Monday, November 19, 2012

තොරතුරු තාක්ෂණය සිංහලෙන්

   ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරලා තියෙන 11 ශ්‍රේණිය තොරතුරු සන්නිවේදන තාක්ෂනය (ICT) ගුරු අත්පොත ගැනයි මේ. මේ පොත 11 වසරේ තොරතුරු තාක්ෂනය විෂයක් විදියට හදාරන සිසු සිසුවියනට විතරක් නොවෙයි තොරතුරු තාක්ෂනය ගැන ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක්ට ගොඩක් වටිනවා. සියලු අන්තර්ගතය තියෙන්නේ සිංහලෙන්.

මේ ගුරු අත්පොතේ පරිගණක භාෂා පිලිබඳ හොඳ හැඳින්වීමක් වගේම විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටි මුල සිට සරලවම දක්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්තර්ජාලය පිළිබඳව මුල සිට අවසානය දක්වා සෑම කරුණක්ම ඉතා හොඳින් අපි දන්නා සිංහලෙන්ම කියල තියෙනවා. පරිගණකයක් නිවැරදිව පාවිච්චි කරන ආකාරය ගැනත් හොඳින් විස්තර කරලා තියෙනවා. මමනම් හිතන්නේ මේ පොත තොරතුරු තාක්ෂණයට කැමති ඕනිම කෙනෙක්ට වැදගත් වේවි. නිකන් ඉන්න එකේ අරගෙන බලන්න.

             PDF එක බා ගන්නට මෙතන කොටන්න (Click Here)

6 comments: