Monday, December 3, 2012

උසස් පෙළ අත්වැලක් ළඟදීම

    අ.පො.ස. (උ/පෙළ) රසායන විද්‍යාව 2011 වසරේ පැවති විභාගයේ නව විෂය නිර්දේශයේ බහුවරණ විවරණය ළඟදීම ඔබ හමුවට නිකුත් කිරීමට අපි සූදානමින් ඉන්නවා. මේ දිනවල එය කඩිනමින් සැකසෙමින් පවතිනවා. දිගටම අපිත් එක්ක රැදී සිටින්න.

     ඉගෙනුමට සිත ඇති දැනුම පිපාසිත සිසු පරපුර වෙනුවෙන් පිදෙන මේ මහඟු සත් කාර්යයට ඔබත් ඔබේ අදහස් එකතු කරන්න. ඔබේ අදහස් පොස්ටුවකින් දමා යාමට අමතක කරන්න එපා. එය අපිව තවත් දිරිමත් කිරීමට පිටිවහලක් වේවි. 

ඉතින් මීට පෙර පල වූ අධ්‍යාපනික විශේෂාංග ඔබ කියවූයේ නැත්නම් මෙතනින් කියවන්න. ඔබේ අදහස පල කරලා යන්න අමතක කරන්න එපා.

අ.පො.ස.(සා/පෙළ) ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ආදර්ශ ප්‍රශ්න පත්‍ර

තොරතුරු තාක්ෂණය සිංහලෙන්

ඒ වගේම ඔබෙන් තව පුංචි උදව්වක් අපි බලාපොරොත්තු වෙනවා. මෙය තව තවත් සිසුන් අතරට රැගෙන යාමට ඔබත් උපකාර කරන්න. මෙය හැකි තරම් ඔබේ ෆේස්බුක්, ට්විටර් මිතුරන් අතරේ Share කරන්න. එය ඔබ අපට කරන මහඟු උපකාරයක් වේවි. එමෙන්ම, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ඕනෑම විෂයකින් මෙසේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සැකසීමට හෝ විවරණ සැකසීමට ඔබටත් හැකිනම් ඔබේ එම නිර්මාණ අප වෙත එවන්න. එම නිර්මාණ ඔබේ නමින්ම පළ කිරීමට අපි සුදානම්.මෙන්න අපේ විද්‍යුත් ලිපිනය. 

csklanka1@gmail.com

ඔබත් මේ සත් කාර්යයට දායක වන්න.

තවත් නවමු වූ අත්දැකීමකින් නැවත හමු වෙමු!

3 comments:

  1. ඇයි! ළඟදීම උසස් පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනයටත් අපෙන් අත්වැලක්!!

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම!

    ReplyDelete