Sunday, November 4, 2012

පරිගණකයට කැමති තරමක් මෙහෙයුම් පද්දති ඉන්ස්ටෝල් කරමු



  මෙන්න නියම වැඩක්. දැන් ඔබේ පරිගණකයට කැමති තරම් මෙහෙයුම් පද්දති ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරිම ලේසියි. ඔබගේ පරිගණකයේ දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන මෙහෙයුම් පද්දතියේ ඉඳගෙනම වෙනත් මෙහෙයුම් පද්දතියකින් වැඩ කරන්න පුළුවන්. මේක කරන්නේ වර්චුවල් මැෂින් එකක් හරහා. ඒ කිව්වේ ඔබේ පරිගණකය ඇතුලෙම තියෙන තවත් පරිගණකයකට වෙනත් මෙහෙයුම් පද්දතියක් ඉන්ස්ටෝල් කරනවා! මොකද්ද මේ කතාව? බලන්න, මේ වැඩේ හරි ලේසියි. මේකෙදි ඔබේ පරිගණකයේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන මෙහෙයුම් පද්දතියට කිසිම බලපෑමක් වෙන්නේ නෑ කියල මුලින්ම කියන්න ඕන. 

ඇත්තටම මේ වැඩේ කරන්නේ මෘදුකාංගයක් හරහා. මේ මෘදුකාංගය මගින් ඔබේ පරිගණකය තුල තවත් පරිගණකයක් නිර්මාණය කරනවා. එසේ සෑදෙන පරිගණකයට අපි මෙතැන් සිට කියන්නේ virtual machine එක කියල. මොකද ඒක අපිට පෙන්නේ නැහැනේ. අපේ පරිගණකවල හාඩ් ඩිස්ක් එකක් තියෙනවා වගේ මේ virtual machine එකෙත් හාඩ් ඩිස්ක් එකක් තියෙනවා. එකට අවශ්‍ය ඉඩ ලබාගන්නේ ඔබේ හාඩ් ඩිස්ක් එකෙන්. අපි අපේ පරිගණක වල හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරලා මෙහෙයුම් පද්දතියක් ඉන්ස්ටෝල් කරනවා වගේ මේ virtual machine එකේ තියෙන virtual hard disk එකත් ෆෝමැට් කරලා අපිට මෙහෙයුම් පද්දතියක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. නමුත් මෙහිදී ඔබගේ පරිගණකයේ දැන් තිබෙන මෙහෙයුම් පද්දතියට කිසිම බලපෑමක් වෙන්නේ නෑ.

අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය තුලම virtual machine එකක් සැදීමට උදවු කරන්නේ Oracle VM Virtual Box කියන මෘදුකාංගය. මේ Link එක හරහා එය ඩවුන්ලෝඩ් කරගන්න. මෙය 90 MB පමණ වූ සෙටප් ෆයිල් එකකි. එය අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගෙන වෙනත් අන්තර්ජාල පහසුකම් නැති පරිගනකයක වුවද සාර්ථකව ඉන්ස්ටෝල් කල හැක. 

මුලින්ම මෙම වර්චුවල් බොක්ස් මෘදුකාංගය ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු Start > All programs > Oracle VM VirtualBox හරහා ගොස් මෘදුකාංගයට පිවිසෙන්න. එවිට පහත පරිදි VirtualBox Manager වින්ඩෝව දැකගත හැක.





මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරන්න ඉස්සෙල්ලා virtual machine එක හදාගන්න එපැයි. ඒක හදාගන්න හරි ලේසියි. ඔබට කරන්න තියෙන්නේ VirtualBox Manager වින්ඩෝවේ ඉහල තියෙන New කියන බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබේ.



එහි Name යටතේ virtual machine එකට ලබාදීමට කැමති නමක් ඇතුල් කරන්න. උදාහරණයක්‌ ලෙස ඔබ මෙයට වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කිරීමට බලාපොරොත්තු වේනම් Name යටතේ Windows 8 ලෙස ලබාදෙන්න. එවිට අනෙකුත් තොරතුරුද එයට ගැලපෙන ලෙස වෙනස් වේ. දැන් Next බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ ඔබේ වර්චුවල් මැෂින් එකට ඔබේ රැම් මතකයෙන් ලබා දිය යුතු ඉඩ ප්‍රමාණය තීරණය කරන වින්ඩෝවයි. වින්ඩෝස් 8 වැනි මෙහෙයුම් පද්දතියකටනම් අඩුම තරමේ 1 GB (1024 MB) තරම් රැම් මතකයක්වත් ලබා දිය යුතුයි. එසේ ලබා දීමට ඔබේ පරිගණකය සතුව අවම ලෙස 2 GB හෝ 4 GB රැම් මතකයක්වත් තිබිය යුතුයි.

මෙසේ අවශ්‍ය දත්ත ලබා දී ඉදිරියට යන්න ඉදිරියේදී ලැබෙන වින්ඩෝ වල කිසි වෙනස්කමක් සිදු නොකර  Next බට්න් එක ක්ලික් කරමින් ඉදිරියට යන්න. අවසානයේදී virtual machine ඒක සකස් වන අතර නැවත VirtualBox Manager වින්ඩෝව වෙත පැමිණේ




දැන් අදාල මෙහෙයුම් පද්දතිය සහිත CD /DVD තැටිය ඔබේ CD/DVD ROM එක තුලට ඇතුළු කරන්න. ඉන්පසු VirtualBox Manager වින්ඩෝවේ ඇති Start යන බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබේ වර්චුවල් පරිගණකය ධාවනය වීම අරඹ වන අතර මුලින්ම ලැබෙන තිරයෙන් ඔබේ CD/DVD ROM එක තෝරා දෙන්න. ඊ ලඟට කරන්න තියෙන්නේ ඔබ සාමාන්‍යයෙන් පරිගණකයකට මෙහෙයුම් පද්දතියක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඔබේ වර්චුවල් මැෂින් එකේ තියෙන වර්චුවල් හාඩ් ඩිස්ක් එකට අදාල මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරන එක.

බලන්න ඇපල් මැක් පරිගනකයක වර්චුවල් බොක්ස් හරහා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරලා තියෙන හැටි.




මෙන්න බලන්න මම මගේ වින්ඩෝස් 7 තියෙන පරිගණකයටම වින්ඩෝස් 8 දැම්මා. දැන් මට වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සමග එකවර වැඩ කරන්න පුළුවන්. මල්ටි බූට්‌ වගේ නෙවෙයි. හරිම පහසුයි. 





අපි දැන් බලමු අපේ පරිගණකයේ තියෙන ෆයිල් කොහොමද මේ වර්චුවල් මැෂින් එකත් එක්ක ෂෙයාර් කරන්නේ කියලා. ඒක කරන්නේ මෙහෙමයි. වර්චුවල් මැෂින් ඒක ධාවනය වන වින්ඩෝ එකේ ඉහලින් තියෙන ටැබ් වලින් Devices යටතේ ඇති Install Guest Addition යන්න මත ක්ලික් කර ඔබේ වර්චුවල් මැෂින් එකට Oracle Guest Additions ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු එහිම Devices යටතේ ඇති Shared Folders යන්න ක්ලික් කරන්න. එවිට පහත වින්ඩෝව ලැබේ. 




මෙහි Folders List යටතේ පහලින් ඇති හිස තැනෙහි රයිට් ක්ලික් කර Add Shared Folder යන්න තෝරන්න. එවිට ලැබෙන මෙනු එකෙන් Others යන්න හරහා පරිගණකයේ අවශ්‍ය ෆෝල්ඩරය ලබා දෙන්න. Auto Mount යන්න සිලෙක්ට් කර OK කරන්න. දැන් වර්චුවල් මැෂින් ඒක රිස්ටාර්ට් කරන්න. එවිට එම පරිගණකයේ My Computer හි ඔබගේ Shared Folder ඒක දක්නට ලැබේවි.



2 comments: