Friday, January 25, 2013

අමාරුවෙන් ගත්තු ලයිසොම

   ඔන්න කොහොම හරි (හරිම අමාරුවෙන්) ලයිසොම ගත්තලු.. ඕක ගන්න කලින් කියපු පණ්ඩිත කතන්දර කියෙව්වේ නැත්තං මෙතැනින් ගිහිල්ල බලලම එන්න. ඩ්‍රයිවින් කරන්න ලයිසන් ගන්න එකත් මෙච්චර ගේමක් දෙන්ට ඕන වැඩක්ද කියල හිතුනේ ඊයේ තමා අප්පා.. යකෝ එතනට ගියාම මාර බයක්නේ ආවෙ. බිත්තර තම්බන්ට උනත් පුළුවන්ලු. මොකේද කියල මතක නෑ හැබැයි. ඔන්න ඉතිං මේ,, මං පාරේ වාහන පැදවීමට බලපත්රේ ගත්තු හැටි අහන්න කැමති කට්ටිය මේ පොස්ටුව කියවත්වා. කියවල කොමෙන්ට් කොරත්වා. අකමැති අය ඉන්නවනම් ඔවුන්ද කියවත්වා.. කවුරු හරි ඕන් යන්ට හිතන් ඉන්නවනම් බලන එක හොඳා..

  මේකනේ වැඩේ. අපේ ගම රත්නපුරේ. ඒත් ලයිසොන් ගන්ට කියල ආවේ වේරහැර. යකෝ මෙච්චර දුරක් මොකටැයි මේ බූරුවා ආවෙ. අනේද කියන්නේ. කොහොම හරි වේරහැරෙන් ලයිසන් ගන්න එක ගොඩක් පහසුයි. දුර වගේ නෙවෙයි. ලයිසන් එකත් දවසින්ම හදාගන්ට පුළුවන්. හැබැයි ඉතිං කියන්ට ඕන ඕක අස්සේ පගාව නම් ගොඩක් තියෙනවා. ඒවායින් බේරිලා තමා ඉන්ට ඕනෑ. අපිනම් අහුවෙයිද ඕවට නේ.. කොහොම හරි ඔන්න ගියා කියමුකෝ. මම දැන් කියන්ට හදන්නේ ඔන්න මම ට්‍රයලේ පෙන්නපු හැටි. හී හී මටම හිනා වෙලාවකට.. , තනියෙන් නෙවෙයි මායි නෑදෑ කමින් අයියා වෙන කෙනෙකුයි එක්ක තමා ආවේ. 

  අපි ඉතිං සුභම සුභ මොහොතක් එහෙම බලල ගෙදරින් එලියට බැස්සා. දන්නවද වෙලාව. පාන්දර තුනයි. ඇයි ඉතින් අපිට ට්‍රයලේ පෙන්නන්න තියෙන්නේ උදේ නවයට නොවැ. පාරට එද්දී ඔන්න තුනයි කාල විතර වෙලා. ඇයි ඉතින් හද්දා වන්නියේ නොවැ ගෙවල් තියෙන්නේ. ආයි ඉතිං බොරු කියන්ඩ ඕන එකක්යෑ. ආවා බස් එකක් කොලොම්බෝ කියල ගහල තිබුන. අපිත් ඉතින් නැග්ග ඕකට. මහරගමෙන් බහිද්දී අප්පේ හයයි තිහයිනේ. මොනවා කරන්නද. කටුවාවල බස් එකේ නැගිලා ඔන්න ආවා.. ට්‍රයලේ නවයට. හත විතර වෙද්දී අපි එතැන. එහෙම තමා ඕන දේකට වෙල පහම යන එක ඇඟට ගුනයිලු. ඔන්න දැන් ලර්නර්ස් එකක් අල්ලලා යන්න ඕන. එතකොට වැඩේ ටිකක් විතර ලේසියි. අපි අඳුරන එක්කෙනෙක් හිටියා. එයා ඔන්න ලර්නර්ස් එකෙකුත් අල්ලලා දුන්නා. දැන් වැඩේ බාගෙට ගොඩ. ඊළඟට තියෙන්නේ ට්‍රයලේ. මතක් වෙනකොට කකුල් දෙක වෙවුලනවනේ. ඇයිද දන්නේ නෑ. නවේ කිව්වට දහය විතර උනා ඕක පටන් ගන්න. අම්මෝ හිටපු සෙනග. අපි කලින් සේන්දු වෙච්චි හින්ද හොඳට ගියා.මට හම්බු උනේ යකෙක් වගේ එක්සෑමිනර් මහත්තයෙක් නොවැ. අනිත් අයියටනම් හරිම හොඳ මෑන් කෙනෙක් හම්බු වෙලා. මම එතෙන්දීම හිතා ගත්ත තුනම ෆේල් කියල ( තුනම කිව්වේ වාහන පන්ති තුන. මම ඔය තුනටම දැම්මනේ ) අම්මප මටමනේ වෙන්නේ.



  ඔන්න ඉතින් ඇතුලට ගිහිං ඔක්කොම කටයුතු කරගෙන ඒ අස්සේ ශරීර කෘත්‍යයන් ටිකත් කරගෙන ආවා 8 ගහන තැනට....ලබ් ඩබ් , ලබ් ඩබ් ගගා ගැහිච්චි හාර්ට් එක මෙන්න ඩක ඩක ගගා ගැහෙනවා. අර පරණ බයික් එකක් ස්ටාර්ට් කරාට පස්සේ වගේ. අට ගැහිල්ලේ ප්‍රායෝගික ක්‍රියාකාරකමට නම් කියාපු පොට් එක. කොන්ක්‍රීට් එහෙම දාලා හදල තියෙනවා එළම එකට. අඩි විස්සක්වත් නැද්ද කොහෙද බොලේ. ගෙදරදී පුරුදු උනේ අඩි තිහක හතලිහක විතර අටක් ගහන්නනේ. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. ඒත් ඉතිං මෙච්චර කාලයක් බයික් පැදපු එකේ ඕකත් මහ කජ්ජක්ද කියල ගහගෙන ගහගෙන ගියා අට! මාත් ඉතින් අට ගහනවා. එක්සෑමිනර් මාමත් බලාගෙන ඉන්නවා. මම මේ මැරීගෙන අට ගහනවා කියල මේකාට තේරෙන්නේ නැහැ නෙව. අන්තිමේ අටවල් දහයක් විතර ගහනකම් මේකා නෙවෙයි කටඇරියේ. 

  ඊට පස්සේ තමයි තියෙන්නේ පස්සට ගන්න. වෑන් එකයි, රෝද තුනේ එකයි රිවර්ස් කොරන්නම එපාය. ඒකත් ෆුල්ම ගේම දීල කළා. වෑන් එකට නැගල ක්ලච් එකට කකුල තියන කොට කකුල නටනවා හරියට ඔරලෝසුවේ බට්ටා නටනවා වගේ. වෑන් එකත් පැද්දි පැද්දි ලු ගියේ බෝට්ටුව වගේ. කොහොමහරි කොච්චර සැරයි කිව්වත් එක්සෑමිනර් මාම මොකුත් කිව්වේ නෑ. 

  ඊට පස්සේ තමයි ** ඉරෙන වැඩේ තිබුනේ. වාහන තුනම මහ පාරේ ට්‍රැෆික් අස්සේ පැදගෙන යන එක. පෝලිමට යන්ට තිබුනේ. බයික් එකනම් අරං ගියාට කවුරුවත් දැක්කෙවත් නැද්ද කොහෙද. මම විතරනේ. එක්සෑමිනර් වාහන දෙක තුනක් ඉස්සරහ... ඊට පස්සේ රෝද තුනේ එක. එක්සෑමිනර් මාමත් ඇවිල්ල නැග්ග නේද පස්සෙන්. කොහොම හරි එකත් පැද්දා. ඊළඟට වෑන් එක. ඇස් දෙක වහගෙන පැද්දා. බය ටිකක් ඇරුනට පස්සේ ඔන්න ඇස් දෙක ඇරගෙන පැද්දා. ඊට පස්සේ ජියරෙත් දෙකට, තුනට විතර වැටුනා මතකයි.කොහොම හරි ඔන්න ඔය තුනම දිනුම්. ජය වේවා කියල ලයිසොමත් එදාම හදාගෙන ආවා එන්න ගෙදර. ගෙදර එද්දී රෑ නමේ විතර වෙලානේ. එච්චර වෙලා ගියාද. යන්න ඇති. මාර කස්ටක් නේ කෑවේ. කටු කන්නම ඉපදිච්චි අපිට ඕවත් ම කටුද කිව්වලු.






  ප.ලි : මේ ඒක නෙවෙයි.. කියන්න බැරි වුනානේ. ඔය තුනට ලයිසොන් ගත්තම ලෑන්ඩ් මාස්ටරේ ( අත් ට්‍රැක්ටරේ ) බෝනස් දෙනවනේ. මං දැන් ගමේ කුඹුරු වැඩ කොරන්න ට්‍රැක්ටරයක් ගන්ට කියල හිතාගෙන ඉන්නේ. ආ තව එකක් තියෙනවා. කාට හරි අන්තර්ජාලය තුල කොහේ හරි යන්ට ඕනනං ඕන් මට කියන්ට. මොකද මං දැන් ලයිසොන් තියෙන පොරක් නොවැ.


31 comments:

  1. සුභ පැතුමි....
    මාත් යන්ටලුනෙ ඉන්නෙ අනේ මන්දා...
    බලමුකො...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ යාළුවා... බය වෙන්ට කාරී නෑ.. හොඳට පුරුදුවෙලා යන්ට.. හිතේ බය තමා ඔක්කොටම මුල....
      හිතේ අරුමය

      Delete
  2. අට ගහද්දි එච්චර බලනවා ද දැන්.. සමහර එග්සැමිනර්ලා නම් වට දෙක ගහද්දි ඊළඟ කෙනාට දෙන්න කියනවා. මමත් ජංජාලේ ට්‍රිප් එකක් වත් යන්න සෙට් උනොත් කතා කරන්නම් කො. ලයිසන් එකත් තියන නිසා බය වෙන්න දේකුත් නෑ නේ. :)

    ReplyDelete
    Replies
    1. ආ..අලුත් රියදුරු මහත්තයට සුබ පැතුම් වැඩේ ගොඩ දා ගත්තට!!

      Delete
    2. එහෙම අයත් ඉන්නවා... ඒත් මට අහු උනේ අමුතුම තාලේ පොරක්.. කොච්චර හොඳට ට්‍රයලේ පෙන්නුවත් මොකක් හරි වැරද්දක් කියනවා...
      බොහෝම ස්තූතියි ඕන්..........

      Delete
  3. දැං ලයිසොං තියන එකේ අත්ට්‍රැක්ටර් පැදිල්ල නවත්තලා දාමු නේද මලයෝ..හැමදාම පැද්දේ ඒවමනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ දැන් කාර් එකක් අරං පදින්ට කියල හැදුවේ... :D
      බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ආවට...

      Delete
  4. සුබ පැතුම් එහෙනං අලුත් රියැදුරු මහත්තයට.

    අපි යන කාලෙනං ඔය මොකවත් බැලුවෙ නෑනෙ. එක්සැමිනර් එහාපැත්තෙ ඉන්නව අපි යනව. අන්තිමට ලයිසම දෙනව. ඒ කාලෙ බර වාහන ලැයිසම එක පාරිංම හම්බවෙනවනෙ. මටනං තාම බයික් පදින්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි...බොහෝම ස්තූතියි෴
      දැන් කාලේ හැටිනේ අයියේ....

      Delete
  5. ලැයිසොන් ගන්න කියලා ගෙදරින් කිවුවාට මං ගත්තෙ නෑ නෙව... දැන් නම් හිතෙනවා අපරාදෙ ද කියලා..
    පලිස්සමට එලවන්න ආ..

    ReplyDelete
    Replies
    1. අපරාදිනේ ගන්ට එපැයි... අපි කොහොමත් පරෙස්සමෙන් නොවැ වැඩ..... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට....

      Delete
  6. හ්ම්...මදා ඔයින් ගියා.එත් මන් හිතුවේ නෑ ඔච්චර බයෙන් හිටියේ කියලා.ආගිය විස්තර කටින් අහන්න කලින් පොස්ට් එකෙන් බලන්නම හිතුනා.එකයි මචං හදිස්සියේ උනත් මේ පැත්තේ ආවේ..
    දැන් ඉතින් ලයිසොන් තියෙනවනේ.මේ පැත්තේ එන්නේ නැතා...නේ...
    අලුත් ඩ්‍රයිවර් දකින්න ආසයි,...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කිව්වා හොඳේ... එන්ට බැරියැ...

      Delete
  7. චින්තක, සුභ පැතුම් අලුත් ලැයිසොමට ඈ.
    අපිත් ගිය නිවාඩුවේ රත්නපුරේ හරහා ගියා. මගේ බ්ලොග් පෝස්ට් එකේ ඒ පින්තූරෙත් තිබ්බා අපි වාහනේක ඉඳගෙන කෑම කන. ඒ රත්නපුරේ නගර සීමාව. අපි කෑම කනකල් ලර්නර්ස්ලගෙ වාහන පුදුම තොගයක් එතනින් ගියානෙ. අපි කල්පනා කලේ රත්නපුරේ උන් ඔක්කොම ලයිසන්ස් ගන්නෙ දැන්ද කියලා :D

    ReplyDelete
    Replies
    1. හී හී ... රත්නපුරෙත් දැන් කොලොම්බෝ වගේ තමා ඩූඩ්... බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ආවට.. කොමෙන්ට් කළාටත් බොහෝම ස්තූතියි ඕන්...

      Delete
  8. හ්ම් අමාරුවෙන් හරි ලයිසන් එක ගත්තනෙ. සුභ පැතුම්! අර L බෝර්ඩ් එක ඉරන පින්තූරෙ නම් නියමයි :D දැන් ඉතින් පරිස්සමෙන් වාහන එලවන්නනෙ තියෙන්නෙ.. //ඇස් දෙක වහගෙන පැද්දා. බය ටිකක් ඇරුනට පස්සේ ඔන්න ඇස් දෙක ඇරගෙන පැද්දා// එක්සෑමිනර් මාම මේක දැක්ක නම් තමයි වැඩේ ;)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි෴
      එහෙම තමයි අනේ.. එක්සෑමිනර් මාම දැක්ක කියල මොනා කරන්ටද...

      Delete
  9. ඈ බං.. ට්‍රයල් පාස් වෙච්ච ගමන් මේ ලයිසොං කාඩ් එකත් දුන්නද ?

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ බං...දුන්නා...හැබැයි ටිකක් වෙලා ඉන්ට ඕන..රුපියල් පන්සීයකුත් දෙන්ට ඕන...

      Delete
    2. හේයි බැරි උනානේ ස්තූතිය පල කොරන්න මේ පැත්තෙත් ආවට... බොහෝම ස්තූතියි හොඳේ...!!

      Delete
  10. ඇයි දෙයියනේ මම මේක කියෙව්වේ? මාත් තව මාස තුනකින් ට්‍රයල් පෙන්වන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඉතිං කියෙව්ව එක හොඳයි නොවැ...ඉස්සරහට ට්‍රයලේ පෙන්නන්න ඉන්ට කස්ටියට මේක කියෙව්වම මාර මෙව්වා එකක් එනවලු...ඇත්තමයි මේ කියන්නේ...

      Delete
  11. මාත් මේ පුල පුලා බලා සිටින්නෙ ඩ්‍රයිවින් ඉගෙනගන්න... ලයිසන් ගන්න පුළුවන් පස්සෙ.දැන් ඉතින් ඉගෙනගෙන හිටියා කියල පාඩු වෙනවයැ..!

    ..ඒකයි ඉතින් ඕක ගත්තට කමක් නෑ.පාරෙ යන අහිංසක මිනිස්සුන්ව හප්පනවා නෙවෙයි..)))

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙත් ආවට... අපි ඉතින් හරිම පරිස්සමෙන් තමා වාහන පදින්නේ...

      Delete
  12. හා... ලයිසෝන් එක මල්ලී අතේම තිබේවා කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  13. තැන්කූ අයියා තැන්කූ..... හැමදාම අතේ තමා...

    ReplyDelete
  14. පරිස්සමින්.දැන් ලකුණු වැඩිපුර ගත්තම ලයිසෝන් රාජසාන්තක කරනවා.සුභ පතනවා මම විනිත රියදුරු මහතෙකු ලෙස කටයුතු කරන්න ලැබේවා කියලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකනම් ඇත්ත.. බොහොම ස්තූතියි මේ පැත්තෙත් ආවට. කොමෙන්ටුවටත් තුති!

      Delete
  15. මාත් පොර වගේ ගිහින් මගෙම කරුමෙට සෙට් උනු හරකෙක් නිසා ෆේල් වෙලා හත්මුතු පරම්පරාවෙන්ම නෝන්ඩි වෙලා(කකුල් හතරෙ එකෙක් පැනපි වෑන් එක ඉස්සරහට,කොල්ල ඉතින් වැඩ්ඩ වගෙ එහෙට මෙහෙට දාල හරකව බේරන කොට ඉර කැපුනලු කියල පස්සෙ එන්න මල්ලි කිව්ව,මමත් හා කියල එන්ඩ ආව :p ) දෙවෙනි සැරේ තමා ගොඩගියේ..අපිට නම් අවිස්සාවෙල්ලෙම තමා ට්‍රයල් :D

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා කොහොම හරි ගත්තනේ...බොහොම ස්තූතියි ඔන්න මේ පැත්තෙත් ආවට...

      Delete