Monday, August 12, 2013

ඩොට් නෙට් ෆ්රෙම් වර්ක් මල ඉලව්ව.......


    වින්දෝරෙ මාමලාත් ඔන්න අලුත් ජනේලයක් හදලනෙ... ඉතින් මටත් හිතුනා හන්තානෙට පෙම් බඳින ගමන් ඔය අටවෙනියට හදාපු ජනේලෙ ඇතුලෙනුත් රිංගල ගිහින් ඇතුලෙ වෙන්නෙ මොනාද කියල බලල එන්න.. ඒත් ඇතුලෙ පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමා .net Framework හුට පටයක් ඇති වීම.

    වින්ඩෝස් 8 වල අන්තර්ගත කරල තියෙන්නෙ .net Framework 4.5  කියන වර්ශන් එක. ඒක අලුත්ම වර්ශන් එකක්. ඒත් සමහර මෘදුකාංග වලට .net Framework 3.5 හෝ ඊට පෙර සංස්කරනයක් ඉල්ලනව. “එන්කාර්ටා” , “බ්‍රිටැනිකා” ආදිය ඒවායින් සමහරක්. මාත් ඉතින් වින්ඩෝස් 8 දාපු ගමන්ම අහු උනේ ලෙඩක් තමයි. කොහොමහරි ඉතිං ගූගල් දෙයියන්ගේ උදව්වෙන් විසඳුමක් හොයා ගත්තා. අනිත් අයටත් උදව්වක් වෙයි කියල ඔන්න මේකෙත් දැම්මා...
 
    .net Framework 3.5 වින්ඩෝස් 8 වල ඉන්ස්ටෝල් නොවුනද එය වින්ඩෝස් 8 DVD එකේ තිබේ. අප කල යුත්තේ එය සොයාගෙන ඉන්ස්ටෝල් කිරීමය. මුලින්ම ඔබ ලඟ තිබෙන වින්ඩෝස් 8 DVD එක ඔබේ පරිගනකයෙ DVD රොම් එකට දමන්න. ඔබේ පරිගනකයේ වින්ඩෝස් 8 ඉමේජ් ෆයිල් එකක් තිබෙනම් එය මවුන්ට් කිරීම වුවද කල හැක. අපට උවමනා කරන .net Framework ගොනු ඇත්තේ G:\sources\sxs නම් ෆෝල්ඩරය තුලය.  (සැ..යු : ඔබ විසින් මෙහි කිසිවක් සිදු කිරීම අවශ්‍ය නොවේ)   මෙහි මා G:\ යනුවෙන් දක්වා ඇත්තෙ වින්ඩෝස් 8 DVD එක ඕපන් වී ඇති ඩ්‍රයිව් එක වේ. එය ඔබේ පරිගනකය තුල වෙනස් විය හැක.






   කරන්න තියෙන්නේ මෙච්චරයි... මුලින්ම Command Prompt එක ඕපන් කරගන්න ඕන. ඕපන් කල යුත්තේ  Administrative Privileges යටතේ.. ඒකට Command Prompt අයිකන් එක මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනු එකෙන් Run as administrator යන්න තෝරන්න ඕන. ඊට පස්සෙ පහලින් තියෙන command  එක කොපි කරලා Command Prompt වින්ඩෝ එකට පේස්ට් කර Enter කරන්න.


 
Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:G:\sources\sxs /LimitAccess
 
   මෙහි G:\sources\ යන්නෙහි G  ලෙස දක්වා ඇත්තේ වින්ඩෝස් 8 DVD එක ඕපන් වී ඇති ඩ්‍රයිව් එක වේ. එය ඔබේ පරිගනකය තුල වෙනස් විය හැක.
 
    දැන් ඔබේ පරිගනකයට .net Framework 3.5  ඉන්ස්ටෝල් වී ඇත. සැක හැර දැනගැනීමට අවැසිනම් Control Panel වෙත ගොස් එහි Programs හි වම් පස ඉහලින් ඇති Turn Windows features on or off යන්න ක්ලික් කරන්න. එවිට පහත රූපයේ පරිදි එහි .NET Framework 3.5 යන්න ඉදිරියෙන් ඇති චෙක්ස් බොක්ස් එක සිලෙක්ට් වී තිබෙනු දැකිය හැක.  මීට පෙර එසේ සිලෙක්ට් වී නොමැත. දැන් ඔබේ මෙහෙයුම සාර්ථක ය. මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ගැටලු මතු නොවේ...
 

