Tuesday, April 9, 2013

අපිත් උන්මන්තකයෝද ඈ......!

  ෆේස් බුකියට ඇබ්බැහි වීම උන්මන්තක ලෙඩක්ය කියල කලින් පෝස්ටුවක කිව්වත් මතක ඇතිනේ. මේ පෝස්ටුව දාන්ට හිතුනේ මේ ඒකට ලැබුණු ප්‍රතිචාර සහ අපේ සයිලන්ට් සහන් අයියා ඊයේ පෙරේදා දාලා තිබුණු පෝස්ටුවක් දැකලා..

  ෆේස් බුකියට ඇබ්බැහි වීම දැන්නම් විසාල ලෙඩක් වෙලා තියෙනවා කියලා පේනවා. මේ ළඟදි දවසක ෆොටෝ එකක් දැක්කා බයික් ඇක්සිඩන්ට් එකක්. බයික් කාරයා මළා. මිනිහගේ ළඟ තිබුණු ස්මාර්ට් ෆෝන් එකේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා හිටියේ. අනතුරට හේතුව හරියටම ඒකද කියල කියන්ට මම දන්නේ නෑ. ඒත් හැම දෙයක්ම හරි ගානට සමතුලිත කරගෙන වැඩ කළානම් තමා හොඳ.


cuongdang.info

  බලාගෙන ගියාම දැන් මේ ලෝකේ හැමෝටම මොකක් හරි උන්මන්තක රෝගයක් තියෙනවා. ඒත් ඒක සමාජයට ලෙඩක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නැහැනේ. ඒත් මේ දේ ගොඩාක් දුරට දැන් සමාජයටත් බලපාලා තියෙන හැටි ඔබට මූණුපොතේ පැත්තේ ගියොත් බලාගන්ට පුලුවන් වේවි. අන්තර්ජාලය භාවිතය සහ ඇබ්බැහි වීම කියන්නේ මෙතැන වචන දෙකක්. මොකද සාමාන්‍ය විදියට ජීවිතේ සියලු වැඩ කටයුතු පසෙක නොහෙලා අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය ඕනෑතරම් අපි අතර ඉන්නවා නොවැ. සාමාන්‍යයෙන් බොහෝ විට දවසෙන් වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කරන යෞවන යෞවනියන්ට මානසික අවපීඩන තත්ව ඇති වී මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීමේ අපහසුතා ඇතිවන බව පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. 

  ඔන්න අන්තර්ජාලෙට යම් පුද්ගලයෙක් අන්තර්ජාලෙට ඇබ්බැහි වෙලාද නැද්ද කියලා හොයා ගන්න පර්යේෂණයක් කරලා තියෙනවා. ඒකට තියෙන්නෙ පුංචි ප්‍රශ්න කිහිපෙකට උත්තර සපයන්න විතරයි. මේ හැම ප්‍රශ්නෙකටම උත්තර 06 ගානෙ තියෙනවා. අනිවාර්යයෙන් ඒ හයෙන් එකකට උත්තර දෙන්නම ඕන. ඔක්කොම ප්‍රශ්න විස්සක් තියෙනවා. ඔබ ඒ ප්‍රශ්න විස්සට මුලින්ම පුංචි කොළ කෑල්ලක උත්තර දෙන්න ඕන. ඊටපස්සේ කරන්ට තියෙන්නේ ආපු උත්තර විස්සේ අංක ටිකේ එකතුව බලන එක. ඉතිං මාත් ඔය ප්‍රශ්න විස්සට උත්තර දීලා ආපු අංක ටික එකතු කරලා බැලුවා. බොරු කියන්නේ මොටද. ආවා උත්තරේ 32ක්!.. මම දැන් ජංජාලේ පාවිච්චිය ටිකක් අඩු කරලා තියෙන්නේ.. ඉස්සර බැලුවානම් සීයෙන් සීයම එනවා..

  ඉතිං ඔබට වෙලාවක් තිබේනම් කොළයක් අතට අරගෙන පල්ලෙහායින් දාලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා බලන්න ලකුණු කීයක් ලැබෙනවාද කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ප්‍රශ්න මම හදාපු එකක් නෙවෙයි පර්යේෂණ කණ්ඩායමක් හදපු ප්‍රශ්න ටිකක්. ඒ වගේම ඒ ටික මට හම්බුනේ මෙන්න මේ ලිංකුවේ තිබිලා..


