Tuesday, October 30, 2012

Windows 7 වල ලොග් ඔන් ස්ක්‍රීන් එකට අපි කැමති පින්තුරයක් දාමු

 වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියට ලොග් වෙනකොට ලැබෙන නිල්පාට බැක්ග්‍රවුන්ඩ් වින්ඩෝ එක තියෙනවා නේද. මම කියන්න යන්නේ අන්න ඒ වින්ඩෝ එක අයින් කරලා එතනට තමන් කැමති වින්ඩෝ එකක් දාන හැටි. පහත තියෙන්නේ ඔබට සුපුරුදු ලොග් ඔන් ස්ක්‍රීන් එක. 


මේ වැඩේ කරන්න වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න ඕන. එක හැබැයි ටිකක් අවදානම්. මොකද ඔබ හරිහැටි නොදැන රෙජිස්ට්‍රියේ යම් වෙනසක් සිදුකරන්නට ගියොත් අත් වැරදීමකින් මුළු මෙහෙයුම් පද්දතියම අකර්මන්‍ය විය හැකියි. ඒ නිසා මේ කියන දේ ඒ විදියටම කරන්න. 

වින්ඩෝස් රෙජිස්ට්‍රියට පිවිසෙන්නේ Run ඩයලොග් බොක්ස් එක හරහා. වින්ඩෝස් රෙජිස්ට්‍රිය හරහා මෙහෙයුම් පද්දතියේ වෙනස්කම් රැසක් කරගන්න ගන්න පුළුවන්. මුලින්ම Start > All Programs > Accessories හරහා ගොස් Run ඩයලොග් බොක්ස් එක විවෘත කර ගන්න. එහි regedit ලෙස ටයිප් කර OK කරන්න. එවිට Registry Editor වින්ඩෝ එක විවෘත වේ. 

ලැබෙන Registry Editor වින්ඩෝ එකේ HKEY_LOCAL_MACHINE නම් ෆෝල්ඩර එකේ ඉදිරියේ ඇති ඊ තලය මත ක්ලික් කරන්න. එවිට ලැබෙන ශාකා වලින් පිලිවෙලින් Software > Microsoft > Windows යන ඒවායේ ඉදිරියෙන් ඇති ඊ තලය මත ක්ලික් කර තෝරන්න. එහිදී ලැබෙන කොටස් වලින් Current Version යන්නෙහි ඉදිරියෙන් ඇති ඊ තලය මත ක්ලික් කරන්න. එහි Authentication හි ඇති Logon UI යන්නෙහිද ඊ තලය මත ක්ලික් කරන්න. එවිට ඒ යටතේ Background යනුවෙන් දැකගත හැකි වේවි. එය සිලෙක්ට් කල විට Registry Editor වින්ඩෝ එකේ දකුණු පැත්තේ Default නම් Value එකක් දැක ගැනීමට පුළුවන්. එයට පහලින් OEM Background යනුවෙන් value එකක් තිබේදැයි බලන්න.


එසේ නොමැතිනම් Default යන්නට පහලින් හිස්තැනක Right Click කර ලැබෙන වින්ඩෝ එකේ DWORD (32-bit) Value යන්න ක්ලික් කරන්න. 

මෙසේ සාදා ගන්න value එක OEM Background යනුවෙන් නම් කර ගන්න. දැන් ඒ value එක මත ඩබල් ක්ලික් කරන්න. එවිට Edit DWO RD Value ලෙස බොක්ස් එකක් ලැබෙයි. එහි Value data නම් ස්ථානයේ 0 ලෙස සඳහන් අගය 1 ලෙස ලබා දී OK කරන්න. වින්ඩෝස් රෙජිස්ට්‍රියේ කරන්න තියෙන්නේ මේ ටික විතරයි. ඊ ලඟට කරන්න තියෙන්නේ අපට අවශ්‍ය ෆොටෝ එක එකතු කරන එක.

මේ සඳහා මුලින්ම C: ඩ්‍රයිව් එකේ ඇති Windows ෆෝල්ඩරය විවෘත කර ගන්න. ඊ ලඟට එහි පිලිවෙලින් System32 > oobe යන ෆෝල්ඩර්ස් විවෘත කරගන්න. දැන් ඔබ විවෘත කරගත් oobe ෆෝල්ඩර එකේ Info නමින් අලුත් ෆෝල්ඩරයක් සකස් කරන්න. දැන් ඒ සාදාගත් Info නම් ෆෝල්ඩරය විවෘත කර එහි backgrounds නමින් තවත් අලුත් ෆෝල්ඩරයක් සකස් කරගන්න. ඔබට ලොග් ඔන් ස්ක්‍රීන් එකට දාන්න ඕනකරන ෆොටෝ එක දැමිය යුත්තේ මේ ෆෝල්ඩරයටයි. 

දැන් ඔබට අවශ්‍ය ෆොටෝ එක ඉහත සාදා ගත් backgrounds ෆෝල්ඩරය තුලට කොපි කර ගන්න. මතක තියා ගන්න. මේ ෆොටෝ එක .jpg ෆෝමැට් එකෙන් තිබිය යුතුයි. දැන් ඔබ කොපි කරගත් මේ ෆොටෝ එකේ නම backgroundDefault ලෙස වෙනස් කරගන්න. 

දැන් සියල්ල සිදුකර හමාරයි. ඔබේ පරිගණකය Restart කර බලන්න. ඔබ සියලු සැකසුම් නිවැරදිව කලේනම් පරිගණකය Shutdown වීමේදීද, Logout වීමේදීද ලැබෙන්නේ මේ ෆොටෝ එකයි.












No comments:

Post a Comment