Wednesday, March 13, 2013

කලවානේ කිතුල් පැණි සොයා ගිය ගමන

    මේක මේ මාස තුන හතරකට උඩදී වෙච්චි සිද්දියක්.. බ්ලොගේට දාන්ට කියලා හිතුනා.. කව්රු කවුරුත් දන්නවා ඇතිනේ ඉතින් සිංහරාජ මායිම ගොඩක් කිතුල් පැණි වලට ප්‍රසිද්ධයි කියල.. විශේෂයෙන්ම කලවාන පොතුපිටිය පැත්ත.. ඉස්සරනම් ඒ පැති වල මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් උනේ මේ කිතුලේ තමා.. ඒත් දැන්නම් ඒක හුඟාක් දුරට අඩුවෙලා... ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා...

    උසස් පෙළ එහෙම ලියල ඉවරවෙලා කරන්න දෙයක් නැතුව ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්නකොට තමයි මේ අපේ පැත්තේ එකෙක්ගේ ගෙදර පොඩි පින්කමකට කිතුල් පැණි හොයන්ට යන්න සෙට් උනේ... මිනිහ දන්නා අඳුනන එකෙක් කලවාන පොතුපිටිය පැත්තේ ඉන්නවා කියල කිව්වා... ඉතින් ඒ හිතවතාටත් දුරකථන ඇමතුමකින් එහෙම දැනුම් දීල අපි ලැස්ති උනේ යන්ට කියල... ඔන්න උදේ පාන්දරින්ම දෙන්නත් එක්ක සෙට් උනේ යන්න කියල. සහ පිරිවර කැටුව යන්නේ නැතුව මේ තුමාලා දෙන්නත් එක්කම හොර රහසේ තමා ගියේ.. නැත්තං උන් කට්ටියත් යන්න කෑ ගහනවා නොවැ.. ඇයි ඉතිං මුන් කිතුල් මලකටවත් ඉන්න දෙන එකක් යෑ.. අපි දෙන්නෙක් විතරක් යන හින්ද ත්, සිංහරාජ මායිමේ සුන්දරත්වය මනාව විඳ ගත හැකි නිසාත්.... ගමනට තෝරා ගත්තේ රෝද දෙක ය....


http://www.apeurumaya.lk/wp-content/uploads/2010/10/06.jpg


   ගමන ආරම්භ කරන විට උදේ හතට වන්නට ඇත.. රක්වාන නගරයට ගොස් එතැන් සිට යාමට තිබුනේ රක්වාන - පොතුපිටිය මාර්ගයේය. මෙය සුන්දර භූමි භාගයකි. මාර්ගය වැටී තිබුනේ සිංහරාජ වන අරණ මායිම හරහාය.. උදෑසන නිසාදෝ අමුතුම නිහැඬියාවක් ගැබ්වී තිබුනි. ඇත්තෙන්ම නගරයේ කොන්ක්‍රීට් වනාන්තර තුල ඇති මහා ගෝෂාව මේවායේ නැත. හරිම නිස්කලංක ය. මිනිසාගේ ඇස නොගැටී තිබුනේනම් කෙතරම් සුන්දර වනු ඇත්ද... රක්වාන නගරයෙන් පසු මාර්ගය ගැනද යමක් කි්ව යුතුය. මේවායේ ඇත්තේ තනි කෙලින් තිබෙන අධිවේගී මාර්ග නොව, වංගු වලින් පමණක් සමන්විත කඳු ය. ඇත්තෙන්ම මේවාට මහා මාර්ග යැයි කීවාට ඇත්තේ වංගු පමණි. මේ සියලු මාර්ග සාදා ඇත්තේ විශාල කඳු මට්ටම් කිරීමෙනි. කන්දේ ඉහලටම ගොස් පහළ බැලූ විට මුලු මාර්ගයම දැක ගත හැකි වන තරමටම පැහැදිලිය. කන්දක් නැග්ගොත් පල්ලමක් තිබේ යන කියමන සනාථ කරමින් යන ගමනේ හොඳ හොඳ පල්ලම්ද නැතුවාම නොවේ.. මේ කියන මොහොතේද අපි එවැනි කන්දක් නගිමින් සිටියෙමු. කන්දේ තරම කිව්වොත් හොඳින් කාපට් කර තිබුණු පාරේ බයිසිකලය ඇදුණේද මර හඩ ලා ගෙනය. ඒ නම් පිටුපස අසුනේ සිටි අලියාගේ බර නිසා විය හැක..

   මාර්ගේ දෙපස ගැනද යමක් නොකී්වොත් හිතට හරි මදියැයි හැඟේ. මාර්ගයේ එක් පසෙකින් සිංහරාජ වන අරණ ය. නිහඬ පතාක යෝධයෙකු ලෙස එය අපට දිස් විය. අනෙක් පසින් විශාල තේ වතු ය. මේවා එසේ මෙසේ තේ වතු නොව අක්කර ගණන් විශාල තේ යායවල් ය. මෙම දර්ශනය අමුතුම සුන්දරත්වයක් එකතු කරයි. ඒ ගමනේ ඡායා රූ කිසිවකුදු ගැනීමට නොහැකි වීම ගැන දැනුදු මා ලත වන්නේ එබැවිණි. අපි උදෑසන යන ගමනේදී දුටු මේ විශාල තේ වතු වල තේ දලු නෙලීමට පෙළ ගැසී යන පිරිස් හා සවස ආපසු එන ගමනේදී දුටු දලු ගෝනි හිස මත තබා එක පෙළට මහා මාර්ගය අයින දිගේ ගමන් කළ මේ පිරිස වට පිටාවේ සිරි අසිරිය තව තවත් වැඩි කලේයැයි මට හැඟේ.

   අපි පොතුපිටිය ප්‍රදේශයට පැමිණෙන විට උදෑසන නවය පමණ විය. කලවාන පොතුපිටිය ප්‍රදේශය යනු නගරයක්‍ නොව තවත් එක් සුන්දර ගම්මානයක් පමනි.. සුන්දර මිනිසුන් සිටින ප්‍රදේශයකි. අපේ යහලුවාගෙත් යාලුවාගේ නිවසට යාමට පොතුපිටියේ සිට තවත් අතුරු පාරක යෑමට සිදු විය. ඒ පාරේ ගිය හැටි සිහි වීමෙදී රෝද දෙකේ ඒවා පැදීම ද එපා වේ.. ඒ තරමටම මාර්ගය අබලන්ය.. අතරමග තිබූ පාලමකින් එගොඩ වීමට යාමේදී අපට එලොව පොල් පෙනී නොපෙනී ගියේ අර කලින් කී යාලුවා එතැනට පැමිණ සිටි නිසාවෙනි. නමට "පාලම" වුවද ඇත්තටම එය ඒ දණ්ඩකි. යකෝ! ඒ දණ්ඩෙන් කොහොමද බයික් එකක් ගත්තේ... එවේලේ අපේ පිහිටට ආ අපේ යහලුවා නම් දෙයියෙකි.. ඌට මේවා සිම්පල් වැඩ බව අපිට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. එම ඒ දණ්ඩ හරහා බයිසිකලය මා විසින් රැගෙන ගියේනම් බයිසිකලය මෙන්ම මාව සෙවීමටද කිමිදුම්කරුවන්ගේ පිහිට පැතීමට සිදු වනු නොඅනුමානය....

   අපි කලින්ම පවසා පැමිණි බැවින් මිත්‍රයා අප වෙනුවෙන් වෙනමම පිරිසිදු කිතුල් පැණි තොගයක් තබා තිබුණි. ඇත්තටම අපි කිතුල් පැණි සොයා මෙතරම් දුරක් පැමිණියේද පිරිසිදු කිතුල් පැණි ලබාගැනීමටය.. වෙනත් තැන් වල ඇත්තේ කිතුල් පැණි නොව බොරු ලේබල් ගැසූ සීනි පැණි ය... ඒත් අපේ එකාට මේ මදිය.. ඌ තවත් පැණි උවමනා බව පැවසීය.. තමා සතු කිතුල් පැණි සියල්ල අපට දුන් බව පැවසූ පොතුපිටියේ මිතුරා තවත් උවමනා නම් සොයා ගෙන යමු යැයි යොජනාවක් ගෙනාවේය.. වැඩි කතා නැතිවම කිතුල් පැණි සොයා යෑමේ මෙහෙයුම ආරම්භ විය... 

http://mirror.lk/sinhala/images/image_gallery/news/2013/feb/KitulTree_360px_13_02_07.jpg


   අපේ එකා රා ගුඩ්ඩා ය.. මිනිහා මේ වහින් ඔරෝ කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට එතරම් අපහසු නොවීය. මෙතරම් දුරක් ආපු එකේ රා පොල් කට්ටක් දෙකක් කටට දා ගෙන යන්ටෝන බං යැයි එන මග දිගට කිය කියා ආවේ මේකා ය... ඉතිං දැන් ඔය තටමන්නේ ඒකට බව මම දැන ගතිමි.. දැන් මේ කිතුල් මල් හා සම්භන්ධව රාජකාරි කරන පුද්ගලයන් ඉතා අඩු බව අපට දැන ගන්නට ලැබුණි. එබැවින් තවත් පැණි ටිකක් සොයා ගැනීමට පොතුපිටිය ප්‍රදේශය පීරීමට අපට සිදුවිය. අවසානයේ එළ පොට් එකක් හමු විය.. කිතුල් මල හා ආශ්‍රිත සියලු නිශ්පාදන එතැනින් ඉතා ලාභදායී මිලකට ලබා ගැනීමට පුලුවන් විය. මේවා ශ්‍රී ලංකන්‍ බඩු බං... මේඩ් ඉන් ශ්‍රී ලංකා යැයි කියමින් අපේ එකා වැඩ පටන් ගත්තේය... මා නම් උපතින්ම අමද්‍යප බැවින් පසෙකට වී පැණි හකුරු ටිකක් භුක්ති වින්දෙමි......  ආපසු එන ගමනේදී රෝද දෙක වත්තම් කරගෙන ආවේ හරිම අමාරුවෙනි. ඒ අන් කිසිවක් නිසා නොව පිටුපස සිටියේ එසේ මෙසේ අලියෙක් නොව රා කල හතක් බිවූ නාලාගිරි ඇතෙක් බැවිණි....

   කෙසේ වුවද සවස තුන හතර වෙද්දී ආපසු එන්නට හැරුනෙමු. ඒ අපේ මිතුරාටද කළ උදවු වලට අනේක වාරයක් ස්තූති කරමින්ය.. අපේ එකා හොඳ හැටි සප්පායම් වෙද්දී මම මේ කිතුල් මල හා සම්භන්ධ කර්මාන්ත ගැන ඒ විෂය ප්‍රවීනයන්ගෙන් අසා දැන ගතිමි. ඒ අවශ්‍ය වුවහොත් පොල් කට්ටක් දෙකක්වත් සාදා ගැනීමටය... මොකද අපේ පැත්තේද ඕනෑ තරම් කිතුල් ගස් ඇත.. මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් නිවසේදීම සාදා ගන්නා ආකාරය ඉදිරි පෝස්ටුවකින් කියන්ට බැරියෑ...

32 comments:

  1. ඕං දැන් මට හකුරු කන්න හිතෙනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය කඩවල් වල තියෙන සීනි හකුරු වගේ නෙවෙයි.. මේවා නියම බඩු!!