  1. ඔබ මීළඟ වතාවේ අන්තර්ජාලයට සම්බන්ධ වූ විට කරන්නේ කුමක්දැයි සැළසුම් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  2. අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වූ අවස්ථා වලදී ඔබ අසතුටට, නුරුස්සනා ස්වභාවයකට, නොඉවසිලිවන්ත තත්ත්වයකට පත් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  3. අන්තර්ජාල සබඳතාවය බිඳ වැටේයැයි හෝ ඔබගේ අන්තර්ජාල ගිණුම් සොරා ගනීවි යැයි හෝ මකා දමයි යැයි ඔබ බියෙන් පසු වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  4. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින වේලාව නිවැසියන්ට හෝ මිතුරන්ට පැවසීමට ඔබ මැළි වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  5. පවුල, මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සම්බන්ධතාවය පැවැත්වීමට අවැසි නිසා ඔබ පරිගණක භාවිතය ප්‍රිය කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  6. කලින් සිතූ කාලයට වඩා වැඩියෙන් ඔබ අන්තර්ජාලයේ රැදී සිටිනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  7. අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු ඔබ අවම වශයෙන් එක් මිතුරෙක් සමඟවත් හෝ චැට් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  8. අන්තර්ජාලයේ කුමක් කරන්නේ දැයි කෙනෙක් ඇසුවොත් ඔබ කරනා දේවල් පැවසීමේදී ඔබ පරිස්සම් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  9. ඔබගේ අන්තර්ජාල භාවිතයට කෙනෙක් බලපෑම් කරයි නම් එය ඔබට කරදරකාරී සහ අප්‍රියජනක දෙයක්ද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  10. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ සැළසුම් හෝ අරමුණු ව්‍යාර්ථ වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  11. ගෙදරින් පිටතට ගොස් මිතුරන් සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලද විටෙක ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නිසා නොගොස් සිටිනවාද ? හෝ ඔබ යනවා නම් හදිසියේ හෝ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ජංගම දුරකථනය ටැබ්ලට් පරිගණකය රැගෙන යනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  12. අන්තර්ජාල භාවිතය අඩු කිරීමට ඔබ සැළසුම් සකස් කළත් ඒවා ක්‍රියාවට නැඟෙන්නේ නැතිද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  13. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ එදිනෙදා වැඩ අතපසු වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  14. අන්තර්ජාලයෙන් නික්මයාමට ඔබට සිතුනද, “තව එක් වරක් ෆේස්බුක් ගිහින් බලලා එන්න ඕනා” හෝ “තව ටික වෙළාවක් ඉන්නවා” යැයි ඔබට සිතෙන්නේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  15. ඔබ රාජකාරී කටයුත්තක හෝ වෙනයම් කරයුත්තක යෙදී සිටින විට අන්තර්ජාලය භාවිතා කිරීම නිසා එම කාර්‍ය උපරිම ඵළදායිතාවෙයෙන් යුතුව කිරීමට නොහැකි වේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  16. අන්තර්ජාලයට සම්බන්ධවීමට යන අවස්ථාවේදී ඔබට සතුටක්, මානසිකව පිබිදුණු ස්වභාවයක් දැනේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  17. ඔබ අන්තර්ජාලයේ සිටින වේළාව ගැන ඔබේ මිතුරන් දොස් කියනවාද ? නැතිනම් ඒ ගැන කතා බහේ යෙදෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  18. අන්තර්ජාලයේ කුමක් කරන්නේදැයි සිතමින් ඔබ කාලය ගෙවා දමනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  19. අන්තර්ජාලයෙන් හෝ පරිගණකයෙන් ඔබේ රාජකාරී හෝ පාසල් වැඩක් කිරීමට ඇති අවස්ථාවේදී එයට පෙර ඔබ ෆේස්බුක්, ඊමේල් වැනි දෑ පිරික්සා බලනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  20. මධ්‍යම රාත්‍රියේ හෝ ඊට පසුවත් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ඔබගේ නින්ද අඩු වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
 ඔබ දැන් මෙයට පිළිතුරු සපයා අවසන් නම් ඔබ ළඟ ඉලක්කම් 20ක් ලියූ කොළයක් තිබිය යුතුයි. එම ඉලක්කම් සියල්ල එකතු කරන්න. ඔබට ලැබුණ පිළිතුර,
  • 30ට අඩු නම් -
ඔබ සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.
  • 30ත් 50ත් අතර නම් -
ඔබ තරමක් දුරට අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකි. ඔබගේ සැබෑ ජීවිතයේ යම් යම් දේ ඔබෙන් ඈත්වීමට පවා හැකියාවක් තිබේ. නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොගනී.
  • 50ට වැඩි නම් -
නිසැකවම ඔබ අන්තර්ජාලයට සම්පූරණයෙන්ම ඇබ්බැහි වූවෙකි.  ඔබ දැන් අත්විඳිනවාට වඩා විශාල ප්‍රතිලාභයක් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමෙන් උදාකර ගත හැක. ඔබගේ මානසික නිරෝගීභාවය වර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා මෙම තත්ත්වයෙන් මිදෙන්නට උත්සාහ ගන්න. 

