Thursday, November 15, 2012

වින්ඩෝස් 8 වලින් පස්සේ........



         ඔන්න ඉතින් දැන් වින්ඩෝස් 8 ආවා. වින්ඩෝස් 8 මහජනයා අතර හොඳින් ජනප්‍රිය වීගෙන යනවා කියල තමා ආරංචි. කොහොම හරි ඉතින් වින්ඩෝස් 8 කියන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නීකුත් කරපු අන්තිම මෙහෙයුම් පද්දතිය නෙවෙයිනේ. වින්ඩෝස් 8 වලින් පස්සේ මොකද්ද එන මෙහෙයුම් පද්දතිය? ඕක තමා දැන් කා අතරෙත් තියෙන ප්‍රශ්නෙ.

වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්දතියේ තිබිච්ච ගොඩක් දුර්වල තැන් ඉවත් කරලා තමයි වින්ඩෝස් 7 ඉදිරිපත් කලේ. දැන් තියෙන වින්ඩෝස් 8 වල ඊටත් වඩා හොද ලක්ෂණ ටිකක් පේන්න තියෙනව. ඒක හොඳ දෙයක්. මොකද ඉස්සරහට එන්න තියෙන වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඊටත් වඩා හොඳ ගුණාංග වලින් සපිරුණු එකක් බවට දැන් ඉඳලම කියන්න අපිට පුළුවන්. 

මුලින්ම පැමිණි වින්ඩෝස් මෙහෙයුම් පද්දති නම්කර තිබුනේ එය නීකුත් කල වර්ෂය අනුවයි. උදාහරණ ලෙස වින්ඩෝස් 98, වින්ඩෝස් 2000 ගන්න පුළුවන්. ඊටපසු පැමිණි වින්ඩෝස් XP, වින්ඩෝස් විස්ටා වැනි මෙහෙයුම් පද්දති සඳහා නම් ලබා දී තිබෙනවා. විස්ටා වලට පසුව පැමිණි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියටද මෙවැනි නමක් මුලදී ලබාදී තිබුණි. ඒ වින්ඩෝස් වියෙනා යන නමයි. නමුත් පසුව එය කේත නාමය බවට පත් කර එහි නම වින්ඩෝස් 7 ලෙස නම් කරන ලදී. ඒ අනුවම යමින් වින්ඩෝස් 8 ද නිකුත් විය. මීළඟ මෙහෙයුම් පද්දතියද එලෙසම නම් කරයිනම් එහි නම විය යුත්තේ වින්ඩෝස් 9 ය. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් මයික්‍රෝසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්දතියක් නිකුත් කරන බැවින් වින්ඩෝස් 9 2015 වසරේදී නිකුත් කරනු ඇත. එනම් එහි වැඩ කටයුතු දැනටමත් අරඹා ඇත. 



වින්ඩෝස් 9 ගැන කටකතා බොහෝය. ඇතැමෙක් පවසනුයේ මීළඟ මෙහෙයුම් පද්දතියේ නම වින්ඩෝස් 9 නොව, වින්ඩෝස් බ්ලූ බවයි. තවත් අයෙක් පවසන්නේ බ්ලූ යනු එහි කේත නාමය පමණක් බවයි. නියම නම වින්ඩෝස් 9 බව ඔවුන් පවසති. මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගමේ වැඩ කරන සේවකයන්ද සිටිති. එබැවින් මෙම සාක්ෂි ප්‍රභලය. කෙසේ වුවත් මීළඟ මෙහෙයුම් පද්දතියේ තිබෙන නවතම ගුණාංග කිහිපයක් මේ වනවිට පිට වී හමාරය. මී ළඟ මෙහෙයුම් පද්දතිය ක්ලවුඩ් කොම්පියුටින් ක්‍රමයට ක්‍රියාත්මක කල හැක. එනම් එහි සියලු ක්‍රියා අන්තර්ජාලයට භාරය. හාර්ඩ් ඩිස්කයද ක්ලවුඩ් ක්‍රමයට භාවිත කල හැක. හරියට මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය ක්ලවුඩ් ක්‍රමයට පාවිච්චි කරනවා මෙනි. එවිට ගිගා බයිට් දෙකක තරම් විශාල ගොනුවක් නොව කුඩා මෙගා බයිට් කිහිපයක ගොනුවක් ලෙස අපට වින්ඩෝස්  9 අන්තර්ජාලයෙන් ලබාගැනීමට හැකිවෙනු ඇත.


4 comments:

  1. මචන් Windows Blue කියන්නෙ Windows 8.1 Update එකට නේද?

    ReplyDelete
    Replies
    1. ඔය පෝස්ට් එක දාපු කාලෙ නං බං මං දන්නේ ඊළඟට එන Os එක කියල. දැන් කෝමද දන්නේ නෑ... කොහොම හරි වින්ඩෝස් අටටත් දැන් විස්ටා වලට වෙච්චි හදියම වීගෙන එනවා කියල තමා ආරංචි. ඒකට සාධාරණ හේතු තියෙනවා.,,, :)

      Delete