Saturday, November 17, 2012

කොටස් එකලස්‌ කර පරිගණකයක් සාදමු (1 කොටස)



                  අද කාලේ පරිගණකයක් එකලස්‌ කරනවා කියන්නේ හරිම පහසු වැඩක්. හැබැයි ඒක හරිම අවබෝධයකින් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්. මොකද සුළු අතපසු වීමකින් වුනත් යම් උපාංගයක් විනාශවෙලා යන්න පුළුවන්. නිවැරදි විදියට පරිගණකයක් එකලස්‌ කර ගන්න හැටි තමයි දැන් කියන්න යන්නෙ.


පරිගණකයක් හදන හැටි කියන්න කලින් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. පරිගණකයක් සැදීමට කලින් යම් පුද්ගලයෙක් දැනගත යුතු ගොඩක් දේවල් තියෙනවා. අංක එක තමා තමන්ට මේ වැඩේ ආරම්භයේ සිට අවසානය දක්වාම නිවැරදිව කරගෙන යන්න පුලුවන්ද කියන එක. තමන්ට ඒ ගැන විශ්වාසයක් නැත්තන් කොහොමද කොරන්නේ. රයිට්! ඊටපස්සේ මේක කරන්න හොඳ තැනක් තියෙන්නත් ඕන. ටිකක් නිස්කලංක තැනකනම් වඩාත් හොඳයි. හොඳට ඉඩකඩ තියෙන, එලිය වැටෙන තැනක් මේ සඳහා තෝරාගන්න. තව කියන්න දෙයක් තියෙනවා.. අවශ්‍ය නියම උපකරණ ටිකක් ළඟ තියෙන්න ඕනි. ඒ කියන්නෙ මල් ස්කුරුප්පු නියනෙන් ගලවන්න තියෙන ඇනේ පැතලි ස්කුරුප්පු නියනෙන් ගලවන්න ගියොත් වැඩේ කොට උඩ. අන්තිමේදී ඇනේ මොනම ස්කුරුප්පු නියනකින්වත් ගලවගන්න බැරිවේවි. එමෙන්ම පරිගණක දෘඩාංග වල සංවේදී කොටස් අතින් ඇල්ලීමෙන් වලකින්න ඕන. ඒවා අවශ්‍ය තැනදී කියන්නම්. අන්තිමට තමන් කරපු සියලු දේවල් දෙවෙනි සැරේටත් පරික්ෂා කරලා නිවැරදි බවට සහතික කරගන්න ඕන.

දැන් පරිගනකයක මූලික කොටස් සහ ඒවා සම්බන්ද වන ස්ථාන ගැන ටිකක් හොයල බලමු. පහලින් දක්වල තියෙන්නේ පරිගනකෙක තියෙන මූලික කොටස් ටික.



·         මවුපුවරුව (Motherboard)
·         ප්‍රොසෙසරය (Processor)
·         රැම් (RAM)
·         හාර්ඩ් ඩිස්ක් (Hard Disk)
·         සීඩී/ඩීවීඩී ඩ්‍රයිව් ( CD/DVD Drive)
·         වීජීඒ කාර්ඩ් (VGA Card)
·         සවුන්ඩ් කාර්ඩ් (Sound Card)
·         මතුපිට කවරය හා බල සැපයුම් ඒකකය (Casing & Power Supply Unit)
·         මොනිටරය (Monitor)
·         යතුරු පුවරුව (keyboard)
·         මවුසය (Mouse)



 

