Sunday, March 3, 2013

෴කෙලෙස වේවිද.. හෙට දිනය෴


බලනු මැන අහස් කුස
සිසාරා නෙත් යොමා
විඳිනු මැන එහි සුවය
අනන්තය දෙස බලා
ලැබේ නම් පොඩි ඉඩක්
විඳින්නට ඒ සුවය
නැතිය තව විඳින්නට
මහඟු සුවයක් වෙනත්...
විඩා පත් ඔබ සිතට
අමා පැන් පොදක් වනු ඇත එයම
දහසකුත් එකක්
තුරු ලිය ගොමු දෙස
බලා සිටිය හැක සිත තුටින
එය අපේ සම්පත නොවේද
ගන්න එක් සුසුමක්
නැවුම් වා ගැබ සමග පෙම් බැඳ
ජීවයේ ශක්තිය එය නොවේද
එහෙත්
කිව මැනව
කෙලෙස වේවිද 
 හෙට දිනය!



24 comments:

  1. ගහකොළ නැත්නම් අපිත් නෑ. ඒත් ගහකොළ පරිසරය රැක ගන්න ඕන කියන අදහස තියන මිනිස්සු අඩුයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කාට කාටත් තමන්ගේ මඩිය තර කරගන්න තියෙනවනම් එච්චරයි... එතනින් එහා දෙයක් ගැන කල්පනා කරන්නේ නැ..

      Delete
  2. හෙට දිනය අවිනිශ්චිතයි......

    ReplyDelete
    Replies
    1. ඒ අවිනිශ්චිත බව ඇතිවෙන්න හේතුව මොකද්ද කියාලා හිතුවද...

      Delete
  3. මේ විදියට දිගටම ගියොත්නං හෙට දිනයක් ඉතු‍රුවෙයිද කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඒකත් ඇත්ත.... පරිසරය විනාශ වෙන හෑටි දෑක්කම හෙට දිනයක් ඉතුරු වෙයිද කියලත් හිතෙනවා...

      Delete
  4. හෙට දිනය ගැන නිෂ්චිතවම කියන්න වෙන්නේ අපේ මිසිනිස්සුන්ට වටිනාකමක් දැනුනෝත් විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කවදා කොයි වෙලේ වේවිද.... මුලු පරිසරයම විනාශ වෙච්චි දවසට හිතේවි.. ඒත් එතකොට..........

      Delete
  5. හෙට දවස
    කෙසේ වෙතත්
    උදාවෙන
    තප්පරය පවා
    ගත වෙන්නේ
    අවිනිශ්චිතව
    වුන කොට
    බලාපොරොත්තු
    තබමුද කෙසේ
    හෙට දිනක්
    උදෙසා නැගෙන
    හිරු ගැන

    ReplyDelete
    Replies

    1. සාගරයක කදුඵ ගෙන
      රන් පැහැති නුවන් ගැබ
      ඉකිගසා හැඬු හැටි
      අනේ නුඔ දන්නවනම්
      ගංදෑල කෙකටියා
      තුරු දුකින් කියූ ගී
      ජීවිතේ අයදිමින් හැඬු
      අරවින්ද කුසුම්
      අනේ නුඹ දුටුවානම්
      දයාබර හිරු සබද
      සමුගෙන යාද නුඹ
      රැ දොලොස් පැයටවත්..........

      Delete
  6. මීට අවුරුදු ගානකට කලින් තිබුන සුන්දර වටපිටාව අද අපිට අහිමි වෙලා...තව ටිකක් කල් යනකොට දැන් තියෙන ගස් වැලුත් නැතිවෙලා බලන බලන පැත්තෙ බිල්ඩින් විතරක්ම තියෙයි.
    විඩාබර හිතකට අස්වැසිල්ලක් ගේන්නෙ ගහ කොළ වලින් පිරුණු සොඳුරු වටපිටාවක් මිසක් අහස උසට තියෙන ගොඩනගිලි නෙවෙයි කියල මිනිස්සුන්ට කවදා තේරුම් ගන්න පුලුවන් වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. //තව ටිකක් කල් යනකොට දැන් තියෙන ගස් වැලුත් නැතිවෙලා බලන බලන පැත්තෙ බිල්ඩින් විතරක්ම තියෙයි.//

      අන්න එදාට මිනිසාට තේරෙයි පරිසරයේ වටිනාකම...

      Delete
  7. ඇත්තෙන්ම අපිට ඉස්සර උරුම වෙලා තිබුන සුන්දර පරිසරයට ආදරයක් නොකිරීම මතම අද අපට ඉතිරි වෙලා තියෙන්නෙ මොනවාද....

    ගහකොළට ආදරය නොකරන මිනිස්සු විනාසය තමන් ලඟටම අර ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඈත්ත.. ගහකොලට ආදරය නොකරන මිනිසුන් නිසා මුලු ලෝකයම විනාශ මුඛයට යනවා...

      Delete
  8. මේ ගැන නම් මට කියන්න දෙයක් නෑ... එකපාර මතක් වුණේ "ගිරවාට හෙටක් ඇත,අපට හෙටක් නැත" කියන එක තමයි...

    ReplyDelete
    Replies
    1. :ඩී
      …පුන්චි ලමයෙක් ලියල තිබුන රචනාවක් නේද..
      …මටනම් කියන්න තියෙන්නේ ඉතින් " අනේ ගිරවෝ... උඹටත් හෙටක් නැත.. අපිටත් හෙටක් නැත" කියල තමයි..

      Delete
  9. එල එල... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා ! සුභ වේවා !

      Delete
  10. කාට කාටත් එගොල්ලන්ගෙ මඩිය තර කරගන්න තියෙනවනම් එච්චරයි... එතනින් එහා දෙයක් ගැගේඑ ගොල්ලෝ කල්පනා කරන්නේ නැ.. :\

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්.. ඒකට වන්දි ගෙවන්නේ මුලු මහත් ලෝකයාම.....!!

      Delete
  11. සොබා දහම ජීවිතේ විඩා නිවන කදිම මඟක් කියල දැනෙන්නේ සංවේදී හදවත් ඇති පරිසර හිතකාමීන්ට විතරයි මලේ.

    හෙට දවස වෙනුවෙන් අද දවසේ සොබා දහම රැක ගමු අපි . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ මේ පැත්තෙත් ආවාට... ඔයා කියන දේ හරි.. මේ දේ හැම කෙනාටම හිතෙනවනම් ලෝකය කොතරම් සුන්දර වේවිද...

      Delete
  12. කුරිරු නව ලෝකයේ
    වන මලට පෙම් බඳින
    කෙනෙකු විය ඔබත්
    මා වැනිම ලෙන්ගතු..

    තුරු ලියෙහි සෙවණ යට
    පහස ලැබ ඉපිද අප
    තුරු ලියට පෙම් බදී එහිම කොටසක් ලෙසින්...

    අද මෙන්ම හෙටටද
    ණය වේවි අපි සැවොම
    මේ වන සතුන් හට
    නොහැකි උවහොත් රකින්නට
    අපේ වන මවු තුමිය
    නොදනී එහි අරුත
    පහස නොවිදි නිකමුන්
    පන මෙන් රකිමු අපි
    තුරි ලිය වන මල් ....

    ReplyDelete