Thursday, January 3, 2013

නික්ම ගිය අතීතය

හිරුත් නැති - සඳුත් නැති
නිහඬ ගොම්මන් රැයක
සිත් විය  බලන්නට
පොතක පිටු අතර ඇඳි
සිතුවම් පෙළක්..
අහෝ!
ඒ සිතුවම්
වියැකී යනෙන තරමට
අබලන්ය
එහෙත් එය සිත්කළුය
දුටූ දන මන බඳන සුළුය
කවුද මේ
සිත්තරා.....
ඔහු නම් දක්ෂයෙකි
එහෙත් නැත - කිසිම තැන
නම් ගම් කිසිවකුදු
නමුත්!
දනිමි මා
කවුද මේ සිත්තරා
නික්ම ගිය අතීතයෙ
සොඳුරු ආවර්ජනා තුලින්
කියැවුවෙමි
මතක පොත...

ඒ සොඳුරු අතීතය දෙස
නැවතත් හැරී බැලුවෙමි
මකුළු දැල් බැඳුනු
සේයා පටල විලසට
එකින් එක
සිදුවීම
තිබෙන සැටි දුටුවෙමි
කිසිදා නොහැක
අමතක කරලීමට
ඒ සොඳුරු අතීතය
කඳුලද සුසුමද - සතුටද සොම්නසද
සියල්ලම
එකට ගැබ් උන
පොතේ පිටුවක් ඉරන්නේ කෙලෙසකද


10 comments:

  1. මතක පොතේ පිටු අතර
    රැදුණු අපේ අතීතය
    විටෙක සිත්කළුය
    විටෙක හැගුම්බරය
    එනමුඳු මා මිතුර
    කඳුලැලි ද සිනහවද රැඳී
    සොඳුරු වූ අපේ අතීතය
    රැඳී ඇති පිටු
    එලෙස ඉරාලන්නේ කෙලෙසකද?
    කියනු මැන මා හට.....

    ReplyDelete
    Replies
    1. කඳුලෙන් සිනහවෙන් බර මගේ ____අතීතය
      සිහි වන විටදී නැගුනේ කව් _____සිතුවිලිය
      සිතුනද කරලන්න අමතක ________අතීතය
      ඉඩ නොදෙනුයේද එය හට ______මසිතමය

      Delete
  2. Replies
    1. බොහෝම ස්තූතියි෴
      මේ පැත්තෙත් ආවට ස්තුති

      Delete
  3. ලස්සනයි නිර්මාණය..

    අතීතයේ සිතුවම් උනු
    කදුල සුසුම සිනහව පිරි
    සිතුවම් පොත
    ඉරා දමනු ඇවසි නොවේ
    විදවීමට එහා ගිය විදීමක්
    උරුම නුඹ...
    (වින්දනය උරුම කර ගත් සොදුරු හදවතකට කදුල කදුලක් නොවේ...)

    ReplyDelete
    Replies
    1. ලස්සන පද ටිකක්...

      බොහෝම ස්තූතියි ඔබට
      "වින්දනය උරුම කර ගත් සොදුරු හදවතකට කදුල කදුලක් නොවේ" කතාව ඇත්ත

      Delete
  4. ඔන්න මගේ බ්ලොග් එකේ ෆොලෝ කරලා තිබ්බ එකෙන් හොයා ගෙන මාත් මේ පැත්තට අවෝ........ :)

    ලස්සන නිර්මානයක්.....

    අපිට කවදාවත් අතිතය අමතක කිරිමටවත් එය වෙනස් කිරිමටවත් නොහැක. කල හැකි එකම දේ ඒ දෙස බලා සිනාසිම හෝ කදුළු සැලීම පමණි. නමුත් ඒ අතිතයෙන් උගත් පාඩම් ඉදිරි ජිවිතය සාර්ථක කර ගැනීමට මහගු පිටුවහලක් වෙයි....

    ReplyDelete
    Replies
    1. ආපු එක ලොකු දෙයක්..
      ඔබ කියන කතාවත් සහතික ඇත්ත..
      බොහෝම ස්තූතියි෴

      Delete
  5. අද තමයි ඉස්සර වෙලාම මේ බ්ලොග් එකට ආවෙ. නිර්මාණය ලස්සනයි...

    උවමනා වුවත් ඉරා දමන්නට
    ජීවිත පොතේ
    අතීතය නම් වූ පිටුව
    කරන්නට නොහැක එය..
    බැඳී ඇත එම පිටුව
    වර්තමාන හා අනාගත පිටු සමග
    කල යුත්තේ එය ඉරා දැමීම නොව
    එයින් උගත් පාඩම් සමග
    වර්තමානය හා අනාගතය
    වඩ වඩාත් සාර්ථක කර ගැනීමය :)

    ReplyDelete
    Replies
    1. :D
      අනර්ඝයි... බොහොමත්ම ස්තූතියි ඔබට මේ පැත්තෙත් ආවට..

      Delete