Sunday, November 11, 2012

මිනිසා සහ රැවුල



 රැවුල කියන්නේ මොකද්ද කියල කාගෙන්වත් අහන්න ඕන නෑනේ. හැමෝම ඕක ගැන දන්නවනේ. ඉතින් කවුරුත් දන්නා මේ රැවුල ගැන ටිකක් කතාකරන්න හිතුනා. තමන්ට හිතෙන දෙයක් පලකරන්න බ්ලොග් කරුවෙකුට අයිතියක් තියෙනවා නොවැ. පිරිමින්ගේ  ගාම්භීරත්වයට හේතු වෙන රැවුල ගැනයි මේ කතිකාවත. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න.

රැවුලත් ඕනි කැඳත් ඕනි කියල අපේ අය අතරේ කතාවක් තියෙනවා නොවැ. ඔන්න ඉතින් මම දැන් රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේ පොස්ටුව ලියන්නයි යන්නේ.

රැවුල ගැනනම් ගොඩක් දේවල් කතා කරන්න තියෙනව. ඒත් ඉතින් ඔය ඔක්කොම ගැන කතාකර කර ඉන්න දැන් වෙලාවක් නෑ. කාන්තාවන්ට අහිමි වෙච්ච පිරිමින්ට උරුම වෙච්ච වස්තුවක් නොවැ මේක. ඕක අහල කාන්තාවන් තරහ ගන්න ඕන නෑ. මොකද රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේක ලියනවා කියල මම කලින්ම කිව්වා නෙව.

ඔන්න ඔය රැවුල ගැන කට්ටිය හිතන්නේ එක එක විදියට. ගොඩක් අය පොඩි කාලේ ඉඳලම රැවුල වවන්න මාර ගේමක් දෙන්නෙ. කොහොම කොහොම හරි 18ක් වෙන්නත් කලින් යූරියා ටිකක් එහෙම දාලා කට්ටිය ඕක සැරටම වවා ගන්නවනෙ. ඇයි ඉතින් නැතුව කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැහැනේ.  ඔය කාලේ එන රැවුලට කට්ටිය තව එක එක නමුත් දානවා. කිරි රැවුල, දැලි රැවුල, එක එක රැවුල්..... කොහොම හරි ඉතින් හරිම අමාරුවෙන් වවාගත්ත එකනේ. ඔහොම ඉතින් එක එක රැවුල් ස්ටයිල් දාගෙන කට්ටිය එහෙ මෙහෙ යනව. හැබැයි ඉතින් ඊට පස්සෙනම් කැලේ හැදුනු  ලෝකපාළු වැල් වගේ තමයි. ග්‍රමොක්සෝන් ගහලවත් නවත්තගන්නනම් බෑ. 



කොහොමින් කොහොම හරි ඔය රැවුල ගැනත් අපේ අය පර්යේෂණ ගොඩාක් කරල තියෙනව. එකේදී තමයි මෙයාල හොයාගෙන තියෙන්නේ රැවුලට කාන්තා ආකර්ෂණය ඇතිවෙනවා කියල. කොහොම හරි අපේ කොල්ලොනම් ඕක ගැන  මේ විද්‍යාඥයෝ හොයාගන්න කලින් ඉඳන්ම දන්නවා නෙව. ඉතිහාස පොත අරගෙන බැලුවොත් රැවුලක් නැති රජකෙනෙක් නම් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒ තරමට මේ රැවුල ඒ කාලෙත් ජනප්‍රිය වෙලා තිබිල තියෙනව නොවැ. එකනේ රජවරුන්ට ඒ කාලේ අන්තඃපුර පවා තිබිල තියෙන්නේ. රැවුලේ බලේ තමා ඉතින්.

මූනේ දැලි ගානවා කියල කතාවකුත් අපි අතරේ තියෙනව නෙව. ඒ කියන්නේ කාට හරි නොහොබිනා වැඩක් කරා කියන එකනෙ. මං හිතන්නේ එහෙම වැඩ කරන්නේ රැවුල නැති අය වෙන්න ඇති. නැත්තන් දැලි ගාන්නේ මොකටද. කොහොම හරි රැවුල නැති අය මූනේ දැලි ගාල හරි තමන්ට රැවුලක් තියෙනව කියල පෙන්නන්ට උත්සහ කරනව. ඒ තරමට රැවුල අදකාලේ ජනප්‍රිය භාණ්ඩයක් නෙව. අද කාලේ ටිකක් ( ටිකක් නෙවෙයි ගොඩක්) කැපිල පෙන්න උත්සාහ කරන උදවිය ඒකට භාවිතා කරන්නේ තමන්ගේ රැවුල. අනේ රැවුලටත් ගිය කලක්!

පිරිමින්ගේ රැවුල වැවෙන්නෙ ඒ අය වැඩිවියට පැමිණීමත් සමග ක්‍රියාත්මක වන හෝර්මෝන නිසා. ටෙස්ටොස්ටෙරෝන් කියන හෝර්මෝනය තමා මේකට ලොකු දායකත්වයක් සපයන්නේ. ඕකට විද්‍යානුකුලව කියන්නේ ද්විතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා කියල නොවැ. කොහොම හරි මොකක් හරි ලක්ෂණයක් පහලවෙලා ඇතිවන රැවුල ගැන පොඩි කතිකාවතක් තමයි කොලේ. රැවුල තියෙන අයයි, නැති අයයි, ඉදිරියට වවන්න ඉන්න අයයි හැමෝම මේක බලනවා ඇතිනේ. ඒ අයට ඉතින් මට කියන්න තියෙන්නේ රැවුලයි කැඳයි දෙකම බේරගෙන අනිත් අයගේ මූනේ දැලි ගාන්නේ නැතිව, තමන්ගේ මූනෙත් දැලි ගා ගන්නේ නැතිව ඉන්න කියල තමයි. අනේ මන්ද ඉතින් අන්තිමට මට රැවුල බේරගන්න පුළුවන් උනත් කැඳ බේරගන්න පුළුවන් උනාද මන්ද. ඔයාලට හිතෙන එකක් කියල යන්න. මම මේ කිව්ව ටික ඔයාලට තේරෙන්නත් පුළුවන්, සමහරවිට නොතේරෙන්නත් පුළුවන්... කොහොමහරි හිතෙන දෙයක් කියල යන්න අමතක කරන්න එපා............


4 comments:

  1. පිස්සු නැත්නම් ෂෝක් කිව්වලු මචං.
    ඔය කියන සමහර දේවල් නම් රැවුලක් නැති උදවියට එන නොන්ජල් අදහස් තමා.අනික කෙල්ලෙක් යාලු කරගන්න රැවුලක් ඕනිම වෙන් නැනේ යාළුවා..ඔබේ රැවුල ගැන මන් දන්න නිසයි කතා කරන්නේ.රැවුලක් නැති සමහර අයනම් හිතනවා ඇති රැවුල තියෙන අය බලෙන් රැවුල වවාගත්ත කියලා.මොකද ඒ ගැන එයාලට පොඩි හිතේ නොක්කඩුවකුත් තියෙනවා නොවැ.නැද්ද මං කියන්නේ..කොහොමින් කොහොම හරි කමක් නැ අන්තිමේදී පොස්ට් එකක් දැම්මනේ..

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්ඩ එපා මල්ලි.... මම ඔය දාලා තියෙන්නේ රැවුල පිලිබඳ විශාරදයන්ගේ අදහස් නොවැ. විශාරද කට්ටිය ආයි බොරුකියන එකක්යැ.
      හඃ හඃ

      Delete
  2. තව ටිකක් විද්‍යාත්මක කරුනු අඩංගු කෙරුනනමි ‍‍‍බොහොම අගෙයි වරදක් නෑ ඔහොම යං ජය ‍‍‍වෙවා

    ReplyDelete
    Replies
    1. හොඳයි අයියා! කොමෙන්ටුවට තෑන්q

      Delete