දැන් ඉතින් මේවයින් වැදගත් කොටස් වල තොරතුරු ටිකක් හොයල බලමු. පරිගනකයක තියෙන වැදගත්ම දෙයක් තමයි මවුපුවරුව(Motherboard) කියල කියන්නෙ. පරිගණකයට සම්බන්ද කරන සියලු උපාංග සම්බන්ද වෙන්නේ මේ මවුපුවරුව හරහා. වෙළඳපොලේ විවිද නම් යටතේ විවිධ විවිධ මිල ගණන් වලට මවුපුවරු විකුනන්න තියෙනවා. ඔබ මිලදී ගන්න මවුපුවරුව ඔබ මිලදී ගන්න ප්‍රොසසරයට ගැලපෙන එකක් විය යුතුයි. දැන්නම් වෙළඳපොලේ තියෙන්නේ LGA 775 හෝ LGA 1155 ආකාරයේ සොකට්ටු සහිත මවුපුවරුයි. එමෙන්ම වර්තමානයේ විකිණීමට ඇති DDR3 වර්ගයේ රැම් කාර්ඩ් එකක් සම්බන්ද කිරීමට හැකි ස්ලෝට්ස් පවතීදැයි බැලීමද අනිවාර්ය වේ. කෙසේ නමුත් නවීන මවුපුවරුවල මෙම සියලු අවශ්‍යතා පවතී.  මවු පුවරුවක කොටස් හඳුනාගැනීමට පහත දැක්වෙන රූපසටහන බලන්න. 


 
ඒ වගේම තමයි ප්‍රොසෙසරයක් මිලදී ගන්න කොටත්. විවිද වෙළඳ නාම වලින් දැන් ප්‍රොසෙසර් තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ ඉන්ටෙල් හා ඒඑම්ඩී (AMD) තමා. එයිනුත් ඉන්ටෙල් ප්‍රොසෙසරයක් මිලදී ගන්න පුලුවන්නම් වඩාත් හොඳයි. දැන් අලුත් පරම්පරවෙනම් තියෙන්නේ Core i3, Core i7 ප්‍රොසෙසර් තමයි. මතක තියාගන්න, ඔබ මිලදීගන්න ප්‍රොසෙසරය ඔබේ මවුපුවරුවට ගැලපෙන එකක් වෙන්නත් ඕන.

ඒ වගේම තමයි රැම් මතකයක් තෝරාගන්න කොටත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් අලුතින්ම වෙළඳපොළට එන්නේ DDR3 වර්ගයේ රැම් උපාංග. එවැනි රැම් උපාංගයක් මිලට ගන්නේනම් ඔබේ මවුපුවරුවේ ඊට සරිලන ස්ලෝට්ස් පවතීදැයි මුලින්ම සලකා බැලිය යුතුය.

විවිධ DDR මාදිලි වල රැම් උපාංග


මීට අමතරව ඔබේ පරිගණකයට අවශ්‍ය ග්‍රැෆික් කාර්ඩ් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් වෙළඳපොලේ විකිණීමට තිබෙන නවීන මවුපුවරු වලනම් 1 GB පමණ ඔන්බෝර්ඩ් ගැෆික් කාර්ඩ් එකක් තියෙනවා. එහෙත් ඔබට අවශ්‍යනම් වෙනමම VGA Card එකක් හෝ PCI Express Card එකක් සවිකරගන්න පුළුවන්.

ඔබේ නව පරිගනකයට ඩීවීඩී රයිටරයක් සවිකරනවානම් තමයි වඩාත් හොඳ. ඊට අමතරව ඉතින් හොඳ මොනිටරයකුත් දා ගන්න ඕන. දැන්නම් වෙළඳපොළේ වැඩියෙන්ම තියෙන්නේ LCD හා LED මොනිටර. එත් ඔබට අවශ්‍යනම් CRT මොනිටරයක් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්. 


ඔන්න ඔය කෑලි බෑලි ටික තියෙනවනම් හරිම ලේසියෙන් හොඳ පරිගණකයක් තමන්ටම කියල එකලස්‌ කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමෙයි කියල ඊළඟ පොස්ටුවෙන් කියන්නම්කො.............!

4 comments:

  1. මෙහෙම තමන්ම එකලස් කර ගන්නවා නම් ඒ ගැන අවබෝධය වැඩි කර ගන්නත් පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. වැඩි ගානක් යන්නෙත් නෑ..

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...