      Delete
  2. එච්චර ලස්සන පැත්තක ගිහින් ෆොටෝ එකක් ගන්න බැරි වෙච්චි එක නම් අපරාධයක්ම තමා...
    මගෙ අම්මෝ... අර යාළුවා ඒදණ්ඩෙ බයික් එක පැදන් ගියාද...? සමහරු නම් ඒ දඬු උඩින් යද්දි පුෂ් බයිසිකල් නම් කර තියාගෙන යනව දැකල තියෙනවා... මම නම් පණ බයයි ඒ දඬු වලයි වැල් පාලම්වලයි යන්න...
    කිතුල් පැණි ගැන කියනකොට මට අපේ ගමයි අත්තම්මයි මතක් උනා... අත්තම්මා ජීවතුන් අතර හිටි කාලෙ අපි ඇතිවෙන්න ඔරිජිනල් කිතුල් පැණි, වැලි හකුරු කාල තියෙනව... රාත් බීල තියෙනව දවසක්.... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙත් ආවට.... ඔව් අනේ කැමරාවක් ගෙනියන්න බැරි වීම තමා හේතුව..
      ඔව්.. රක්වාන ගඟ හරහා වැටිච්ච දිග පාලමක්.. පාලමක් කිව්වට ඒකෙ වාහන යන්ට බෑ... ඇවිදගෙන යන්නත් බැරි එකේ මිනිහා බයිසිකලේ පැදගෙනත්‍ ගියා.... //රාත් බීල තියෙනව දවසක්// හොඳා හොඳා... මේඩ් ඉන් ශ්‍රී ලංකා..

      Delete
  3. සමහරු කිතුල් රා බොන්නෙ ගහේම ඉඳන්ලු :)

    මේ කියන පැත්තෙ නියම කිතුල් පැණි - හකුරු ගන්න ලැබුනට..අපි මෙහෙන් ( කොළඹින් ) ගන්නෙ කලවම් කරපු ජරාවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මාත් දැකලා තියෙනවා... මාර ආතල් වැඩේ.... :ඩී..

      අපිට කඩවල් වලින් කවදාවත් පිරිසිදු පැණි නම් හොයා ගන්ට ලැබෙන්නෑ...

      Delete
  4. පොතුපිටිය පැත්ත තමයි නියම කිතුල් හකුරු වලට ප්‍රසිද්ධ. ඒත් දැන්නං ඒ පැත්තෙත් ගොඩක් අය ‍ඔය වැඩේ කරන්නෙ නෑ.

    පැත්ත ගැනනං කියල වැඩක් නෑ. සමහර වෙලාවට නුවරඑළිය වගේ තමයි.

    https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash4/483755_626737270686648_1333920403_n.jpg

    https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/317502_626737330686642_1392301383_n.jpg

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ ප්‍රසන්න අයියා... සුපිරිම පළාත... ඔව් දැන් ගොඩ දෙනෙක් මේ වැඩේ අත් ඇරලා..

      Delete
    2. කියන්ට බැරි උනා... පින්තූර දෙක ලස්සනයි.... ඔයාද ගත්තේ.....

      Delete
    3. ඔවු මම ගත්ත ඒව තමයි.

      Delete
    4. ලස්සන ෆොටෝ දෙක.. පොතුපිටිය පැත්තෙන් ගිහින් නෑ මං.

      Delete
    5. පොතුපිටිය පැත්තෙන් තමා යන්ට ඕන යනවනම් .........

      Delete
  5. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  6. පින්තූර ටිකකුත් දැම්ම නම් සටහන තවත් සම්පූර්ණ වෙන්න තිබුනා...කොහොම හරි අන්තිමේදි කිතුල් පැණි විතරක් නෙවෙයි කිතුල් කර්මාන්තය ගැන හොඳ දැනුමකුත් ලැබිල තියෙන පාටයි...

    //මා නම් උපතින්ම අමද්‍යප බැවින් පසෙකට වී පැණි හකුරු ටිකක් භුක්ති වින්දෙමි.// (‍Y) :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඔය ප්‍රසන්න අයියාත් පින්තූර දෙකක් එකතු කරලා තියෙන්නේ.....

      ඔව්, විශේෂයෙන්ම රා කරුමාන්තෙ ගැන ගොඩක් දේවල් දැන ගත්තා.. ඉදිරියේ ඒ ගැන පෝස්ටුවක් ලියන්න තමා බලාපොරොත්තුව.... :ඩී එතකොට කාට කාටත් පුලුවන් ගෙදර ඉඳලාම හදාගෙන බීලා බලන්ට....

      Delete
  7. හකුරු කෑල්ලක් එක්ක රෝස් පාන් කෑල්ලක් කන්න ආසාවක් ආවා :D

    ReplyDelete
    Replies
    1. හප්පේ මතක් වෙද්දිත් කටට කෙල උනනවා.... ෆස්ටම කෑමක් යෑ...

      Delete
  8. බිඳුවක් නෑරම ලාංකිකයි ඈ..... හදමු හදමු ඉක්මනටම රා ඩිංගක්..

    ReplyDelete
    Replies
    1. හිකි හිකි..... ලඞකා ඉස්පෙෂල් ඒවායින් වීදුරුවක් ලඟදීම නිවසේදීම සාදා ගනිමු... රැඳී සිටින්න අප සමගම....

      Delete
  9. කලවානේ හිටියා මගෙත් යාලුවෙක්. උන්ගේ ගෙදර ගිය වෙලාවක මටත් උණු උණු හකුරු රස බලන්න ලැබුනා.
    //මිනිසාගේ ඇස නොගැටී තිබුනේනම් කෙතරම් සුන්දර වනු ඇත්ද...// මේක ඔහොම ප්‍රදේශයකට ගියාම මටත් හිතෙන දෙයක්..

    ෆොටෝ ටිකක් ගහ ගත්තා නම් කියල වැඩක් නෑ. නාලාගිරි දමනය කෙරුවා එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. ආ අර ඉගෙන ගත්තු සාස්තරේ අත්හදා බැලුවොත් කියන්න. මං එන්නම් පරීක්ෂා කරලා ගුණ දොස් කියන්න. :D

      Delete
    2. හෙහ්... උණු උණු හකුරු විතරද රස බලන්න ලැබුනේ...

      ආ ඒ සාස්තරේනම් අත්හදා බැලුවා.. තරමක් දුරට සාර්ථකයි.... ළඟදීම බ්ලොගේට දාන්නම් විස්තරේ.... තරමක් විද්‍යානුකූලව....

      Delete
    3. //හෙහ්... උණු උණු හකුරු විතරද රස බලන්න ලැබුනේ...//

      අපි කැලේ යන්න ගිය නිසා වැඩි දෙයක් කරන්න වෙලාව මදි වුනා. අපේ උන් ටිකත් පස්ස කැඩිච්චි කඩි ටික වගේ නලිය නලිය තමයි හිටියේ..

      දැන් කොහොම ද හන්තාන. ime එකේ වගේම ටයිප් කරන්න පුළුවන් ද..? අල්ලලා යනව ද වැඩේ..

      Delete
    4. එල එල..... සයුර සිංහල ඉන්පුට් වලින් වැඩ... ඒකත් එල භාන්ඩෙ...

      Delete
  10. අඩේ මේක කියවපුවාම මට පුදුම පෙරේත කමක් ආවේ නියම කිතුල් පැනි ටිකක් කිතුල් හකුරු ටිකක් ලබා ගන්න.

    අනේ බන් මලයෝ උදව්කරහන්කෝ.

    මට මේලක් එවහන් sathula@yahoo.com විස්තර කියලා.

    අනේ ලොකු උදව්වක් මලේ.

    ReplyDelete
    Replies
    1. ඕං මේලක් දැම්මා....

      Delete
    2. හරි මල්ලී මම රිප්ලයි කරන්නම් . . තැන්කූ ඈ

      Delete
  11. :D :D මරු පොස්ට් එක ඈ කියෝනකොට කිතුල් රා මතක් උනා ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!! ඒ කියන්නේ කලියෙන් කිතුල් රා බීලා තියෙනවැයි...

      Delete
  12. සිංදුවක් තියෙනවා රෝහණ බැද්දගේ මහත්තයාගේ රා බී වෙරි වු මීයා සේ කියලා . අහලා බලන්න ...
    එකත් එකටම ඒ මේ යාලුවා ගැන වෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ඔය උඩ කොමෙන්ට් එක දාලා තියෙන එකා ගැනද?? d-)

      Delete