 
www.helpingpsychology.com


 ඔබට ඔබ ගැනම සිතීමට දැන් හැකිවනු ඇත. (මම මා ගැන සිතා ගත්තෙමි)

ප.ලි:: ඉහත සඳහන් ප්‍රශ්න පමණක් උපුටා ගත්තේ http://lionlk.com/how-to-tips/sinhala-internet-addiction-disorder-test යන ලිංකුවෙන් බව කරුණාවෙන් සළකන්න... 

27 comments:

  1. ෆේස් බුකියට ඇබ්බැහි වීම කෙසේ වෙතත් අන්තර්ජාලය නැතිව පරිඝනකය ඕන් කරන්නේ නැති තැනටනම් ඇවිත් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දැන් ඉන්ටනෙට් නැතිව පරිගනකයෙන් කිසි වැඩක් නෑ වගේ....

      Delete
  2. මගේ 31 යි.

    ReplyDelete
    Replies
    1. මටත් කොච්චර ට්‍රයි කලත් තිහෙන් පහළට ගන්න බැරි උනානේ.. එළ ඈ

      Delete
  3. 57:O මොකක්ද මේ විනාසේ

    ReplyDelete
    Replies
    1. 57 නම් වැඩියි බොල.. :-O
      තැන්කූ මේ පැත්තේ ආවට

      Delete
  4. Replies
    1. හිකිස් වෙල් ඩං වේල් ඩං...

      Delete
  5. 15 යි. මේක මීට වැඩිය වැඩිවෙන්න තිබුණ ස්මාර්ට් ෆෝන් එහෙම තිබ්බනං.

    ReplyDelete
    Replies
    1. මෙන්න පොරක්... අම්මප කියපං අයියේ,, බොරු නෙවෙයිනේ.... :D

      Delete
  6. මම 32යි නරකයි නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් නරක නෑ.. මටත් 32යිනේ..... g-)

      Delete
  7. සහන් මේ වගේ පරික්ෂණයක් කරලා තිබුණා ඒක මෙයිට වඩා සාර්ථකයි වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මම කියෙව්වා ඒක ගොඩාක් සාර්ථකයි..

      Delete
  8. 26යි නරකම නෑ :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. නරක නෑ...
      //ඔබ සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.//

      :)

      Delete
  9. බලන්න දෙයක් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා... රාජ සම්පත්ම ලැබේවා...

      Delete
  10. බොලා අපිට පිස්සො කියලා කාර්ඩ් ගහන්න තමයි මේ හදන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බොලා කාර්ඩ් එක දා ගන්නවැයි.. 50ට වැඩිද ඈ..

      Delete
  11. මම නම් නෙට් එකට රිංගන්නේ වැලි කොස් ඇට
    මීයෙක් වගේ..රිංගන්නේ එක තැනකින් මතු වෙන්නේ
    එක තැනකින් ....සමහර කාල වල පැල් බැඳන් ඉන්නවා ..
    සමහර කාල වල වයර් හපලා මාරු වෙනවා ..:P

    මොනවා උනත් හරි වටිනා ලියමනක් චින්තක......
    දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. වැලි කොස් ඇට මීයා... ?? ඒ ඔයාද ඇ??

      Delete
    2. නෑ නෑ desert frog කියන්නේ මම නෙවේ ..ඒ වෙන
      කෙනෙක් ..ඒත් එයාගෙත් ගති ලක්ෂණ silentsahan ට
      සමානයි ..


      එන්න අපේ පැත්තේ ...

      Delete
    3. ජාලෙ අස්සෙ මීයෙක් වගේ කරක් ගහන එකත් මරු තමා ... අර කිව්වත් වගේ වැලි කොස් ඇට මීයා නේද අර මීයාගේ රස කතා ලියන්නේ...

      Delete
  12. අඩෝ මචං හුග කාලෙකින් මේ පැත්තේ ආවේ..උබ දැන් නැගල යනවා නේ...මරු ඕයි...මටනම් මාරයි ආ.......

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නොවැ...
      //උබ දැන් නැගල යනවා නේ//

      මොකේද බං??

      Delete
  13. නලීන් අයියා.. ඔබටත් පවුලේ සැමටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete