Wednesday, January 30, 2013

෴ නිම් හිම් නැති.....සතුට ෴

සතුට!
ඔබ කොතැනද කියා
නොදැන සිටියෙමි මා
කිසි විට...

නමුත්
හදවතේ කොනක රැඳී
ඒ සතුට
තිබෙන බව 
දැන සිටියෙමිය මා
ඉගෙනුමට විඳි දුක ම
නැවත පෙරලුනි
සතුටු කඳුළු වලටම
අහෝ
මෙයයි මා පැතුවේ
මෙයයි මා සිතුවේ
දැන සිටිමි කෙදින හෝ
ඵල දරන බව ඒ පැතුම
ජීවිතේ
විසල් පියවරක්
තැබිමි අද ..... මා
එයම මදිද මට
ලං වෙන්න ජය ටැඹට
ජීවිතේ
සෝ සුසුම් දුක් ගැහැට
උරුම වූ මගේ සිතට
ලැබුණි අද
තවත් එක් ජය ටැඹක්
තවත් එක් පැන් පොදක්!

28 comments:

  1. හදවතින්ම සුබ පතනවා මස්සිනා උඹට..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..... අද හරිම සතුටු දවසක්...!!

      Delete
  2. මල්ලියෝ මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඔයාට...ඔය සතුට හැමදාමත් ඔයාගෙ ජීවිතේ රැඳෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අනාගතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ඔයාටත්....මේකත් ජීවිතේ එක පියවරක් විතරයි.....

      Delete
  3. අනිවා මල්ලී... සුබ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියලා.

    ReplyDelete
  4. හරිම වෙලාවක හරිම තැනකට ඇවිත් තියෙන්නේ මම,මටත් මේ වෙලාවේ හුඟාක් සතුටින් ඉන්නේ... :)

    ඔයාටත් සුබ පතනවා...ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ශම්මි...... ඔයාත් සතුටින් ඉන්නේ විභාග ප්‍රතිඵලයක් නිසාවත්ද..? ජයෙන් ජයම වේවා!!

      Delete
  5. සතුට දුක සැප උරුම ලෝකේ
    මෙයයි මා ලැබූ
    මහා දුක...
    මා හට එලෙස උවත් මාගේ අවට සිටි මිතුරන් ගැන සිතා මම සතුටු වන්නෙමි.ඔවුන් සැවොම දැන් ජය ටැඹ කරා පියමන් කර ඇතත් මා ඒ ජය ටැඹ පෙනී පෙනී අද වැටුනෙමි..නමුත් සතුටු වන කාරණය නම් එය පෙනෙන මානයේ හෝ මා සිටිනා බැවිනි..මා දයාබර මිත්‍රයා ඔබට මා හදවතින්ම සුභ පතන්නෙමි.සුභ පැතීමට හැකි ඉහලම තැනින් මන් ඔබට සුභ පතන්නෙමි...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මචං.... මෙඩිසින් යන්න බැරි උනාට ගොඩක් හොඳ තැනකට උඹට යන්න පුළුවන්..ඒ ගැන හිතල හිත අප්සට් කරගන්න එපා... ජීවිතේ ජය පරාජය දෙකම භාර ගන්න එපැයි...උඹ පරාද වෙලා නෑ...

      Delete
  6. හදවතිංම සුබ පැතුම් මල්ලියෙ. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න අයියේ ඔයාටත්....

      Delete
  7. එළකිරි මචං ...මේ වගේම අනාගතේ කරන කියන වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!!

    ReplyDelete
    Replies
    1. එළම තමා...බොහෝම ස්තූතියි ඔබේ සුභ පැතුමටත් .....

      Delete
  8. එළකිරි කවි පොඩ්ඩ ,ජයෙන් ජය පතනවා කොල්ලෝ ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට...මේ පැත්තේ ඉස් ඉස්සෙල්ලාම ආවටත් තුති!!

      Delete
  9. ගොඩාක් සන්තෝසයි සෝයුරේ.හදවතින්ම සුබ පතනවා...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෝයුරියේ.....

      Delete
  10. ජයම වේවා මලයෝ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නලීන් අයියේ ඔබටත්....

      Delete
  11. සුභ පතනු හැර වෙන කුමක් කියන්නද...........
    ජය

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට... සුභ පැතුම් ඔබටත් මගෙන්...ජයෙන් ජය!!

      Delete
  12. සුභ පැතුම්...වාසනාවන්ත අනාගතයකට...

    ReplyDelete
  13. තවත් එක් ජය ටැඹක්
    තවත් එක් පැන් පොදක්!
    පියනඟන්න සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. හද පිරි ස්තූතිය ඔබේ සුභ පැතුමටත්...

      Delete
  14. අනාගත හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete