Monday, January 14, 2013

෴ තායි පොංගල් අද තමයි ෴



      අද තමයි ජනවාරි  14. අද දෙමළ කස්ටියට හරි විශේෂ දවසක්. අද එයාලගේ අවුරුදු නොවැ. තෛපොංගල් දවස අද. අද හරියට බෞද්ධයන් වෙසක් පෝය සමරනවා වගේ තමයි ඒ අය තෛපොංගල් සමරන්නේ. හරිම අලංකාර උත්සව පවත්වනවා. උත්සවේ ජයටම තියෙන්නේ අද රෑට. හරිම ලස්සනලු.


    මට මේ සීන් ටික කිව්වේ මගේ යාලු මිත්‍රයෙක්. මිනිහා දෙමළ නොවුනට එයාලගේ පැත්තේ දෙමල අය ගොඩක් ඉන්නවා. ඒ  අය  ලොකු දෝලාවක් වගේ දෙයක් සරසනවලු. ඒක හරිම ලස්සනට සරසනවා කියල තමයි එයා කිව්වේ. ඒ දෝලාව අද උදේ 11ට කස්ටිය එකතු වෙලා උස්සනවලු. ඊට පස්සේ හැමෝම එකතු වෙලා මේක හැම තැනම උස්සගෙන යනවා. මේ දෝලාවේ තියෙනවා කියල කියන්නේ පත්තිනි මෑණියන්ගේ පිළිමයක් කියල තමා එයා මට කිව්වේ. හැමෝම බොහොම ගරු සරු ඇතුව ඕකත් උස්සගෙන  හැම ගෙදරකටම වගේ යනවලු. අන්තිමේදී කෝවිලටත් යනවා. අපේ යාළුවගේ ගෙදරටත් එනවලු. කොච්චර වෙලා මේක උස්සගෙන යනවද කියනවනම් මෙයාලගේ ගෙවල් පැත්තේ එනකොට රෑ 10 විතර වෙනවලු. ඒ පැත්තේ ගියානම් තව ෆොටෝ දෙක තුනකුත් දාන්න තිබුනා. කොහෙද ඉතින් ඕවට වෙලාවක්. 



    ලියපු එකේ තෛපොංගල් ගැන කරුණු කාරණා ටිකකුත් මේක අස්සෙම ලියල දාන්නම්. තෛපොංගල් කියන දෙමල වචනේ සිංහලෙන් සරලව කිව්වොත් ඕකට කියන්නේ අස්වැන්න නෙලීමේ උත්සවය” කියලා. ලෝකේ හැම තැනම ඉන්න දෙමල ජාතිකයන් හැම අවුරුද්දෙම මේක ජයටම සමරනවා. මේකෙන් ලොකු ආදර්ශයක් ගන්නත් පුළුවන්. ඒ තමයි වසරක් පුරාවට තම සියලු වැඩ කටයුතු වලට උදව් කරපු සොභා දහමට ප්‍රති උපකාර කිරීම. මේ උත්සවය අවම වශයෙන් අවුරුදු දෙදාහකටවත් කලින් ඉඳන් පැවත එන උත්සවයක් කියල තමයි ඒ අය විශ්වාස කරන්නේ. මේක සාමාන්‍යයෙන් දවස් තුන හතරක් විතර තිස්සේ පැවැත්වෙනවා.




   මේ අස්සේ අමුතු අමුතු කෑම බීමත් ගෙවල් වල හැදෙනවා. ඔයින් එකක් තමා පොංගල් බත් කියල කියන්නේ. ඒකත් රස කෑමක්. ඒක හදන්න එච්චර අමාරුවක් නෑ. ඔන්න මම මිනිහගෙන් ඒකත් අහ ගත්ත. ඔය කොයි දේ කොලත් ඉතින් ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ බ්ලොග් එකනේ. ඉතින් ඔන්න පොන්ගාල් බත් හදන හැටිත් බොලොග් එකේ දැම්මා. පොංගල් බත කියල කියන්නේ කිරිබත් වගේම ආහාරයක් තමයි. ඔන්න හාල් කිලෝ දාහක පොංගල් බතක් යාපනේ පැත්තේ හදන්න යනවා කියල තියෙනවා දැක්ක පත්තරේ. කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් හදල බලන්ට. ගුණ අගුණ කියන්නත් අමතක කොරන්න එපා.


