Friday, November 16, 2012

පරිගණක වයිරස්!



      පරිගණක වයිරස එකොලොස්  ලක්ෂයක් තියෙනවා කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? එකොලොස් ලක්ෂයක් නෙවෙයි ඊටත් වඩා පරිගණක වයිරස දැන් ලෝකයේ තියෙනවා. ඇත්තටම මොකද්ද මේ වයිරසයක් කියාලා කියන්නේ. මොකටද මේ පරිගණක වයිරස හදන්නෙ? එකටත් උත්තරයක්‌ තියෙන්න එපැයි. 



පරිගණක වයිරසයක් හැදීමේ ප්‍රධාන පරමාර්ථ දෙකක් තියෙනව. එකක් තමයි විනෝදයට වයිරස හදන එක. එතකොට කාටවත් හානියක් වෙන්නේ නෑ. හැබැයි අනිත් එක තමයි තවත් පරිගණකයකට හානියක් වෙන විදියට වයිරස හදන එක. ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. අපිට හම්බවෙන්නෙම ඔය දෙවෙනියට කිව්ව එකමනේ. මොකද වැඩියෙන්ම තියෙන්නේ කුමන හෝ පරිගණකයකට, පරිගණක වැඩසටහනකට හානියක් කිරීමට සාදපු වයිරස් වැඩසටහන්. අපි බලමු ඉස්සෙල්ලම යමෙක් පරිගණක වයිරසයක් ලිවීමට පොළඹවන හේතු මොනාද කියල...



1.       යම්කිසි පරිගණක වැඩසටහනක් හෝ වෙබ් අඩවියක්, එහෙමත් නැත්තන් අන්තර්ජාලයේ තියෙන අපේ කුමක් හෝ ඔන්ලයින් ගිණුමක් අඩපන කිරීමට. (හැකිං කරනවා කියන්නේ ඔන්න ඕකට තමා)


2.       යුධ කටයුතු වලටත් පරිගනක වයිරස යොදා ගන්නවා. සතුරු පාර්ශව වල පරිගණක පද්දති අඩපන කර තමන්ගේ යුධ අරමුණු ඉටු කර ගැනීමට සමහරු වයිරස ලියනවා. ඔය ඉංගිරීසි ෆිල්ම් වල එහෙම ඕන තරම් තියෙන්නේ.

3.       තවත් කෙනෙක්ගෙන් පලිගන්නත් කට්ටිය වයිරස ලියනවනේ. 
 
4.       දන්නවද, සමහර මෘදුකාංග පිටපත් කරන එක වළක්වන්නත් ඒවා එක්ක වයිරස් එවනවා.



5.       තවත් කට්ටියක් නිකන් ඉන්න එකේ පාළුව මකා ගන්නත් වයිරස් ලියනවා. එවයින්නම් කාටවත් හානියක් නෑ. ටිකක් විතර බයනම් වෙනවා.

6.       මේ අතරේ ඉන්නවා තවත් කට්ටියක්, ඒ අය කිසිම අරමුණක් නැතුව හානිකර වයිරස ලියනවා.
  



පරිගණක වයිරසයක ප්‍රධාන කොටස් කිහිපයක් අඩංගු වෙනවා. අදාල වයිරසයට ප්‍රති ගුණනය වීමට, ඒ කියන්නේ නැවත නැවත ඇති වීමට කොටසක් තියෙනව. ඒක යම් සුවිශේෂී කේතයක්. එමෙන්ම යම් පුද්ගලයෙක් හෝ පරිගණක ආරක්ෂක වැඩසටහනක් මගින් ඒ වයිරසය හදුනාගෙන එය ඉවත් කිරීම වැලක්වීමටත් කොටසක් තියෙනව. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීමට හා වයිරසයේ ප්‍රබලතාව තීරණය කිරීමට කොටස් තියෙනව. 


පරිගණකයට වයිරස ඇතුළුවෙන්නේ කොහොමද


රිංගන්න පුළුවන් හැම තැනකින්ම රිංගල ඔය වයිරස් අපේ පරිගණක වලට එනවා. අංක එක තමයි අන්තර්ජාලය. අන්තර්ජාලේ තමයි පරිගනකෙක තියෙන ලොකුම කපොල්ල. ඊට අමතරව පෙන් ඩ්‍රයිව්, ඇතැම් මෘදුකාංග, විතරක් නෙවෙයි සමහර හාඩ්වෙයා උපාංග හරහාද වයිරස පැමිණෙන බව දැන් හොයාගෙන තියෙනව.
 
පරිගණකයට වයිරස ඇතුළු වී ඇති බව දැනගන්නේ කොහොමද

රෝග ලක්ෂණ ගොඩාක් තියෙනව. පරිගනකයේ මෙතෙක් නොදුටු ෆයිල්, ෆෝල්ඩර පෙනෙන්නට තිබීම, පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක ‌ වීමට තරමක් ප්‍රමාද වීම, ඇතැම් විට පෙන් ඩ්‍රයිව් උපාංග ආදිය හඳුනා නොගැනීම, මින් කිහිපයකි. මෙය වඩාත් දරුණු වූ විට ඩෙස්ක්ටොප් එකෙහි ටාස්ක්බාරය නොපෙන්වන අතර, ටාස්ක් මැනේජර්, කොමාන්ඩ් ප්‍රොම්ට් වැනි වැඩසටහන් වලට පිවිසීමටද නොහැකි වෙයි. 

බේරෙන්නේ කොහොමද

බේරෙන්න ඉතින් ප්‍රතිවයිරස් වැඩසටහනක් ඒ කියන්නේ වයිරස් අල්ලන වැඩසටහනක් පරිගණකයට දා ගන්න ඕන. පරිගණක මෙහෙයුම් පද්දතියේ ගොනු වලට වයිරස් හානි කරලා තියෙනවනම් ඉතින් පරිගණකය ෆෝමැට් කරලා මෙහෙයුම් පද්දතිය අලුතින් ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ප්‍රති වයිරස් වැඩසටහනක් දාගත්තොත් තමයි හොඳ. හැබැයි ඉතින් වයිරස් ගාඩ් එකක් දැම්මයි කියල ඇති වැඩකුත් නෑ ඒක නිසි පරිදි යාවත්කාල (අප්ඩේට්) කරන්නේ නැත්තන්. අපේ ගොඩක් අය මේ වැඩේ කරන්නේ නැහැ නෙව. අඩුම ගානේ මාසෙකට සැරයක්වත් යාවත්කාල කරන්න ඕන. ඒකෙන් කරන්නේ අලුත්ම වයිරස අල්ලගන්න පුළුවන් වැඩසටහන් ලබාගන්න එක. පහතින් දීල තියෙන්නේ නොමිලේම අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිවයිරස් වැඩසටහන් කීපයක්.




 


4 comments:

  1. well.
    i think you will contnue this blog everyday...
    i wish you my friend..

    ReplyDelete
  2. ලිංකු ටිකට තැංකූ......
    විස්තරයට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. තැන්කුවට තැන්කූ... කියෙව්ව්‍ටත් තැන්කූ.. :)

      Delete