Saturday, March 9, 2013

෴ හන්තානට පෙම් බැඳීම ෴

  කොම්පූටරේ ඇහැට දැක්ක දවසේ ඉඳලාම ඉතින් හැමදාම අහන්නෙයි දකින්නෙයි වින්ඩෝස් කියන එක නොවැ. නරකද ටිකක් වෙනසක් කලොත්... ඔන්න ඕක ඉතින් හුඟ කාලෙක ඉඳල මගේ හිතේ කැරකි කැරකි තිබිච්ච ආසාවක් තමයි.. ඒත් ඉතින් ටිකක් දෙගිඩියාවෙන් තමා හිටියේ..




    කාලයක් වින්ඩෝස් එක්ස් පී පාවිච්චි කොළේ.. ඊට පස්සේ නොවැ 7 ආවේ.. ඒකත් දා ගත්ත.. ඔය අස්සේ ඉතින් ලිනක්ස් වල වැඩ කිඩ ටිකත් බලා ගන්ට උබුන්ටු ඩුවල් බූට් දාගෙන තමා හිටියේ..  ඒ අස්සෙ 8 ආවා... එක පාරටම වින්දෝරේ අමතක කොරන්නත් බැහැනේ.. බිල් මාමා මං ගැන මොනවා හිතයිද.. ඒත් ඉතිං අවුරුදු ගණන් එක තැන පල් වෙවී මේකක් බදාගෙන ඉන්ට පුලුවන්යෑ හැමදාම. ඔන්න ඔය අස්සේ තමා මේ මට හන්තාන ලිනක්ස් සෙට් උනේ.. නමින් එහෙම කිව්වට ඉතින් ෆෙඩොරාම තමා. ඒත් ඉතිං සිංහල නමක් හරි ගෑවිලා තියෙනවනේ. අරවායේ එහෙම නමක්වත් තියෙන එකක්යෑ... ඒත් ඉතින් හිතුවටත් වඩා මේක හොඳා... හී හී..
 
  මම කලින් හිතාන උන්නේ ඩුවල් බූට් දාගන්න.. ඒත් එතකොට අන්තිමේදී දෙකෙන් එකක් එක්කවත් හරියට වැඩක් වෙන්නේ නෑ.. ඒක හින්ද ඔන්න දෙයියනේ කියල සියලු දෙවියන්ට නමස්කාර එහෙම කොරල... හොඳ වෙලාවක්  බලල හාර්ඩ් ඩිස්ක් එක ෆොර්මැට් කොරාලා... දැම්ම නේ හන්තාන.. වැඩේ කොහොම හරි නැගලම ගියා.. දැන් වින්ඩෝස් දිහා ඇහැක් ඇරලවත් බලන්ට හිතෙන්නේ නැහැ නොවැ..  දුකයි..

   ඇත්තටම වින්ඩෝස් වලට වඩා ලිනක්ස් කර්නල් එක කොච්චර බල සම්පන්නද කියල තේරෙන්නේ ඒකත් එක්ක වැඩ කරනකොට තමා... වින්ඩෝස් වල කරන්න බැරි ගොඩක් වැඩ ලිනක්ස් වල කොරන්න පුළුවන්... ඇත්තටම ඇඟට දැනෙන්නේ වින්ඩෝස් එක්ක වැඩ කරන කොට නෙවෙයි... ලිනක්ස් එක්ක වැඩ කරන කොට..

   මමත් ඉතින් තියෙන ඇඟේ අමාරුවට හන්තාන දා ගත්තට මොකද නරකක් උනේ නෑ.. දාගත්ත ගමන්නම් පොඩි කරදර ටිකක් ආවා.. ලිනක්ස් වලට මෙච්චර කැමති වෙන්නත් හේතුවක් උනේ ඔය ජර මර ටික තමා ඕං.. :ඩී  යකෝ දාගත්තට මොකද මම ඉන්ටෙර්නෙට් යනකොට ඩොන්ගල් එකේ සිම් එකේ සල්ලි ඉවර වෙද්දී අලුතෙන් පැකේජ් එකක් වත් ඇක්ටිව් කර ගන්ටේ කොහොමෙයි මොබයිල් පාර්ට්නොර් එක වැඩ කරන්නේ නැහැනේ.. දෙයියෝ සාක්කි.. ඉන්ටර්නෙට් එක හැම තැනම පුරා දින දෙකක පමණ අඛණ්ඩ පීරිමකින් ඔන්න පුළුවන් උනා එල භාණ්ඩයක් හොයා ගන්ට.. මේකේ නම bam huawei mobile partner  ලිනක්ස් එක්ක වැඩ සුපිරියටම.. දැන් මොකටයි බය වෙන්නේ ඕං..  ආ ... අමතක උනා නෙව කියාන්ට... සිංග්ලිෂ් සිංග්ලිෂ්.... මම ඔය සිංහල ටයිපින් කොරන්න දන්න එකෙක්යෑ.. දන්නා සිංගිරීසියෙන් තමා ටයිප් කලේ.. ගූගලේ දෙයියන්ට පින් සිද්ද වෙන්ට.. ඇයී යකෝ මේකා  මෙච්චර දේවල් කරලා ලිනක්ස් වල වැඩ කොරන ime එකක් හදල නැති හැටි... කොච්චර සිංග්ලිෂ් සොට්වෙයාර් තිබුනත් ගූගලේ හදාපු එක තරම් මගේ හිතට ඇල්ලුවේ නෑ මොකවත්... ඔන්ලයින් ක්ලවුඩ් හරහා තමයි ඉතින් කොටා බාන්ට උනේ.. ඒත් ඉතින් ඕෆ්ලයින් උනාම බඩු... ඒකට තාම හොඳ විසඳුමක් නෑ හැබැයි ඕං... ෆයර් ෆොක්ස් වලටත් සිංහල ඇඩ් ඔන් එකක් දා ගත්ත.. ඒත් හිතට හරි මදි.. අන්තිමේ දුකෙන් හරි ගූගලේ හදාපු කොරෝම් බා ගත්තා.. ඒකට සිංහල එක්ස්ටෙන්ෂන් එක දාල තමා දැන් වැඩ...

   මලා... එතකොට ෆොටෝෂොප්!!!!!   ඒක නෑනේ මේකේ..මට අමතක උනානේ.. හැම වැඩකටම, හැම ජිල්මාර්ට් එකකටම ඕන වෙන සොට්වෙයර් කෑල්ල නොවැ.. ගිම්ප් කියන්නේ හොඳ ආදේශකයක් තමයි... ඒත් සමහර ජිල්මාර්ට් වැඩ කර ගන්ට බෑ...  ඒක නිසා වයින් වලට පින් සිද්ද වෙන්ට ඒකත් කොහොම හරි අස්සට දාගත්තා... දැන් ඉතින් මගේ ෆොටෝෂොප් ලිනක්ස් පවුලේ සාමාජිකයෙක් වගේ...

   ඔය ගේම් ගහන්ටනම් ඉතිං මයේ හිතේ එච්චර ආසාවක් නැහැ... ගේම් ගහන්ට ඉතිං සුපිරියි කියන්නේ ඉතින් වින්දොරේගේ බඩුනෙ... හ්ම් හ්ම්ම්... මේකෙත් ඉතින් වයින් වීදුරුවක් එහෙම පානය කොරල ඔය අඩව්වක් අල්ලන්ට බැරිමත් නෑ..

   කොහොමින් කොහොම හරි මගේ කොම්පූටරේ දැන් දුවන්නේ හන්තාන ලිනක්ස්.. හන්තාන ගගන රිලීස් එක.. ඒ කියන්නේ ටිකක් විතර පරණයි නෙහ්.. දැන් තියෙන්නේ සිතිජ නොවැ.. ඒත් ඉතිං ඒක බා ගන්ට මෙහෙට ස්පීඩ් ඉන්ටර්නෙට් නැහැනේ..
කොහොම හරි හන්තාන දා ගන්ටත් ලොකු හේතුවක් තිබුනා.. ඒ තමයි හන්තාන එක්ක බුරුතු පිටින් හම්බ වෙන සොට්වෙයාර් කන්දරාව.. ආයි පිටින් බා ගන්ට දෙයක් ඉතුරු කොරල නෑ මයේ හිතේ , ඔය බාම් හුවාවියත් ඕක අස්සටම රිංගුවානම්..!

මෙන්න මගේ හන්තාන.....















31 comments:

  1. Replies
    1. තව විස්තර ටිකක් හොදට දාපං මේ ගැන

      Delete
    2. @ දේශක යා.. හ්ම්ම් හ්ම්ම්... ඉදිරියේ දාන්නම්..

      Delete
  2. මමත් DVD එකෙන් දුව දුවා බැලුව. ස්පීඩ් නම් තමයි නියමෙට. මේ දවස් වල දෙගෙඩියාවෙන් ඉන්නේ දානව ද නැද්ද කියල.

    හන්තානේදී වින්ඩෝස් වලට එන සොෆ්ට්වෙයාර් ඔක්කොම wine හරහා දාන්න බැරිද මල්ලි ? google ime තමයි මටත් ඕනෑම එක. ඉන්ටනෙට් පැකේජ් එක අලුත් කරගන්න එක නම් මට අවුලක් නෑ. කොහොමත් සිම් එක ෆෝන් එකට දාලයි බිල් එක ගෙවන්න තියන්නේ. නැත්නම් රිලෝඩ් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඒකනේ වෑඩේ... System Capability වෙනස් කරලා ඕනෑම වින්ඩෝස් ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න වයින් හරහා පුළුවන් කියල තමයි කියන්නේ... ඒත් මට තාම බැරි උනානේ ගූගල් අයි එම් ඊ ඉන්ස්ටෝල් කොරගන්න මේකේ.... මම කරන්නෙ Google Input Tools Plugin එක ක්‍රෝම් වලට ඉන්ස්ටෝල් කරලා වෑඩ කරන එක... ඒත් ඉතින් ඒකත් ඔන්ලයින් විතරයි....

      Delete
    2. අපිත් හන්තාන තමයි .,

      @චන්දන
      ගුගල් ක්‍රෝම් එකට එක්ස්ටෙන්ෂන් එකක් විදියට ගුගල් එක පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ඒත් වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන තරම් සාර්ථක නැහැ, ඒත් හන්තාන ලිනස් වල සිංග්ලිෂ් ටයිප් කරන්න ක්‍රම දෙකක්ම ඔපරේෂන් සිස්ටම් එකෙන්ම ලැබෙනවා ....

      Delete
    3. @ චමී4යූ~chami4u

      එල එල... ස්තූතියි මේ පෑත්තෙ ආවට...
      …//ඒත් හන්තාන ලිනස් වල සිංග්ලිෂ් ටයිප් කරන්න ක්‍රම දෙකක්ම ඔපරේෂන් සිස්ටම් එකෙන්ම ලැබෙනවා// අඩේ ඒ මොකද්ද ඒ.... ???

      Delete
    4. @චමී, චින්තක

      ස්තුතියි දෙන්නටම. චමී කියන්නේ මේක ද.. https://groups.google.com/forum/?fromgroups=#!topic/hanthana-community/9Q6WYul0H1s

      Delete
    5. ලින්කුවට ස්තූති වෙන්ට ඕනෑ.... චන්දන අය්යා.... දැන්නම් තරමක් දුරට සහනයක් ලැබුනා....

      Delete
    6. ආන්න හරි ඔය තියෙන්නේ මම අහපු එකක්ම ,

      Delete
    7. එල එල... දැන් ගොඩ.... යකෝ මම මේ හෙන ගේමක් දීලා ඉන්ටනෙට් එකේ හොයනවා... බැලින්නම් ඒකට උත්තරෙත් හන්තාන ඇතුලෙම තියෙනවා නොවැ... නියමයි....

      Delete
  3. හොඳයි හොඳයි. අපිනං තාම XP තමයි. :P

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ගොඩ දෙනෙක් ඉන්නවා XP වලට පස්සෙ ආව 7, 8 වලටත් වඩා XP වලට ආදරේ කරන අය... ඒ තරමටම වින්ඩෝස් XP කියන්නෙත් අති සාර්ථක මෙහෙයුම් පද්ධතියක්

      Delete
  4. තාම 7න්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D
      මහ රජ්ජුරුවොත් සෙවන් නෙහ්....

