Thursday, July 30, 2015

෴පෞද්ගලීකරණය සහ නිදහස් අධ්‍යාපනය෴

සමාවෙන්න ඕනේ. දැනට මාස පහකට විතර කලින් ඇවිල්ල මෙතන නිකං කෑ ගහල ගියාට.. ආයෙත් ලියනවා කිව්වට මෙලෝ මගුලක් ලිව්වේ නැහැනෙ. 

හ්ම්ම්.... 

මොකද්ද ඉතිං ලියන්නෙ..

වර්තමානයේ ඇතැම් අය හරිහැටි නොදන්න දෙයක්. මේක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයි, වසර ගණනක ඉඳන් උඩු දුවන ප්‍රශ්නයක්. දැන් ටිකක් වැඩිපුර කතාවෙන ප්‍රශ්නයක්.

1946 දි කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන්නු නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ඉගෙන ගෙන දැන් සමාජයේ ඉහළ තැන් වල ඉන්න අය කොච්චර නම් අපෙ රටේ ඉන්නවද. ඒත් දැන් එන්න එන්න මේ නිදහස් අධ්‍යාපනයටත් කණ කොකා හඬලලා. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙච්චි සමාජයේ අධ්‍යාපනයටත් ඒ සෙතේ ම අයිති වෙන එක අහන්නත් දෙයක්ද.

විශ්ව විද්‍යාල උපාධි වලින් අපේ රටේ මෙතෙක් කාලයක් මුදලට විකිනෙන්නේ නැතුව තිබුනේ වෛද්‍ය උපාධිය විතරයි. ඒත් දැන් ඒකත් හරි අපූරුවට විකිනෙනවා. මීට පෙර රටේ තිබුනේ උසස් පෙළ විභාගයෙන් වැඩිම දක්ෂතා පෙන්වන සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙන ක්‍රමයක්. පළමු වර ඇතුලත් වීමට නොහැකි වූ සිසුන්ට නැවත උත්සාහ කර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තියෙනවා. නමුත් වර්තමානයේ මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මුදල් හදල් හොඳ හැටි තියෙන දෙමාපියන්ගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන්ට යන්න දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඒත් එදා වේල හරිහැටි හොයා ගන්න බැරි දුප්පත් දෙමාපියන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරුව බොහොම දුක් මහන්සියෙන් පාඩම් කරලා ආයෙමත් උසස් පෙළ කරනවා. සංවර්ධනය කියන්නේ මොකද්ද කියල තාම හරියට දැකලවත් නැති අපේ වගේ රටකට මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ගැලපෙනවද? ඉතිං, කරන්න
ඕන මුලින්ම රටේ දුප්පත් කම නැති කරන එකද නැත්නං නිදහස් අධ්‍යාපනයත් මුදලට විකුණන එකද????





ඉතිං වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ..  බ්ලොගේ නිකං පාලුවට යන නිසා තමයි මේකත් ලිව්වේ..

ඒ වගේම මං කැමතියි මේ ගැන ඔබේ අදහසත් කියලම යනවනම් පහල කොමෙන්ටුවකින්...

ආයෙත් දවසක හමු වෙමු..