Thursday, November 1, 2012

මොකද්ද මේ වෙනවා කියන ලෝක විනාසය??



මේ ගැන කියන්න කොතනින් පටන් ගන්නද කියල මටනම් හිතාගන්න අමාරුයි. මේ වසරේ දෙසැම්බර් මාසයේ ලෝක විනාසයක් සිදුවන බව බොහෝ දෙනා බොහෝ ආකාර වලට පවසනවා. ඇතැම් අය කියන්නේ දෙසැම්බර් මාසේ අන්තිම වෙන කොට මුළු ලෝකෙම විනාශ වෙනවා කියල. තවත් සමහර අය කියනවා ලෝකෙන් කොටසක් විනාශ වෙනවලු. මේක ස්වභාවිකව සිදුවන සිදුවීමක් කියල සමහරු කියනවා. ඒක නිසා අපිට ඒක නවත්තන්න බැහැලු. තවත් අය කියනවා පිටසක්වල ජීවින්ගෙන් අපිට ප්‍රහාරයක් එල්ල වෙනවා කියල. මේ කොහොම කිව්වත් ඇත්තටම මොකක් වෙයිද කියල මමවත් හරියට දන්නේ නැහැ. හැබැයි මේ යන විදියට ගියොත් ලගදීම ලෝක විනාසේ කෙසේ වෙතත් මොකක් හරි ලොකු විනාසයක් වෙයි කියලනම් මට හිතෙනවා.

මේ ලෝක විනාසය ගැන කතාකරන්න පටන් ගත්තේ කවදාද? එහෙම දෙයක් ගැන කතාකලේ ඇයි කියල අපි හොයල බලන්න ඕන. අතීතය දෙස ආපසු හැරී බැලුවොත් මෙහෙම දෙයක් බුදු රජාණන් වහන්සේ දේශනා කල බව සඳහන් වෙනවා. ඒ ගැන බ්‍රහ්මජාල සුත්‍රය, සප්ත සුර්යෝද්ගමන සුත්‍රය වැනි සුත්‍ර දේශනා වල සඳහන් වෙනවා. එත් ඒ මේ විදියටනම් නෙවෙයි. ඒක අද හෙට සිදුවන සිදුවීමක් නෙවෙයි. එය සිදුවන්නේ මේ මහා භද්‍ර කල්පය තුල පහළවන අවසාන බුදු රජාණන් වහන්සේ වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේද මෙලොව පහල වූ පසුවයි. එතකොට මොකද්ද මේ 2012 දී සිදුවෙනවා කියන්නේ?

වර්තමානයේ මෙවැනි මාතෘකාවක් ගැන වැඩියෙන්ම කතා කරන්න පෙළඹුනේ දැනට වසරකට මෙහායින් තිරගත වුනු චිත්‍රපටියක් නිසා. අපි කවුරුත් දන්නා මේ චිත්‍රපටියේ නම “2012”.  

මේ සියලු සිදුවීම් වලට හේතු පාදක වී ඇත්තේ පුරාණ මායාවරුන්ගේ දින දර්ශනයක් බටහිර විද්‍යාඥයන් අතට පත වීමයි. එම දින දර්ශනය 2012 වසරේ දෙසැම්බර් 21 වනදායින් පසු අවසන් වන බව සොයාගෙන ඇත. එසේ දිනදර්ශනය දෙසැම්බර් 21 වනදායින් අවසන් වන්නේ මන්ද? මෙය විද්‍යාඥයන්ට මහත් ගැටළුවක් විය. පහතින් දක්වා ඇත්තේ එම මායා දින දර්ශනයේ වක්‍රයයි.

 

නමුත් මෙම දින දර්ශනයේ දෙසැම්බර් 21 දා ලෝක විනාසයක් සිදුවන බව සඳහනක් නොමැත. නමුත් මින් විද්‍යාඥයන් එළඹුණු නිගමනය වන්නේ 21  වැනිදා හෝ දෙසැම්බර් මාසය තුල යම් සිදුවීමක් සිදුවිය යුතු බවයි. ‌ බොහෝදෙනා මේ දවසේ ලෝක විනාශයක් සිදුවන බව පවසති. තවත් සමහරෙක් පවසන්නේ නව ශිෂ්ටාචාරයක් ඇතිවන බවයි. මේ සිදුවීම් පාදක කරගෙන චිත්‍රපටියක් බිහි වුයේ මේ නිසාවෙනි. එහි ඇත්තේ ලෝකය විනාශවන ආකාරය පිලිබඳ සහ යම් පිරිසක් තාක්ෂනය උදවු කරගෙන ඉන් ගැලවෙන ආකාරයත්ය. එසේ ගැලවෙන පිරිස නව මානව ශිෂ්ටාචාරයක් බිහි කරනු ඇත.

නමුත් එවැනි සිදුවීමක් තවත් දින කිහිපයකින් සිදුවිය හැකිද? ඒ පිලිබඳ කතාකිරීම කාලෝචිතයි මට හැඟෙ. 2012 චිත්‍රපටියේ ආකාරයටම මෙවැන්නක් සිදු වේයැයි පැවසීම අසීරුය. මන්ද පෘතුවි තලය පුරා එවැනි වෙනස්කම් මාලාවක් සිදුවේනම් නව තාක්ෂණයේ පිහිටෙන් විද්‍යාඥයන්ට එය දැනගැනීමට හැකි වෙයි. නමුත් එවැන්නක් ගැන ආරංචියක් නැත. දැන් බොහෝදෙනා කතිකාවන කරුණක් පිලිබඳ අවදානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ මේ වසර අවසානයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයක් ගැනයි. මෙය මා විසින් මවාගත් හුදු මායාවක් නොවේ. හාස්‍ නමැති රුසියානු අභ්‍යවකාශ ආයතනය විසින් සොයා ගත්තකි. මේ පිලිබඳ අප රටේ පුවත්පතක පවා පල විය. පහත ලින්ක් එක හරහා ඒ පුවත කියවන්න.  


ඉහත ලිපිය කියවූ ඕනෑම කෙනෙකුගේ සිතේ පහල වන්නේ අමුතුම හැඟීමකි. ඇත්තටම කුමක්ද මේ?  ඇත්තටම මෙවැනි ප්‍රහාරයක් පැමිණියහොත් ඉන් වැලකීමට තරම් යුධ ශක්තියක් පෘතුවියේ අපිට තිබේද? එය ඇත්තටම ප්‍රශ්නයකි. අපිට කිරීමට සිදුව ඇත්තේ එවැන්නක් සිදු වුවහොත් එය සිදු වන තුරු බලාසිටීම පමණි.

තවත් දෙයක් කීමට ඉතුරුව ඇත. දැන් පවතින අයහපත් කාලගුණික තත්වය දිහා බැලුවම හිතෙනවා බොහෝදෙනා කියන මේ ලෝක විනාසේ කතාවෙත් ඇත්තක් සමහරවිට ඇති කියල. බලන්නකෝ මේ දවස් දෙක තුනට කාලගුණයේ සිදු වෙච්ච වෙනස් කම්. සීතල හිතාගන්න බැරි තරම් වැඩි උනා. ඉරක් අහසේ තියෙනවද කියලවත් අඩුම ගන්නේ පෙන්නේ නෑ. 

මටනම් කියන්න තියෙන්නේ මෙන්න මේක. දෙසැම්බර් මාසෙට තව වැඩි දවසක් නැහැනේ. අපිට කරන්න තියෙන එකම දේ මේ ඉන්න ටිකේ හොඳට ඉන්න එක. වෙන දෙයක් බලාගෙන ඉන්න එක. දෙසැම්බර් 21න් පස්සේ කතාකරමු මොකද උනේ කියල......


2 comments:

  1. මේක තමා මේ දවස්වල හැමෝම වගේ කතා වෙන මාතෘකාව වෙලා තියෙන්නේ.මේ ගැන මගෙත් උනන්දුවක් තියෙනවා වගේම එහෙම උනන්දු වෙන හැමෝටම මාත් මගේ බ්ලොග් පිටුවේ මේ පිලිබදව ලිපියක් පහුගිය මාසයේ පල කලා ඔබට මතක ඇති..
    කොහොම උනත් මම ඔබ බුදු දහම හා මේ මාතෘකාව විස්තර කර තිබීම මාත් අනුමත කරනවා වගේම අගය කරනවා.කවුරු කොහොම කෙසේ කිවත් පුවත් පත්,සඟරා වල මොන පල උනත් ලබන දෙසම්බරේ මොනා වෙන්න තිබුනත් බුදු දහමට අනුව කටයුතු කරනවානම් යම්තාක් දුරට අපට සැනසීමෙන් සිටීමට අපට හැකිවේයැයි මගේ හැගීමයි.....

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම හොඳයි. අපි ඇත්තටම මොකද වෙන්නේ කියල බලමු.

      Delete