පොංගල් බත් සැකසීම


අවශ්‍ය ද්‍රව්‍ය:  හාල් ( කිරිබත සැකසීමට )

                    පොල්
                    සීනි ( දුඹුරු සීනිලු වැඩියෙන්ම ගන්නේ)

                    හකුරු

                    වියලි මිදී ( අපි කියන්නේ මුද්දරස්පලම් කියලනේ )

                    කජු
                 

මෙන්න හදන හැටි:


            කිරිබත් හදන්න නොදන්නේ කවුද. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ හොඳ කිරිබතක් හදා ගන්න එක. හාල් පොල් ඕන වෙන්නේ ඒකට. ඉස්සරනම් මේකට පොල් කිරි දැම්මේ නැතිලු. දැම්මේ එළ කිරිලු. කොහොම තියෙන්න ඇද්ද. ඒත් දැන් දාන්නේ පොල් කිරි කියල තමා කිව්වේ. හරි, ඉතුරු ටික කරන්නේ මෙහෙමයි. කිරිබත හොඳ ගානට හැදීගෙන එනකොට හකුරු ටිකයි මුද්දරස්පලම් ටිකයි සීනි හා කජ්ජු ටිකයි ඕකට එකතු කරනවා. කිරිබත් හදපු ටිකට ගැලපෙන්න හකුරු හා සීනි දාන්නත් බලා ගන්න ඕන. නැත්තං ඉතිං ඕක කාලා කැරකි කැරකි ඉන්න තමයි වෙන්නේ.  ඊට පස්සේ ඉතින් හැඳි ගාන්ට තමා තියෙන්නේ. පදමට හදාගත්තොත් මරු. පොල් කිරි නැතුව එළකිරි දාන්ට පුලුවන්නම් තවත් එළ ලු.



කොහොම හරි යාලු මිත්‍රයා කියන විදියට ඕක මාරම කැමක්ලු. දුකේ බැරි වැඩේ කියන්නේ මට තාම කන්ට බැරි උනානේ. හදාගෙනවත් කන්ට ඕනෑ.

13 comments:

  1. මං හිතන්නෙ ඔය පොංගල් බත අර දේවාලවල දෙන මුරුතැන් බත වගේ ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. කතරගම දෙවියන්ට පූජා කරන්න හදන මුරුතැන් බත ( පැණි බත )කියන්නෙත් මේ පොංගල් බත වගේම දෙයක් තමා...

      බොහෝම ස්තූතියි Praසන්ன අයියා මේ පැත්තෙත් ආවට..

      Delete
  2. ඔය පෙරහැර නම් දැකල තියනවා. ඒත් පොංගල් බත නම් කන්න ලැබුනේ නෑ තවම.
    හැටන් වලදී දමිල අයගේ තව පෙරහරක් දැක්ක. ට්‍රැක්ටර් එකකට දිග පුවක් ලීයක් ගැට ගහල තරමක ආනතියක් එන්න. ඒකේ අග, කොන්දේ ගහපු කොකු වලින් කෙනෙක් එල්ලලා තියනවා, ට්‍රැක්ටර් එක වලවල් වලින් යද්දී අර එල්ලලා ඉන්න කෙනා පැද්දෙන හැටියට දැන් වැටෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක මාත් දැකල තියෙනවා. කෝවිල් වලින් පවත්වන පූජාවක්ලු. හෆොයි මතක් වෙන කොටත් ඇඟේ හිරි ගඩු පිපෙනවා. කොහොම ඉන්නවද මන්දා මේ මිනිස්සු...

      Delete
  3. //බෞද්ධයන් වෙසක් පෝය සමරනවා වගේ තමයි ඒ අය තෛපොංගල් සමරන්නේ//

    තෛපොන්ගල් වලට හෝදනවා. දීපවාලියට කපනවා)))

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම දේකුත් තියෙනවා තමා...... දීපවාලි නෙවෙයි හැම අවුරුද්දෙම කපනවා...

      Delete
  4. මාත් ඔය කියන පොංගල් බත කාල තියෙනවා වගේ මතකයි.ඕකත් අර කතරගම හදන එකම වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. පොංගල් බත් මරුද ඈ..? මාත් මේ හදාගෙන හරි කන්ට තමයි හිතාගෙන ඉන්නේ..

      Delete
    2. මරු මරු බන්..

      Delete
  5. පෝස්ටුව වැදගත්. දන්නෙ නැති කරුණු කීපෙකුත් දැන ගත්තා..
    (අර කිව්ව එකත් හදලා බලන්න ඕනි දවසක..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.... ඒකත් හදල බලන්න....

      Delete