Saturday, October 20, 2012

චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමු

 මම මේ පෝස්ට් එක ලියන්නේ මේ මාසේ විජය පරිගණක සඟරාවේ තිබුන ලිපියක් දැකලා. විජය පරිගණක සගරාව කියවන්න බැරිඋන අයට මේ පොස්ටුවෙන් ප්‍රයෝජනයක් ලැබේවි.

වෙනත් භාෂා වලින් ඇති චිත්‍රපටි එම භාෂාව හරිහැටි නොදැන රස විඳීම අපහසුය. එවැනි චිත්‍රපටිවල සිංහල උපසිරසි තියෙනවනම් ඒවා වඩාත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. වෙනත් භාෂාවකින් තියෙන චිත්‍රපටියක සිංහල උපසිරැසි දීම හරි පහසු වැඩක්. පළමුව අදාළ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව අන්තර්ජාලය හරහා බාගත කරගත යුතුය. ඉන්පසුව ඇත්තේ එය සිංහලයට පරිවර්තනය කර ගැනීමයි.

ඔක්කොටම කලින් අදාල චිත්‍රපටියේ ඩිජිටල් පිටපතක් ඔබේ පරිගණකයේ තිබිය යුතුය. ඉන්පසුව සුදුසු වෙබ් අඩවියක් හරහා ඔබට අවශ්‍ය ඉංග්‍රීසි උපසිරැසි ගොනුව බාගත කරගත යුතුය. ඒ සඳහා පහත වෙබ් අඩවි භාවිත කල හැක.

                            www.subscene.com
                            www.opensubtitles.com

මෙහි ඇති උපසිරැසි අතරින් Exact යටතේ ඇති උපසිරැසි ලබාගැනීම වඩා හොඳය. ඒවා බොහෝදෙනෙක් හොඳයයි කී ඒවාය. ඔබට ලැබෙන ගොනුව ඇත්තේ .srt එක්ස්ටෙන්ෂන් එක යටතේය. කිසිම විටෙක මෙම එක්ස්ටෙන්ෂන් එක වෙනස් නොකිරීමට වග බලා ගත යුතුය. මුලින්ම ඔබ ඩවුන්ලෝඩ් කරගත් උපසිරැසි ගොනුව අදාල චිත්‍රපටිය සහිත ෆොල්ඩර් එකට කොපි කරගත යුතුය. ඉන්පසු එයට අදාල චිත්‍රපටියේ නමම ලබාදෙන්න. එහෙත් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් නොකරන්න.

දැන් තියෙන්නේ මේ ඉංග්‍රීසි ගොනුව සිංහලයට පරිවර්තනය කරන එක. මුලින්ම මේ ෆයිල් එක මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවෙන් Open With -> Notepad ලෙස ලබා දී නෝට්පෑඩ් මගින් ගොනුව විවුර්ත කරගන්න. එවිට පහත පරිදි චිත්‍රපටියේ දෙබස් දැකිය හැක.




මෙහි ඉංග්‍රීසියෙන් ඇති වචන පෙළ සිංහලයට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. මෙහි පළමු වචන පෙළ මම සිංහලෙන් ටයිප් කරලා තියෙනවා පේනවා ඇති. ඒ වගේ මුළු චිත්‍රපටියේම තියෙන දෙබස් ටික සිංහලයට පරිවර්තනය කරන්න ඕන. හැබයි මේ වැඩේට ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තියෙන්න ඕන. මොකද සිංහල යුනිකෝඩ් නැතිව නෝට්පෑඩ් වල සිංහලෙන් ටයිප් කරන්න බෑ. ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් නැත්තන් පහත ලින්ක් එක හරහා ගොස් ලබාගන්න.

                                             www.siyabas.lk

යුනිකෝඩ් ලබාගත් පසු ඔබේ පරිගණකයේ ටාස්ක්බාරයේ Language පැනල් එක දැක ගන්න පුළුවන්. යතුරුපුවරුවේ Alt + Shift යතුරු එබීමෙන් භාෂාව වෙනස් කරගන්න පහසුවෙන් පුළුවන්.

සියල්ල අවසානයේ ඔබ සාදාගත් සිංහල උපසිරසි ගොනුව සේව් කරගන්න. මේ සඳහා Save As යන්න ලබා දෙන්න. එහි File Name යන්න එලෙසම තිබියදී Save as type යන්නෙහි All Files ලෙස තේරිය යුතුය. Encoding යන්නෙහි UTF-8 ලෙස තිබිය යුතුය.

3 comments:

  1. එහෙම සේව් කරගත්තට පස්සේ මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සමාවන්න.... මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි .. සේව් කලාට පස්සෙ කරන්න තියෙන්නෙ ෆිල්ම් එක ප්ලේ කරන එක විතරයි... වැරද්ද තමයි මම මේ හදාපු උපසිරැසි ගොනුව සේව් කරන්නෙ කොහෙද කියල කියපු නැති එක. ඒක ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකටම සේව් කරන්න. ෆිල්ම් එක ප්ලේ වෙද්දී උපසිරැසි පේන්නේ නැත්තන් ඔබේ ප්ලේයරයේ Subtitles Disable කරල ඇති. ඒක ප්ලේයර් එකේ සෙටින්ංස් වලින් හදා ගන්න...

      ...ස්තූතියි කමෙන්ට් කලාට.....

      Delete
  2. උඹලා මහ ලොකුවට බ්ලොග් කලාට බාගෙට තමයි ඔක්කොම වැඩ. මං වෙන තැනකට යන්න ඕනේ ඉතුරු ටික දැනගන්න. කලින් අහපු ප්‍රශ්නෙටත් තාම උත්තර නෑ. දන්නේ නැති දේවල් ගැන බ්ලොග් කරන්න එපා හලෝ.

    ReplyDelete