Saturday, April 13, 2013

අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ........

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ......


  ඔන්න සිංදුවක් එහෙම කියලාම පටං ගන්න කියලා හිතුනා අද පෝස්ටුව. දන්නෙම නැතුව අලුත් අවුරුද්දත් අත ළඟටම ආවානෙ නේ.. ඕං පරණ අවුරුද්දට අන්තිමට දාන පෝස්ටුව ඔහොම දානවලු. නොනගතේ ලබලා තියෙද්දී තමා මේක කොටන්නේ මේ. තව දෙයක් කියන්ට එපැයි. මේක මේ බොගේ අස්සෙ ඔබන පනස්වෙනි පෝස්කටුව නොවැ. ඉතිං එදා මෙදා තුර යන්තං ගැට ගහගෙන පනහකුත් ලිව්වා එහෙනම් මේකා...

  සනත් නන්දසිරි, සුජාතා අත්තනායකයන් සමග ගායනා කළ මේ සිංදුව අහද්දී මට නිකම්ම මතක් උනේ අතීතය. ඔහොම සිංදුවක් අහද්දී කවදාවත් වර්තමානයවත් අනාගතයවත් මතක් වෙන එකක්යෑ.. මොකද ඒ සින්දු වල තියෙන සුන්දර පරිසරය දැන් නූතන විද්‍යාව කියන එකෙන් කෘත්‍රීමවවත් ඇතිකරන්න පුලුවන්යෑ.. දැං ඉන්න මොඩර්න් වෙච්චි කොහා (මල් කොහා) දැං අවුරුද්දට කෑගහන එකක්වත්යෑ. අපිටත් හරි ගණන් උස්සනවනේ. කොහා කියලා එකෙක් දැන් මේ ලෝකේ ඉන්නවද කියලවත් හොයා ගන්ට බැරුව ඉන්දැද්දී මෙන්න අද උදේ එකෙක් යන්තං කෑ ගහනවා ඇහුණා. දෙයියනේ කියලා කොච්චර ආසාවෙන්ද හිටියෙ මුගෙ කටහඬ ටිකක් අහන්න. කොහෙද, ඒකත් එක පාරයි. අවුරුද්දට පත්තු කරන රතිඤ්ඤා වල සද්දෙට බයේද කොහෙද මූ කෑ ගහලා තියෙන්නේ. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... ඒ වෙලාවේ මටත් අහන්ට හිතුනේ ඔහොම තමා.. අම්මපා දැං රබන් පදයක්වත් ඇහෙනවා කියලායෑ..


නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේ


(ඩබ්. ඩී අමරදේවයන්)

අලුත් අවුරුද්දට සිංදුවකුත් අහලම යමු එහෙනම්....


  තව ටිකකින් අලුත් අවුරුද්දකුත් ලබනවනේ එහෙමනම්. සිංහල අපිට අලුත් අවුරුදු කීයක් නම් තියෙනවද. ජනවාරි පළවෙනිදට සුදු මහතැන්ගේ දින දර්ශනේට අනූව කවුරුත් අවුරුද්ද සමරනවා නොවැ. වෙසක් පෝය දවසට තමා සිංහල බෞද්ධයන්ගේ නියම අවුරුද්ද තියෙන්නේ. ශ්‍රී සම්බුද්ධ වර්ෂ වලට අනූව නව බුද්ධ වර්ෂයක් ආරම්භ වෙන්නෙ වෙසක් පොහෝ දාට.. එතකොට මේ අප්‍රේල් මාසේ සමරන්නේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද...  ඒ කියන්නෙ සිංහල බෞද්ධයා හින්දු බැතිමතුන් සමඟ සාමූහිකව එකමුතු වෙලා සමරන අලුත් අවුරුද්ද. විශේෂයෙන්ම අස්වනු ගෙට අරගත්තට පස්සෙ අලුත් සහල් වලින් කිරිබත් එහෙම උයලා ඒ ප්‍රීතිය ජයටම සමරන්නේ මෙදාට තමා. හතර වටින්ම ගිගුම් දෙන රතිඤ්ඤා සද්දෙන්ම තේරෙනවනේ අපේ කට්ටිය කොච්චර නම් ජයට අලුත් අවුරුද්ද සමරනවද කියලා.. 

  හ්ම්ම්ම්... එහෙනම් තවත් හෝරා කිහිපයකින් එළැඹෙන සිංහල හින්දු සමගිය පිළිඹිබු කරන්නා වූ මහා මංගල්‍යය ට බ්ලොග් ලෝකයේ එදා මෙදා තුර හමුවුණු, තවමත් හමු නොවුණු සහ අන්තර් ජංජාලයෙන් හමු වූ දුටු නොදුටු ඔබ සැමට සහ පවුලේ සැමට හද පත්ලෙන්ම (බොක්කෙන්ම) මගෙනුත් සුභාශිංසන....!!! 



26 comments:

  1. 50 වැනි පොස්ටුවට මගෙන් සුබ පැතුම් සමගම සුබ නව වසරකට අසිරි පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... ඔබටත් එසේම වේවා!! :)

      Delete
  2. සුබ පැතුම් මලයා...
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියා.. ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
      (දැං තුන් වෙනි සැරේටද කොහෙද කිව්වේ) :D

      Delete
  3. පනස්වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් !!!
    උදාවෙන අලුත් අවුරුද්ද ඔයාටත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!! :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි අක්කේ... :)

      Delete
  4. 50 ට ඔන්න මගෙනුත් සුභ පැතුම්!!! :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. ඔබේ පළමු පැමිණීම.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...

      Delete
  5. පනස්වෙනි ලිපියට සුබ පැතුම් සමගින් සුබ අලුත් අවුරුද්දකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Praසන්ன අයියා..

      Delete
  6. අර්ධ ශතකයට සුබ පැතුම්..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලිටත් පවුලේ සැමටත්..!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූති චන්දන අයියේ

      Delete
  7. චින්තක අයියණ්ඩි එහෙම නං අලුත් අවුරුද්දත් එක්ක ස්වර්ණමය පෝස්ටුවත් පළ කරා නේද? මගේ සුභ පැතුම් :) ඒ වගේ ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නගා.....

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා !!! පනහටත් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සු දී ක අයියා.... සේම් ටු යූ

      Delete
  9. අඩෝ මේ 50ද ?ඔන්න මගෙනුත් සුභ පැතුම්...
    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ... සේම් ටු යූ කිව්වාලු...

      Delete
  10. ඔබටත් පවුලේ සැමටත්, සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා චින්තක සහෝදරයා
    ඒ වගේම 50 ට ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැලළිහිණියා... ඔබටත් ජයෙන් ජය!!

      Delete
  11. අර්ධ ශතකෙට ජයවේවා!

    ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!! ඔබටත් එසේම වේවා... :)

      Delete
  12. හලේ,, 50ට ජය....
    සුබ අලුත් අවුරුද්දක් වේවා.. මලයෝ....!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ .. :) ජයම වේ!! එසේම වේවා අක්කේ...!

      Delete
  13. 50 ට ජය, ඉස්සර අවුරුදු සිංදු කොච්චර ලස්සනද?
    මතකද ඉස්සර හැම රුපවාහිනී නාලිකවේම යන

    සතුට ගෙනල්ලා ..
    සැපත පුරාලා...
    නව අවුරුදු ඇවිදිල්ලා නව අවුරුදු ඇවිදිල්ලා ....
    ගීතය,

    දෙන කොහෙද ඒවා.

    ReplyDelete
    Replies
    1. ඉස්තූති වෙන්ටෝන මේ පැත්තෙත් ආවාට... හ්ම්ම්ම්.. මතකයි මතකයි.. දැං ඕවා බේතකටවත් ගන්න කියලයෑ... :)

      Delete