ප.ලි :  අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ  නවතම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අපේ අලුත් පිටුවට එකතු වන්න http://csklanka.blogspot.com/p/blog-page_6.html




16 comments:

  1. එල..

    කොහෙද ගියේ පහුගිය කාලෙ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ටික ඔක්කොම මිස් උනා අයියා .. දැන් ආයි ඔක්කොම මුල ඉඳං බලාගෙන එන්න ඕන ... මේ ටිකේ රාජකාරි බහුල උනානෙ . ඒකයි වැඩේ ...

      Delete
  2. කොහේද බං ගිහිං හිටියේ.. එළ කිරි තොරතරු ටිකක්..

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් එන්ට බැරි උනා... වැඩ වැඩියි..

      Delete
  3. ඕකෙ 3.5 ඉන්ස්ටෝල් කරන්න ඕන නම් දැනට තියෙන 4.5 එක uninstall කරන්නම ඕන...
    ඔය 4.5 කියන්නෙ නිකං demo test version එකක් වගේ මට හිතෙන විදියට...

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් එකෙන් අප්ඩේට් කරද්දිනම් මටත් ඒ ලෙඩේ ආවා.. ඒත් මේ විදියට කරද්දී කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. 4.5 එක uninstall කරන්න ඕන උනේ නෑ...

      Delete
  4. තැන්කු මචං ....මට ඔය අවුල තිබුනා පස්සේ ඩවුන්ලෝඩ් කරලා දැම්මා.. මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැනේ ..

    ReplyDelete
    Replies
    1. මටත් ඕක අහම්බෙන් අහු උනේ.. මයික්‍රෝසොෆ්ට් වෙබ් පේජ් එකේ තිබිලා..

      Delete
  5. 8 දාලා සුපුරුදු පරිදි කොරල්ඩ්‍රෝ X6 දාන්න ගිහින් මටත් ඔය සන්තෑසියම උනා බං. ගූගල් දෙයියො හිටියයින් මටත් පිහිට උනා. මම දැක්කා එතන දාලා තියෙනව ඕක බෑවොතින් 200 mb වලට විතර කිට්ටු ෆයිල් එකක් කියල. හිඟන පැකේජ්වලින් නෙට් එන අපිට ඕන ඕන වෙලාවට 200 ඒව නාස්ති කරන්න පුළුවන්ද, ඒ නිසා මමත් ඔය කෝඩ් එක ගහල වැඩේ ගොඩදාගත්තා.

    මම ගැහැව්වෙ මේක,

    DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:f:\sources\sxs

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අප්පා... ඔය 200 mb වලින් වෙන මොකක් හරි සොෆ්ට් එකක් බා ගන්න බැරියෑ.... ඔය කෝඩ් එකත් හරි ඇති එහෙනම්... ස්තූතියි මේ පැත්තේ ආවට..

      :)

      Delete
  6. මොකක්ද ඔය .නෙට් එකෙන් වෙන්නෙ. ඒකනං මල ඇණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වින්ඩෝස් ෆ්ලැට්ෆෝම් එකට හදාපු මෘදුකාංග ධාවනය කරවන වැඩසටහනක් නේ.. මයික්‍රෝසොෆ්ට් විෂුවල් ස්ටුඩියෝ වලින් හදාපු සොෆ්ට් එහෙම රන් කරන්න...

      http://en.wikipedia.org/wiki/.NET_Framework

      http://si.wikipedia.org/wiki/.NET_Framework

      Delete
  7. පහුගිය කාලෙ වැඩිය පේන්න හිටියෙ නෑ තමයි චින්තක. මාත් වින්ඩෝස් 8 දාන්න තමයි හිතාගෙන හිටියෙ..ඒත් දැන් ඒකට කාලයක් බලන් ඉන්න වෙයි වගේ:( කොහොම උනත් විස්තර ටික වටිනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. වැඩිය පෙනී හිටියේ නෑ... :D වටිනවානම් හොඳයි...

      Delete
  8. එල මචං.මාත් උත්සහා කරලා බලන්නම්..ජය වේ.!

    ReplyDelete