Saturday, January 19, 2013

අපිත් කහවත්තේ බොලව්!

   මම මේ නිකං කිව්වේ මමනම් කහවත්තේ නෙවෙයි. කහවත්ත පහු කොරලත් තව ගොඩක් දුර යන්ට ඕන. අද කහවත්ත කියලා කියන්නේ හරිම කතාබහට ලක් වෙච්චි පැත්තක් නොවැ. කහවත්ත කිව්වම අද ලංකාවේ නොදන්නේ කවුද ඉතිං. පොඩි එකාගේ හිටන් හැම එකාම දන්නවනේ. හරිම ප්‍රසිද්දයි. ඒ තරමටම ප්‍රසිද්ද වෙන්ට මොකද්ද අම්මපා උනේ. නොදන්න එකා වගේ අහන හැටි විතරක් නේ. ඔන්න තවත් කවුද එක්කෙනෙක් අතුරුදහන් වෙලාලු.



   කහවත්ත කියලා කියන්නේ හරිම භයානක මිනීමරුවන් ඉන්න පළාතක් කියල තමයි ඈත පැති වල කතා වෙනවාය කියල කියන්නේ. අපිනේ දන්නේ ඒකෙ ඉන්න උන්ගේ හැටි. සමහරු මේ පැත්තේ එන්නත් බයෙන්ලු ඉන්නේ. ඇයි ඉතින් මාර ගොඩක් නෙ මැරුවේ. ඉස්සරනම් කහවත්ත පැත්ත මැණික් ඉල්ලම් මතු වෙච්ච පලාතක් විදියට මැණික් වලට හරිම ප්‍රසිද්ධ වෙලා තිබුනේ. දැන් තමයි වැඩේ. මැණික් ගැන කතාවක්වත් නැහැ නෙව. කහවත්ත කොටකෙතනෙයි කිව්වම මුළු ලෝකෙම උනත් ටිකක් සැලෙන්ඩර් වෙනවා. හැබැයි කහවත්ත කිට්ටුව හිටපු එකත් හොඳට ගියා. ඕන වෙලාවක ඕන සීන් එකකදී කහවත්තෙ කියල ෂේප් වෙන්ට පුළුවන්. හැබැයි ඒකත් ටිකක් හිතල බලල තැනේ හැටියට තමයි දාන්න වෙන්නේ. නැත්තං පොලීසියෙන් ඇවිත් කුදලගෙන යයි.

   දැන් නං ඉතින් කහවත්තේ හුට පට ටික ටිකක් විතර අඩු වෙලා තියෙන්නේ. ඒත් ඉතින් ඕකේ ඉන්න උන් කොහොමෙයි කොහේ හරි ගිහිං අපි කහවත්තෙයි කියල කියන්නේ. විලි ලැජ්ජාවේ බෑ කිව්වලු. කියපු ගමන් අහනවා කියන්නේ මචං කොටකෙතන පැත්තේද කියලලු. දැන් දීපංකො ආන්සර්.. ඒකනම් කමක් නෑ කියමුකෝ. දැන් ඉතින් කහවත්තේ පැත්තේ අහිංසක කොල්ලෙකුට මගුලක්වත් කතා කොරන්ට පුලුවන්ද. කහවත්තේ කියපු ගමන් දුව දේයියෑ.. මමනම් ඔන්න කහවත්තේ පැත්ත පළාතක නෙවෙයි ඕන් ආයි කිව්වා. නැත්තං අන්තිමේදී මේකට තිබිච්චි කොමෙන්ට් ටිකත් නැති වෙලා යයි, ඇයි මොකෙක්වත් එන් නැහැනේ බලන්ට. කොහොම හරි කහවත්තේ කස්ටිය නම් ඉතින් කොහේ ගියත් කහවත්තේ කියලනම් කියන්නේ නැහැලු. කවුරුත් දන්නැති පළාතක් කියල දානවලු. කොහොමින් කොහොම හරි ඒ වැඩෙන් විශාල ප්‍රසිද්ධියක් මේ පලාතට ලැබුනා. ඒකට හරි ගරු කරන්ට එපාය. කී දෙනෙක් නම් මේ ගැන කතා කලාද, කතා කරනවද. කාටද ඉතින් ආඩම්බර. මටනම් නෙවෙයි. ඒ පැත්තේ ඉන්න කස්ටියට තමා. අපි මෙහෙම කතා කලාට ඉතින් ඒ පැත්තේ කී දෙනෙක් මේ වෙච්චි පුද්ගල ඝාතන නිසා තාමත් කඳුළු සලනවා ඇත්ද. ඒවා මතක් වෙන කොටත් ලොකු දුකක් කනගාටුවක් හිතට එනවා. මොකදෑ ඉතින් අපිත් ළඟ පාත උදවියනේ. ළඟ පාත කියල කිව්වේ ගොඩක් ඈත හොඳේ...

  කොහොමින් කොහොම හරි මේකෙත් උනේ එසේ මෙසේ ඝාතන නෙවෙයිනේ. ඝාතන රැල්ලක්. ඕවයින් සියයට අනූ නවයක්ම කාන්තා ඝාතන නොවැ. දැනට ඝාතන දාසයක්ද කොහෙද වෙලා තියෙනවලු. ඔන්න පහුගිය 16 වෙනිදා ඉඳන් තවත් පිරිමි කෙනෙක් අතුරුදහන් වෙලා කියල කිව්වේ. මිනිහනම් ඔය කාන්තා ඝාතනයකට සැකපිට අත්අඩංගුවට අරගෙන පස්සේ නිදහස් කරපු කෙනෙක්.

  යුද්ධ කාලේ පුදුකුදුයිරිප්පු තිබුන හැටි මතකද. ෆුල් ආරක්ෂාව දාලා. හෙහ්. දැන් කහවත්තේ කොටකෙතනත් තියෙන්නේ ඔහොම්මම තමා. දැඩි ආරක්‍ෂිත කලාපයක්. ඔය ටික හින්ද තමයි මෙච්චර කාලයක් මිනීමැරුමක් වුනේ නැතුව තිබුනේ. ආරක්ෂක අංශෙට පිං සිද්ද වෙන්ට. ආයි හවස පහෙන් පස්සේ ගමට ඇතුළු වීම සපුරා තහනම්. පිට උන්ට කොහොමවත් ඇතුල් වීම තහනම්. රෑට ගෙවල් වලින් එලියට බැසීම සපුරා තහනම්... 
 
  කොහොම හරි ඉතිං අපේ උන් තමයි මේ වැඩෙන් ගන්ට පුළුවන් උපරිම සප් එක ගන්නේ. ඕන සීන් එකකදී අපි කහවත්තේ තමයි ආදර්ශ පාඨේ. එකෝමත් එක කහවත්තට ළඟ නගරෙක එකෙක් ( මම ද හොඳින් හඳුනන එකෙක් ) දවසක් කෙල්ලෙක්ට නම්බර් එකක් දීල. පස්සේ කෝල් එහෙම කරලා වැඩේ නැගලම ගිහිල්ල. ඔන්න ඔහොම කතාව ලියවී ගෙන ලියවී ගෙන යද්දී ඕකට හෙනහුරා පාත් වෙලා. වෙන කවුද ඉතින් කෙල්ලගේ අයියා මිසක්. ඔන්න දවසක් මිනිහා කෙල්ලට කෝල් එකක් දීල තියෙනවා. රාහු කාලේ පන්නලා කෝල් එක දෙන්ට මිනිහට අමතක වෙලා. ෆෝන් එක උස්සල තියෙන්නේ කෙල්ලගේ අයියා. අහනවලු දැන් කවුද කියලා. මිනිහත් සද්දේ දා ගෙන ගිහිල්ල අයියට. අයියත් නිකං ඉඳලා නෑ.. හොඳම වචන සැට් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අන්තිමේදී මිනිහට කියන්ට දෙයක් නැතුව කිව්වලු මම කොටකෙතනේ ඇයි ගේමද කියල. ඒක අහපු අයියා කාරයා හා මල්ලි එහෙනම් තියන්නං කියල ෆෝන් එක තිබ්බලු. හැබැයි ඉතිං එදායින් පස්සේ අර ගෑනු ළමයත් මුට මැසේජ් කොරල නෑ..

34 comments:

  1. ගෑනුලමයට කෙසේවෙතත් බලහන් උබට කොමෙන්ට්ස් ටිකත් නැතුව ගිහින් ...හි..හි..හී..
    අඩන්නද හිනවෙන්නද හිතා ගන්න බෑ.

    --අමිල--

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. දැන්නම් කස්ටිය බය නැතිව කොමෙන්ටු දානවා... හික්ස්!
      මම හිතුවෙ මොකෙක්වත් දාන එකක් නෑ කියල. කොහොම හරි ඉතිං උඹ තමා බය නැතුව කොමෙන්ට් එක දාපු පළමු එකා.. ජය වේවා! ජය ශ්‍රී!!

      Delete
  2. කහවත්තෙ ඉන්න උංගෙ හැටි දන්නෙ අපිනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ, අපිනේ දන්නේ උන්ගේ හැටි... මොළේ කචල් වෙච්ච එකෙක් දෙන්නෙක් හින්ද වෙච්චි හරියක්...!

      Delete
  3. කොටකෙතන හිටිය මානසික රෝගීන් කීප දෙනෙකු නිසා තමයි ඔය තත්වයට පළාතම ඇදවැටුනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.... දැන් ඒකට ඔක්කොම පලි...

      Delete
  4. ඉස්සර කහවත්ත කිව්වම මැණික්. ආයෙත් ඉස්සර වගේ ඒ මිනිස්සුන්ට හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙනවා නම් කොච්චර දෙයක් ද..

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එහෙම දවසක් එනවනම් ලොකු දෙයක් ඉක්මනටම.....

      Delete
  5. අනේ මන්දා කොහොම හරි කහවත්ත කියන්නෙ නමි දැන් ඉතින් අහන්නත් බය නමක් වගේ...