      Delete
  5. Windows XP වලට සමුදෙන්න හිතදෙන්නේ නෑ අයියෝ

    ReplyDelete
    Replies
    1. ඒක් ඈත්ත..... එක්ස්පී කියන්නේ ඊට පස්සෙ ආපු වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලටත් වඩා මහජනයාට ගොඩක් සමීප උන මෙහෙයුම් පද්දතියක්...

      Delete
  6. 24*7 වින්ඩෝස් එක්ක වැඩ කරලා එක පාරටම ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තම මට නම් සෑහෙන්න නුහුරු ගතියක් දැනුනා. මුලින්ම වැඩ කලේ උබුන්ටුත් එක්ක. පුරුදු උනාට පස්සෙ නම් එච්චරම අවුලක් උනේ නෑ. ඒ උනත් දැනටත් වැඩි ගණුදෙණු තියෙන්නෙ වින්ඩෝස් එක්ක ;)

    //මම කලින් හිතාන උන්නේ ඩුවල් බූට් දාගන්න.. ඒත් එතකොට අන්තිමේදී දෙකෙන් එකක් එක්කවත් හරියට වැඩක් වෙන්නේ නෑ.. //
    ඇයි එහෙම කිව්වෙ o.O

    ෆොටෝෂොප් තරම්ම නැති උනත් ගිම්ප් සොෆ්ට්වෙයාර් එකත් හොඳයි..ඒකෙනුත් සෑහෙන්න වැඩ ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙයුම් පද්දතියක් ගෑන හොදට ඉගෙන ගන්න ඒක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන... ඒත් ඩුවල් බූට් දාගත්තම එහෙම දෙයක් වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ... මොකද මාත් කලින් උබුන්ටු ඩුවල් බූට් දාගෙන තමයි හිටියේ... වින්ඩෝස් වලට වඩා වෙනස් දෙයක් ලිනක්ස් තුලින් පේන්න ගත්තේ වින්ඩෝස් අයින්ම කරලා දාලා හන්තාන දා ගත්තට පස්සේ...

      Delete
    2. ආ.... ගිම්ප් ගොඩාක් හොද සොෆ්ට්වෙයාර් එකක් තමයි... එදිනෙදා අවශ්‍ය ග්‍රැෆික් වැඩ වලට ඉතා අනර්ඝයි...

      Delete
  7. ස්ටිල් වින්ඩෝස් 7 ඇ,,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... ඔහොම යමුකෝ.... :ඩී :ඩී

      Delete
  8. මේ අපි එදා ගත්ත එක නේද බන්.

    ReplyDelete
    Replies
    1. ඔයියෑ.... ඔයියෑ යේක තමා.....

      Delete
  9. Download කරන්වනම් මෙන්න No Torrents
    here

    ReplyDelete
    Replies
    1. ගිගා බයිටෙ ගනං බා ගන්ට අපිට සිග්නල් කොහෙද දෙය්යෝ.......

      Delete
  10. මම වින්ඩෝස්වලට අමතරව උබුන්ටු භාවිත කර තිබෙනවා. ඒත් ලිනක්ස් ගැන වැටහීමක් නැහැ. පුළුවන්නම් කෙටි සරල පාඩමක් ගේන්න.
    (මා කර්ය බහුලතාවය නිසා දැන් අන්තර්ජාල පරිභෝජනය කෙටි කලකට සීමා කරගෙන තිබෙනවා.)

    ReplyDelete
    Replies
    1. ලිනක්ස් ගැන දන්න සිංහලෙන් ඉගෙන ගන්න හොඳ සයිට් ගොඩාක් තියෙනවා...

      http://linux-sinhala.blogspot.com
      http://sllinuxx.blogspot.com

      Delete
  11. මම නම් කොම්පීතර් හාර්ඩ්වෙයාර් ගැන මෙලෝ මළදානයක් දන්නේ නැති නිසා ඔහේ දාලා තියෙන එකකින් වැඩ කරනවා ඉතරයි . . :D

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි.... නොදන්නා ඒවා අස්සෙ ඇඟිලි නොගහා ඉන්න තරමට තමා හොඳ....

      Delete