Tuesday, November 13, 2012

වින්ඩෝස් 7 අතහරින්න බැරි අයට....



 ඇමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සාමාන්‍යයෙන් දැන් සෑම වසර තුනකටම වරක් අලුත් මෙහෙයුම් පද්දතියක් නීකුත් කරනවනේ. වින්ඩෝස් XP කියන්නේ තාමත් ගොඩක් දෙනෙක්ට අමතක කරන්ට බැරි දෙයක්. තාම ගොඩක් දෙනෙක් වින්ඩෝස් XP පාවිච්චි කරනවනෙ. XP වලට පස්සේ ආවේ වින්ඩෝස් විස්ටා කියල එකක්නෙ. එත් ඉතින් ඒකනම් කා අතරේවත් ජනප්‍රිය උනේනම් නෑ. ඔන්න ඔහොම තියෙද්දී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 7 කියන අලුත්ම මෙහෙයුම් පද්දතිය නීකුත් කලේ. විස්ටා වල තිබුණු දුර්වලතා ගොඩක් මගහරවල තමයි සෙවන් හදල තියෙන්නේ. කොහොමහරි ඒකනම් ටිකක් ජනප්‍රිය උනා. ඔන්න ඔහොම වින්ඩෝස් 7 ජනප්‍රිය වෙමින් තියෙනකොට තමා මේ ඊයේ පෙරේදා වින්ඩෝස් 8 ආවෙ. වින්ඩෝස් 8 වලනම් වෙනස් ගතිගුණ ගොඩක් තියෙනව. එත් ඉතින් 7 වලට හිත ගියපු කට්ටියට එකපාරටම එහෙම 7 අමතක කරන්න පුළුවන්යැ. එකට පොඩි විසඳුමක් දෙන්නයි මේ හදන්නේ. වින්ඩෝස් 8 වල තියෙන ස්ටාර්ට් ස්ක්‍රීන් එක ( මෙට්‍රෝ ඉන්ටෙර්ෆෙස් එක කියල කියන්නේ ) ඔබේ වින්ඩෝස් සෙවන් වලට දා ගන්න හැටි තමයි කියන්න යන්නේ මේ.


මේ වැඩේට අපිට උදවු කරන්නේ පොඩි මෘදුකාංගයක්. එකේ නම තමා Mosaic. හරිම ලේසි වැඩක් කරන්ට තියෙන්නෙ. ඔබට තියෙන්නේ පහත දීල තියෙන ලින්ක් එක හරහා ගොස් Mosaic බා ගන්න එක.


මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. වැඩේ කියන්නේ අපිට ලැබෙන Mosaic.exe කියන ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව වැඩ කරන්ට පුළුවන්. අරන් බලන්නකෝ....


No comments:

Post a Comment