    ReplyDelete
    Replies
    1. හී හී ... මිනීමරුවන්ගේ දේශය වගේ.. ඒ උනාට ඉතිං ළඟ පාත ඉන්න අපිනේ දන්නේ ඒකෙ ඉන්න එවුන්ගේ හැටි..

      Delete
  6. heh...oka keruwe kwda kyala ahanta oni khawatthe ayagenma thama.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... කහවත්තේ උන්ගෙන් ඇහුවට කියන්නේ නැහැ නොවැ..

      Delete
  7. අප්පටසිරි මන් නැති දවස් ටිකට හොද වැඩ වෙලා..නොකීවාට අපිත් කහවත්තේ තමා...මන් නම් මේ ගැන කතා කොරන්න ඒ තරම් කැමැත්තක් නෑ බොලවූ...
    ඇත්ත තිත්තයි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. හිකි හිකි හිකි.... // අපි නොදන්නවැයි කහවත්තේ උන්ගේ හැටි //

      Delete
  8. how how.wadiya katha epa e gana...ape parissamatayi man kiwwe..

    ReplyDelete
    Replies
    1. ඇයි! කවුරු හරි ඇවිල්ල උස්සගෙන යයි කියල බයද...?

      Delete
    2. කවුද දන්නේ මොනවා වෙයිද කියලා...

      Delete
  9. Replies
    1. කොහෙද බොලව් බිල්ලෝ.....???

      Delete
  10. ඒ සුපුන් උඹට නේද ඕක උනේ..

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සුවක් ඇතැයි....

      Delete
  11. මං නම් කහවත්ත ගැන දැන ගත්තෙත් ඔය සීන් එක නිසා.....

    අර කොල්ලට මාර වැඩේනේ වෙලා තියෙන්නේ... අයියෝ.... පව් අප්පා..... හික්....

    ReplyDelete
    Replies
    1. හෙහ්... එහෙම හරි දැන ගත්තනේ... :D

      Delete
  12. මං කල්පනා කොලන්නෙ අර ඝාතන රැල්ල දිහා කස්ටිය බලන් ඉන්න අතරෙ ඒ පැත්තෙන් හොර පතලක් දෙකක් බස්සා ගන්න බැරි වෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ... පතල් ඕන තරම් තියෙනවා.. පතලක් දා ගැනීමේ ආශාවක් තියේනම් කියන්ට....

      Delete
  13. හෑ .......උයා කහවත්තේද අලී ?මාත් කහවත්ත කිට්ටුව තමයිලු ඉන්නේ ..අපි නං ඔය කොට කෙතනට බය නෑ .. :D අපිනේ දන්නේ කොටකෙතන ගැන නෙහ් ? මේ අර ගෑණු ළමයාගේ හුටපටේ උනේ උයාට නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාත් කහවත්ත කිට්ටුවම තමා.. හී හී... හැබැයි කහවත්ත ටවුමේනම් නෙවෙයි... බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට.. ඒ වගේම කොමෙන්ටුවටත් ස්තූතියි....

      Delete
    2. ගෑනු ළමයාගේ හුට පටේ උනේ මට නෙවෙයි අනේ..යාලුවෙක්ට..

      Delete
  14. එන්න එපා කහවත්තට එනම් මනම් කියන්න . අපේ පියතුමාගේ ගම ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ආවට...මං ඉතින් ඇත්ත නොවැ කිව්වේ..ආයි බොරු කිව්ව් එකක්යැ....

      Delete
    2. http://nelumwila.blogspot.com/2012/04/blog-post_24.html


      අපි පුංචි කාලේ ගමේ ගිය රස කතා කොටස් තුනක්ම ලීවා . ඔබට කැමති නම් කියවන්න

      Delete
    3. කියෙව්වා ඔන්න.. ඒ කාලේ කහවත්ත පැත්ත හරිම අපූරුවට තියෙන්න ඇති. මගේ හිතේ එක්දාස් නවසිය බර ගණන් වල වෙන්ට ඇති...

      ෂඃ බලාගෙන ගියාම බ්ලොග් ලියන ගොඩ දෙනෙක් සබරගමුව පැත්ත එක්ක, විශේෂයෙන්ම රත්නපුරෙත් එක්ක මොකක් හරි සම්භන්දයක් තියෙනවනේ..

      Delete
  15. ඇත්තෙන්ම, කහවත්ත ගැන අපිට මැවෙනුයේ අමුතුම චිත්‍රයක්. කොහොම උනත් දැන් හෝ යම් යථා තත්ත්වයකට පත් වී තිබෙනවා ඇසීම සතුටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ඔය කවුරු කොහොම කිව්වත් කහවත්ත පැත්තත් හරිම ලස්සනයි..මොකදෑ සිංහරාජේ කිට්ටුවනේ..ඒත් ඉතිං එක්කෙනෙක් දෙන්නෙක් හින්දා ඒ නමටත් ඇති උනේ ලොකු කැළලක්...දැන් නම් ටිකක් විතර ඒ උණුසුම අඩු වී ගෙන යනවා..

      Delete