියන්න බැරි උනා .. බොහොම ස්තූතියි ඔබේ වටිනා අදහස් වලට..

      Delete
  2. චින්තක, මට පේන්නේ ඔය මෙතන මාලඹේ ගැන කියන්න හදල තියෙන්නේ. ඒත් මගදී නවත්වලා. තව ටිකක් මේ ගැන විස්තර කලානම්, මම කිව්වේ ඔයා අර කියල තියෙන්නේ වෛද්‍ය උපාධියත් මුදලට විකිනෙනවා කියල....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙම තමා ලියන්න හැදුවේ ඇනෝ...........

      බලමු

      Delete
  3. මෙහෙම හරි ලියමු....... දිගට ම ලියමු..... අදයි මේ පැත්තට අාවේ..... ලොකු රවුමක් ගහලයි පාර හොයා ගත්තේ... සින්ඩියටත් දා ගත්තා.... දැන්නම් දිගට ම ඒනවා.....

    මෙන්න සින්ඩියට ලින්කුව - http://kurutugegeepawra1.blogspot.com/

    දිගට ම ලියමු ... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..
      හුඟ කාලෙකින් ඇත්තටම ලියන්න උනේ නෑ..
      දැන් නම් ආයි ලියන්න පටන් ගන්නවා

      Delete
  4. අපි හිතුවෙ උඹ මලා කියලා...ඊලග එක මාස 5 කට කලින් වැටෙයි නේද කොලුවො....

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකුත් වෙලා තාම නෑ. හැක්..

      Delete
    2. ඔන්න ලියනවෝ.. මේ පාරනම් ලියනවමයි.. :-D :-D

      Delete
  5. ඇත්තටම ලංකාවට පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ. සල්ලි තියන මිනිස්සුන්ට ගැටලුවක් නැතුව තමුන්ගෙ දරුවො රට යවන්න පුලුවන් උගන්වන්න.අහිංසක මිනිස්සු න්ගේ දුවාදරුවන්ට ඒ තුනක් අරගෙනත් ගෙදරට වෙලා ඉන්න කාලයක් ආයෙ උදා වෙන්න පුළුවන් මේ යන විදියට ගියොත්

    ReplyDelete
  6. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ කියල කියන සමහරු එක්කෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය සහ යන අය ...

    එතකොට යන්න බැරි වෙච්චි යන්න උවමනාව තියන උදවිය ගැන කවුද බලන්නේ ... ඔය කෑ ගහන කුහක උදවියද ???

    හැම පුද්ගලික විශ්ව විද්‍යාලයක්ම උපාධි කඩද ? ... ඔය කෑ කෝ ගහන උදවිය මේ ගැන හරි හැටි අධ්‍යනයක් කර තියන උදවියද ? :) :) :)

    ReplyDelete