Wednesday, October 24, 2012

ආරක්ෂිතව ෆේස්බුක් පාවිච්චි කරමු.

        අද ලොව පුරා බොහෝ ෆේස්බුක් ගිණුම් පවතින්නේ අනාරක්ෂිත මට්ටමක. බොහෝ ෆේස්බුක් ගිණුම් හැකර් කරුවන් අතට පහසුවෙන් පත් වේ. මෙය වලක්වා ගැනීමට නිවැරදි ආරක්ෂක උපක්‍රම අනුගමනය කල යුතුය. ෆේස්බුක් සේවය විසින්ම හඳුන්වා දී ඇති ආරක්ෂක උපක්‍රම ඉතා වැදගත් තැනක් ගනී. නමුත් මේ පිළිබඳ බොහෝදෙනා තවමත් හරිහැටි නොදැන සිටී. 




Login Notification & Login Approval.


මෙහිදී ජංගම දුරකථන හරහා ඔබගේ ෆේස්බුක් ගිණුමේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරයි. මෙය සක්‍රීය කිරීමට ඔබගේ ෆේස්බුක් ගිණුමේ Account Settings වලට ඇතුළු වන්න ( Home ටැගය අසල පහලට යොමු වූ ඊතලය). එහි Security යටතේ ඇති Secure Browsing හා Login Notifications සක්‍රිය කල යුතුය. ඔබ තවමත් ඔබේ ජංගම දුරකථනය සදහා SMS Settings සකසා නොමැතිනම් මෙම පියවරේදී ඔබට එම සැකසුම් කිරීමටද සිදු වේවි. Recognized devices යටතේ ඔබ නිතර ෆේස්බුක් වෙත ලොග් වන පරිගණකයට නමක් ලබාදිය යුතුය.

ඔබේ ෆේස්බුක් ගිනුමටත් Login Notification සක්‍රිය කල විට ඔබ නිතර ෆේස්බුක් වෙත ලොග් වෙන පරිගණකයේ සුපුරුදු වෙබ් බ්‍රව්සරයෙන් හැර වෙනත් වෙබ් බ්‍රව්සරයකින් හෝ වෙනත් පරිගණකයකින් පහසුවෙන් ෆේස්බුක් ගිණුමට ලොග් විය නොහැක. එසේ ලොග් වීමටනම් අදාල නව උපාංගය කුමක්ද යන්න ලබා දී ඉදිරියට යා යුතුය. එසේ ඉදිරියට ගිය විට එම අලුත් පරිගණකය කුමක්ද, එයින් ලොග් වුයේ කුමන වෙලාවකදීද, යන තොරතුරු SMS හා e-mail මාර්ගයෙන් ගිණුමේ අයිතිකරුට ලබා දේ.

ඉහත සඳහන් කල පරිදි ඔබ Login Notification සක්‍රිය කර ඇත්නම්, වෙනත් පරිගණකයකින් හෝ වෙනත් වෙබ් බ්‍රව්සරයකින් ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමේදී රහස්‍ය අංකයක් ඉල්ලා සිටී. මෙම රහස්‍ය අංකය කෙටි පණිවිඩයකින් ඔබේ දුරකථන අංකයට එවනු ලැබේ. මේ නිසා මෙලෙස පිටස්තර අයෙකුට ඔබේ ගිණුමට ඇතුළු වීමට නොහැක. මන්ද රහස්‍ය අංකය ලැබෙන්නේ ඔබේ ජංගම දුරකථන අංකයට බැවිනි. යමෙක් ඔබේ ෆේස්බුක් ගිණුමේ Password එක දැන සිටියද මේ ක්‍රමය නිසා ගිණුමට ඇතුල් විය නොහැක. සෙටින්ග්ස් සියල්ල සැකසු පසු එය Save කල යුතුය.

මේ ක්‍රමයට ඔබගේ gmail, yahoomail වැනි ඊ-මේල් ගිණුම් වලටද  Login Notification යෙදිය හැක.

No comments:

Post a Comment