Friday, January 18, 2013

ඩ්‍රයිවින් ලයිසොන්

   සල්ලි දීල අර ගන්න වාහන වලට යන්ට කියල පාරක් හදා තිබෙන බව ඇත්තකි. ඒත් ඒවායේ යන්නද අවසර ගන්ට උවමනාය. නැති නම් පොලෝසියෙන් දඩ කන්ට වෙයි. මේ අවසරය නම් ඩ්‍රයිවින්ග් ලයිසොම ය. ඒත් අද කාලේ පාරවල් වල යන උන්දැලා ඔක්කොම ලයිසන් කාරයෝද? සිදු වෙන අනතුරු ගණන් කරන්ට බැහැනෙ. මේ විදියට ගියොත් පාරේ යන පදික උදවියටත් ලයිසොන් ගන්ට සිදු වෙන දවසකුත් ළඟදීම එයි. වැඩේ කියන්නේ මම හීනෙන් දැක්කනේ කස්ටිය පාරේ ඇවිදගෙන යන්ටත් ලයිසොන් ගන්නවා. හිහ්.. වාහන වලට ලයිසොන් ගන්ට ට්‍රයල් පෙන්නනවා වගේ පාරේ ඇවිදින්නත් ට්‍රයල් එහෙම පෙන්නලා පාස් උනාම තමයි ලයිසොන් දෙන්නේ. ෆේල් උනොත් බඩු. ආයි දවසක් දාගෙන පුරුදු වෙලා එන්ට ඕන. එතකං ඉතින් පාර පැත්තෙවත් යන්ට තහනම්. ඇයි ඉතින් මුට පාරේ ඇවිදින්ටවත් බැහැ නොවැ. පිස්සු නැත්තං ෂෝක් කිව්වලු.



   කොහොම හරි ඉතින් මෙහෙම කිව්වට වාහන පදින්ට ලයිසොන් ගන්න එකත් ලේසි පාසු කර්තව්‍යක් නෙවෙයි. ලයිසොන් ගන්ට කටු කාපු උන් තමා ඕක දන්නේ. ට්‍රයලේ පාස් නොවුනොත් ඉවරයි. හුඟ දෙනෙක් ෆේල් වෙනවලුනෙ. ඕවා අහද්දී එපා වෙනවා අප්පා... මොකදැයි මාත් මේ ලයිසොන් ගන්ටනේ ඉන්නේ. කොහොම හරි ඉතින් දන්න දහන් ගැටයක් දාල ගන්නවා. ඕවත් වැඩද නේ..! 

   අටේ ඉලක්කම ගහන එක තමා මරුම වැඩේ. පොඩ්ඩ බැරි වෙන්න මුන්දැලා ෆේල් කරනවනේ. කොහොම හරි ඉතින් අට ගහන්න බැරිනම් එකයි හතයි හරි ගහන්න බැරියැ නේද.. මෙහෙදී අට ගහන්න කොච්චර පුරුදු වෙලා ගියත් එහෙදි බයටම ගැහෙන්නේ වෙන වෙන ඒවමනේ. සමහරු අට පැත්තක තියල රවුම් ගහනවා. අම්මපා ලයිසොන් ගන්ට මෙහෙම ක්‍රමයක් හොයා ගත්තේ මොකාද දන්නේ නැහැනේ. ඌ හිටියනම් මෙතන....... වෑන් ඒකයි, රෝද තුනේ එකයි ෆුල් ගේම දීල රිවර්ස් කරන්ට පුරුදු උනාම හරි. බැරිම උනොත් තල්ලු කරන් හරි රිවර්ස් එක දෙන්ට බැරියැ.. වැඩේ කියන්නේ උපන් දා ඉඳන් බයික් පදින එවුන්, වෑන් පදින එවුන් ට්‍රයලේ ෆේල් වෙනවනම් අපිට කොහොම වෙයිද. කමක් නෑ මෙච්චර කාලයක් බලාගත්තු එකේ ඒකත් දෙයියොම බලා ගනියි.

   කොහොම හරි කමක් නෑ වාහනයක් නැතත් ඩ්‍රයිවින්ග් ලයිසොන් එකක් තියෙනවනම්. කාගේ හරි එකක් ඉල්ලගෙන පදින්ට බැරියැ. මාත් මේ තියෙන රෝද දෙකෙන් එහාට මෙහාට ගියාට කොහෙද තාම තියෙන්නේ ටෙම්පරි කොලයක්ද මොකද්ද එකක්නේ. ඒ මදිවට එල් බෝර්ඩ් එකකුත් ගහ ගන්ට ඕනලු. තාමනම් ගැහුවේ නෑ ඕන්. කොහොම හරි අපේ උන්දැලා ඉන්නවනේ ඔය ටෙම්පොරි කොළයක්වත් නැතුව... අපේ පැත්තේ එකෙක් ඉන්නවා ලයිසොන් නැතුව කොළඹ ගිහිං ඇවිත්. ලයිසොන් නැතුව නෙවෙයි ගෙනියන්න අමතක වෙලා. අනේද කියන්නේ! උගේ වාසනාවට වැඩේ මාට්ටු නොවී බේරුනේ පොලෝසියට. 

   ඩ්‍රයිවින්ග් ලයිසොන් එකත් එක්ක බැඳිච්ච රස කතා ඕන තරම් තියෙනවා. මේකනම් මේ මිත්‍රක්ට වෙච්ච අකරතැබ්බයක්. මේක පොඩි බයික් සීන් එකක්. දවසක් මෙයා එයාගේ මාමගේද කොහෙද බයික් එකක් අරගෙන ගමනක් ගිහිල්ලා තියෙනවා. අතරමගදී පොලීසියෙන් මෙයාව නවත්තලා. මිනිහා ළඟ තිබිලා තියෙන්නේ මිනිහගේ ලයිසොන් එක විතරයි. ඉන්සූරන්ස් එකයි ආදායම් බලපත්‍රෙයි තියෙන තැන මිනිහ දන්නේ නෑ. ඒකත් බයික් එකේම තියෙනවා කියල මාමා කිව්වලු. මිනිහා ඉතින් ඔන්න බයික් එකෙන් බැහැල එහෙම දැන් බයික් එකේ හැම තැනම ඕක හොයනවලු. ඒ අස්සේ ඔතන හිටපු එක පොලිස් කාරයෙක් ලඟට ඇවිල්ල අහනවලු මොකද මල්ලි ප්‍රශ්නේ කියල. මිනිහා කිව්වලු සර් ලයිසොන් එකනම් තියෙනවා අනිත් දෙක නෑ කියල. අන්තිමේදී මිනිහට ඔය දෙක හොයල දීල තියෙන්නේ අර පොලිස් කාරයාම ලු. ඔතනින් එහාට දෙයක් මම දන්නේ නෑ. කොහොම හරි හොඳ පොලිස් කාරයෙක් නොවැ. නැත්තං අරූට හොඳ කොළයක් ලියනවනේ.




   තවත් දවසක් මිනිහෙක් හොඳටම බීලා වාහනේ පැදගෙන ඇවිල්ල තියෙනවා. මිනිහවත් පොලීසියෙන් නවත්තලා. මිනිහටත් සැරටම වැදිලලු ඉඳලා තියෙන්නේ. පොලිස් කාරයත් මිනිහාට බැලුන් බෝලයක් දීල පුම්බන්ට. මිනිහා අහලා තියෙනවා පොලීසියෙන් සෑර් ඇයි මොකද, අද පොලීසියේ මොකක් හරි පාටියක්වත් තියෙනවද කියල. ඒ කතාවනම් ඉතින් ඩ්‍රයිවින්ග් ලයිසොන් මත් නෙවෙයි. මතක් වෙච්චි හින්දා දැම්මා. ඇයි දන්නවද. ඔය දෙනවා කියන බැලුම් බෝලේ තියෙනවා කියන්නේ පොටෑසියම් ඩයි ක්රෝමෙට්
( K2Cr2O )ලු නෙ. සාමාන්‍ය පෙළට හරි උසස් පෙළට හරි විද්‍යාව කරපු කට්ටිය ඕක දන්නවා. ඒක තැඹිලි පාටයි. ඔය මත්ද්‍රව්‍ය වල තියෙන ඇල්කොහොල් කියන ඒවා ඔය පොටෑසියම් ඩයි ක්රෝමෙට් හමුවේ ඔක්සිකරණය වෙනවා කියල දෙයක් වෙනවා. එතකොට තැඹිලි පාට නැති වෙනවා. එහෙමලු බීපු කස්ටිය අල්ල ගන්නේ. මම දන්නා විදියටනම් එහෙමයි. වෙන විදියක් නම් ඒක පහලින් ලියල යන්න අමතක කොරන්න එපා.. කොහොම හරි විද්‍යාව දන්න කෙනෙක් බීලා අහු වුනොත් උසාවියේදී ටෝක දාලා බේරෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් නඩුකාර උන්නාන්සෙත් විද්‍යාව හොඳට දැන ගන්ට ඕන. නැත්තං වෙන්නේ ගුටි කාලා තව ටිකක් වැඩියෙන් කාලයක් හිරේ ලගින්ට.


14 comments:

  1. ට්‍රයල් එක එච්චර අවුලක් නෑ බං. වැඩිය හිතන්න එපා. හොඳට පුරුදු වෙලා ගියා නම් ගොඩ.
    අර බැලුන් එකේ වෙන්නේ මොකක්ද කියල හරියටම දැන ගත්තේ අද ඕං...

    ReplyDelete
    Replies
    1. හිහ්.. ඕකේ.. ෆුල්ම ගේම දෙනවා.. තෑන්ක් යූ

      Delete
  2. බය නැතුව ට්‍රයල් එක කරන්නෝ.....
    අපිත් ලයිසන් ගන්න ගිය දවසේ අපේ අක්කයි මායි කලේ බයිසිකල් කට්ටිය 8 ගහනවා බලන් ඉන්න එක.ඒක හරි ජොලි වැඩේ.....

    ReplyDelete
    Replies
    1. බය නෑ යකෙකුටවත්.. ස්තූතියි...

      Delete
  3. හි හි ට්‍රයල් එක තමා වැඩෙ මතක් වෙනකොටත් ඇඩෙනවා...
    මාත් ළගදි යන්න ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. සැලෙන්ඩර් නොවී යන්න.. මාත් මේ ළඟදීම යනවා..

      Delete
  4. වටරවුමක යන්න දෙනවනං පරිස්සමෙං. වටරවුම උඩිනුත් බෑ, ඈතිනුත් බෑ, ළඟිංම නමන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ළඟ නමන එකනම් මොකද්ද අයියා... ඕක කොහොම හරි නමලා දාන්ට බැරියැ.. තෑන්ක් යූ..

      Delete
  5. ඔය සයන්ස් සීන් එක තියෙන්නෙ උසස් පෙළ කරන අයට

    ReplyDelete
    Replies
    1. ඔක්සිකරණ කතන්දරේ නම් එහෙමයි.. ඒත් ඉතිං K2Cr2O4 ගැන නම් මයේ හිතේ ඕ ලෙවල් කාලෙත් අහල හරි තියෙන්ට ඕනෑ...

      Delete
  6. හි හි .දවසේ පත්තරේ වගේ නේ.දවසේ වෙන දේ බ්ලොග් එකේ.හරි හොඳයි.ට්‍රයල් එකනම් එලට පාස් වෙනවමයි.මන් පුල් සපෝර්ට් මචං...බය වෙන්න එපෝ.....

    ReplyDelete
    Replies
    1. ටැන්කියු කිව්වලු ඔන්න හොඳේ.....

      Delete
  7. නැතුව නැතුව...දෙයියනේ කියල සයන්ස් කොළාම තීන වාසිය...හිකිස්...

    ReplyDelete